Watch Trailer

Snatched (2017) with Sinhala Subtitles | අම්මගෙයි දුවගෙයි වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. මේ පාර තනියමනම් නෙමේ කරේ තව අපේ කණ්ඩායමේ සහෝදරයෙක්ගේ උදව්වෙන්. ඉතින් මේ ෆිලුම රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ 17. හරියටම මම මේක කරන්න බාරගත්තේ ජුලි මාසේ 26. ඇත්තටම සමාවෙන්න ඕනේ අද තමා මේක දෙන්නේ ඔන්න. මොකද ලොකු වැඩක් ගෙදර ඒකයි. ඇත්තම කියන්න එපැයි ඉතින්. ඒත් මේක තව කරන්න හිටි…

සුබ දවසක් ඔබ සැමට. මේ පාර තනියමනම් නෙමේ කරේ තව අපේ කණ්ඩායමේ සහෝදරයෙක්ගේ උදව්වෙන්. ඉතින් මේ ෆිලුම රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ 17. හරියටම මම මේක කරන්න බාරගත්තේ ජුලි මාසේ 26. ඇත්තටම සමාවෙන්න ඕනේ අද තමා මේක දෙන්නේ ඔන්න. මොකද ලොකු වැඩක් ගෙදර ඒකයි. ඇත්තම කියන්න එපැයි ඉතින්. ඒත් මේක තව කරන්න හිටියනම් අදවත් දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මට මේකේ ඉතුරු ටිකට සබ් කරන්න උදව් වුන චමෝද් රශ්මික මල්ලිට. එයාගෙන් මම අහපු ගමන් බැහැ කියන්නේ නැතුවම මට මේක කරලා දෙන්න උදව් වුනා. ගොඩක් පින් අයිති වෙන්න ඕනේ මේ කොල්ලට. එයා සබ කරන නිසා ඉතින් මම ලිපිය ලියන්න බාරගත්තා.

හරි ෆිලුම ගැන කියනවනම් මේක Action,Comedy වර්ගයට තමා අයිති වෙන්නේ . ඒවගේම IMDb දර්ශකයේ 4.2 වගේ සාමාන්‍ය අගයක් අරගෙන තියෙනවා. හැබැයි අඩු අගයක් ගත්තට මේක සුපිරීම ෆිලුමක්. ඉතින් මේක සිද්දවෙන්නේ අම්ම කෙනෙකුයි දුවෙකුටුයි වෙන අකරතැබ්බයක් ගැන. මේ දුවට ලොකු පිස්සුවක් තියෙනවා රටක සවාරියක් යන්න. ඉතින් හැමදේම කරලා කරලා කරලා අවසානේ අම්මගේ කැමැත්තත් එක්ක එයාල යනවා රටකට සවාරියක්. ඉතින් යන්නේ ගොඩක් ලස්සන පරිසරයක් තියෙන හැබැයි අපරාධකාරයෝ ටිකක් වැඩි රටකට. කතාවේ කියවෙන විදියට ඈ. ඉතින් මේ රටේ දවසක් දෙකක් ඉද්දි කෙල්ලට සෙට් වෙනවා ඒ රටේ කොල්ලෙක්. පොරට ගොඩක් ලංවෙනවා මේ කෙල්ල. රෑට හැමදාම වගේ එක එක තැන් වේලට යනවා පාටි වලට යනවා. මේ කෙල්ලගේ මෝඩකම නිසා මේ කොල්ලට රැවටෙනවා. ඉතින් කොහරි එක දවසක මෙයයි මෙයාගේ අම්මවයි තව ලස්සන් තැන් බලන්න එක්කන් යන්න කියලා අර කොල්ල අරගෙන යනවා. යද්දී තමා වැඩේ වෙන්නේ. මෙයාලව මංකොල්ල කරුවෝ ටිකක් පැහැරගන්නව. මෙයාල ගොඩක් බයවෙනවා. ඊටපස්සේ මෙයාල යම් තැනක ඉදන් ආපහු ප්‍රවාහනය කරද්දි පැනගන්නවා. දෙන්නගේ වාසනාවට පැනගන්න පුළුවන් වුනා කියලා තමා හිතේ. ඒත් දැන් දෙන්නට ඕනේ මේ රටෙන් පැනගෙන තමන්ගේ රටට එන්න. ඉතින් මේ ජෝඩුවට ඇත්තටම තමන්ගේ රටට එන්න පුළුවන් වෙයිද? තමන්ගේ රටෙන් උදව් ඉල්ලගන්න පුළුවන් වෙයිද? ආපහු අර අපරාධකාරයින්ට අහුවෙයිද?? ඔයාලම බලන්නකෝ මේ දෙන්නට මොකද වෙන්නේ කියලා..පොඩි ලිපියක් තමා දෙන්නේ. එහෙනම් අදට අපි ගොහින් එන්නම්.

!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

Snatched (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

3,505 downloadsDownload Snatched-2017.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සහ  “C. R. ජයලත්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,505 downloadsDownload Subtitles59 KB

20 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. අසිත

    elama saho thanks

  3. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  4. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Heshan

    Tq bro.killing hasselhoff(2017) sub dendoo plzz

  7. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  8. AWNCK

    Thanks bro..........

  9. Udaya Fernando

    Thanks bro

  10. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Malan Madhushan

    සබ් එකට තෑන්ක්ස්,
    ජය වේවා,,,

  13. Dulanga

    Thanks

  14. wije

    Thanks machan lassana filumak digatama sub kotanta

  15. Hasitha

    Mchn THE HOUSE 2017 film eke sub dannko

  16. Tharanga

    Thanx bro

  17. Udara Damith B/K

    ............බොහොම ස්තූතියි.DENNATAMA

  18. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  19. jerrydissanayake98

    tq bro sub ekta puluwnnm ash vs evil dead s03 ekta sub damuu broo

  20. RyanWick

    මොන මගුලක්ද බන් මේ?? ඉවසන්නම බැරිම තැන comment එකක් දාන්න ආවේ. Googke translate කරාම මීට වඩා හොදට.උබේ sub වල තියෙන්නේ බොරුනේ. පොඩි වාකය හරියට දාලා දිග ඒවට බොරු දාලා. අපි බූරුවෝ නෙමෙ බන්.බැරිනම් වෙන එකෙක්ට දියන්.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.