Watch Trailer

2012 (2009) with Sinhala Subtitles | තව අවුරුදු 03 යි! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට…

ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ දෙනා හිත රිදෙන විදියට කමෙන්ට් කරලා තිබ්බත් වැරැද්ද ඇත්තටම තියෙන්නෙ මගෙ අතේ. මොකද මේක දෙන්න ගොඩක් පරක්කු වුනා. ඊට හේතුවක් නම් මේකේ ලයින් 1900+ තියෙන නිසාත් අනික මේ දවස් වල මම කාර්යයබහුල වීම නිසාත්.

කොහොම වුනත් පරක්කු වෙලා හරි මේක බලන්නම ඉවසීමෙන් උන්නු අයට මම ස්තූතිවන්ත වෙනවා. සමහර විට කට්ටිය බොහෝ දෙනෙක් මේක බලලා ඇති දැනටමත්. ඒත් මම ආරාධනා කරනවා ආපහු බාගෙන උපසිරැසි එක්කම බලන්න කියලා.

අනික පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. අඩුම තරමේ බාමි කියලවත් කමෙන්ට් එකක් දාලා යන්න. 🙂 එන්න එන්නම මම උපසිරැසි දාන චිත්‍රපටි වලට කමෙන්ට් අඩු වේගෙන ගිහින් තියෙනවා. වැරැද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න. ඒක මට වඩා හොඳට මේ වැඩේ කරන්න උදව්වක් වෙයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

18,756 downloadsDownload 2012-2009.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

18,756 downloadsDownload Subtitles126 KB

427 comments

  1. panchaz

    subtitle maxxa
    mama kalin movie eka down karala thibbey sinhala sub enaakn hitiye he he
    ela ela
    thx රොයිලි ප්‍රනාන්දු sahodarayata

  2. Pothe Gura

    Niyamaaaii..maara happy site eke diyunuwa dakkama,thankx royly n umesh saho film ekata..
    @all! Hama denama royly sahoge me kapakireema agaya karai kiyala hithanawa.. (Pothe gura)

  3. ~බිன்ku~

    චිත්‍රපටිය කලින්ම බාගෙන තිබ්බා, දැන් සිංහල එක්ක ආපහු බලන්ඩ ඕනේ! :)

  4. kkrox

    ammata hudu enakam thamay balan hityeee bohama pin athwe wadak, jaya wewa ela

  5. සරදියල්

    ඔය ඇවිල්ල තියෙන්නෙ බඩු. රොයීලිය යකඩයා. :D
    අපි හැමෝම ඔහුට ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

  6. sanjeew

    මේක කලින්ම බෑව, මේ සිංහල උපසිරසි ඒකට හරියාවිද

  7. shanaka

    thankz machan

  8. Pothe Gura

    @sanjeew! Baawe me copy eka nam aniwa wada machan,bawe wena copy ekak nam subtitle file eke nama wenas karala uba bawa copy eke nama ma daapan.. :)

  9. maneesh

    mama download karala tiyenne.. 2012.2009.R5.XviD.LiNE-ViSiON meka meka 1 cd rip ekak..mekata hariyana widihata sub file deka combined karala dennako ane..GOLAYA , ROYLY...plz...mama oyala sub denakam bala gena hitiya..ane plz....

  10. රොයිලි

    @ panchaz,
    ස්තූතියි මචං. බලලම කියන්නකෝ කොහොමද කියලා :)

    @ පොතේ ගුරා,
    මටත් වැඩියේ ගෝලයා ගේ කැපකිරීම නිසා තමයි සයිට් එක මෙහෙම තියෙන්නෙ. ඔයා නිසයි මම සබ් දාන්න ගත්තේ. ස්තූතියි මචෝ උඹලා දෙන්නටම. :)

  11. රොයිලි

    @ ~බිன்ku~ ,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට, බලහන් බලහන් :)

    @ kkrox,
    ආවා ආවා ආවා. එල එල බලලම කමෙන්ට් එකක් දාහන් මචෝ. ;)

  12. රොයිලි

    @ සරදියල්,
    ස්තූතියි මචෝ, ;)

    @ sanjeew,
    Play කරලම බලහන් මචෝ :) සමහරවිට හරියන්නත් පුළුවන්.

  13. රොයිලි

    @ shanaka,
    ස්තූතියි මචං :)

    @ maneesh,
    මචෝ මම බලන්නම්. හැබැයි ටිකක් කල් යයි. මොකද මම ලබන සතියට දෙන්න එකකට සබ් දාමින් පවතිනවා. ඒක ඉවරවෙලා තමයි මචෝ. සමහර විට ඔයාට මේක බාගන්න එකම ලේසි වෙයි. :)

  14. patha

    එල එල

  15. maneesh

    adu gaane meka SRT fomat eken denna barida..mama combine karagannan...SUB to SRT converters nane hoyaganna...adu gane converter ekak hari dennako..

  16. DareDevil

    රොයිලි සහෝ... මේ film එකට subs දානකම් තමයි අපි බලන් හිටියේ... ඉතින් මේක නොබා කොහොමද? anyway thanx සහෝ...

  17. Dellas

    macho me web side ekanam ela. mata 2012 film eke torant eka denna puluwanda. dila tiyana link eka click kalata connect wenne ne

  18. බුධාජීව

    කට්ටියම බාගෙන බලන්න, මැක්සා මූවි එක!

  19. රොයිලි

    @ patha,
    ස්තූතියි මචෝ :)

    @ maneesh,
    එල මචෝ මට මේල් එකක් දාන්න.මම එවන්නම් royly [at] baiscopelk [dot] com ;)

  20. shiwantha

    film eka enakan balagena hitiye
    bohoma sthuthi dennatama :)

  21. සමන්

    නියමයි ස්තූතියි රොයියා..............

  22. රොයිලි

    @ DareDevil,
    එල මචෝ උඹලගෙ දිරි ගැන්වීම විතරයි අපිට තියෙන එකම ශක්තිය වෙන්නේ. :)

    @ Dellas,
    මචො ටොරන්ට් එක ගන්න පුළුවන්නේ. සයිට් එක නම් වැඩ. කොහොමවුනත් යන්න අමාරුනම් මට මේල් එකක් දාන්න උඩ කමෙන්ට් එකේ තියෙන මගේ ලිපිනයට. ;)

  23. රොයිලි

    @ බුධාජීව,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට.

    @ shiwantha,සමන්,
    ස්තූතියි මචංලා කමෙන්ට් එකට බාලම කියන්නකෝ හොඳ නරක. :)

  24. Anonymous

    niyamay babo

  25. kosala

    waaaaaaaawwwwww thanks lot
    WE AR WAITING MORE & MORE SUBTITTLE.....
    thanks again & wish u all the best cont....

  26. ashan

    Grazie amico....thanku wewa...wadi wadiyen sub danna labeewa.... :)

  27. රොයිලි

    @ kosala,
    ස්තූතියි මචෝ ;)

    @ ashan,
    Prego amico mio ;)

  28. Pothe Gura

    @Dellas.! Uba lankawen pitata inne macho? (Samahara ratawal wava torrent site block karala,ekai)

  29. ගෝලයා

    පාඨක සියළු දෙනාටම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මෙපමණ දවසක් ඉවසා වදාරගෙන, 2012 සිංහල උපසිරැසි සමඟ එනකන් හිටියට.

    ඒ වගේ මේ ප්‍රතිචාර දැක්කම මට හිතෙනවා අපි මේ කරන වැඩේ අනුමත කරමින් අපිත් සමඟ සෑහෙන්න විශාල පිරිසක් ඉන්නවා කියල. ( මම හිතුවෙ එහෙම නැහැ කියල, මේ දිනවල දුටු ප්‍රතිචාර වලින් ;) )

    ඔබේ ප්‍රතිචාර තමයි රොයිලි, මම, ගුරා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමම ඉදිරියට ගෙන යාමට දිරි දෙන්නේ.

    ඒ නිසා හැම ලිපියකටම කෙටියෙන් හෝ ප්‍රතිචාරයක් දෙන්න. විවිධ රාජකාරි වලට කාර්යබහුල වූ අපේ ජීවිත වල විවේකය යොදවන්නේ ඔබටයි. ඒක හිතේ සන්තෝසෙට කරන්නේ. විශේෂයෙන්ම ඔබටත් මටත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මහඟු සේවයක් කරන රොයිලි සහෝදරයට අපි හැමෝම ස්තූතිවන්ත විය යුතුයි...

    මේ ලිපිය ගැන, මේ වෙබ් අඩවිය ගැන හැමෝටම කියන්න. අපි හැමෝම ඉන්න මේ මරු නැවට අනික් කට්ටියත් ගොඩ කරගන්න.. :D

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !!!

  30. dumasrc

    ගොඩක් ස්තුතියි මචන්ලා ඔක්කොටම මෙක ඇත්තටම බාන්න කලින් තැන් තිබුනත් සිංහල උපසිඑස නිසා ඉවසගනහිටියා

  31. Anonymous

    Thanks bro,parakku unat kamak na,gread work.

  32. මනුශාන්

    එළ කිරි මම මේක කලින් බැලුවා
    දැන් ආයේත් බලන්න ඔනේ

  33. මලිත්

    අමිමට සිරි ඔය අවිල්ලා තියෙන්නෙ,සබ් එක්කම බලන්න හිටියෙ..එල එල

  34. අරුණ

    කලින් බැලුව... සබ් වලට තෑන්ක්ස්.... හැමදාම වගේ ෆිල්ම් එකේ තියෙන දෝසෙ කියන්නේ මම නේ.. :D මේ ෆිල්ම් එක හොඳ උනාට කතාව ගැටලු සහගතයි... භූ කම්පන ආදිය පිලිබඳ කලින් දැනගන්න පුලුවන් කම තියෙද්දිත් හැම තැනම පැලුම් ඇතිවෙනව දනිනෙත් නැතුව... ලෝක විනාශය එනකොට බර ගානක් මැරෙනකොට ටික දෙනෙක් බේරෙනවා.. හොඳට බලන්න එක තැනකදී අර පවුලේ කට්ටිය ව දාගෙන ප්ලේන් එක අමාරුවෙන් උඩට අද්ද ගන්න අවස්ථාවේ මොකකින් මොකක් වෙයිද කියල ප්‍රේක්ෂකයාට ‍‍හිතා ගන්න අමාරු වෙනවා.. නමුත් ඔවුන් ‍බේරෙන කොට ඔවුන්ටයි අපිටයි සතුටුයි... හැබැයි බිම හිටපු බර ගානක් මැරෙනවා.. අනික ගුවන් තොටුපලේ දී විශාල ප්ලේන් එකේ යන්නෙත් ටික දෙනයි.. තොටුපලේ හිටපු අනිත් අය මැරෙනවා... අන්තිමේදී බේරුනු අයට සතුටුයි.. එතකොට මේච්චර වෙලා මැරුණු අය .? ( ලංකාව සම්පූර්නයෙන්ම මුහුදට යට වෙනවා :D )

  35. ඉද්දා

    ගුරා සහෝ, ගෝල සහෝ, රොයිල් සහෝටත් ගෝඩා...ක් පිං නිවාඩු කාලෙ වේලි වේලි ‍ඉන්න බබාලට පට්ට ‍ෆිල්ම් දෙනවට.....

  36. Ram raj

    රොයිලි මහත්තයෝ කරන වැඩේ නම් පංකාදුයි.මම කලින්ම මේ පිල්ම් එක බෑවා. සබ් දානකන් ඉවසලා හිටියා. සබ් දාන වැඩේ හොදින් කර ගෙන යන්න වාසනාව ධෛර්ය්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.(මට පුදුම මෙහෙම අනුන් වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න පුලුවන් වීමයි. පුලුවන්නම් ඊලග ඡන්දයට ස්වාදීනව ඉල්ලන්න. මම බැහැලා වැඩ කරනවා.හික් හික්)

  37. Samitha Tharanga

    thanx......good work....

  38. danuka

    pissu cora ahh....

  39. chamila

    Royliyage akak nobanne kauda.... :P

  40. ..::SlaPp3r::..

    අනේ මගේ comment එක දාන්න පරක්කු උනානේ....අපිට power අවුල් දැන් තමයි බෑවිලා ඉවර වුනේ...එ‍හෙනම් රොයිලි සහෝ ඔන්න thanks කිව්වා..ඒකත් මදි වගේ.ඒවගේම ගුරා නැති අඩුව පුරවන ‍අපේ ගෝල සහෝටත් හදපිරි ස්තූතිය පිරිනමනවා...
    බයවෙන්න එපා ගුරා මේ නැව ලංකාවේ වගේම ලෝකෙ ලොකුම නැව කරන්න අපි ඔයාලට උදව් කරනවා....
    හැමදාම වගේ ඔන්න "ජයවේවා" කිව්වා....!!!

  41. praneeth

    තෑන්ක්ස් මචෝ උපසිරසි වලට....

  42. Tikka

    Thanks very much machangla ela kiri site eka keep it up

  43. චතුරංග

    එල එල ... මම මේක දානකම් තමයි හිටියේ.... ස්තුතියි මචො..............

  44. super tom cat.

    super machan.man meka baluwa.ath ayet balanawa ube illima nisa.thanks again...

  45. Rev.Bibiladeniye mahanama

    thank you a lot...

  46. Mark

    Ela ela... baami.. "Twilight Newmoon" movie ekath dannako.. hoda copy ekak :D

  47. ගීතික

    උපසිරැසි සකස් කිරීමට උපයෝගී කරගන්නා සොෆ්ට්වෙයා එක මොකක්ද කියන්න පුළුවන්ද ?

  48. ඉන්දික

    මචං ගුරෝ මේක නම් මම මීට කලින් බෑවා බලලත් ඉවරයි ඒත උඹලා මේක දුන්නම නොබලම ඉන්න බෑනේ අනිත් එක මේකේ සිංහල සබ් තියෙනවා කියන්නේ ඉතින් බලන්නම වෙනවා ගුරෝ මේ නැවේ මමත් එක්ක මගේ ගෝලයෝ තව ගොඩක් ඉන්නවා දිගටම කරගෙන යං අපිටත් කරන්න දෙයක් තියේනම් කියන්න අපිත් ඉන්නවා

  49. බුද්ධික

    නියමයි.... එළ
    මම මේක 4 පාරක් අරන් තියනව. ඔක්කොම හොද copy නෙමෙයි.....
    දැන් බලමු...
    නියමයි baiscopelk.com දිගටම ඔහොම කරගෙන යන්න
    මම සුභ පතමි...........!

  50. Mahesh

    Thx lot buddy. I'm good fan of ur site but never commennt. I'll try to comment whenever possible.

Load more comments