Watch Trailer

The Outfit (2022) Sinhala Subtitle | මෙය කාගේ රැවටීමක්ද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ මෑත කාලයේදී Universal Pictures හා Focus Features වෙතින් බෙදා හැරුන The Outfit චිත්‍රපටයයි. මේක නිකුත් වුණේ 2022 මාර්තු 18 වෙනිදා සහ මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb 7.1 වගේම කුණු තක්කාලි 85%ක් වැනි ඉහල අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Graham Moore විසිනි.…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ මෑත කාලයේදී Universal Pictures හා Focus Features වෙතින් බෙදා හැරුන The Outfit චිත්‍රපටයයි. මේක නිකුත් වුණේ 2022 මාර්තු 18 වෙනිදා සහ මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb 7.1 වගේම කුණු තක්කාලි 85%ක් වැනි ඉහල අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Graham Moore විසිනි. තවද මෙයට රංඟනයෙන් දායක වන්නේ Zoey Deutch (මේබල්), Mark Rylance (බර්ලින් මහතා), Johnny Flynn (ෆ්‍රැන්සිස්), Dylan O’Brien (රිචී බොයිල්), Simon Russell Beale (රෝයි බොයිල්), Nikki Amuka-Bird (වයලට්) යන අයයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

මේ කතාව දිවයන්නේ 1956 චිකාගෝ නගරය වටා. ඒ කාලයේදී මෙම නගරයේ මැර කල්ලි දෙකක් පැවතියා. බොයිල් කල්ලිය සහ ලා ෆොන්ටීන් කල්ලිය. මේ කන්ඩායම් අතර නිතර නිතර වෙඩි හුවමාරු සිද්ධ වෙනවා එකිනෙකා පරාද කරගන්න. අවුට්ෆිට් කියන්නේ මෙයාලගේ ප්‍රධාන සංවිධානය. ඒ සංවිධානෙ විසිරිලා ගිහින් තමා මේ උප සංවිධාන හැදිල තියෙන්නේ. කොහොම හරි මෙහෙම උප සංවිධාන අතර ගැටුම් ඇති වුණොත් අවුට්ෆිට් එක ඒවාට මැදිහත් වෙලා ඒව මැඩලනවා. මෙතනදි බොයිල් සහ ලා ෆොන්ටීන් අතර ගැටුමෙදී අවුට්ෆිට් එක බොයිල්ට පණිවිඩ එවනවා, බොයිල්ලා ලා ෆොන්ටීන් එක්ක තියෙන ගැටලුව විසඳ ගත්තොත් අවුට්ෆිට් එක මෙයාල ගැන සලකලා බලන්නම් කියලා. ඒ විතරක් නෙවේ අවුට්ෆිට් එකෙන් පණිවිඩයක් එවනවා ඔයාල ගාව ඔත්තුකාරයෙක් ඉන්නවා ඒ ඔත්තුකාරයා ඔයාලගේ රහස් තොරතුරු FBI එකට විකුණලා සහ FBI එකට උදව් කරලා ඔයාලගේ එක ස්ථානෙක රෙකෝඩරයක් හයි කරලා ඔයාලගේ තොරතුරු ගැන ටේප් එකක් තියන් ඉන්නවා කියලා. ඉතින් ඒ ටේප් එකේ තියෙන තොරතුරු පාවිච්චි කරලා හරියටම බොයිල්ලාට පහර දෙන්න පුළුවන්. කොහොම හරි අවුට්ෆිට් එක මේකෙ පිටපතක් එවනවා බොයිල්ලට. මේ ඔක්කොම පණිවිඩ එන්නේ මේ කතාවේ ප්‍රධාන සහ එකම ස්ථානය වන ටේලර් ශොප් එකකට.

ඒ ශොප් එක අයිතිව තිබුනේ මහලු සහ තැන්පත් පුද්ගලයෙක් වුණ ලියොනාඩ් බර්ලින් හට. බර්ලින්(ඉංග්ලිෂ්) කියලා කියන්නේ එංගලන්තයේ ඉඳන් චිකාගෝ වලට ඇවිත් ටේලර් ශොප් එකක් දාගෙන ඉන්න කෙනෙක්. ඉතින් මේ ටේලර් ශොප් එකට හුඟ දෙනෙක් එනවා ඒ ඇඳුම් මහන්නම නෙවේ අර පණිවිඩ බලන්න. ඒ අනුව බොයිල් සංවිධානෙ නායකයා තමයි රෝයි බොයිල් කියන්නේ. ඔහුගේ පුතා තමයි රිචී බොයිල්. ඒ කියන්නේ කල්ලියේ දෙවෙනි තැන තියෙන්නේ රිචී බොයිල්ට. ඒත් රිචීගෙ හිතේ වද දුන්න කාරණාවක් තිබුනා ඒ තමයි ෆ්‍රැන්සිස්. ඔහු රිචීගෙ තාත්තව බේරගන්න ගිහින් වෙඩි 6ක් කාපු කෙනෙක්. ඉතින් රිචීට ඔහු ගැන ඉරිසියාවක් වගේ දෙයක් ඇති වෙලා තිබුනේ. කොහොම හරි දිනක් කලින් කීව ටේප් එකත් අරන් ෆ්‍රැන්සිස් සහ රිචී ඒක අහන්න යද්දී ලා ෆොන්ටීන්ලගේ කට්ටිය එයාලට පහර දීලා රිචීට වෙඩි වදිනවා ඉතින් රිචීව එක්කන් එන්නේ මේ ටේලර් ශොප් එකට. ඉතින් ඉංග්ලිෂ්ට සිද්ධ වෙනවා ඔහුට ප්‍රතිකාර කරන්න. පසුව රිචී අතුරු දහන් වෙනවා අර ටේප් එකත් එක්ක. රිචීගෙ පියා ඇතුලු සැවොම කලබල වෙනවා ඒකට. ටේප් එකයි රිචී දෙන්නම අතුරු දහන් වෙලා. එහෙනම් මෙතන ඉඳන් කතාව නැරඹීම ඔබට බාරයි. රිචීට මොකද වුණේ? කවුද මේ කිව්ව ඔත්තුකාරයා? මේ මැර කල්ලි අතර යුද්ධෙන් කවුරු දිනයිද?

ඉතින් කලින් කීව වගේ මේ මුළු කතාවම වෙන්නෙ එකම ස්ථානෙක. එනම් ටේලර් ශොප් එකක. එක් දිනක් තුල සිදු වන මේ කතාව ඔබ සිතන විදිහටම අවසන් නොවේවි කියලානම් මට විශ්වාසයි. එහෙනම් ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

8,954 downloadsDownload The-Outfit-2022.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

8,954 downloadsDownload Subtitles76 KB

35 comments

  1. Anoma Miss

    Sonic 2 onee

  2. Anoma Miss

    Sonic 2 onee

  3. spider

    sub ekata thaks sonic 2 ekata sub eka oona

    1. ඤාණ අක්කා

      Sonic 2 sub eka ikmnt denni

  4. Akeesha

    Sonic the hedgehog 2 sinhala sub ona

  5. sahangayantha

    thanks a lot saho sub ekata

  6. Anonymous

    Thanks for sub

  7. Kushan

    Sub akta thanks

  8. Naveen

    උපසිරසියට තුති

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Roshan

    Tnx bro...Great job..

  11. indika 75

    thanks..

  12. sajith

    thanks bro.Sonic the hedgehog 2 sinhala sub ona

  13. Vihanga Sandanuwan

    sonic 2 oniii

  14. Anonymous

    Sonic the Hedgehog 2 ona

    1. Dinusha

      Sonic 2 eke sub oneeee

    2. Anonymous

      sonic 2 sub eka ona

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  16. Anonymous

    Spanish thriller series ekak dynko bn

    1. Bimsara Yashan(ඔලිව)

      ඉස්සරහට දෙන්න බලන්නම්.

  17. Dewshan Tharun

    Sonic 2 sinhala sub eka dannako

  18. Anonymous

    The Contractor (2022) sub nddoooo

  19. kalana

    Sonic 2 sinhala sub oni

  20. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. හසිත මධුෂාන්

      අදයි බලන්න වෙලාවක් හම්බුනේ. පිස්සු කොර ඒකනම්...

  22. Dewadithya

    Thanks for Sub!

  23. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  24. Nishan

    Thanx bro

  25. Shara

    Thank you

  26. Malith samarawickrama

    Thanks macho sub ekata

  27. Anonymous

    සිංහල උප සිරසට බොහොම ස්තූතියි

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  30. Lakshansilva18

    thanks