Watch Trailer

The Patriot (2000) Sinhala Subtitles | රට වෙනුවෙන් අපි…[සිංහල උපසිරැසි සමඟ]

මම අද ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතිහාසගත යුධ සිදුවීම් බලන්න කැමති අය ආසා කරන චිත්‍රපටියක්. මේ මගේ 2වන උපසිරැසි ගැන්වීම. මෙම චිත්‍රපටය IMDb 6.9/10 ක් අගයක් ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Independence Day,Godzilla,10,000 BC,2012 වැනි සුපිරි චිත්‍රපට නිර්මානය කරපු රෝලන්ඩ්…

මම අද ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතිහාසගත යුධ සිදුවීම් බලන්න කැමති අය ආසා කරන චිත්‍රපටියක්. මේ මගේ 2වන උපසිරැසි ගැන්වීම.  මෙම චිත්‍රපටය IMDb 6.9/10 ක් අගයක් ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Independence Day,Godzilla,10,000 BC,2012 වැනි සුපිරි චිත්‍රපට නිර්මානය කරපු  රෝලන්ඩ් එමරිච් මහත්තයා.(එහෙනම් මේ ෆිල්ම් එක ගැනත් අහන්න දෙයක් නෑ නේ  )    ඔයාලා දන්නවා ඇති බ්‍රිතාන්‍ය අධිරාජයයට යටත්ව පැවති රටවල් වලින් බ්‍රිතාන්‍යයට විරුද්දව සටන් කරලා තම රටට නිදහස ලබාගන්න සමත් උනේ රටවල් දෙකයි. ඒ ඇමරිකා එක්සත් ජනපදය හා රොඩේෂියාවයි. ඇමරිකා එක්සත් ජනපදය තම සටන කරපු ආකාරය තමයි මෙම සලරුවේ තියෙන්නේ. ජොර්ජ් වොෂින්ටන්ව විතරනෙ අපි දන්නේ. නමුත් තවත් අය ඒකට ගොඩක් උදව් කලා. මෙම චිත්‍රපටයේ කතානායකයා වන බෙනජමින් මාර්ටින්  තම දරුවන් පවා නැතිකරගෙනයි මේ සටන කරන්නේ…. හෝව් හෝව් තව ඩින්ගෙන් කතාවම  කියනවා..  චිත්‍රපටයේ ප්‍රධන චරිතය වන බෙන්ජමින් මර්ටින් චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මානලාභි සුපිරි නලු  Mel Gibson විසිනුයි. ඔහුත් ඔස්කාර් සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මීට අමතරව  Heath Ledger, Joely Richardson,Jason Isaacs  වැනි නලුනිලියනුත් මෙම සලරුව හැඩකරනවා..  යුධමය, ඉතිහාස කතා බලන්න ආස අයට මේක හොදම හොද චිත්‍රපටයක්. යුධමය කතාවක් නිසා බාසාව නම් ටිකක් අවුල්. වැරදි තිබ්බොත් කියන්න. ඒකට බොහෝම පිං.. මේක බලලා හොද නරකත් ලියලා යන්නකො.  ලගදිම අලුත් සලරුවකින් හමුවෙනතෙක් මම සමුගන්නවා…… මින් පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පළ කළ ලිපිය. ඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ ආරාධනයෙන් පලවෙනි සටහන ලියනවා.මම බලපු ගොඩක් සංවේදි කතාවලින් එකක් තමයි මේක. ටිකක් විතර මේ කතාව පරණ උනත් යුද්ධයක් වෙනුවෙන් සෙබලෙක් කරන්න සිදුවෙන කැපකිරීම් ගැනයි මේ කතාව. කතාව මෙහෙමයි,  18 වෙනි ශතවර්ෂයේ ඇමෙරිකාව යටත් කරගෙන උන්නු ඛ්‍රිතාන්‍ය ත්  සමග ඇමෙරිකානු හමුදාව  යුද්ධ කරන කාලේ බෙන්ජමින් මාර්ටින් (මෙල් ගිබ්සන්) ගොවිපොලක් පවත්වගෙන යමින්, මව අහිමි තම දරුවන් සමග වාසය කරමින් ඉන්නවා. ඔහු ඊට කාලෙකට පෙර පැවති ප්‍රංශ යුද්ධයේ දක්ෂ සොල්දාදුවෙක් උනත්, එයින් ඇතිවූ කලකිරීම මත යුද්ධයට විරුද්ධ වෙනවා. නමුත් තමාගේ වැඩිමල් පුතා බලෙන්ම හමුදාවට බැඳී යුද්ධයට පිටත් වෙනවා. දිනක් රෑ තම පුතා තුවාල ලබා ගෙදරට එනවා. පසුදින ඛ්‍රිතාන්‍ය න් ලුහුබැඳ පැමිණ තම නිවස පිලිස්සීමට අණ කොට පුතාව එල්ලා මැරීම සඳහා රැගෙන යන්න හදන විට ඊට විරුද්ධ වෙන දෙවෙනි පුතාව ඔහු ඉදිරි පිටම මරා දමනවා. ඉන්පසු,,,,,,,නෑ මින් එහාට කතාව බැලීම ඔබට බාරයි.මම මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ TV එකෙන්.ගොඩක් දෙනා සමහර විට බලලත් ඇති දැනටමත්.ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියනවනම් මේක ඔස්කාර් ඇතුලු සම්මාන 20 කට නොමිනේට් වෙලා ඉන් 8 දිනා තියෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

2,686 downloadsDownload The.Patriot2000.sinhala-sub.baiscope.lk_.rar34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/03

Subtitles

2,686 downloadsDownload Subtitles34 KB

65 comments

  1. මනුශාන්

    එළකිරි මමත් ඔක බැලුවා වගේ මතකයි අයෙත් බලන්න ඔනේ

  2. මනුශාන්

    මේ ලගකදි මනුතාපය කියලා එකක් ටීවී එකේ පෙන්නුවේ එහෙම දන්න කෙනෙක් නැද්ද මට ඒක බලන්න ආසයි ඉතිහාසය ගැන කියවෙන චිත්‍රපටි බලන්න තමා මගේ කැමැත්ත ;)

  3. Subhash

    @Manushan,

    Oya itihasaya gana films balanan asai nam
    "Kingdom of Heaven" Film eka hoyala balanna

    sira film ekak.

  4. සියදෝරිස්

    @මනුෂාන්
    les miserable කියන්නේ මනුතාපය තමා.
    මෙන්න බලනවනම් චිත්තරපටි..ඔක්කොම පරණ එව්වා. හැබැයි දහපාරක් හරි බලන්ට පුළුවන්..
    Gladiator, Brave heart, Kingdom of Heaven, King Arthur, The Last Samurai

  5. පොතේ ගුරා

    @සියදෝරිස් ! ඇත්තටම නියම ෆිල්ම් ටික..මමත් ඔය ඔක්කොම බලල තියෙනව..ඕන කෙනෙක් බය නැතුව බාගන්න..ෆිල්ම් ටික එළ!

  6. රොයිලි

    ඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ උදව් වෙන් පලමු සටහන දා ගත්තා. ස්තූති වෙන්න ඕනා. ;)

  7. මනුශාන්

    @ සියදෝරිස්, Subhash
    ස්තුතියි බලන්න ඔනේ චිත්තර පටි එකතුවට ස්තුතියි .

  8. ම

    මේක එළ Film එක මන් MC එකේ බැලුවේ Full සිරා

  9. උදාර

    මගේ මතකේ හැටියට මේ බයිස්කෝප් එක සිරසේ ගියා... දේශහිතෛශියා තමයි තේරුම... ලස්සන කථාවක්... ගොඩාක් කාලෙකට කලින් ස්වර්ණවාහිණියේ දැම්මා මැජෙස්ටික් සිටි එකේ තිරගත වෙනවා කියලා...

  10. kathu

    මමත් බැලුවා...එළ..!!

  11. Subhash

    මේ ෆිල්ම් එක බොහෝම කාලෙකට කලින් මම බැලුවෙ. හරිම සOවේදී කතාවක් අඩOගු ෆිල්ම් එකක් කියලා තමයි මතකයේ තියෙන්නෙ. දෙන්නටම ගොඩක් ස්තූතියි මේක එකතු කලාට. අද හෙටම බාගෙන බලන්න ඕන.

  12. zoniczz

    දැන් තමා කතාව බැලුවෙ...මැක්සා පහර බන්...තෑන්ක්ස්

  13. ‍‍‍තෙපුල්

    දෙවෙනි ලෝක යුද්ධය ගැන නිර්මාණය කරපු ලස්සන චිත්‍රපටියක් තියෙනවා "Enemy at the Gates" කියලා. ඒක ඇත්ත කතාවක් ආශ්‍රයෙන් හදලා තියෙන්නේ. පුලුවන් නම් හොයගෙන බලන්න වටිනවා.

  14. muthunayake

    මේ කාතාව නම් බලල ගොඩක් කල් එලම එල. විරුද්ද පැත්තේ එකා ගොනාට ඇන්දවීම සහ ලමයි එක්ක කරන ගරිල්ලා ගේම තාම මතකයි

  15. Mash

    That was damn good...Most of the Mel Gibson movies are so great.Machan if you could please add the Brave Heart movie...Im sure your fans gonna love it..A war movies with romance based on a true story of a Scotland Patriot.

  16. පොතේ ගුරා

    අහ්..කස්ටිය ඔක්කොම බලල..එළ..
    @Mash! එළ මචන්..ඒක දාන්නම්..හොද ටොරන්ට් එකක් තියෙනව..තැන්කූ වෙන්න ඕන..

  17. Bhagya Sanuka

    The Patriot (2000) ෆිල්ම් ඍක බාන්න හිතුන අය්යගෙ ලිපිය කියවල... ඎත් දැන් මිනිනෝවා නෑනෙ...

  18. husp

    hey saho me film eka pata thama bt loka meke link eka wada karane naha neda.

  19. ප්‍රසන්න

    ජය වේවා පට්ටම ෆිල්ම් එක :)

  20. ccnp

    THANKS

  21. was

    මෙන්න සුපිරිම ෆිල්ම් එකක්.මේක නොබලන දෑස් කුමටද කියන්න තමා වෙන්නේ....

  22. upali

    loweth na thanks

  23. ganidu

    ලොවෙත් නෑ මචං බොහොම පින්

  24. lasidu

    නියමම ෆිල්ම් එකක් සබ් දුන්න එකට පින් දිගටම සබ් දෙන්න සහෝ

  25. quik

    thanks

  26. tharanga

    ෂා නියම නළුවෙක්..ඉන්නේ.අනිවා බලනව.. :)

  27. uda

    නියම කතාවක්නෙ සහෝ! පරණ වුණාට අගේ ඇති එකක් නෙවැ.

    ඕන්න බලමුකො; හරියටම දවස් 6ක් නොකා නොබී හිටපු දරුණු අසනීපෙකින් පස්සෙ දැන් තමයි යන්තම් කෙලිං කටිං හිටගන්නේ. මංසලත් පාළු වෙලා මේ ටිකේ :(. ඔහොම තමයි මනුස්සයින්ටනේ කරදර එන්නෙත්. තුති පිදුවා මාත් ඉතිං. තරහක් නැහැනෙ නේ...

    පරණ ඒවට කෙටි කමෙන්ටි දාන්නම්. මට තවම මහන්සියි හරිම. ඉතිං කිසිකෙනෙක් (ඒ ලිපි ලියපු, සබ් හදපු කවුරුවතතමනාපයක් හිතන්ඩෙපා. තවමත් ඇගට පණ නැතිව ඉන්න ගමන් මේ කමෙන්ටි වුණත් දාන්නේ. කොහොමහරි මම ආපහු ආවා එහෙමනම්. :D

  28. නලින්

    ස්තුති වේවා චාරුත සහෝ නියම බයිසා එකකට තමයි සබ් දලා තියෙන්නේ

    ඔන්න මමත් ගන්නවා
    ජය වේවා..!

  29. f_live

    ජය වේවා සහෝ නියමයි :)

  30. chami

    supiri macho

  31. wow

    wow,,,maru

  32. rusuru | රුසිරු

    නියමයි සහෝ දිගටම සබ් දෙමු....

  33. hh

    jaya wewa

  34. Ishan Gihantha

    thanks machan

  35. lahiru

    Thanks boss

  36. Neranji

    නියමයි

  37. kalinga

    තවත් ෆිල්ම්ස් ඔන්න සබ් එක්ක ඕනේ යාලුවා..ජයම වේවා

  38. කේ.යු.ජී.උදාර

    ඉස්සරහටත් මේ වගේ විශිෂ්ට නිර්මාණ අරගෙන එන්න.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ....

  39. kdn

    PATRIOT, ENEMY AT THE GATES, BRAVE HEART I WATCHED THOSE PATTA FILMS.

    I HAVE GLADIATORS AND THE LAST SAMURAI I WANT WATCH THOSE IN THIS MONTH.

  40. DilanH

    එල එල මේකට සබ් දුන්න එක ලොකු දෙයක්

  41. CHATm

    Maxa Film ekak!!!

  42. රොෂීන් චාරුත ප්‍රනාන්දු

    බොහෝම ස්තුතියි

  43. Dina

    thanx machan

  44. අමීර

    Meka supiri film ekak balapu nathi aya balanna.......

  45. Prasad

    Thank u brother.

  46. samankoo

    me wage mahansi wela lassana film walata sub dena ayata godaaak thanks kollaneee..obe mahansiya mama hadawathinma agaya karanawa..

  47. දුමිඳු

    නියමයි...

  48. Dinindu Sampath

    Wow.. ela film ekak..mage gaawa meka thiyenawa. issara TV eket dunna mathakai..sub file eka witharak gannawa.. Thanx..

  49. rajitha

    මම ඉස්ස ඉස්සෙල්ලම බලපු VCD film එක

  50. mudiya / මුදියා

    එලකිරි වැඩක් රොෂීන්.ජයවේවා.බොහෝ................ම ස්තූතියි...!

Load more comments