සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. මං මේ පාර අරන් ආවේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් සුපිරි කොමඩි කතාවක්. මේක ගොඩක් පරණ එකක් උනාට කතාවේ තියෙන හාස්‍ය රසයට පැරණි කම පොඩ්ඩක්වත් බලපාලා නෑ. ඒ වගේම මෙය වර්ණ චිත්‍රපටයක්. ඒ වගේම මෙය පවු…

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. මං මේ පාර අරන් ආවේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් සුපිරි කොමඩි කතාවක්. මේක ගොඩක් පරණ එකක් උනාට කතාවේ තියෙන හාස්‍ය රසයට පැරණි කම පොඩ්ඩක්වත් බලපාලා නෑ. ඒ වගේම මෙය වර්ණ චිත්‍රපටයක්. ඒ වගේම මෙය පවුලේ හැමෝටම එක වගේ රසවිඳින්න පුළුවන් එකක්. ඉතිං මට හිතුනා මේ වටිනා නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න. මේක මගේ 27 වෙනි උපසිරැසි ගැන්වීම.
මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1970 වර්ෂයේදි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Arthur Hiller විසින්. මෙහි කතාව ලියා තිබෙන්නෙ සුපක්‍රට නාට්‍ය රචකයෙක් සහ තිරපිටපත් රචකයෙකු වන Neil Simon විසින්. ඔහු විසින් රචනා කෙරෑ The Goodbye Girl (1977) චිත්‍රපටයටත් මම මීට කලකට ඉහතදී උපසිරස ලබා දුන්නා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Jack Lemmon සහ Sandy Dennis. මෙම දෙදෙනා මෙම මුළු චිත්‍රපටය පුරාවටම තාත්වික රංගනයක නියැලෙනවා. මෙම චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය 7.1 ක්. ඇත්තටම මේ චිත්‍රපටයේ බඩ අල්ලන් හිනා වෙන විහිළු නම් නැතුව ඇති. ඒත් පටන් ගනිද්දි තිබෙන හාස්‍ය රසය අවසානය දක්වාම සියුම් ලෙස රඳවා තබාගන්නට අධ්‍යක්ෂවරයා මෙහෙදි සමත් වෙලා තියෙනවා. ඒ වගේම මෙම කතාව තුළින් දිග හැරෙන්නෙ අපි ඕන කෙනෙක්ට එදිනෙදා මුහුණ දෙන්න පුළුවන් විදියේ සිද්ධි දාමයක්. එම නිසා මෙහි හාස්‍ය උපද්දවන්න දෙපිට කැපෙන වචන සහ 18+ වගේ දේවල් අන්තර්ගත වෙලා නෑ. එම නිසා මෙය පවුලේ හැමෝට එක වගේ රසවිඳින්න පුළුවන්.
ඇත්තටම මෙහි කතාව ගැන විස්තර කරන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මෙය කොමඩි කතාවක් නිසා වැඩි විස්තර හොයන්නෙ නැතුව කෙලින්ම කතාව බලන එක තමා වැඩිය හොඳ. එතකොට තමා එහි හාස්‍ය රසය උපරිමයට ලැබෙන්නෙ. මෙහි ප්‍රධාන චරිත වන්නෙ ජෝර්ජ් සහ ග්වෙන් කෙලර්මන් නැමැති විවාහක යුවලක්. ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදුවන හරිම අපූරැ අත්දැකීම් පෙළක් තමා මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ.
විනාඩි 93ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය එක හුස්මට නරඹලා දාන්න පුළුවන්. එහෙනම් ඉතිං මේ වටිනා කොමඩි චිත්‍රපටිය නරඹලා බලන්න. තවත් සබ් එකක් සමගින් ලඟදිම මුණගැහෙමු. ඔබ සැමට ජයෙන් ජය පතමි !

Due to copyright issues, we do not provide any torrent links.
ලබාදී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,053 downloadsDownload The-Out-of-Towners-1970.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
24 comments
tharindu gunarathna
tharindu gunarathna
million dollar baby,breakfast club? reply plz...
James DC
ඒ දෙකේ තව ටිකක් කම්ප්ලීට් කරන්න තියෙනවා සහෝ. ඉතුරැ ටික කම්ප්ලීට් කරලා ඉක්මනට දෙන්නම්. ඒ වගේම තවත් ෆිල්ම් එකක් කරන්න පටන් ගත්තා. ඒ තුනෙන් එකක් තමා ඊලඟට දෙන්නෙ...
tharindu gunarathna
ela ela thanks..thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!malith
Ela ela
Shan Ashok
meke machan new me name aekenma aluth aewa teyanawa.puluwannam new aekakata dennako
Udara Damith Dissanayaka
නිකන් පොඩි ප්‍රසහනයක් වැඩිය ගණන් ගන්ඩ එපා ලිපියේ තියෙනෙන්නේ 18+ නෙමෙයි කියලා එත් උඩ ම ෆිල්ම් එකේ නම තියෙන හරියේ තියෙනවනේ 18+ කියලා
James DC
18+ එකක් නෙමෙයි සහෝ. සාමාන්‍ය ෆිල්ම් එකක්.
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chalithanirmalu
Ela.......
tharindu gunarathna
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dr347
e Kaththukkutti
2015 ekata sub dannko.suppa film ekanimeshgayan
kawru hary kamak ne plz veleikaran film eke hry bad moms crismas eke hry jai lava kusa film eke hry sub eka dentakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzznimeshgayan
veleikaran film eke sub eka dentakooooo
D.Chamara
kiyana eka balanna oni sahooo. bohoma sthuthi sub eka ganwata ... jaya
Nadiya1997
Aiye gun shy (2017) film eke sub dennako
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyantha Dayakeerthi
නිතරම IMDb දර්ශකයේ ඉහළ අගයක් ගත් ඉතාමත් වටිනා සිනමාපට සඳහාම උපසිරසි ලබාදෙන ඔබ වැනි කෙනෙක් මේ වෙබ් එකට ඉතාමත්ම වටිනවා. ඔබගේ මේ අගනා මෙහෙයට මාගේ අවංක ස්තුතිය!!!
sam fisherr
කොමඩි කිව්වම බයිස් කොප් එකෙ ඇත්තෙම නැත්තෙත් මෙවම තමා.එකනිසා දෙගුනයක් ස්තුති අනිත් හැම film එකකට වඩා.බයයිස්කොප් පැරනි උපසිරස කරැවන්ට බැරිද Seinfeld වගෙ කතාවක් සිසන් දෙකක් තුනක්වත් වෙනකම් වත් දෙන්න .මම බලන්න පොඩි උත්සාහයක් දැම්මත් අපිට ඔය ඉංගිරිසි බැ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

next movie name plz?