ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ යෙහෙලියෝ හැමෝටම.. අවාසනාවට ආයෙත් අපේ රටට කොවිඩ් ඇවිල්ලා. අපි හැමෝම කලින්ටත් වඩා හොඳින් පරිස්සම් වී මේ අභියෝගයත් ජයගන්න ඕනේ. පුළුවන් උපරිමෙන් පරිස්සම් වෙමු. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදිමු, අනුගමනය කරමු.. හැමෝම නිරෝගී වෙමු.. ඉතින් සුපුරුදු විදිහට ඔන්න මං අදත් පැරණි ච…

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ යෙහෙලියෝ හැමෝටම..
අවාසනාවට ආයෙත් අපේ රටට කොවිඩ් ඇවිල්ලා. අපි හැමෝම කලින්ටත් වඩා හොඳින් පරිස්සම් වී මේ අභියෝගයත් ජයගන්න ඕනේ. පුළුවන් උපරිමෙන් පරිස්සම් වෙමු. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදිමු, අනුගමනය කරමු.. හැමෝම නිරෝගී වෙමු..
ඉතින් සුපුරුදු විදිහට ඔන්න මං අදත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා.. මේක 1968 වසරේ තිරගත වුන හාස්‍යජනක චිත්‍රපටයක්. හ්රුන්ඩි වී. බක්ෂි ඉන්දියානු මෝඩ පුද්ගලයෙකි. ඔහු හොලිවුඩයට එන්නේ චිත්‍රපට රංඟනයට. එක් රූපගත කිරීමක බක්ෂි අතින් පසුතලයක් මුළුමනින්ම විනාශ වුනාට පස්සේ ඔහුව චිත්‍රපටයෙන් අයින් කරනවා. මේ බව චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනයට දැනුම් දුන්නම ඒකේ අයිතිකාරයා බක්ෂිගේ නම ලියාගන්නේ පසු දිනෙක ඔහුගේ බිරිඳ විසින් පවත්වන්නට නියමිත සාදයේ අමුත්තන්ගේ නාමලේඛනයේ අන්තිමටයි. මේ මොනවත් නොදන්න ඔහුගේ ලේකම් මේ මහා සාදයට බක්ෂිටද ආරාධනා පත්‍රයක් යවනවා. එතැන් සිට දිග හැරෙන්නේ මේ සම්භාවනීය අමුත්තන් පිරි සාදය උඩුයටිකුරු වී ආතල් කෝටියක් පිරි සාදයකටයි..
The Party 1968 අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ තිර රචනය යන තුනම Blake Edwards විසින් සිදුකර ඇති මෙම චිත්‍රපටය 1968 අප්‍රේල් 04 වන දා ඇමරිකාවේ දී තිරගත වීම ආරම්භ විය. හ්රුන්ඩි වී බක්ෂි ලෙස Peter Sellers සහ මිෂෙල් මොනෙට් ලෙස Claudine Longet ඇතුළු නළු නිලි රැසක් මෙහි රංඟනයෙන් එක් වී ඇත. චිත්‍රපටයේ සංගීතය Henry Mancini විසින් වන අතර චිත්‍රපටය වෙනුවෙන් චිත්‍රපට ගීත 12ක් අඩංගු කැසට් පටයක්ද නිකුත් වී ඇත. කැමරාකරණය Lucien Ballard වන අතර සංස්කරණය Ralph E. Winters විසිනි. United Artists Corporation බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය විනාඩි 99ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 2.9ක් වේ. චිත්‍රපටය සඳහා IMDb අගය 7.5ක් සහ Rotten Tomatoes අගය 82%ක් ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,361 downloadsDownload The-Party-1968.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
10 comments
Hashan M. Priyadarshana
jagath55
Thanks
indika75
thanks..
Pasan
Thx sahoo....
Buddhika Lakmal
තෑන්ක්ස් මචං සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
මීට පෙර ඔබ සබ් ලබාදුන් බොහෝ සිනමාපට මා නැරඹුවා, මෙයත් ඩවුන්ලෝඩ් කළා. නැරඹීම සඳහා, ඔබට ස්තුතියි!Priyantha Dayakeerthi
ඔබගේ සබ් සමඟ ෆිල්ම් එක බැලුවා. එය රස විඳින්න පුළුවන් ෆිල්ම් එකක්. මෙවැනි ඒවා තෝරා සබ් කරන එක ලොකු සේවයක්, ස්තුතියි!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ruchira
Thanks for the sub!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
Jason and the Argonauts (1963) මේ film එකට සබ් කරන්න පුළුවන්ද සෑහෙන කාලෙකට කලින් TV එකෙත් ගියා මේ film.. IMDb එකත් 7.3යි :)