Watch Trailer

I’ve Always Liked You (2016) AKA I Want to Let You Know That I Love You Sinhala Subtitles | මම ඔයාට හැමවෙලේම කැමතියි [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? ඔන්න මම ඔයාලට කාලෙකට පස්සේ තවත් අලුත් සබ් එකක් අරගෙන ආවා. මේ උපසිරැස තුල මගේ අඩුපාඩු කිහිපයක් තිබිලා චාමර සම්පත් කියන ඇඩ්මින් අයියා ඒවා මට පෙන්නලා දුන්නා.ඉතිං ඒකයි උපසිරැස එන්න පරක්කුවුනේ. මම කලින් සබ්ටයිටල් එකක් දුන්නේ Relife කියන ජපන් ෆිල්ම් එකකටනේ. ඒකට ඔයාලාගෙන් හොද ප්‍රතිචාර ලැබ…

කොහොමද යාලුවනේ? ඔන්න මම ඔයාලට කාලෙකට පස්සේ තවත් අලුත් සබ් එකක් අරගෙන ආවා. මේ උපසිරැස තුල මගේ අඩුපාඩු කිහිපයක් තිබිලා චාමර සම්පත් කියන ඇඩ්මින් අයියා ඒවා මට පෙන්නලා දුන්නා.ඉතිං ඒකයි උපසිරැස එන්න පරක්කුවුනේ. මම කලින් සබ්ටයිටල් එකක් දුන්නේ Relife කියන ජපන් ෆිල්ම් එකකටනේ. ඒකට ඔයාලාගෙන් හොද ප්‍රතිචාර ලැබුනා❤.ඉතිං මම හිතුවා මේ පාර ජපන් ඇනිමේශන් කතාවකට උපසිරැස නිර්මාණය කරන්න.

I’ve always liked you *ඔයාට මම හැමවෙලේම කැමතියි*

මේ කතාව IMDb දර්ශකයේ 7.2/10අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම මේක ආදරය, යහලුකම, හැගීම් ගැන කියවෙන අපූරු කතාවක්. කතාව නිකුත්වුනේ2016 වසරේ අප්‍රේල් 23.

කතාව දුවන්නේ යුකී කියන පිරිමි ලමයයි, නට්සුකී කියන ගැහැනු ළමයයි අතර. ඉතිං මේ දෙන්නා පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ. දෙන්නා යන්නෙත් එකම ඉස්කෝලෙට වගේම දෙන්නා ඉන්නෙත් එකම පංතියේ. දෙන්නා පොඩි කාලේ ඉදන්ම හරිම එකතුයි. ඒ බැදීම මෙයාලා ලොකු වෙනවාත් එක්කම ආදරයකට පෙරලෙනවා. ඒ දෙන්නගෙම හිතේ දෙන්නා ගැන ආදරේ තියෙනවා. ඒත් දෙන්නම එකිනෙකාට ඒක කියන්න බයයි. ඉතිං මේ අයගේ හැගීම් මෙයාලා හිත්වල හිර කරගෙන ඉන්නවා. කෙටියෙන්ම ඔන්න ඕකයි කතාව. තව දෙයක් මෙයාලාගේ යලුවොත් ඒ අයගේ ආදරය හොයාගෙන් යන හැටිත් මේ කතාවේ හරි ලස්සනට පෙන්වනවා.

මේ දෙන්නට එයාලාගේ හැගීම් එකිනෙකාට කියාගන්න පුලුවන් වේවිද? කතාව බලලා ඔයාලා ඒ ගැන දැන ගන්න. ජීවිතේ අපිට දැනෙන හැගීම් ඒ වෙලාවල් වලදීම අපි අනෙකාට කියන්න ඕනේ. ඒ කෙනා කවුරුවුනත්. මොකද නැත්තම් අපිට ඉතුරු වෙන්නේ පසුතතැවීම විතරයි. අපේ හැගීම් දැනගන්න, අහන්න ඒ අය ඉන්නත් පුලුවන්. නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා නැති කාලේදී පසුතැවිලි වෙනවද? කියන එකේ තීරනේ තියෙන්නේ ඔයාගේ අතේ. මොකද කාගේවත් ජීවිත ස්ථීර නෑ. විශ්වාස නෑ.කාලය හරිම කෙටියි.

මේකේ යම් යම් අඩුපාඩු එහෙම තියෙනවානම් සමා වෙන්න ඕනේ. මොකද මේ තාම මගේ දෙවෙනි උපසිරැස නිර්මාණය😀

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

උපසිරැසියෙ නමින් ගූගල් සෙවුමක් කිරීමෙන් වීඩියෝ පිටපත් සොයාගත හැක.

2,316 downloadsDownload Ive-Always-Liked-You-2016.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝද්‍ය සුභාෂිත (-NAWA-)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝද්‍ය සුභාෂිත (-NAWA-)

Subtitles

2,316 downloadsDownload Subtitles31 KB

14 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anonymous

    සබ් එකට ස්තූතියි.පුළුවන්නම් මේ වගේ ජපන් ෆිල්ම්,ඇනිමේ වලට දිගටම සබ් කරන්න.

    1. darshana

      365 day 2 ෆිල්ම් එකෙ ශබ් එක දෙන්ටකො yts එකෙ ෆිල්ම් එක තියනවා

    2. Nawodya subhashitha

      උත්සහා කරන්නම් සහෝදරයා

  3. kavinda gamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. indika 75

    thanks..

  6. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Madhusha Lakshan

      වීඩියෝ පිටපත කොහෙන්ද හොයා ගත්ට්ගෙ

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Pahasara

    Hugak sthuuthi...

  9. Pavith Wijesooriya

    ඔන්න එහෙනම් මාත් ගත්තා සබ් එක, ගොඩක් ස්තූතියි සහෝ...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!