ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.. ඉස්සර කාලේ දැන් වගේ හැම ගෙදරකම ටීවී එකක් තිබ්බේ නෑ. කලාතුරකින් තමයි, එහෙමත් ගෙදරක ටීවී එකක් තිබ්බේ. තාත්තට තිබුනේ කළුසුදු රූපවාහිනියක් අඟල් 14. ඔරෙක්ස් තමයි බ්‍රෑන්ඩ් එක. ඒකටම වෙන් කරපු බැට්රියකුත් තිබ්බා. සති දෙකකට සැරයක් චාජ් කරන්නත් ඕනේ. ඒ කාලේ චැනල් ග…

ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම..
ඉස්සර කාලේ දැන් වගේ හැම ගෙදරකම ටීවී එකක් තිබ්බේ නෑ. කලාතුරකින් තමයි, එහෙමත් ගෙදරක ටීවී එකක් තිබ්බේ. තාත්තට තිබුනේ කළුසුදු රූපවාහිනියක් අඟල් 14. ඔරෙක්ස් තමයි බ්‍රෑන්ඩ් එක. ඒකටම වෙන් කරපු බැට්රියකුත් තිබ්බා. සති දෙකකට සැරයක් චාජ් කරන්නත් ඕනේ. ඒ කාලේ චැනල් ගොඩක් ඇත්තෙත් නෑ. අයිටීඑන් එක ඒරියල් එකටත් පේනවා. හැබැයි ජාතිකේ බලන්න ඇන්ටනාවක් කරකවන්නම ඕනේ. අනික චැනල් පටන් ගන්නෙත් හවස හතරට විතර. චැනල් එකේ තේමා ගීතයෙන් පටන් අරන්, කාටුන් (දැන් වගේ ඒවා නෙවෙයි ඉස්සර හරි ලස්සන කාටූන් තිබ්බා. රෝඩ්රනර්, වුඩී වුඩ්පැකර් වගේ), තව පිස්සු පූසා වගේ සිංහල හඬ කවපු කාටූන්, තෙරුවන් නමදිමු, ප්‍රවෘත්ති, ලස්සන ටෙලි නාට්‍ය, ලොටෝ දිනුම් ඇදීම්, සතියකට එකක් හෝ දෙකක් රෑට හොඳ චිත්‍රපටයක්, ඒ වගේ ඉස්සර රූපවාහිනිය හරිම ලස්සනයි. මේ සේරමත් එක්ක රෑ එකොලහ මාර වගේ වෙනකොට චැනල් එකත් නවත්තනවා.
මේ අතරේ හරි ලස්සන වැඩසටහන් එහෙමත් තිබ්බා. මතක හැටියට බොන්සොවර් කියලා ප්‍රංශ වැඩසටහනක්, ක්‍රීඩා වැඩසටහන්, සෙනසුරාදා ඉරිදට උදේට ආයුබෝවන් වැඩසටහන වගේ ගොඩක් රසවත් හරවත් දේවල් තිබුණා. අනික දැන් වගේ රූපවාහිනිය පැය කාලෙන් කාලෙට වෙලාව කියලා ඔරලෝසුවේ වැඩේ කරෙත් නෑ, රැදී ඉන්න අප සමඟ කියලා බඩවැල් වගේ වෙළඳ දැන්වීම් යන්නෙත් නෑ. ඉතින් මං මේ කිව්වේ ඒ කාලේ රූප පෙට්ටිය/ පිස්සු පෙට්ටිය කියලා හඳුන්වපු රූපවාහිනිය ගැනයි.
ඒ දවස් වල ගිය ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් තමයි The Six Million Dollar Man කියන්නේ. හදිසි අනතුරකින් කකුල් දෙකත් එක අතකුත් එක ඇහැකුත් අහිමිවෙන ස්ටීව් ඔස්ටින්ට ඩොලර් මිලියන හයක් වියදම් කර යාන්තික ශරීර කොටස් ටික හයි කරනවා. එමගින් ඔහුට වේගයෙන් දුවන්නත්, පනින්නත්, අතෙන් ඕනෑම බරක් උස්සන්නත්, ඇහෙන් ඈත දුර දකින්නත් පුළුවන් වෙනවා. එතැන් පටන් ඔහු වීර චරිතයක්, මිනිස් අවියක්. වෙඩි තියාගෙන යුද්ධ කරලා දිනන් බැරි සටන් ඉතා පහසුවෙන් ජය ගන්න ඔස්ටින්ට පුළුවන් වෙනවා. ඒ වගේම ඒ කාලේ ගිය තවත් මෙවැනිම කතා මාලාවක් තමයි Jaime Sommers රංඟනයෙන් දායක වුන The Bionic Woman. මේවා දැන් වගේ මෙගා විදිහට හැමදාම ගියේ නෑ. සතියකට දවසයි. ඒකත් හතට හෝ අටට. මහ රෑත් නෙවෙයි. ඒ දවස් වල මට මතකයි තාත්තා මේවා මඟාරින්නේ නෑ. පොඩි දවස් වල අපිත් අතරින් පතර මේවා බැලුවා.
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,398 downloadsDownload The.Six_.Million.Dollar.Man_.1973.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
13 comments
Maalisha
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පැරණි ෆිල්ම් දෙන එක නවත්තන්න එපා.
දිගටම පැරණි ෆිල්ම් දෙන්න.පුලුවන් නම් මේ ෆිල්ම් collection එකටත් සබ් දෙන්න.
Airport - 1970
Airport 1975 - 1974
Airport '77 - 1977
The Concorde...Airport '79 - 1979bandara
70 දශකයේ ඉපදුනු අයගේ රූපවාහිනියේ සොදුරු අතීතය නැවත මතක් කලාට බොහොම ස්තූතියි.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Sameeraudias
Nightmare alley ekata sub denna plwnda
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
මේ පාර ඔස්කාර් නොමිනේට් සෙට් එකට සබ් කරමුද...?Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!Anonymous
orex tv ekak thamai ape gedarath thibbe. thanks for subtitles.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
flatiners movie eke sinhala sub oonee