The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් විය…

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ අන්දම හෙළි කරන අතිශය රහසිගත පෙන්ටගන පත්‍රිකා සමුහයක තොරතුරු මහජනතාවට පළ කිරීම සම්බන්ධ සත්‍ය කථාවක් පදනම් කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ. The Post චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේ Liz Hannah සහ Josh Singer විසින්. IMdb දර්ශකයේ 7.3/10 ක අගයක් හිමිකරගත් මෙම චිත්‍රපටය 2018 මාර්තු 05 වන විට එහි නිෂ්පාදන වියදම වන ඇමෙරිකන් ඩොලර් මිලියන 50 අභිබවමින්, ඩොලර් මිලියන 153 ඉක්මවන ආදායමක් හිමිකරගෙන තිබෙනවා. මිනිත්තු 116ක ධාවන කාලයකින් යුත් The Post චිත්‍රපටය ඔස්කා සම්මාන 2ක් ඇතුළුව සම්මාන 94 කට නිර්දේශ වී ඇති අතර සම්මාන 14ක් දිනාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය විචාරකයන්ගේ නො මඳ ප්‍රශංසා වලට ලක්වුණා. The Post චිත්‍රපටය ජාතික විචාර මණ්ඩලය මඟින් 2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස නම් කෙරුණා. පහත දැක්වෙන්නේ මෙම චිත්‍රපටය ගැන විවිධ මාධ්‍ය වල පළවුණු විචාර වල උපුටා ගැනීම් කිහිපයක්:

“…The Post ඓතිහාසික සිනමා නිර්මාණ වල ප්‍රයෝගකාරී පරීක්ෂණ වලින් සමත් වී තිබෙනවා: ඉතිහාසයේ කාචය මඟින් තහවුරු කෙරුණු තීරණ ඒවා ගැනීමේ මොහොතේදී කොතරම් දුෂ්කර ඒවා වුවාද යන්න එයින් අපට වටහා දෙනවා. තවද එමඟින් මේ තීරණ ගැනීම වෙනුවෙන් හැම කුඩා කොටසක් ම සලකා බැලුවේ කෙසේද යන්න ගැන යම් අවිනිශ්චිත හැඟීමක් ද උත්පාදනය කරනවා…”
– ඇලොන්සෝ ඩුරල්ඩේ
(The Wrap)

“.. ඉතිහාසය නැවත නැවතත් සිදුවීමට පෙළඹෙන බව කිසිවෙකුට සිහි කළ යුතු නැහැ, එහෙත් The Post ඉතා වැදගත් වන්නේ කුමක් නිසා ද කිවහොත්, පවතින දාමය බිඳ දමමින් ව්‍යවස්ථාවේ මුලික වගන්ති ආරක්ෂා කරගෙන යුක්තිය වෙනුවෙන් යම් යම් කරුණු නැවීමේ ප්‍රහර්ෂයෙන් ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්නා නිසායි…”
– ඩේවිඩ් අර්ලිච්
(IndieWire)

” ..රහසිගත ලේඛන පලකිරීමේ The Post පුවත්පතේ තීරණය ඉක්මනින් ගලා යන්නේ, ස්පිල්බර්ග් මහතා භාවිතා කරන ත්වරණය කළ රිද්ම, වේගවත් පියවර තැබීම්, වේගයෙන් ධාවනය වන කැමරා මඟින් එහි වස්තුවිෂය කෙරෙහි සරලව ලඟා වන නිසා යි. ඔහුගේ කලාවේදී, කෘතහස්ත කාර්ය මණ්ඩලය සමඟින් ස්පිල්බර්ග් මහතා, සුන්දරත්වයේ ආලේපන සමඟින් විචිත්‍රවත් ලෙස සිදුවීම් සිත්තම් කර ඇත. හෙතෙම කතාවේ ජේදනය වන වෙනස් දෘෂ්‍ය ක්ෂේත්‍ර දෙකක් නිර්මාණය කර සැලකියයුතු අන්දමින් එකට ගැටීමට සලස්වයි. කැතරින් ග්‍රැහැම් අඳුරු ලෙස ආලෝකමත් වූ ලී කැටයම් රාජධානියක ගිලී එහි රජයන අතර, බෙන් බ්‍රැඩ්ලි ඝෝෂාකාරීව දිවෙන පුවත් කාමරයක සාකච්ඡා කරන, යතුරුලියනය කරන සටන්කරුවන්ගේ අඩවිය පාලනය කරයි…”
– මැනෝලා ඩාගිස්
(The New York Times)

මෙම සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා:

  • Meryl Streep කැතරින් ග්‍රැහැම් ලෙස
  • Tom Hanks බෙන් බ්‍රැඩ්ලි ලෙස
  • Sarah Paulson ටෝනි බ්‍රැඩ්ලි ලෙස
  • Bob Odenkirk බෙන් බැග්ඩිකියන් ලෙස
  • Tracy Letts ෆ්‍රිට්ස් බීබ් ලෙස
  • Bradley Whitford ආතර් පාසන්ස් ලෙස
  • Bruce Greenwood රොබට් මැක්නමාරා ලෙස
  • Matthew Rhys ඩැනියෙල් එල්ස්බර්ග් ලෙස
  • Alison Brie ලෑලි ග්‍රැහැම් ලෙස
  • Carrie Coon මෙග් ග්‍රීන්ෆීල්ඩ් ලෙස
  • Jesse Plemons රොජර් ක්ලාක් ලෙස
  • David Cross හොවාඩ් සිම්සන් ලෙස
  • Michael Stuhlbarg ඒ. එම්. රොසෙන්තල් ලෙස
  • Jessie Mueller ජුඩිත් මාටින් ලෙස

කැතරින් ග්‍රැහැම් කියන්නේ සිය පියාගෙන් සැමියාට උරුම වුණු පුවත්පත් ව්‍යාපාරයක හිමිකාරියක වන වැන්දඹු කාන්තාවක්. එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා සමඟ සමීප මිත්‍ර සබඳතා පවත්වන ඇයට අයත් පුවත්පත් සමාඟම වන The Washinton Post ධවල මන්දිරයේ සිදුවීම් පවා ආවරණය කිරීමට අවසර ලද ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක්. තවත් පුවත්පත් ආයතනයක් වන The New York Times පුවත්පත ද මේ සමඟ තරඟකාරී ලෙස පුවත්පත් ප්‍රකාශනයේ නිරත වෙනවා. මේ අතර එක් පුද්ගලයෙක් එක්සත් ජනපද රජය විසින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් තිස්සේ මැදිහත් වුණු අන්දම සහ ඔවුන් ලෝකයාට කියූ බොරු හෙළි වන අන්දමේ අතිශය රහසිගත ගවේෂණ පත්‍රිකා කිහිපයක් පෙන්ටගනයෙන් පිට කරගෙන මේ මාධ්‍ය ආයතන වලට ලබාදීමට ක්‍රියා කරනවා. ගැටුම ආරම්භ වන්නේ මේ සමඟ යි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සහ තම ප්‍රකාශන හිමිකම් තහවුරු කරගැනීම වෙනුවෙන්, රජයේ සහ ආරක්ෂක අංශ වල තර්ජන සහ බලපෑම් වලට එදිරිව යමින් මේවා පළ කිරීම සහ නොකිරීම අතර දෝලනය වෙමින් මේ නිලධාරීන් ක්‍රියාකරන අන්දම සමඟින් කුතුහලාත්මකව කතාව ඉදිරියට ඇදෙනවා. මොකද වෙන්නේ කියල මේක බලලම තීරණය කරන්නකෝ!!

එහෙම නම් මේ අග්‍රගන්‍ය සිනමා නිර්මාණය බාගත කරගෙන සිංහල උපසිරැසි සමඟින් රස විඳින්න! දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.

ඔබට තෙරුවන් සරණයි!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

5,190 downloadsDownload The-Post-2017-BR.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

5,190 downloadsDownload Subtitles140 KB

43 comments

  1. Praneeth priyadarshana

    Tks

  2. එල්.සී. දමැල්

    නියමයි සහෝ, බොහොම ස්තුතියි මෙවැනි අනගිභවනීය චිත්‍රපටවලට සිංහල උපසිරසි අප වෙත එනවාට

  3. Wayantha Sandaruwan

    ගොඩක් වටිනා නිර්මාණයක්. මේව තමයි වැඩියෙන් ඕනෙ

  4. JackJill

    Great job machan but have to wait for BR copy

    The Square , Loveless(2017) and Roman J. Israel, Esq. please pls pls!!!!!!!!!!!

  5. praveen ranasinghe

    thnkzzzzzzzzz BR apuwama Balmu

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. palithadesilva

    thankyou verymuch..

  8. tharindu gunarathna

    thanks

  9. AsithaDilruwan

    elama saho thanks

  10. Udara Damith Dissanayaka

    වෙනස් විදිහේ එකක් ස්තුතියි
    ඇමරිකන් කාරයට ලෝකයේ ඕනි දේවල් කරලා හංගගෙන ඉන්ඩ පුළුවන්
    ඒවා එලි කරන අය තර්ජන මැද ජිවත් වෙන්නේ ඒවගේ අය වීරයෝ

  11. Nirosh C

    ස්තුතියි කේසර සහෝ.ජයවේවා!

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. asnishantha

    Thank you very much....

  15. jstar

    super brother thanks a lot more brilliant

  16. Helili Hemamali

    බොහොම සීරුවට, අඩුත් නැතිව, වැඩිත් නැතුව ලිපිය ලියලා තියනවා. උපසිරැසියත් ඒ වගේම ඇති. බොහොම ස්තූතියි!

  17. ranga11112

    ලිපිය ලියලා තියන දේවල් දැක්කම අනිවා බලන්න හිතෙනවා.. බොහොම ස්තූතියි සහො!

  18. himaruwan

    හොද වැඩක් .. ඔබ සැමට ජය..!

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. Wicki

    උපසිරැසියට බොහොම ස්තුතියි

  21. Kanchaka

    Thanks bro.......

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.
    අනර්ඝ විස්තරයක් සහිත ලිපියක්.
    ජයෙන් ජය.

  23. jessybmlt

    supiri machannn elamaaa

  24. ප්‍රබුද්ධ කේසර විතානගේ

    හැමෝගෙම යහපත් ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. හැමෝටම ජයවේවා!!! :) :) :)

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. jpanduka

    ela

  27. Jeewaka Sandaruwan Perera

    Thank you very much for this sub. It's Great movie !

  28. JackJill

    machan me sub eka onema BR copy ekakata wada karanwada ? ehema nathnum uba sub eka dila thiyena BR copy ekata witharada? uba sub eka dila thiyena BR copy eka 5.47 GB

  29. Kasun A.

    sabata thuthi saho.jaya!

  30. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

  31. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි.....................

  32. Nishshanka Ruwan

    ස්තුතියි :)

  33. Mevandhanushka

    Thanks

  34. Nishanfernando

    Thanx bro

  35. Lahiruseya

    Onna ada thamai balanna ganne bn. Ekath maha reta.... thanks sub ekata bro

  36. Gayan Chathuranga

    thnks bro

  37. chandika1975

    thank you

  38. suchroxx

    Thanks Bro

  39. Janith Pemasundara

    thiyena kenek meke torrent eka mata denawada plz..

  40. Lakshan1327

    Thanks

  41. sathyajith

    Thanks for the sub

  42. Lakshansilva18

    Thanks

  43. Dhanujaya Sankalpa

    thanks brooo