සිංහල උපසිරැසිකරණයේ මහගෙදර ලෙස හදුන්වන බයිස්කෝප් වෙබ් අඩවියෙන් හැමදාම සිංහල උපසිරැසි ලබා ගත් කෙනෙක් විදියට මටත් කාලයක් තිස්සේ ආසාවක් ඇති වුනා සබ් එකක් කරන්න. ඉතිං ඒ ගොඩ කාලෙක ඉදං තිබුණු ඒ අදහස ඉෂ්ඨ උනා. විශේෂයෙන් මං ස්තූති කරනවා බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන “උදය සමන්” සොහොයුරාට. සබ් එකක්…

සිංහල උපසිරැසිකරණයේ මහගෙදර ලෙස හදුන්වන බයිස්කෝප් වෙබ් අඩවියෙන් හැමදාම සිංහල උපසිරැසි ලබා ගත් කෙනෙක් විදියට මටත් කාලයක් තිස්සේ  ආසාවක් ඇති වුනා සබ් එකක් කරන්න. ඉතිං ඒ ගොඩ කාලෙක ඉදං තිබුණු ඒ අදහස ඉෂ්ඨ උනා.

විශේෂයෙන් මං ස්තූති කරනවා බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන “උදය සමන්” සොහොයුරාට.  සබ් එකක් කරනකොට කල යුතු සහා නොකලයුතු ක්‍රියාපිලිවෙලවල් මට කියලා දුන්නේ එයා.

මගේ පලවෙනි සබ් එක විදිය තෝර ගත්තේ ටිකක් පරණ ෆිල්ම් එකක්. පලවෙනි සබ් එක හිංදා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ ෆිල්ම් එක තමා ඉන්දියාවෙ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක ශංකර් ගහපු පලවෙනි ෆිල්ම් එක. ඔයාලා ශංකර්ගේ ෆිල්ම් බලලා තියෙනවා නම් දන්නවා ඇතිනේ. ගහපු හැම ෆිල්ම් එකකම හිතට වදින, ඒ වගේම ආයි පාරක් බැලුවත් එපා නොවෙන ෆිල්ම් තමා ගහන්නේ. සමහර ෆිල්ම් වල කියවෙනවා සමාජ අසාධාරණය, සමානාත්මතාවය නොමැතිකම ගැන . එහෙම ගහපු ෆිල්ම් වලින් කීපයක් තමා මේ

  1. 1994 Kadhalan
  2. 1996 Indian
  3. 1998 Jeans
  4. 1999 Mudhalavan (මේකම හිංදි වලින් ගැහුවා 2001 “Nayak” දී කියලා)
  5. 2003 Boys
  6. 2005 Anniyan
  7. 2007 Sivaji: The Boss
  8. 2010 Enthiran
  9. 2012 Nanban
  10. 2015 I
  11. 2018 2.0

ඉතිං ඔය ෆිල්ම් බලපු අය දන්නවා ඇතිනේ ශංකර් ගහපු ෆිල්ම් කොහොමද කියලා. මේ මං ඉදිරිපත් කරන්න හදන ෆිල්ම් එකත් එහෙමයි.මේක ආවෙ 1993 ජූලි 13. ඒ කාලයේ හැටියට සුපිරි වෙනසක් කරපු ෆිල්ම් එකක්. ඒ වගේම මේකේ සංගිත අධ්‍යක්ෂණය කලේ A R Rehman.  ඒ වගේම ලස්සන සිංදු ටිකක් තියෙනවා මේකේ.

දැන් අපි කතාව පැත්තට හැරෙමු, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අර්ජුන්, ඒවගේම මදූ(Roja ෆිල්ම් එකේ රහපෑ නිළිය) . මේ කතාවෙ ඉන්නවා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන සුදුසුකම් තිබිලත් මෙඩිකල් එකේ සීට් එකක් ගන්න බැරි උනු  හිංදා පපඩම් බිස්නස්කාරයෙක් වෙච්ච “ක්‍රිෂ්ණමූර්ති” නොහොත්  “කිචා”(අර්ජුන්).  ඒ වගේම එයාගෙ සහයට ඉන්නවා මනි(Goundamani). කිචාට ඒ මෙඩිකල් සීට් එක ගන්න බැරි උනේ ඒ පලාතේ අධ්‍යාපන ඇමතිට සල්ලි දෙන්න බැරි උන හිංදා.  ඒ හිංදා තව කාටවත් ඒ ඉරණම අත් වෙන්න හොද නෑ කියලා හිතලා  දුප්පතුන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් හදන්න ඕනෙ කියලා හිතනවා, ඒත් ඒකට ගොඩාක් සල්ලි ඕනෙ වෙන හිංදා මෙයා කරන්නෙ මනී ත් එක්ක එකතු වෙලා සල්ලි,රත්තං ආභරන කොල්ල කන්න යනවා. ඉතිං මෙයාලව අල්ලගන්න අලගර් නම්බි(චරන් රාජ්) උත්සහා කරනවා. ඉතිං මේ කිචාට මංකොල්ල කාලා හරි එයාගෙ පරමාර්ථය සාර්ථක කරගන්න හැකි වේවි ද?, අලග්ර් නම්බිට මේ කිචාවයි මනී වයි අල්ල ගන්න පුළුවන් වේවි ද කියලා බලන්න, මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරං බලන්නකො

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

1,137 downloadsDownload Gentleman-1993.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,137 downloadsDownload Subtitles72 KB

20 comments

  1. රොෂාන් ශමීර

    සුපිරි චිත්‍රපටයක්. සබ් එකට ස්තූතියි සහෝදරයා..
    ~ ජය වේවා ~

    1. Udaya Saman

      ඉතින් මටත් අද ගොඩක් සතුටුයි...සබ් එකක් කරන්න ආශාවක් තියෙනව කියල කිව්වම ඉතින් නොදන්න දේවල් ටික කියල දුන්නා.....ඉතින් ඇත්තටම සතුටුයි බං බයිස්කෝප් පවුලත් එක්ක එකතුවීම ගැන..ඒවගේම ඉදිරියටත් අපිත් එක්ක මේ ගමන කරගෙන යමු... ඔන්න එහෙනම් බාගත්තා.....දිගටම සබ් දෙමු....ජය වේවා...

    2. Ravindu_Heshan

      බොහොම ස්තූති සහෝදරයා

  2. තාරක නුවන් දිල්හාර

    Chikku Bukku Rayile ගීතය ඇතුලත් වන්නේ මේ චිත්‍රපටියට...
    එවකට සිනමාවේ පෙරළිකාර රූපකරණයක් ඒ ගීතයට එක්කරන්නට ශංකර් සමත් වෙනවා. ගීතය සඳහා නර්ථනයේ යෙදෙන්නේ ප්‍රභුදේවා. ශංකර්-රහමාන්-ප්‍රභූදේවා... රිදී තිරයට බෝම්බයක් ගැහුවා වගෙයි මේ තුන්කට්ටුව එකතු උනා කියන්නේ
    නර්ථනය Choreograph කරන්නේ ප්‍රභූදේවා විසින්. ප්‍රභුදේවාගේ සහෝදරයා රාජු සුන්දරම්, රාඝවා ලෝරන්ස්, දෙපලම ප්‍රබුදේවා සමග මේ ගීතයේ නර්ථනයේ යෙදෙනවා. එවකට ඔවුන් මහ ලොකුවට පොරවල් ලෙසින් ලේබල්ගත නොවුනත් අද ඒ Crew එක දෙස බලද්දී සිනමාවේ වැඩිම ජීනියස්වරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් හැදුනු ගීත වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. ප්‍රභුදේවාගේ නර්ථන ඉරියව් Capture කරගන්න එකල ඊට ගැලපෙන Frame Rate තියෙන කැමරා පවා ගෙන්නන්න වෙලා තියෙනවා කියල මං අහල තියෙනවා.

    ස්තුතියි උපසිරැසියට... ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.. :D :D :V

    1. Anonymous

      බොහොම ස්තූතී සහෝදරයා

  3. ධනු

    පැරණි සිනමා නිර්මාණවලට උපසිරැසි නිර්මාණය කල ඔබට ස්තුතිය..සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..ජය වේවා!

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති සහෝදරයා

  4. indika75

    ස්තුතියි .පළමුවන උපසිරැසියට සුබ පැතුම්!!!

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති සහෝදරයා

  5. Udaya Saman

    පලවෙනි උපසිරසියට සුභ පැතුම්.මාවත් මතක් කරට ස්තුතියි සහෝ..ඒ වගේම මේ වගේ ඉදිරියටත් සබ් දෙමු මේ පවුලත් එක්ක එකතුවෙලා.

    1. Ravindu_Heshan

      අනිවාර්යයෙන් සහොදරය දිගටම රැදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

  6. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා.. එ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති සහෝදරයා

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති සහෝදරයා

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති සහෝදරයා

  9. චාමික මධුශාන්

    මම මුදල්වන් චිත්‍රපටයේ සබ් එක කලා ඇත්ටම මේ ෆිල්ම් එක සබ් නැතුව පොඩිකාලේ බැලුවා සබ් එක හදන්න මහන්සි උන ඔබට බොහොම ස්තුතියි

    1. රවිඳු හේෂාන්

      බොහොම ස්තූති සහෝදරයා

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.