Watch Trailer

The Disaster Artist (2017) Sinhala Subtitles | ව්‍යසනයක් වැනි කලාකරුවෙක් [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම…! ඔන්න පසියා සුභ පැතුවා, 2018 ලබලා දැන් මාසෙකුත් වෙලා මේ දෙවෙනි මාසේ යන්නේ සුභ අළුත් අවුරුද්දක්ලු දැන්..!එහෙම නේද හිතනවා ඇත්තේ, අනේ යාළුවනේ සමාවෙන්න ඕනේ, සුභ පතන්න පරක්කු වුණාට දන්නේ නැද්ද, වෙනදා වගේම වැඩ වැඩ වැඩ….. ඉවරයක් නෑ.කොහොම හරි ඔය ඔක්කොම වැඩ අස්සේ මන් මෙන්න…

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම…! ඔන්න පසියා සුභ පැතුවා, 2018 ලබලා දැන් මාසෙකුත් වෙලා මේ දෙවෙනි මාසේ යන්නේ සුභ අළුත් අවුරුද්දක්ලු දැන්..!එහෙම නේද හිතනවා ඇත්තේ, අනේ යාළුවනේ සමාවෙන්න ඕනේ, සුභ පතන්න පරක්කු වුණාට දන්නේ නැද්ද, වෙනදා වගේම වැඩ වැඩ වැඩ….. ඉවරයක් නෑ.කොහොම හරි ඔය ඔක්කොම වැඩ අස්සේ මන් මෙන්න මේ වැඩේට අත ගැහුවා.මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ අපේ දයාබර ඇඩ්මින් අයියා කෙනෙක් වන Hasantha – හසන්ත අයියට.එයාට කියල වෙන කරගත්ත නිසා හොඳා ඉතින්.නෑ ඇත්තෙන්ම අයියා මේ ෆිල්ම් එකට සබ් එක ආව ගමන්ම මට එව්වා,කරල එවන්නෙයි කියල.සමාවෙන්න ඕනේ අයියේ පරක්කු වුණා නම් විභාගේ නිසා ඉඩ තියෙන වෙලාවක කළා කොහොම කොහොම හරි.මුලින්ම මේකත් කියන්න ඕනේ ලයින්ස් තිබ්බා කොහොම හරි 2800කට කිට්ටු වෙන්න, ඒත් පසියා සැලුණේ නෑ.කොහොම හරිම කළා.වෙනදා වගේම බොරු චාටු බාටු දානවා නේහ්.ගණන් ගන්න එපා.දන්නේ නැද්ද ටිකක් පිස්සුනේ ඉතින්.

කතාවට බහිමු…! ටොමී කියන ඩයල් එක තමයි මේ “වියසනයක් වැනි කලාකරුවා” කියන්නේ. එයාට එහෙම කියන්න හේතු ගොඩාක් තියෙනවා.ඒත් මන් ටිකක් කියන්නම්.

1.මිනිහා ඉපදුනු තැන හැමෝටම ප්‍රශ්නයක්,මිනිහා නම් කියන්නේ එයා ඉපදුනේ New Orlans වල කියල, ඒත් ඒක හැමෝටම ප්‍රශ්නයක්.
2.මිනිහට තියෙනවා මදි නොකියන්න සල්ලි, නිකම් පතුළක් නැති පෝච්චියක් වගේ.හැමෝටම ඒක ප්‍රශ්නයක්.
3.අනිත් ඒක මේ ටොමීගේ වයස.පෙනුම ටිකක් වයස පාටයි.ඒත් එයා කියන්නේ මන් තරුණයි කියල.

ඔන්න ඔය වගේ හැමෝටම මේ ටොමී ගැන එක එක ප්‍රශ්න තියෙනවා.ඒක නිසා මෙයාට එහෙම කියනවා.මෙහෙමයි කතාවේ වෙන්නෙ. මේ ටොමී රඟපානවා බලන් ඉන්න බෑ.අනේ මන්ද හැටි වෙන්න ඇති.හරිම අමුතුයි මට නම්.මෙය රඟමඩලක රඟපානවා දැකලා ග්‍රේග් කියන තරුණ කොල්ලට මේ ටොමීව හිතට අල්ලනවා.ඊට පස්සේ මේ ග්‍රේග් ටොමීට කියනවා එයාගේ හිතේ තියෙන හීනේ වන හොලිවුඩයේ නළුවෙක් වෙන එක.ග්‍රේග් ටොමීව තමන්ගේ ගුරුවරයා වගේ කරගන්නවා.මේ ටොමීටත් ඕන වෙලා තිබුණේ ඒකම තමයි.ඒත් එයාට කලින් යාළුවෝ ඉඳළා නෑ.එයා ග්‍රේග් එයාගේ හොඳම යාලුවා කරගෙන මේ දෙන්නගෙම හීනේ වන නළුවෙක් වෙන එක පොරොන්දුවක් හා අරමුණක් කරගෙන ඉස්සරහට යනකොට.එයාලට අනුග්‍රකයෙක් නැතිවෙනවා නළුවෙක් වෙන්න.මේක කියන්නේ එයාලට ඒජන්ට්ලා කියල.බලන්නකෝ ඔයාලට තේරේවි.ඊටපස්සේ මෙයාලගේ හීනේ බොඳ වෙන අයුරු දෙන්නටම පේන්න ගන්නවා.මේ ග්‍රේග්ට අදහසක් වෙනවා එයාලටම කියල චිත්‍රපටයක් හදන්න.ටොමීත් මේකට එක පයින් කැමති වෙලා.මෙයාලා දෙන්න හදනවා ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ නම “The Room” – කාමරය.මේ ටොමීට ඇති වෙන්න සල්ලිත් තියෙන එකේ මෙයාලා මේ වැඩේට බහිනවා.ඔහොම ෆිල්ම් එක රූගත කරන කොට මරු මරු කොමඩී සීන් ටිකක් වෙනවා.

IMDb – 7.8/10
Genre – Biographical,Comedy,Drama
Released Date – 8 December 2017
Elapsed Time – 1h 44min

ඔන්න ඕකයි කතාවේ අන්තර්ගතයෙන් අඩක් වගේ මන් විස්තර කළා ඉතුරු ටික ඔයාලා බලලම ඉන්නකෝ.දන්නවද මේ The Disaster Artist (2017) අධ්‍යක්ෂණයයි නිෂ්පාදනයි දෙකම ප්‍රධාන වශයෙන් කරල තියෙන්නේ අපි දන්න හාස්‍ය චිත්‍රපටවල ගොඩාක් ඉන්න James Franco කියන දක්ෂ නළුවා විසින්.තව Seth Rogen එයත් ඉන්නවා.එයත් නිෂ්පාදන පැත්තට ටිකක් සහයෝගය දක්වලා තියෙනවා.මේ චිත්‍රපටයේ ටොමී කියන චරිතය හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක්.එයාගේ ඇත්ත ජීවිතේ (Biographical) කතාව පදනම් කරගෙන තමයි චිත්‍රපටය නිමවෙලා තියෙන්නේ.කාලෙකින් හොඳ කොමඩියක් බලපු නැති අයට හොඳ භාණ්ඩයක්.මට කියන්න අමතක වුණා නේ. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් කරන ලද චිත්‍රපටයකි.!

චිත්‍රපටයේ අවසානය තෙක් නරඹන්න!
සාඩම්බර හතරවන සිංහල උපසිරැසිකරණය.තවත් අළුත් චිත්‍රපටයකින් හම්බවෙමු.!
බුදු සරණයි! දෙවි පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,748 downloadsDownload The-Disaster-Artist-2017-BR.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,748 downloadsDownload Subtitles82 KB

35 comments

  1. heshanhp97

    ammo bro tq so much bro.mage asma actors set eka inne.

  2. Panther

    Thanz brother

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිදු සහෝ.
    ජයෙන් ජය.

  4. Dinesh Silva

    komadyak nathuwa paluwen hiteye ban puluwannam elaga serata Daddys.Home.2.ekata sub denna
    good luck

  5. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි...

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Praneeth priyadarshana

    Tks

  8. Chathura_Wasala

    Thanks

  9. Nirosh C

    ස්තුතියි පසිදු සහෝ.ජයවේවා!

  10. Nuwan

    sub ekata thanx macho..

  11. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ..

  12. Amil5289

    Fst ....

  13. Wayantha Sandaruwan

    සුපිරිම කතාවක් මේක. සබ් එක ගේනකන් බලන් හිටියෙ සහෝ ගොඩක් පින් දිගටම සබ් දෙන්න.

  14. kuma.lk

    Thanks

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. Anurockz

    එල ෆිලුමක් වගෙ.ස්තූතියි ඔබෙ මහන්සියට..

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ……!

  19. TharakaWAS

    Thanks

  20. Arrow T

    Thank you

  21. AsithaDilruwan

    elama saho thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Bandaramudiyansi

    Meka web ekata update karala danawada malli

  24. JackJill

    hey, time to update this sub for BR

  25. sam fisherr

    ඔන්න ඉතිං අනිත් අය වගෙම මාත් අප්ඩෙට් එක ඉල්ලල කමෙන්ට් එක ද⁣ාන්න යන්නෙ.මම හිතුවෙ අප්ඩේට් කරනඑක පටස්ගාලා කරන්න පුලුවන් කියල එත් එක කල්යන වැඩක්වගෙ.මම නම් හිතන්නෙ blu ray එනකම් සබ්නොකර හිටියනම් දෙපාරක් මහන්සි වෙන්න වෙන්නැ.දැනුමට යමක් කියල මේක blue ray කරන්න ගිය කාලය අපට කියන්න පුලුවන්ද

  26. kalya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  27. s_w_yodasingha

    The Disaster Artist (2017) [WEBRip] [1080p] [YTS.AM]

    ane ban mekata wada naane...

  28. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  29. Lakshansilva18

    Bluray update karannako please

  30. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
    bluray update කරහංකො මචං

    1. Pasindu Madumal

      Update කළා

    2. Hashan M. Priyadarshana

      thank you bro

  31. Roshan

    8mile eke Br update dennnko plzzzzzzz

  32. Anonymous

    Thnks for the sub bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.