Watch Trailer

The Island (2006) aka Ostrov Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියනි ඔබ සැමට ආයුබෝවන්! හැමදාම එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම, මෙදා පාර වෙනස්ම චිත්‍රපටියක් ගෙනාවා, ඔයා මෙතනට ආවෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලාපොරොත්තුවෙන්නම් ඔයාට මේක වැඩක් වෙන්නෙ නැහැ, මේ සිනමාපටය නාට්‍යමය වර්ගීකරණයට අයත් වුවත් ප්‍රේක්ෂයාව ඉන් ඔබ්බට ගිහින් ආධ්‍යාත්මික ත…

බයිස්කෝප් වැසියනි ඔබ සැමට ආයුබෝවන්! හැමදාම එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම, මෙදා පාර වෙනස්ම චිත්‍රපටියක් ගෙනාවා, ඔයා මෙතනට ආවෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලාපොරොත්තුවෙන්නම් ඔයාට මේක වැඩක් වෙන්නෙ නැහැ, මේ සිනමාපටය නාට්‍යමය වර්ගීකරණයට අයත් වුවත් ප්‍රේක්ෂයාව ඉන් ඔබ්බට ගිහින් ආධ්‍යාත්මික තලයට ගෙනයන්නට හැකියාවක් තියෙනවා. දැන් අපි චිත්‍රපටියෙ විස්තර ගැන පොඩ්ඩක් හොයලා බලමු . Pavel Lungin විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයට : Pyotr Mamonov, Viktor Sukhorukov, Dmitriy Dyuzhev වැනි අය රංගනයෙන් දායකවෙනවා. මිනිත්තු 112ක් පුරා ධාවනය වෙන මේ චිත්‍රපටය 2006 නොවැම්බර් මාසයේදි රුසියාව තුල තිරගතවීම ආරම්භවෙනවා. වී කරල් විශාල ප්‍රමාණයක් දිනාගෙන ඇති මේ චිත්‍රපටය සම්මාන උළෙලවල් වලදී සම්මාන පහලවක් සඳහා නිර්දේශ වී තිබෙන අතර එයින් දොලහක්ම ජයගෙන තිබෙනවා, මේ චිත්‍රපටියට වැඩිපුරම සම්මාන ලැබී ඇත්තේ, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම කැමරාකරණය යන අංශ වලින් වේ.

1942 දි අත්තඩංගුවට පත්වෙන ඇනටොලි ගල් අඟුරු ප්‍රවාහනය කරන බෝට්ටුවක සේවය කරනවා. ඔවුන් ගමන් කරමින් සිටියදි හදිසියෙ ජර්මන් කණ්ඩයාමක් බෝට්ටුව අල්ලාගන්නා අතර අනටොලි මරණයට බියවී කෑගසනවා. මේ අවස්ථාවෙ ජර්මන් කපිතාන්වරය ජීවත් වීමට අවශ්‍යනම් තම සහායක ටීකොන් කපිතාන්ව මරාදමන්න කියනව, ටීකොන් මරා දමන අනටොලි දූපතකට ගසාගෙන යනවා, ඒ කාලයෙ දූපතේ ආගමික කණ්ඩායමක් ජීවත්වෙන අතර අනටොලිද ඔවුන් අතරට එක්වී පියතුමෙක් බවට පත්වෙනවා. ඒ ආරාමයේ නීතිවලට පිටින් වැඩකරන අනටොලි පියතුමා තමන්ට රෝග සුවකල හැකි බලයක් ලැබී තිබෙන බව විශ්වාස කරනවා. මෙතනින් එහාට කතාව චිත්‍රපටියෙන් ඔයාලට බලාගන්න පුලුවන්. සංකීර්ණ චිත්‍රපටි බලන්න කැමති හැමෝටම මම ආරාධනය කරමින් සමුගන්නවා, ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR / BDRip පිටපත් සඳහා අදාළ වේ.

2,213 downloadsDownload The-Island-2006-aka-Ostrov.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,213 downloadsDownload Subtitles30 KB

10 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් උවිඳු සබ් එකට :) :) ..
    ජය වේවා.!

  2. Jaindu

    Pikey blinders eke sub nadda

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  5. indika75

    thanks..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Udara Damith Dissanayaka

    ela

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Dewadithya

    Thanks for sub!

  10. කවිඳු ජයවර්ධන

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.දිගටම මේ වගේ Russian movies වලට සබ් දෙන්න..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.