Watch Trailer

The Pacifier (2005) with Sinhala Subtitles | ළමා ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. ඔන්න මම තවත් sub එකක් අරන් ඔයාලව හම්බවෙන්න ආවා. අද මං ඔයාලට අරන් ආවේ ඔයාලා බොහෝ දුරට ක්‍රියාදාම චිත්‍රපටිවලින් දකින Vin Diesel රඟපාන ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. නම තමයි The Pacifier. ඔයාල හිතන්න ඇති Vin Diesel ඉන්නව කිවුවාම Fast and Furious film සෙට් එකේ film එකක් වගෙ කියල. නෑ මේ…

pacifier
කොහොමද යාළුවනේ ඉතින්. ඔන්න මම තවත් sub එකක් අරන් ඔයාලව හම්බවෙන්න ආවා. අද මං ඔයාලට අරන් ආවේ ඔයාලා බොහෝ දුරට ක්‍රියාදාම චිත්‍රපටිවලින් දකින Vin Diesel රඟපාන ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. නම තමයි The Pacifier. ඔයාල හිතන්න ඇති Vin Diesel ඉන්නව කිවුවාම Fast and Furious film සෙට් එකේ film එකක් වගෙ කියල. නෑ මේක එහෙම එකක් නෙවෙයි. හැබැයි නියම ෆිල්ම් එකක්. මේක The Internet Movie Data base එකේ, ඒ කියන්නෙ IMDb එකේ රේට් එක 5.3 ක අගයක් අරන් තියෙනවා. මේක හැබැයි ලේබල් වෙන්නෙ ළමා චිත්‍රපට ගොන්නට. ඒත් ළමා කිවුවට මේක ඕන කෙනෙක්ට මුල ඉදන් අගටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. sure.

ඉතින් Walt Disney සමාගම Spyglass Entertainment සමාගමත් එක්ක එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය ඉදිරිපත් කරන්නෙ. Walt Disney සමාගම කොහොමත් හදන්නෙ ළමා චිත්‍රපටිනෙ.මම ඔයාලට කලින් ගෙනාපු Lion King 2 සහ Lion King 3 ෆිල්ම් දෙකත් Walt Disney සමාගමෙන් ඉදිරිපත් කරපු film දෙකක් තමයි. ඉතින් මේ චිත්‍රපටිය release වුණේ 2005 වර්ෂයේ මාර්තු මාසෙ 4. මේක හදන්න ඩොලර් මිලියන 56ක් වියදම් වෙලා තියෙනවා. චිත්‍රපටිය පෙන්නන්න පටන් ගත්ත මුල් සතියෙම මේක ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් උපයාගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය වෙන ලුතිනන් Shane Wolfe විදිහට තමයි Vin Diesel රගපාන්නෙ. ඊට අමතරව Faith Ford – Julie, Tate Donovan- Prof. Howard, Brittany Snow – Zoe, Max Thieriot – Seth සහ Morgan York- Lulu විදියටත් මේ චිත්‍රපටියට රඟපෑමෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය ඔයාලට විනාඩි 95 ක් පුරාවට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්. මේ විස්තර ගත්තෙ වෙන කොහෙන්වත් නෙවෙයි ඉතින් නෙට් එකෙන් තමයි. ෆිල්ම් එක නිකන් බලනවට වඩා මෙහෙම විස්තර ටිකක් දැනගන්න එක සාමාන්‍ය දැනීමටත් හොඳයිනෙ. ඒකයි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කිවුවේ. හරි මම දැන් චිත්‍රපටියෙ තියෙන කථාවත් කෙටියෙන් පොඩි සටහනක් දාන්නම්.

ලුතිනන් Shane Wolfe ට මෙහෙයුමක් ලැබෙනවා සර්බියානු කැරලිකරැවන් කණ්ඩායමක් විසින් පැහැර ගෙනයන Howard Plummer කියන මහාචාර්යවරයාව බේරගන්න. කොහොම හරි එතෙන්දි මහාචාර්යවරය මැරෙනවා. Shane ටත් වෙඩි වදිනවා. ඉට පස්සෙ මාස දෙකක් තිස්සෙ Shane රොහල් ගතකරල තියනවා. Shane ට සුව වුණාට පස්සෙ එයාගෙ ප්‍රධානියා කියනවා මහාචාර්යවරයා නිර්මාණය කරල තියෙන GHOST කියන වැඩසටහන හොයාගන්න කියලා. කොහොමහරි ඔය අතරෙ Switzerland වල Howard නමින් ආරක්ෂක පෙට්ටියක් හම්බවෙනවා. ඊට පස්සෙ ඒ පෙට්ටිය ගන්න Howard ගේ බිරිඳ juli Switzerland වලට යනව. Juli Switzerland ගියාම එයාගෙ ළමයින්ගෙ ආරක්ෂාවට යොදවන්නෙ ලුතිනන් Wolfe ව. ඒ අර මහචාර්යතුමා හදපු GHOST එක හොයාගෙන ඒ ගෙදරට අපරාධකාරයෝ එයි කියලා. ළමයි බලාගන්න එක විතරක් නෙවෙයි එයාගෙ රාජකාරිය. ඒ අතරතුරේ ඒ ගේ ඇතුළෙ GHOST එක හංගල තියෙනවද කියලා හොයන්නත් Wolfe ට පැවරිලා තිබුණා. කොහොම හරි මෙයාට මේ ළමයිටික පාලනය කරන්න හෙණ මහන්සියක් ගන්න වෙනවා. ඒ ළමයි ටිකත් කියන දේ නාහෙට අහන්නැති ළමයි ටිකක්. මම කතාව මෙතනින් නවත්වන්නම්. ඔක්කොම කිවුවාම රසය නැතිවෙනවනේ. පට්ට සිද්ධි වලට තම්යි Wolfe ට මුහුණ දෙන්න වෙන්නෙ. ඔන්න එහෙනම් මේ sub එකත් ඩවුන්ලෝඩ් කරන් යන ගමන් මට comment එකකුත් දාගෙනම යන්න. එහෙනම් baiscopelk එන හැමොටම බුදු සරණයි !

තවත් sub එකකින් හමුවෙමු…

The Pacifier (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Pacifier.2005.1080p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,093 downloadsDownload The-Pacifier-2005.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

3,093 downloadsDownload Subtitles116 KB

39 comments

  1. gihan

    thanks maru naluwek ne balannama one

  2. isuru

    thanks pissu kora

  3. nihal

    niyama comay and action akak wage :)

  4. sasika

    patta patta machan niyama kathwak ne

  5. rusuru | රුසිරු

    මමත් ඔන්න බාන ලිස්ට් එක දැම්ම

    ඩිසල් කොල්ලනේ ඉන්නේ

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  7. tharanga

    අලුත් සහෝලත් දැන් එක දිගට ඒවා දෙනවා වගේ නියමයි හොදේ

  8. upali

    ela ela ela

  9. bandula

    supiri akak wage balamu digatama hoda awa subs dala demu yaluwa all the best

  10. jack

    පට්ට නලුවෙක් ඉන්න එකක් නොබලා කොහොමද. ස්තුතියි සබ් එකට

  11. Nisal

    maru bohoma sthuthui

  12. Nisal

    maru bohoma sthuthiy

  13. jeewantha

    bohoma thanks saho

  14. randy

    lol dj tooth fairy kara wage mooth mekakata bahala. anywy thnkx for the sub

  15. fd

    supiri

  16. Nanosudha

    ela ela The Heat eke sub ne ne thama :-(

  17. nadeera

    ela ela patta naluwek inne thnks bro....

  18. sp පියමල්

    මන් මේ වගේ කතාවක් කොහේදී හරි බලලා තියනවා මතක නෑ,ඒ නිසා ඔන්න ගන්නවා,thanks

  19. Sisira Hegoda

    Thanks.

  20. ruwan

    ela mchn

  21. mudiya / මුදියා

    බැලුව වගේ මතකෙකුත් තියෙනව.කතාව නම් එච්චර මතක නෑ.ඒ නිසා අනිව බලන්න ඕනි.එල සමනො.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  22. Nelson

    Good post Friend Thanks

  23. හර්ෂ ලහිරු

    Thanks bro

  24. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    තව සබ් දෙමු
    මේක තාම බලලා නෑ........
    සබට තුති
    ඔබට ජය........

  25. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. නියම චිත්‍රපටයක්නේ තෝරගෙන තියෙන්නේ ජය෴෴ :P :P

  26. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    තැන්කු සහෝ .. සබ් එකට

  27. nalaka

    එල පොරක්නේ ඉන්නේ..
    සුපිරියටම ඇති ..සබ එක දුන්නට ස්තූතියි සහෝ

  28. Dulanga

    Thankz machooooo

  29. Emi

    Thank you

  30. සංජය

    thanks bro.

  31. hmvb

    bohoma pin saho

  32. jine

    thanx

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  35. Denuthu Kawinda

    Thanks

  36. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  37. Thivanka

    Thanx buddy.......!

  38. Harshana Atapattu

    Tanx for sub broo

  39. Lakshansilva18

    thanks for sub