Watch Trailer

The Piano (1993) Sinhala Subtitles | සිතිවිල්ලට හඬක් දෙන්න.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කාලෙකින් තමයි.. ඔන්න උපසිරැසියක් අරගෙන ආවෙ… ගෑණු ළමයි වුණාම… හරියට වැඩනෙ.. මහ ලොකුවට බාර ගත්තාට.. එක වැඩක්වත් කරනවා කියල යෑ.. ඒකට මොකද, ටී වී සීරිස් වලට.. අලුත් ෆිල්ම් වලට .. සබ් එක දෙනකන්ම, රොයිලි, හසන්ත අයියලාට.. විමාට , සමීර මල්ලිට වද දෙන පළවෙනි සෙට් එකේ මමත් ඉන්නවා. හරි හරි.. මගේ කෙරුවා…

The Piano (1993)

කොහොමද? කාලෙකින් තමයි.. ඔන්න උපසිරැසියක් අරගෙන ආවෙ… ගෑණු ළමයි වුණාම… හරියට වැඩනෙ.. මහ ලොකුවට බාර ගත්තාට.. එක වැඩක්වත් කරනවා කියල යෑ.. ඒකට මොකද, ටී වී සීරිස් වලට.. අලුත් ෆිල්ම් වලට .. සබ් එක දෙනකන්ම, රොයිලි, හසන්ත අයියලාට.. විමාට , සමීර මල්ලිට වද දෙන පළවෙනි සෙට් එකේ මමත් ඉන්නවා. හරි හරි.. මගේ කෙරුවාව ඇති නෙ.. එහෙමනං අපි චිත්‍ර පටිය දිහා හැරෙමු..

ඇත්තම කියනවා නම්.. මේ චිත්‍රපටිය ගැන මම මුලින්ම දැන ගත්තෙ ඊයෙ.. ඒ අපේ කථිකාචාර්යවරයෙකුගෙන්.. ඉතින් රෑ ඇවිත්.. මම ටොරන්ට් ෆයිල් එක හොයන්න.. බයිස්කොප් එක පෙරළද්දි තමා දැක්කෙ, මේ චිත්‍රපටය ගැන කිසිඳු සටහනක් නෑ කියලා.. හැරෙන තැපෑලෙන්.. විකී අයියාට කිව්වාම… එයත් ඕනෙ එකක් කරගන්න වගේ.. කැමති නං ඔයාම සබ් කරන්න කියලා හිනා වුණා.. ඇයි මගේ කෙරුවාව දන්නවානෙ.. කෝම නමුත්, ඊයේ රෑ මුල්ම වතාවට බලපු චිත්‍රපටිය… අද වෙද්දි, උපසිරැසි ගත කරන්න පුළුවන් වුණා.

The Piano චිත්‍රපටය, 1993 තිරගත වුණු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.6 ක් එයට ලැබිලා තියෙනවා. මෙය බොහෝ සම්මාන ගණනක් සඳහා නිර්දේශව.. ඉන් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කළ චිත්‍රපටියක්..මෙම චිත්‍රපටය චිත්‍රපට අධ්‍යනය සඳහා නිර්දේශිත චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා මෙන්ම පිටපත් රචකයා වන්නෙත්, Jane Campion. මෙහි.. Holly Hunter, Harvey Keitel, Sam Neill, Anna Paquin ආදීන් රංගනයේ නිරත වෙනවා..

අපි හැරෙමු, දැන් මෙහි.. කතා තේමාව දිහාවට.. නවසීලන්තයට අයත් ස්වදේශික භූමියකයි.. මේ මුළු කතාවම දිගහැරෙන්නෙ.. ඇඩා මැක්ග්‍රත්, ස්කොට් ජාතික තරුණියක්. එහෙත් ඇයට කුඩා දුවක් ඉන්නවා.. ඒත් ඇඩා අවුරුදු හයේදී, යම් හේතුවකින් කතා කිරීම තර කළාට පස්සෙ.. තවමත් කතා කරලා නෑ.. ඇය වැඩිපුරම කැමති පියානෝව වයන්න. ඇයට ඇගේම, ලස්සන පියානෝවක් තියනවා. ඇගේ පියා.. ඇයව විවාහයකින් විකුණනු ලබනවා.. ස්වදේශ භූමි අත් පත කරගනිමින්.. වැවිලි කරන ඉඩම් හිමියෙකුට.. ඔහුගෙ නම, ස්ටෙවර්ට්..කොහොම වුණත්, ඇගේ ලටපට අතර, ඇ බොහොම ආදරය කරන පියානෝවත් ඇය අරගෙනයි.. ඔහුගේ රටට යන්න බෝට්ටුවට නගින්නෙ..ඇයටත්, ඇගේ දුවටත්, කොහොම අත්දැකීම් වලට මුහුණ දෙන්න, අලුත් රටේදී සිදු වෙයිද කියලා දැනගන්නත්, ඇයට මුණ ගැහෙන විශේෂ අය කවුද කියලා දැන ගන්නත්, ඒ වගේම, ඈ නොදැකම විවාහ වුණු ස්වාමිපුරුෂයාගෙ කෙරුවාව දැන ගන්නත්..විශේෂයෙන්ම පියානෝවට වෙන දේ දැගන්නත්. ඔබට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..

එහෙම නම්, නන්නාඳුනන දේශයේ ඇඩාගේ ඉරණම, ඇඩාට හිමි කළ අහිමි කළ දේවල් හොයාගෙන.. පුංචි කමෙන්ට් එකක් දාලා යන්ඩ අමතක කරන්නෙපා.. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,064 downloadsDownload The-Piano-1993.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙරංජි සුලක්ඛනා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/08/07

Subtitles by

නෙරංජි සුලක්ඛනා

Subtitles

1,064 downloadsDownload Subtitles27 KB

29 comments

  1. තරුෂ දිනුජය

    තැන්කූ සබ් එකට.

    1. Neranji Sulakkana

      ස්තූතියි

    2. Neraaa

      welcome

  2. Sithira

    sub ekata hugaaak tanx................

  3. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ජය

  4. Tharindu

    Thank you very much..:)

  5. Thanu

    Thanku saho sub 1ta... Ela wedak...

  6. නලින්

    ස්තුතියි වේවා..

    ජය වේවා!

  7. Sisira Hegoda

    Thanks.

  8. ශාන් විමුක්ති [විමා]

    හම්මේ නෙරන්ජි අක්ක වැඩේ වරද්දගෙන
    විකියට ෆිල්ම් ගැන කියන්න යන්නේ කවුද,
    පේනවනේ එහෙම කියන්න ගියාම වෙන දේ, අවුරුදු ගානකට පස්සේ හරි සබ් එකක් කරන්නම වෙනව :P
    හැරෙන තැපෑලෙන් සබ කළා කියන්නෙත් නරක එකක් වෙන්නම බැහැ
    අරගෙන තියාගන්නම්කො එහෙනම් ඔන්න
    බොහොම ස්තුතියි නෙරන්ජි අක්කේ :)
    (අර වද දෙන කතාවෙන්නම් මම දැන් බේරිලා, සමියයි රෝයිලියයි තම තවම ඉතුරු :P )

  9. sumith

    බා ගෙන බලන්නම් ඔබේ කැපවීමට ස්තුතියි

  10. me

    Thanks

  11. SaDuN dAnUsHkA

    ගෑනු ළමයි උනහම මෙනෙවද තියෙන වැඩ
    විහිලුවට කිව්වේ
    උපසිරැසියට තුති
    දිගටම උපසිරැසි කරන්න

  12. pathum chthuranga

    niymayi sahooo..
    sabata thnkzzz.... :) :)

  13. සංජය

    ඔන්න බාන්න දැම්ම.... සබට බොහොම ස්තුතියි

  14. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  15. samee

    සබ ට ස්තූතියි.........ගොඩාක්.................

  16. ravi

    thanks..!

  17. Kulanjana Maduranga

    parana unata filuma nm hodai wge...subata thanks NERANJI Akke...digatama sub demu.jaya wewa.........

  18. රොයිලි

    බොහොම ස්තූතියි නෙරංජි සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ නොබල කොහොමද? මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. sachira

    mama godakma asa filumak meka. meke michael nymange lassanama lassana piano part thiyenawa. ewa godak prasidda unata filuma gana godak aya dhanne naha.

  21. “චූටී මල්ලි”

    අහ් නෙරන්ජියා
    පියානෝ සීන් එකක් කිව්ව නෙහ්
    බලමුකො ඉතින් ට්‍රයි එකක් දිලා බලන්ට ඈ..
    සබට තුති
    ඔබට ජය..................

  22. wiki

    Thanks.....

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නෙරංජි :P ජය

  25. Nandana

    Thank U Neranji.

  26. dm

    thanx!!!!!!!!!!!!!

  27. ricadodamien

    Thank U Neranji sister & Baiscope team for the sub, all the best to baiscope team