අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. උන්වහන්සේගේ අවසාන පැය කිහිපය අළලා ගොඩ නැගුනු මෙම චිත්‍රපටිය ඒ වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟම මම ලබා දෙන්න…

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. උන්වහන්සේගේ අවසාන පැය කිහිපය අළලා ගොඩ නැගුනු මෙම චිත්‍රපටිය ඒ වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟම මම ලබා දෙන්න තීරණය කළා.
ගොඩක් අයනම් මේ චිත්‍රපටිය ගැන අහල ඇති. ප්‍රසිද්ධ නළු මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 84,048 ක් මගින් 7.1/10 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකට ඇතුළු තවත් සම්මාන වලට නිර්දේශ වී ඉන් 17ක් දිනා තිබෙනවා.
අවසන් රාත්‍රී භෝජනයෙන් පසු ජෙත්සෙමෙනි උයනේ සිට කරන යාච්ඥාවේ සිට පටන් ගැනෙනා චිත්‍රපටිය ගලා යන අතරේදී මනුෂ්‍යත්වය හා දේවත්වය අතර ඇතිවන ඝට්ටනය මනාව දර්ශනය කරවනවා. ක්‍රිස්තු චරිතය ගැන කියවෙන අනෙකුත් චිත්‍රපටවලට දර්ශනය වෙනවාට වඩා බොහොමත්ම වෙනස් දර්ශණය වලින් මේ චිත්‍රපටිය සමන්විත වෙනවා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ.
මම චිත්‍රපටියේ කොපි වර්ග දෙකකට උපසිරැසි දැම්මා. මොකද වැඩිම සීඩ්ස් තිබුන කොපියේ ඉංග්‍රීසියෙන් hard sub කරලා තියෙනවා. ඒක නිසා සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම පේන නිසා මම ඊලඟට තව සීඩ්ස් තිබ්බ එකකටත් සබ් දැම්මා. හැබැයි ඒ කොපිය බාන්න ටිකක් වෙලා යයි. කැමති එකක් බාගත කර ගන්න.
ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
11,565 downloadsDownload The.Passion.of_.the_.Christ.2004.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
86 comments
Supun
Anju
kalin balala thiyanawa.but sinhala subs thiyana nisa ayemath balanawa.tnx...!!!
'සුබ පාස්කු මංගල්ලයක් වේවා!'danushan
thankx
මනිෂ කසුන්
රොයිලි අයියේ....මම දැක්කා මේක ඔයාගෙ බ්ලොගයේ තියනවා.. බලාගෙන හිටියේ දෙනකම්... ස්තූතියි... කෝ ඊලග එක ගැන අනාවැකියක් නෑ නේ..? :(
අම්ර
සිංහල උපසිරැසි වලට Thanks....
රොයිලි
@Supun,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
රොයිලි
@Anju,
අහා ගොඩක් කට්ටියනම් කලින් බලලා ඇති තමා. ටිකක් පරණ චිත්‍රපටියක්නේ. ස්තූතියි අදහසට :)Pradeed
Gud job. keep it up.
රොයිලි
@danushan,
ස්තූතියි සහෝ :P@මනිෂ කසුන්,
ස්තූතියි මකෝ කමෙන්ට් එකට. ඊලඟ එක ගැන තව හිතලා බලන්න ඕනා සහෝ :Pරොයිලි
@අම්ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)චතුරංග
එල මමත් බානවා...........
රොයිලි
@Pradeed,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
Sudara Madushan
Sha thanks! meka nam mama kalin balala ne, balanna orne!
රොයිලි
@ sudara Madushan,
ස්තුතියි සහෝ කමෙන්ට් එකට. :)
Chameera
Happy Easter!!!!!!!
රොයිලි
@chameera
Same to you machooooo :)@Enri,
මම යවලයි තියෙන්නෙ සහෝ. අද හෙට යයි.
කොපි දෙකම එකම ගණන් සහෝ :)
Enri
ම්ම්ම්.... බලමුකෝ බාලම. අනිත් කොපිය 1GB ගානක්නේ සහෝ? එළිවෙයි බානකොට. ඒක නෙමේ මගේ ලිපිය පළ කරන්නේ නැද්ද? මම e-mails එව්ව අම්බානක. තව මොනව හරි අඩුපාඩු ඒකේ තියෙනවද? මම ඒක දෙන්න මෙච්චර try කරන්නේ ඒක පට්ටම ෆිල්ම් එකක් සහෝ.
chamila
උඹ දැම්මොත් නම් ඉතින් බාන්නම වෙනවා.... :P
සුබ පාස්කු මංගල්ලයක් වේවා!රොයිලි
@චතුරංග,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@chamila,
අපෝ එහෙම එපා. කැමතිනම් විතරයි.
ස්තූතියි සහෝ :)සසික නානායක්කාර
එල එල ඔන්න මමත් බානවා....සිංහල සබ්නම් ඉතින් අනිවාර්යෙන්ම බලන්න එපැයි.ඔන්න රොයිලිට බොහොම පින් මේ සබ් වැඩේට
රොයිලි
@සසික නානායක්කාර,
ස්තූතියි සහෝ. අනිවාර්යය යෙන්ම බලන්න ඕනා කියලා නැහැනේ මචෝ. :)
චමිදේවා
ඔන්න මචෝ මමත් බානවා.උඹේ සිංහල සබ් වලින් බෑවේ නැත්තේ අර untraceable එක විතරයි.
උඹටත් සුබ පාස්කු මංගල්ලයක් වේවා!
රොයිලි
@ චමිදේවා,
ස්තූතියි මචෝ පැතුමට. එතකොට ඇයි ඒ චිත්‍රපටිය නොබෑවෙ කියලා අහන්න පුළුවන්ද? ;)
පීටර්
ෂා.. මරු ,මම ඔය බයිස්කෝප් ඒක බලල නෑ.දැන් සිංහල උප සිරැසිත් ඒක්කම බලන්න පුලුවන්.රොයිල් සහෝට ගොඩක් පින්.
රොයිලි
@ පීටර්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.ඔබටත් එසේම වේවා!!!
පීටර්
ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යක් ෙව්වා!
Dhanuka Pathinayake
ස්තුතියි සහෝ දවසට ගෑළපෙන එකක්ම දිලා තියෙන්නෙ,
අනිවා බානවා..
ඒ වගේම ඔබතුමාට සුබ පාස්කු මoගල්ලයක් වේවා...රොයිලි
ස්තූතියි ඔබතුමාටත් කමෙන්ට් එකට :P
NuwanHunter
කලින් අහලනම් තිබ්බා බලලා තිබ්බේ නෑ, බාලම බලමු එලද කියලා. tnx මචෝ.....
මුෂී මල්ලි
බාලම බලමු... නැතුව කොහොමද හොඳ නරක කියන්නෙ?... නේද මෙයාලා.. හික් හික්...
මුෂී මල්ලි
ඔක්කොටම තෑන්කු කිව්ව එහෙනම්..!!!
රොයිලි
@NuwanHunter,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :) ජය වේවා!
රොයිලි
@ මුෂී මල්ලි,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලලම කියහන්කෝ. :)susantha
thnx vava...
රොයිලි
@ susantha,
ස්තූති වේවා!!!! :)
Anonymous
නියම වැඩක් ඔයාල කරන්නේ
රොයිලි
නිර්නාමික 2010/04/02 දින ප.ව. 7:00,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)
ධනික | Dhanika
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි එක් කිරීම ගැන බොහෝම ස්තූතියි!
ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ගැන චිත්‍රපටි දහස් ගණනක් බිහිවෙලා තිබ්බත් The Passion of the Christ චිත්‍රපටය සුවිශේෂී වන්නෙ එහි තාත්වික බව නිසා. ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රපටියක්!රොයිලි
@ධනික | Dhanika,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනිවා ඒකනේ මේකම තෝරගත්තේ.
වැඩියෙ බාන්නෙ නැතිව ඉඳියි කියලා හිතුවට බලාපොරොත්තු වුනාට වඩා වැඩි සංඛ්‍යාවක් බාගෙන තියෙන එකත් සංතෝෂයක්. :)
Hemal
ස්තූති කරන්න වචන මදි . . . . . . . . .
Hemal
ස්තූති කරන්න වචන මදි . . . . . . . . . mama kalin DL karala thibba.film ekata sb hodata gelapenawa.thank u
හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීම සමරන මහ සිකුරාදා වන අද දින, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය මනාව රූපකරණයට ලක් කර ඇති මේ අගනා සිනමා නිර්මාණය සිංහල උපසිරැසිද සහිතව ඉදිරිපත් කිරීම ගැන baiscopelk කණ්ඩායමට හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා බ්ලොග් අඩවියේ ගෞරවපූර්වක ස්තූතිය පුද කර සිටිමු! මහ සිකුරාදා දින වෙනුවෙන් අප බ්ලොග් අඩවියේ කුරුසේ නැග අත් විහිදා සිංහල පාස්කු ගීතිකාව පළ කර ඇති බවද මෙයින් දන්වා සිටිමු.රොයිලි
@ හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා
ස්තූතියි ම්චං. උඹ කවුරු වුනත් උඹ කරන වැඩේ මම අගය කරනවා. මේ ලිපිය දාන්න ගිහින් මම කාපු කට්ට හැටියට මට හිතා ගත්ත හැකි උබ කොච්චර කතා ටිකක් අහගන්නවා ඇද්ද කියලා. :) කොහොම වුනත් සුබ පතනවා මචෝ ඔයාටත්. :)
Suvin
thanx! meka nam aththatama sinhala sub damma eka watinawa! balanna one baagena!
රොයිලි
@ Suvin,
ස්තූතියි මචෝ :)
akiya (aKiller)
තේන්කු වෙරි මච් රොයිලි අය්යා .ගොඩ් බ්ලෙස් යු..............
රොයිලි
@akiya (aKiller),
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
පිටස්තරයා
තවත් නියම චිත්‍රපටියක් ලබා දීම ගැන මගේ තුති!!!!
රොයිලි
@ පිටස්තරයා,
ස්තූතියි සහෝ. හොඳම චිත්‍රපටියක් වැටුනු දාට විතරයි ඔයාගේ කෙමෙන්ට් අපිට ලැබෙන්නේ. ඒක කවුරුත් දන්න දෙයක් නේ :)
kathu
''ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීම සමරන මහ සිකුරාදා වන අද දින, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය මනාව රූපකරණයට ලක් කර ඇති මේ අගනා සිනමා නිර්මාණය සිංහල උපසිරැසිද සහිතව ඉදිරිපත් කිරීම ගැන baiscopelk කණ්ඩායමට හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා බ්ලොග් අඩවියේ ගෞරවපූර්වක ස්තූතිය පුද කර සිටිමු!
මහ සිකුරාදා දින වෙනුවෙන් අප බ්ලොග් අඩවියේ කුරුසේ නැග අත් විහිදා සිංහල පාස්කු ගීතිකාව පළ කර ඇති බවද මෙයින් දන්වා සිටිමු.''
WOW....!!!! කවුද කියන්නෙ අපි තනිවෙලා කියලා..!!? දැන් අපි වෙනුවෙන් අපි..!!
නියමම film එකක්..! සිංහල sub එක්ක අායෙත් බලනවා. Royli අයියට හැමදාම වගෙ බෙහෙවින්ම ස්තුතියි..!!රොයිලි
@kathu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. හැමදාමත්ම වගේ ඔයාගෙ කමෙන්ට් එකක් මම දැකලා තියෙනවනේ සහෝ :)
ashan kandy
thanks bro.... ela menna mekat parakku wela hari banta damma.. sub wlata thanks..
රොයිලි
@ashan kandy,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)
මනිෂ කසුන්
නියම ෆිල්ම් එකක්.. කට්ටියම බලන්න...
රොයිලි
@ මනීෂ කසුන්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට . ජය වේවා :)
රොයිලි
කමෙන්ට් දාපු නොදාපු හැමෝටම මාගේ ස්තූතිය හිමි වෙනවා. ටිකක් පරණ චිත්‍රපටියක් වුනත් සෑහෙන කොටසක් බාගෙන තිබුනා. ගොඩක් ස්තූතියි. හැමදෙනාටම :)
fareen
nice film
DJ
thanz frd i want that
wiki
maxxa....film aka....
No Need Names
What U did was really Really good.
Keep it up
God Bless U...Ramraj
මේ නත්තලේවත් මේක බලමු.
දිනේශ් දීපාල්
මම මේක බලල තියෙනවා. මෙල් ගිබ්සන් හදපු අමුතුම ආකාරයේ චිත්‍රපටියක්. මේකේ කතාකරන භාෂාව ඉංග්‍රිසි හෝ වෙනත් ලෝකයේ වැඩිපුර භාවිතා වෙන එකක් යොදා නොගැනීමටත් ඔහු වග බලා ගෙන තිබූ අතර එයට හේතුව ලෙස ඔහු පැවසූයේ මිනිසුන්ට තේරෙන භාෂාවක් උපයෝගී කර ගත්තා නම් බලල රස විදිනවට වඩා ඇසීමටත් මුල් තැන දෙන්න ගිහිල්ල කතා රසය නැති වෙන නිසා ලෝකයේ මේ වන විට භාවිතයේ නොමැති මල භාෂාවක් තමයි යොදාගත්තේ කියල. මේ සිනමා සිතුවමට සෑහෙන්න චෝදනාත් එල්ල වුනා. ක්‍රිස්තුස් වහන්සේට වද දීම පමණ ඉක්මවා පෙන්නුවා කියලත්. තවත් ගොඩක් විවේචන තියෙනවා.
Viraj
Thank you very much!!!
haree
බොහොම ස්තුතියි! බා ගත්තා...
දැන් බලන්න තමයි තියෙන්නෙ..
tharindu
අනේ මේකේ උපසිරසි බා ගන්න බෑනේ ඒ ලින්ක් එක නෑ.මේක බා ගත්ත කවුරු හරි ඉන්නවනම් උපසිරසි ලාබා දෙන්න කියල කාරුණිකව ඉල්ලනවා
විකියා
සියලු සිංහල උපසිරැසි මෙතනින් බාගත කරගන්න....
කියලා තියෙන්නේ උඩම අන්න එතනින් ගන්න :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ahala Thiyenawa eth balala ne.Director Mel Gibson Ne,anika Sinhala Sub Nobala Kohomada ....Bamu Danma .Isthuthi Royli Shodaraya Jayawewa !!!!!!!!!!!!!!