Watch Trailer

The Power Of The Dog (2021) Sinhala Subtitles | බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙ නැහැ… [සිංහල උපසිරසි]

”මගේ තාත්තා නැති වුණාට පස්සෙ, මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ. මං මගේ අම්මට උදව් කරේ නැත්තම් මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ? මං එයාව බේරගත්තෙ නැත්තම්?” උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න නැවතත් ඔබ හමුවට එන්…

”මගේ තාත්තා නැති වුණාට පස්සෙ,
මට මගේ අම්මගෙ සතුටට වඩා
දෙයක් ඕන කරේ නැහැ.
මං මගේ අම්මට උදව් කරේ නැත්තම්
මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ?
මං එයාව බේරගත්තෙ නැත්තම්?”

උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මෙවර ඔස්කාර් සම්මාන උළලේදී ”Best Picture” යන්න ලොකු සම්භාවිතාවක් තියෙන සිනමා සිත්තමක් අරගෙන. ”The Power Of The Dog” නිකුත් වෙන්නෙ ”නෙට්ෆ්ලික්ස්’‘ හරහා. ඒවගේම තමයි මෙයට පාදක කරගන්නෙ 1967 වර්ෂයෙදී ”Thomas Savage” විසින් රචිත ‘‘The Power Of The Dog” යන නව කතාව ඇසුරෙන්. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වෙන Jane Campion විසින්. ඇත්තෙන්ම කිව්වොත් ඇයගෙ ඇතැම් නිර්මාණ ඉතාමත් අනර්ඝයි. චිත්‍රපටය හට මේ වෙද්දී IMDb අගය 6.9 ක් සහ කුණු තක්කාලි අගය 94% වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් Benedict Cumberbatch l Kirsten Dunst l Jesse Plemons l Kodi Smit-McPhee l Thomasin McKenzie l Paul Dano l Keith Carradine l Frances Conroy දායකත්වය ලබාදෙනවා. ඒවගේම කියන්න ඕන මෙවර පවතී ”Golden Globe” සම්මාන උළෙලේදී නිර්දේශ නාම 7 ක් සහ ”Best Supporting Actor” වගේම ”Best Motion Picture” යන සම්මාන දෙකම දිනාගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඒ විතරක්ද නෙමේ තවත් සම්මාන උළෙලවල් වලදීද පවා සම්මන දිනා ගැනිමකට හැකියාවක් ලැබී තිබෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ෆිල් කියන්නෙ ගොඩක් දරදඬු කෙනෙක්. තවත් සරලවම කියනවා නම්, “ඌ තරම් මිනිහෙක් නැහැ, හැමෝම මට බයෙ ජීවත් වෙන්න ඕන” වගේ හිතං ඉන්න කෙනෙක්. ඉතිං ඕන මිනිහෙක්ට තමන්ගෙම කියලා රහසක් තියනවා. හැබැයි ඒ දේවල් අපි කවදාවත් හෙළි කරන්නෙ නැහැ. අන්න ඒ වගේ ෆිල්ටත් රහසක් තියෙනවා. මං ඒක කියන්නෙ නැහැ මොකක්ද කියලා. කතාව බලද්දී තේරෙයි. කොහොමහරි ෆිල් ඉන්නෙ තමන්ගෙ මල්ලි එක්ක. මේ දෙන්නා ගොවිපළක් පාලනය කරනවා. ඉතිං දවසක් ජෝජ් ට මුණගැහෙනවා කෙනෙක්. ඇය නමින් රෝස්. රෝස් කියන්නෙ වැන්දඹුවක්. ඇයගෙ සැමියා බීමත්කම නිසා මෙලොව හැර යනවා. බෙල්ලේ වැල දාගෙන. ඒවගේම තමයි රෝස්ට ඉන්නවා පුතෙක්. ඔහු ටිකක් විතර අමුතුයි. හැසිරීමෙන්. අන්න ඒ නිසාමයි ෆිල් ඇතුළු සමහරක් අය ඔහුට විහිලුවකට ගන්නෙ. නමුත් කවදාවත් පෙණුමෙන් කෙනෙක් මනින්න එපා. කොහොමහරි ටිකෙන් ටික ජෝජ් රෝස්ට ලං වෙනවා. නමුත් ෆිල් මේකට කැමති නැහැ. ජෝජ් ඇයව කසාඳ බඳින්න පවා උත්සහ කරනවා. ඉතිං මේ වගේ දෙයකදී ෆිල් මොනා කරයිද? ඔහු මීට පෙර නොකරපු දෙයක් කරයිද මේක නවත්තන්න? නැත්තම් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කරයිද? එහෙනම් ඔයාලම බලල දැනගන්නකො. ඒවගේම කියන්න ඕන මං අර උඩම කියපු එක හුඟක් වැදගත් වෙනවා අන්තිමේදී. හොඳ අවධානයකින් බැලුවොත් අන්තිමට සිදු වෙන දේ තේරෙයි. වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් කිව්වොත් මෙය අනර්ඝ චිත්‍රපටයක්. හැම අතින්ම වගේ. අමතක නොවෙන අත්දැකීමක් වෙනවා නිසැකවයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,255 downloadsDownload The-Power-Of-The-Dog-2021.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,255 downloadsDownload Subtitles32 KB

26 comments

  1. Pv sooriya

    Thank for subtitle

    1. viraj

      film eke download link nane..

  2. Kushan

    Sub akta thanks

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඔස්කාර් නොමිනේට් සෙට් එකට සබ් කරමුද...?

  4. Koshila

    Thanx for subtitles. The man in the moon 1991 movie එකට subtitles දෙන්න පුලුවන්ද pls

  5. Anonymous

    Thanks jayawewa....!

  6. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  7. thisal

    ghostbusters bluray

  8. නිරෝෂ්

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  9. ලාල්

    Thanks a lot

  10. Richee

    Tamilmv eke thyna aluth film walata sub dynko bn

    1. Ravindu Rukshan

      මං දෙමළ චිත්‍රපට කරන්නෙ නැහැ සහෝ

  11. Harshana Atapattu

    Thanks for sub bro

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. nicromancer

    Sub ek tikk aul habay bro..
    Meanings hriyata terenne na ne..

    1. Ravindu Rukshan

      Meaning හරියට තේරෙන්නෙ නැහැ කියලා අදහස් කරේ? උදාහරණයක් දෙන්න.

    2. nicromancer

      bible eke part eka sub eke dala tiyena widiya ehema blnnko...

      mn eng sub walin balapu nisa terune eeka.

    3. Ravindu Rukshan

      ඇත්තෙන්ම කිව්වොත් එතන වාක්‍ය පේළි 2 කින් කිව්වට ගැඹුරු අදහසක් තියෙනවා. ඒක සම්පුර්ණන් අරගන්න අමාරුයි, ඇරත් මං ඒක ඒ ගැන හොඳ පළපුරුද්දක් තියෙන එක්කෙනෙක්ගෙන් අහල තමයි දැම්මෙත්.

  14. Udaya Fdo

    Thank you

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Rashil

    ane *Ballad of Buster Scruggs* eketh sub dennako

  17. viraj

    film eke download link nane..

  18. Dewadithya

    Thanks for Sub!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Nishan

    Thanx bro

  21. Akila Dilhara

    Thanks for Sub...❤❤❤