මෙම චිත්‍රපටය සඳහා දෙදෙනෙක් උපසිරැසි ලබාදී ඇති බැවින්, අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරැසි මේ ආකාරයෙන් පළකරන්නෙමු. අමිල කල්හාර සොයුරාගේ ලිපිය… ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න බයිස්කෝප් එක පැත්තට. මේ ෆිලුම් නම් සුපිරිම මට්ටමේ ෆිලුමක්. ඒක කියන්න පැකිලෙන්න ඕනෙ නැහැ. මේ බයිස්කෝප්…

මෙම චිත්‍රපටය සඳහා දෙදෙනෙක් උපසිරැසි ලබාදී ඇති බැවින්, අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරැසි මේ ආකාරයෙන් පළකරන්නෙමු.
අමිල කල්හාර සොයුරාගේ ලිපිය…
ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න බයිස්කෝප් එක පැත්තට. මේ ෆිලුම් නම් සුපිරිම මට්ටමේ ෆිලුමක්. ඒක කියන්න පැකිලෙන්න ඕනෙ නැහැ. මේ බයිස්කෝප් එක ගැන මම දැනගෙන හිටියෙත් නැහැ. මට මේකෙ සබ් එක හදන්න ඉල්ලීමක් කලේ උදිත කවිඳු සහෝයි කුමාර සහෝයි. ස්තුතියි දෙන්නටම ඒ සම්බන්ධව. බයිස්කෝප් එකේ අපේ සිසිල ප්‍රසාද් සහෝ තමා මේක කරල එවන්න කියල භාර දුන්නේ. ඔහුවත් ආදරෙන් මතක් කරන්න ඕනෙ. දැන් කතාව පැත්තට යමු. නිව්යෝක් නගරයේ පොලිසිය සම්බන්ධව තමා කතාව දිග ඇරෙන්නේ. ඩන්සන් සහ හයිස්මිත් කියල සුපිරියි කියල හිතන් ඉන්න පොලිස්කාරයෝ දෙන්නෙක් ඉන්නවා. නගරෙම එයාලට ආදරෙයි. අපරාධ ගැන හොය හොය ගිහින් සෑහෙන විනාශයක් කරලා තමා මේ දෙන්න හොරු අල්ලන්නේ. ඇක්ෂන් වැඩ විතරයි හැබැයි. අනිත් වැඩ ටික වෙන අයට. ඒ අතර කවුරුත් ගණන් ගන්නේ නැති, හැමෝගෙම විහිලුවට ලක්වෙන ජෝඩුවකුත් ඉන්නවා. වැඩකට නැති හාදයෝ. එක්කෙනෙක් Terry Hoitz නිලධාරියා. ක්‍රීඩකක්ට වෙඩි තියල රැඳවුම් නියෝග මත ඉන්නේ. අනිත් කෙනා Alan Gamble කියල ටිකක් අමුතු චරිතයක්. කොහොමහරි ඩන්සන් හයිස්මිත් දෙන්නා අපරාධයක් පස්සේ යන ගමන් මැරෙනවා. ඊටපස්සේ ඔක්කොම පොලිස්කාරයෝ ටික ඒ දෙන්නගෙ තැන ගන්න දඟලනවා. ටෙරී ඇලන් දෙන්නත් එහෙමයි. කොහොමහරි ඇලන් ගිණුම් බලන කේස් එකක් ලොඋවට ඇදිලා මේ දෙන්න ඒ පස්සෙන් යනවා. හැබැයි කවුරුත් උදව් කරන්නේ නැහැ. කේස් එක එන්න එන්නම රත් වෙනවා. දෙන්නට චෝදනාත් එල්ල වෙනවා. හැබැයි මේ දෙන්න ඒක අතාරින්නේත් නැහැ. ඉතිරිය ඔයාලම බලන්න.
Imdb 6.7 අගයක් තියෙනවා. ඒ වගේම ඉන්නෙත් සුපිරිම නළු නිලි සෙට් එකක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Mark Wahlberg සහ Will Ferrel. ඒ වගේම Dwayne Johnson, Samuel L Jackson මේකේ මුල් ටිකේ ඉන්නවා. ඊට අමතරව Ewa Mendes, Michael Keat’on වගේ අයත් මේකේ ඉන්නවා. ඩොලර් මිලියන 170 ට වඩා වැඩි බොක්ස් ඔෆිස් ආදායමක් හොයල තියෙනවා.
එහෙනං තව උපසිරසියක් එක්ක හම්බෙමු. ජයවේවා! තෙරුවන් සරණයි!
කෞෂාන් පියුමන්ත හේරත් සොහොයුරාගේ ලිපිය…
සෑහෙන කාලෙකට පස්සෙ තමයි දෙවැනි උපසිරැසිය අරන් එන්න පුළුවන් උනේ.බාර අරන් සෑහෙන කල් උනත් කම්මැලිකම හින්දා පරක්කු උනා. මේක Crime/Action/Comedy ගණයට වැටෙන බයිස්කෝප් එකක්.
Daddy’s Home බලපු කට්ටිය ඇතිනේ.ඒ ඩබලම තමයි මේකෙත් ඉන්නේ.ආතල් එකේ බලන්න පුළුවන්. IMDb මීටරේ 6.7 කුත් කුණු තක්කාලියේ 78% කුත් කැරකිලා තියෙනවා. ස්ටෝරිය ගැන අපේ පොතේ ගුරා සහෝ ලිපියක් ලියලා තියෙනවා දැක්කා.ඒ ලිපිය කියවලා තමයි මටත් මේක බලන්න හිතුනේ.
ඉතින් වෙලාවක් තිබ්බොත් තවත් උපසිරසියක් කරලා අරන් එන්නම්. ජය!
දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරාගේ පෙර පළවූ ලිපිය…
ටික කාලෙකින් කොමඩියක් දෙන්න බැරිවුණ හින්දා, ඔන්න අද මැක්ෂා කට්ටියක් ඉන්න මැක්ෂා කොමඩියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය තිරගතවීම ආරම්භ කරනු ලැබුවේ අගෝස්තු මාසේ. IMDb එකේ 7.0 ක ශ්‍රේණිගත කිරීමක් හිමිකරගෙන තියන මෙම චිත්‍රපටයට, The Italian Job, Shooter, සහ Max Payne යන සුපිරි චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පනපෙවූ Mark Wahlberg සහ හිනානොවී අපිව හිනස්සවන සුපිරි විකට නළු Will Ferrell ප්‍රධාන චරිත තුළින් දායක වෙනවා. ඊට අමතරව සුපිරි නළු Samuel L. Jackson සහ The Rock (Dwayne Johnson) සම්බන්ධ වෙනවා. තව ඉතින් Eva Mendes වගේ සුරූපිනියනුත් සම්බන්ධ වෙනවා.
කතාව ගැන කියනවනම්, Terry Hoitz සහ Allen Gamble කියන්නෙ නිව්යෝර්ක් පොලීසිය නොහොත්, NYPD ට සම්බන්ධව ක්‍රියා කරන පරීක්ෂක වරු දෙදෙනෙක්. Terry කියන්නෙනම් කුකුල් කේන්ති කාරයෙක්. Ferrell නම් හැම විටම කාර්‍යාලය ඇතුළේ ලේඛනවල වැඩක් පලක් කරගෙන ඉන්න ආසකරන කෙනෙක්. මේ අතර NYPD යට අයත් දක්ෂම සහ පිස්සුම ඩබල, මහා මෝඩ වැඩක් කරන්න ගිහිල්ලා මිය යනවා. මේ Terry සහ Ferrell ට පොලිසිය තුළ වැඩකරන අනෙත් අයගෙන් නොයෙකුත් කෙනෙහිළි කම් කරනවා. නමුත් අහම්බෙන් ටිකක් බරපතල පරීක්ෂණයකට අත ගහනවා. නමුත් ටික වෙලාවක් යන්න ඉස්සෙල්ලා මොවුන් දෙදෙනා හොඳටම අනා ගන්නවා. අන්තිමට ඔවුන්ට තමන් දාගෙන ඉන්න සපත්තු දෙකවත් නැතුව තමයි කාර්‍යාලයට එන්න වෙන්නෙ. ඊට දඬුවම විදියට තමයි Ferrell ගේ තුවක්කුව වෙනුවට ලී වලින් තනපු තුවක්කුවක් දෙන්නෙ. නමුත් මොවුන් ඇත්තටම සෑබෑ දක්ෂයෝ.
අපි බලමු අවසානයේ මොවුන් දෙදෙනාට මේ පරීක්ෂණය නිමකර වරදකරුවන් නීතියේ රැහැනට හසු කරගන්න පුළුවන් වෙයිද කියලා. චිත්‍රපටිය තුළ නම් කියන කරන දේවල් වලට හොඳට හිනාවෙන්න පුළුවන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
11,508 downloadsDownload The-Other-Guys-2010.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල කල්හාර ” සහ “කෞෂාන් පියුමන්ත හේරත්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
91 comments
chamath
chanaka
Yeeeeeeee mama 1
Ukku
na 2
chanaka
Aiyoooooooooo chutten mis unane
kamak ne mama banawa meka
thanksravi
ඔන්න මම අද 2 උනා...........hureeeeeeeee එල එල එල එල
ravi
අනේ...................... 3 ne
Kasun.D
Thanx..
Ona Karala thibba movie ekak.Supun
onna mama 4
අමල් ප්‍රසාද් සමරවීර
pattaaaaaazzzzzzzzzz..... ela kollekne... mewwa thama apitath one.. thnxxxx kiuwa onna ehenam
chamila
මෙන්න වැඩ… සිංහල උපසිරැසි සමඟ නවතම බයිස්කෝප් මුලින්ම !
1) Milenge Milenge (2010) - අකලංක සහෝගෙන්
2) Inception (2010) - මංගල(KOK) සහෝගෙන්
තාම නැහැ... :(
මේවා දැන් පරණත් වෙලා.. :(
7) Housefull (2010) - අකලංක සහෝගෙන්
3) Toy Story 3 (2010) - පසිඳු සහෝගෙන්Deezter
thanx 4 da movie.mamath oya movies 4 ma download karala balan innawa sinhala sub denakam.
නුමේෂ් ඩිලූෂ
comiyaknam echcharaiiiiiiiiii
Ramraj
කෙමඩිනම් ඉතින් මරු තමා.කොමඩියකටත් සබ් පාරක් දැම්මොත් නරකද?
අර උඩ දෙනවා කියලා තියෙන ඒවා නිකන් ජන්ද පොරොන්දු වගේ.හික් හික්.Udaya
maxxa ... thanks saho.
kassa
ela le a
pasiya
comedy 1k nam noba bane onna maath damma :D
රොයිලි
@chamila, Ramraj
මම හිතුවා කවදාහරි කට්ටිය ඔය දේ කියයි කියලා. මේකයි සහෝ එකක් සබ් දාන එකේ අමාරුව දන්නෙ සබ් දාන අය. බලන අයට පැය දෙකෙන් ඉවරවෙන දෙයක් උනාට දාන කෙනාට ඒකට සති ගානක් යන්න පුලුවන්. මොකද හැමෝටම දවස පුරාම සබ් දාන්න විතරක් නෙවෙනේ කරන්න තියෙන්නේ. අනෙක් වැඩ කරන අතරේ තමා සබ් දාන්න ඕනා.
අන්න ඒ නිසා තමයි අපි සබ් හම්බ වුනාට පස්සෙම දිදී උන්නේ. එතකොට කට්ටිය කියනවා සබ් දෙන ෆිල්ම් මොනාද කියලා කියන්න කියලා. නැත්තම් බාපු කොපිය අපරාදේ කියලා. ඉතින් අපි සබ් දෙන ෆිල්ම් මොනාද කියලා දැම්මහම කට්ටිය අහන්වා කෝ ඒවා ඉක්මනට දෙන්න කියලා. :) සබ් දාපු කෙනෙක්, ඒකේ අමාරුව දන්න කෙනෙක් කවදාවත් ඔහොම අහන්නේ නැහැ කියලා මම දන්නවා.
කොහොම වුනත් කියන්න තියෙන්නේ බයිස්කෝප් එකේ අපිට සබ් එක නැතුව ෆිල්ම් මුලින්ම දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් සබ් එක අපිට එවනකම් අපිට ඒකට බල කරන්න බැහැනේ සහෝ. ඒගොල්ලොත් කරන්නේ කැපවීමක්නේ. ඉතින් පොඩ්ඩක් තේරුම් අරගෙන ඉවසලා ඉම්මු නේද? :P :P :P
Akalanka Yapa
agree with royly...
thnx 4 da filmTharindu Chat
රොයිලි අයියාගෙ කතාව හරි... ඕක හරිම අමාරු වැඩක් කියලා සබ් දාන්නැති ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නෑ....
අද ෆිල්ම් එකට තැන්කු වේවා!!!! :)
sahan
good
විකියා
ඒක නම් සම්පූර්ණ ඇත්ත :) සබ් දාන්න ගියාම තියෙන අමාරුව සබ් දාපු කෙනෙක්මයි දන්නේ...
guest
bohoth achchahe......
kathu
Chamilaයට මළ පැනලා වගෙ..!! හෙහෙ.. ගනන් ගන්න එපා මචං..
මෙක maxxa film එකක් කියලා දන්න හැමොම කියනවා.. එකෙන්ම බෑවා...!asitha
ela ela.... meka nam maxxama thama
ලැසී
මමත් බාන්න දැම්මා. ලගදි පොඩිත්තන්ට මොකුත් දුන්නේ නෑනේ? මොකද කියන්නේ?
dinuu
hari hari onna royly saho kiyanawanam api mukutma kiyane naa.balagena ennam.attatama oyagollange sab danna wena kapaweema pindeemen agaya karanawa.
biscope degukalayak yehen wejabewa kiyala patanawa.api hamoma hamadama biskope ekka ennawa.
jayawewa!!!
onna ehenam meka bagannawa.stutie wewa.kathu
Site එක අායෙමත් Virus ප්‍රහාරයකට ලක්වෙලා වගෙ..! පුලුවන්නම් මෙක යථා තත්වයට පත් කරනවද..?
Dhanushka
Thanks,hondata hinaa wenna puluwan wei wage...
kasun
mona unath patta wedak karanne saho,, btw thanks guys....
Nirmal
Hmmmmmm meda para nam maxxa comedy ekak wage
thanx Rokiya!!Ruwan
thnxs brooooooooo
Ramraj
අම්මෝ බැනුම් කෝටියයි.
@ බයිස්කෝප් හිතවතුන් සියල්ලගෙන්ම
1 සමාවෙන්න
2 සමාවෙන්න
3 සමාවෙන්න
ඔන්න මම තුන්පාරක් බිම පෙරලිලා සමාව ඉල්ලුවා හැමෝගෙන්ම.එහෙම නැත්තන් මට මේ පැත්තේ පස් පාගන්න දෙන් නැතිවෙයි අපේ අනිත් කට්ටිය.@රොයිලි
මම ඒක විහිලුවට වගේ කීවේ. ගනන් ගන්න එපා.මම දන්නවා සිංහල ටයිප් කරනවා කියන්නේ කොච්චර අමාරුදෙයක්ද කියලා. ඇරත් සිංහල තේරුම් හොයන්න ගිහාමත් අමාරු ඇතිනේ.ඒක නිසා මට සමාවෙන්න කියලා නැවත ඉල්ලා සිටිනවා.මම අවංකවම ඒ වචන පාවිච්චි කරේ විහිලුවට. (නැවත දෙයක් ලියන විට දෙවරක් සිතන්න පුරුදු වෙන්න ඕන)h
නියම ෆිල්ම් එකක් වගේ නේ.... බෝම ස්තූති වේවා... බාන්ඩ ඕන!
BHARATHA
maru aaaaaaaaaaaaa
BHARATHA
hi :)
AL1717
Meka Nam Mama Aphu Banawa.
Mokada Kalin Sere Bala DELETE Kala Hari Ne Wage Denila Mokada Bewe R5 Ekak. R5LiNE Ekak Wath Una Nam Aulak Ne. Balamu DVDRipak Ma Enakan.Jaya Wewa..
chamila
@ රොයිලි
Sorry වෙන්න ඕන සහෝ....
තරහකට කිව්වා නෙමේ.... අපේ නොදැනුවත් කමට සමාවෙන්න හොදේ..
ෆිල්ම් එකකට සබ් දාන්න පුළුවන් කෙනෙක් සිංහල සබ් දෙනකන් බලන් ඉන්නේ නැහැනේ ඒක බලනවා මිසක්....
ආයිත් සිංහල සබ් ගැන නෝ කථා නෝ සිනා ......
පුළුවන් දවසක දෙන්න අවුලක් නැහැ ....රොබින්හුඩ්
Will Ferrell ඉන්නව කියන්නෙ ඉතින් අනිව හිනා තමා :-D
ජය වේවා සහෝ!
හප්පේ! අපේ රොයිලියි අයියත් කරළියට බැහැල තියෙන්නෙ නැවතත්. දකින්න ලැබීම සතුටක්!Nadeera sandaruwan
මම නම් බැලුවා.
Anonymous
owaaa thamaa kik ekak thiyana movie... sookkkkk hina venna puluvan vage badaa allagena,,, thanksss
Uraj Deemantha
බැලුවා වගේ ලාවට මතකයි..... :)
mahathun
ඔන්න ඉතින් මමත් බාන්ඩ දැම්මා...කොමඩියක් කිව්වහම බලන්නැතුව ඉන්න බෑනේ.... :) .....බයි ද වේ......ගොඩාරියක් ඉස්තූත්යි මේක දැම්මට... :)
chamra nuwan
komadiyak nan thamai...eth kisima gathiyak ne.mula tikanan hodai....anthimatanan melo rahak ne...
Ishara
හොඳ විකටමය චිත්‍රපටියක්. විකටමය ක්‍රියා දාම එකක් කියන්න පුලුවන්.මෝඩ ජෝක්ස් අඩු ශේප් එකේ බලන්න පුලුවන් එකක්. ස්තුතියි බෙදා හදාගත්තට... ආහ්..මම සිංහල උපසිරැසි නම් චෙක් කලේ නැහැ. සමහර විට සිංහල උපසිරැසි නිසා චිත්‍රපටියෙ නියම භාෂාමය රසය ගිලිහිලා යන්න පුලුවන්.අවතක්සේරුවක් නෙමෙයි. පුද්ගලික ප්‍රිෆෙරෙන්ස් එක :)
Didula KD silva
sinhalen oneeeeeeeeeeeeeeeee
Asoka
mata DUM Fillm 1ka hayala denna yaluwane
Akila Eranda
ela (Y)
Amila Kaushalya
bro mekata sub diyanko
Amila kaushalya
Meka sub 1a diyanko bn
Sandun Tharaka
plz mathu sub dennako naththam film eken wadak na
ධනුක
Sinhala sub dennakoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

amma adaman 1st.ela onn asaho man baganna damma.meka enakan thamai hitiye. ela saho .dan sms magin film pennananath puluwannne.ekatath godak sthuthi saho.ela onna banna damma.api hamadamath baiscope smagin thmai ithn .jayawewa