Watch Trailer

The Oxford Murders (2008) Sinhala Subtitles | ගණිතමය මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි. ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද? මං 2, 4, 6, කිව්වම […]

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි.

ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද?

මං 2, 4, 6, කිව්වම ඔයාලගේ ඔළුවට එන්නේ ඉරට්ටේ සංඛ්‍යා ශ්‍රේණිය. ඒ ශ්‍රේණිය පිළිපදින නීතිය තමයි හැම අවයවයක්ම දෙකෙන් හරියටම බෙදෙනවා කියන එක. ඒත් කවුරුහරි හිතුවොත් 2+4 තමයි 6 වෙන්නේ, එහෙනම් ඊළඟට 4+6 වෙන්න ඕන. එහෙනම් ඊළඟ එක 10 යි කියල, වැරද්දක් නෑ. හැම පදයක්ම ඊට කලින් දෙකේ එකතුව. අලුත් නීතියක්.

ගණිතයේ තියන අපූර්වත්වය තමයි ඒක. වියහැකි දේවල් ගණනාවක් පැවතීම. රටාවේ නීතිය වෙනස් කලාම අලුත් දෙයක්.

ඉතින් පැහැදිලිව දන්න සංඛ්‍යා වලත් ඔහොම නම්, පළමු එක රවුමක්, දෙවැනි එක මාළුවෙක් විදියට එන ශ්‍රේණියක තුන්වෙනි එකට විසඳුම් කොච්චරක් තියෙන්න පුළුවන්ද? වැඩේ තවත් බරපතල වෙන්නේ ශ්‍රේණියේ හැම අවයවයක්ම හෙළිවෙන්නේ මරණයකුත් එක්ක වුණාම.

මාටින් ඇමරිකාවේ ඉඳල එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට එන්නේ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් කරන්න. එයාගේ වීරයා තමයි ඔක්ස්ෆර්ඩ් වල ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් වුණු ආතර් සෙල්ඩම්. මාටින් ඇත්තටම පිස්සු වැටිලා ඉන්නේ එයාට. කොච්චරක්ද කියනවා නම්, නවතින්න කාමරයක් කුලියට ගන්නෙත් මහාචාර්ය සෙල්ඩම් ගේ පැරණි මිතුරියකගේ ගෙදරින්. මාටින්ට ඕන කරන්නේ තමන්ගේ උපාධිය සඳහා සුපර්වයිසර් වරයා විදියට තමන්ගේ වීරයාව පත් කරගන්න. ඒත් සෙල්ඩම් ඒ වගේ දේවල් වලට ලේසියෙන් කැමති වෙන්නේ නැති කෙනෙක්. මාටින් ඔහුව කැමති කරගන්න උත්සාහ කරන අතරේ නැවතිලා ඉන්න ගෙදර කෙල්ල මාටින් පස්සේ එනවා. තවත් කෙල්ලෙකුත් ඔහුගේ ජීවිතේට එනවා.

මේ සේරම දේවල් කණපිට ගැහෙන්නේ එක මිනීමරුමකින්. මිනීමරුවා තැනයි වෙලාවයි එක්ක, ශ්‍රේණියේ පළමුවැන්න කියල රවුමකුත් ඇඳලා සටහනක් තියල යනවා. ඉතින් ගණිතයට කොච්චර දක්ෂ වුණත් මහාචාර්ය තුමාටවත්, මාටින්ටවත් දෙවැන්න මොකක්ද කියන්න බෑනේ. රටාවක් හඳුනාගන්න නම් දෙකක් හෝ තුනක් වෙනකන් ඉන්න වෙනවා.

ඉතින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා බැඳුණු මේ අබිරහස් මරණ වල තේරුම මොකක්ද? අපේ ගණිතඥයින්ට ශ්‍රේණියේ රටාව අඳුනගන්න පුළුවන් වෙයිද? මේවා පිටිපස්සේ ඉන්න ගණන් කාරයා කවුද? මිනීමරුවට එහෙම කරන්න තිබුණු හේතුව මොකක්ද?

මේවට උත්තර ඕන නම් කරන්න තියෙන්නේ එක දෙයි. පැයකුත් විනාඩි 45 ක් වැය කරලා The Oxford Murders බලන එක. Crime, Mystery, Thriller ගණයට අයත් මේකෙ මාටින්ගේ චරිතය කරන්නේ අපි හොඳින් දන්න Lord of the Rings එකේ ෆ්‍රෝඩෝ බැගින්ස්. එහෙමත් නැත්නම් Elijah Wood. ඔහු එක්ක John Hurt, Leonor Watling, Julie Cox, Jim Carter වගේ අය රංගනයෙන් දායක වෙන මේකෙ අධ්‍යක්ෂණය Alex de la Iglesia ගෙන්. IMDB එකේ 6.1 ක් ගන්නත් මේක සමත්වෙලා තියනවා.

ඉතින් අරගෙන බලන්න. ඒ වගේම අඩුපාඩු තියේනම් කොටාගෙන යන්න. තව දෙයක්, මේක ලොකු අයට පමණයි. පොඩි අය බලල නරක්වෙනවා එහෙම නෙවෙයි. ඉතින් බයිස්කෝප් සමූහයේ හැමෝටමත්, සබ් ගන්න එන හැමෝටමත් ජයෙන් ජය.

ඒ වගේම, මතක තියාගන්න.

“පරිපූර්ණ අපරාධයක් කියන්නේ, විසඳන්න බැරි විදියේ එකක් නෙවෙයි. වැරදි කෙනෙක් වැරදිකාරයා කරලා විසඳන එකක්”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

5,619 downloadsDownload The-Oxford-Murders-2008-1.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

5,619 downloadsDownload Subtitles64 KB

43 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekataa. Jayawewa...!

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. thanushan

    sub ekt thnx,,,johnny english strikes again eke sub eka kawud denne???

  4. nisala_d

    Thank you bro...!!!

  5. Kulanjana Maduranga

    subata thanks saho......

  6. Kanchaka

    Thanks bro

  7. harshani11112

    ස්තුති සහො .....

  8. Nadeesha rox alahakoon

    Tnx bro subata

  9. Suranjan

    Thanks machan.....jayawewa.......!

  10. Rumesh dhanushka

    Thanks brother

  11. akalankagayan

    Thnx................

  12. Kasun Suresh

    සබ් එකට තෑන්ක්ස් සහෝදරයා...

  13. Kapila4499

    thank for sub

  14. Pradeepkumara

    Thnx broo......

  15. I.dananjaya

    Thanx brother

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  17. suranuwan

    thank you....

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. dsdkavishka

    Thenks for sub

  20. H_anuru

    Thank you bro

  21. Pramukmili

    thanxx bro........

  22. nish47

    thanks bro

  23. Bandara 1976

    Great Film..Thanks for the sub Bro'

  24. NuwanK

    Thank u bro....

  25. thilankadilshan

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Manura Sathsarindu

    උපසිරසියට බොහොම ස්තූතියි !

  28. Amila Mudalige

    සබ් එකට ස්තූතියි

  29. madhusankha

    Thanks bro.......

  30. AsithaDilruwan

    balana hitiye
    ela saho thanks

  31. wcr

    Thank You!

  32. jagath55

    Thanks

  33. Kaveen Gayath

    Thanks saho

  34. Kalum Saumya

    Thanx Brother

  35. Lakshansilva18

    The gifted hands (2013) korean movie ekata sub dennako

  36. Anuruddha421

    thank you...!!!

  37. mangalaP

    Thank you...

  38. s.s.m

    tz sub ekata....

  39. Rukshan37

    Ela ela

  40. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

  41. yeshu

    tnx

  42. Saranga J. Liyanagama

    Thanks..

  43. Anonymous

    thank you