“සිරිත් විරිත්, හොද මිනිහෙක්ව නිර්මාණය කරනවා” මේ කතාව අහලා නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. මොකද මේ වාක්‍ය කොටස කියූ පමණින්ම මොන චිත්‍රපටයටද අදාල වෙන්නෙ කියලා බහුතරය දන්නවා ඇති. මාවල් කොමික් යටතේ තියෙන තවත් ආයතනයක් තමයි Icon Comics (අයිකන් කොමික්) කියන්නෙ. ඉතිං මේ යටතේ නිර්මාණය වුන කොමික් පෙලක් තමයි K…

“සිරිත් විරිත්, හොද මිනිහෙක්ව නිර්මාණය කරනවා”
මේ කතාව අහලා නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. මොකද මේ වාක්‍ය කොටස කියූ පමණින්ම මොන චිත්‍රපටයටද අදාල වෙන්නෙ කියලා බහුතරය දන්නවා ඇති.
මාවල් කොමික් යටතේ තියෙන තවත් ආයතනයක් තමයි Icon Comics (අයිකන් කොමික්) කියන්නෙ. ඉතිං මේ යටතේ නිර්මාණය වුන කොමික් පෙලක් තමයි Kingsman කියන්නෙ. Mark Millar යටතේ රචනයත් හා Dave Gibbons යටතේ සිතුවමට නැගීමත් සිදු වෙච්ච මේ කොමික් පෙල ඇසුරින් මුලින්ම සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ 2014 වසරේදී. ඒ Kingsman: The Secret Service චිත්‍රපටය නිකුත් කිරීමත් සමග. ඉතිං පළමු චිත්‍රපටය ලබන සාර්ථකත්වය මතම මුල් චිත්‍රපටයෙ කතාවට සම්බන්ධ වන විදිහට දෙවැනි කොටසක්ද නිර්මාණය වෙලා 2017 වාසරේදී Kingsman: The Golden Circle චිත්‍රපටය නිකුත් වෙන්නෙ අඩුත් නැති, වැඩිත් නැති බොක්ස් ඔෆිස් ආදායමක් උපයමින්. මේ චිත්‍රපට දෙකම නිර්මාණය වුනෙ 20th Century Studios ආයතනය තමන්ගෙ කියලා තීන්දු තීරණ තනියම ගත්ත කාලෙක. මේ කාලේ චිත්‍රපටයෙ නිර්මාණකරුවන් වගේම ස්ටුඩියෝව දැඩි තිරණයක ඉන්නවා කිංග්ස්මන් චිත්‍රපටය තවත් දීර්ඝ කරන්න. ඒ මෙතෙක් නිර්මාණය වුන චිත්‍රපට දෙකට පෙර සිදුවීම් පාදක කරගෙන The King’s Man චිත්‍රපටය නිර්මාණය කරමින් වගේම කිංග්ස්මන් සිනමා විශ්වය නිමාවට පත් කරන තවත් එක චිත්‍රපටයක් වගේම කතාමාලාවක්ද නිර්මාණය කරමින්.
කොරෝනා වසංගතය නිසා වගේම ඩිස්නි ආයතනය එයාලා යටතේ තියෙන මාවල් ඇතුළු චිත්‍රපට නිකුත් කරන්න වැඩි ඉඩකඩක් ලබාදෙන්න හිතාගෙන The King’s Man චිත්‍රපටය අට වතාවක්ම කල් ගිහිල්ලා, සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කලාට පස්සෙ දවස් 45කට සීමා කරලා තමයි නිකුත් වෙලා මේ විදිහට වෙබ් පිටපත් අරගෙන එන්න පුලුවන් මට්ටමට අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නෙ.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ වතාවේ කතාවට පාදක වෙන්නෙ 1902 වසර කාලයෙන්. ප්‍රධාන වශයෙන් කතාවෙන්නෙ ලෝකය පාලනය කරපු ප්‍රධාන පෙලෙහි චරිත එකිනෙකාව කොටවලා, යුද්ධයට තිත තබන එක වලක්වන්න උත්සහ කරපු තවත් දෙපිටිකාට්ටු කණඩායමක් හා ඒ අයව නවත්තන්න ගොඩනැගිලා පෙරමුණ ගත්ත පුංචි කණ්ඩායමක් ගැනයි. මේ පුංචි කණ්ඩායමේ එකතුවෙන් තමයි මුල් චිත්‍රපට දෙක පුරාවටම දැකපු කිංග්ස්මන් රහස් ඔත්තුකරුවන්ගෙ ගමනට මග එහෙමත් පෑදෙන්නෙ.
සුපුරුදු කිංග්ස්මන් සිනමා රචක වගේම අධ්‍යක්ෂක Matthew Vaughn යටතේම නිර්මාණය වුන මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2021 වසරේ දෙසැම්බර් 22’වැනිදා. ප්‍රධාන රංගනයෙන් Ralph Fiennes, Gemma Arterton, Rhys Ifans, Matthew Goode, Tom Hollander, Harris Dickinson, Daniel Brühl, Djimon Hounsou, Charles Dance සම්බන්ධ වෙන මේ චිත්‍රපටයෙ සංගීත රචනයට මුල් කිංග්ස්මන් චිත්‍රපට පුරාවට සංගීත නිර්මාණය කල Matthew Margeson වගේම How to Train Your Dragon, Peter Rabbit වැනි ආදරයට ලක් වෙච්ච සිනමා නිර්මාණ වෙනුවෙන් සංගීත නිර්මාණයෙන් දායකත්වය ලබාදුන් Dominic Lewis පවා මේ වතාවේ සහය සංගීත රචකයෙකු ලෙසින් සම්බන්ධ වෙලා තියෙනවා.
ඇ.ඩො.මි. 100ක පිරිවැයකින් නිර්මාණය වුන මේ චිත්‍රපටයට මේ වෙද්දී ඇ.ඩො.මි. 114.4ක මුදලක් විතරයි උපයාගන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. ඒ මෙතෙක් නිර්මාණය වූ අසාර්ථකම කිංග්ස්මන් චිත්‍රපටය විදිහට සටහන් වෙමින්. මේ වෙද්දී චිත්‍රපටය IMDb දර්ශකයෙ 6.7ක අගයක් වගේම Rotten Tomatoes වල 42%ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා.
රහස් ඔත්තුකරුවන්ගෙ අනාගතය
කලින් කිව්වනෙ තවත් එක චිත්‍රපටයක් වගේම කතාමාලාවක්ද නිර්මාණය වෙනවා කියලා. ඒ ගැනත් පුංචි තොරතුරු ටිකක් දීලම ලිපිය අවසන් කරන්නම්.
— Kingsman 3
මුල් කිංග්ස්මන් චිත්‍රපට දෙකෙහි කතාවට අදාල තුන්වන චිත්‍රපටය විදිහට තමයි ‘Kingsman: The Blue Blood’ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. 2023 වසරේ නිකුත් කිරීම වෙනුවෙන් මේ චිත්‍රපටයට අදාල රූගතකිරීම් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතයි.
— Television
Kingsman: The Golden Circle චිත්‍රපටය හරහා හදුන්වා දුන්න ඇමරිකානු රහස් නියෝජිතවරුන්ගෙ සංවිධානයක් වන ‘ස්ටේට්මන්ලා’ පාදක කරගෙන තමයි මේ කතාමාලාව නිර්මාණය වෙන්නෙ. කොටස් අටකින් සමන්විත වන මේ කතාමාලාව තවමත් තියෙන්නෙ මූලික නිර්මාණ කටයුතුවල නිසා ඉදිරිය කොහොම වෙයිද කියන්න අමාරුයි.
එහෙමනම් ඉතිං චිත්‍රපටය බලපු නැති හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. සුභ සතිඅන්තයක් හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
42,531 downloadsDownload The-Kings-Man-2021-Blu-Ray.zip161 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2021
- #Charles Dance
- #Daniel Brühl
- #Djimon Hounsou
- #Gemma Arterton
- #Harris Dickinson
- #Kingsman
- #Matthew Goode
- #Must Watch
- #Offbeat
- #Ralph Fiennes
- #Rhys Ifans
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The King's Man
- #Tom Hollander
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
50 comments
kavinu
chamara
ko torrnt link eka nene anith site eke
Anonymous
f movies pala
යුරාන් ධනුක (දනුවා)
Thank you very much Bro
Kushan
Sub akta thanks
Ravindu Rukshan
thanks
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
355
Nightmare Alley
Cleansub plz
Asanga kb
Thank you bosa
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Pasindu Madumal
සබට තුති, ජය ❤️
Kasun Kalahra
Love and Leashes (2022 ‧ Rom-com) Movie එකට Subtitles දෙන්නකෝ... ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
kasun
Thanks, Sub ekata. MANIFEST TV sires ekata sub dennko
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
ishan
Thanx machn sub ekata
Amila
උපසිරසියට බොහෝම ස්තූතියි
Pramukmili
Thanx bro...........
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Achi
බොහොම ස්තුතියි සබ් එකට....
Naveen
උපසිරසියට තුති
Udaya Fdo
Thank you
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Nilush Angana
Sub ekata thanx
Hansa
we are always with you biscopelk.
Sahan Gayantha
thanks a lot saho sub ekata
Roshan
Tnx bro.Great job.
lakshan
thanks ...........................
විමා
මරු ෆිල්ම් එක බන්..
මට නම් මාර සෙට්..
සබට තුති ආ..
ලෙසටම තිබුනා!Anonymous
11 වසරෙ ලෝකෙ යුද්දෙ පාඩමින් පළවෙනි ලෝක යුද්ධෙ ගැන ඕ ලෙවල් වලට ඇහුවොත් මේක ලියවෙයි ද දන් නැහැ!
_______________________________________________
•°•`•දුලක්ෂ සම්පත්•°•°•
Kasun
Thanks bro..
SAMEERA
WHY THE LINK IN MOVEI IS NOT DOWNLOAD......?
Sandun
thanks
bavindu bandaranayake
thanks bro
sam
jaya wewa.....
Kavishka Lakmak
සුපිරියක් සගො.එලම.thanks❤️❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Dewadithya
Thanks for Sub!
Lakshan Gunawardhana
thank you
Rishantha
Thank you
Bruce
Thans sub ekata,. Jayawewa
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Wijitha A.
Sub ekata thanks bro. Oyage sub patta. Elatama karala thiyenawa.
Nishan
Thanx bro
viraj
thanks...........
Supun
Thank you very much!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
bohoma sthuthiyi upasiresiyata...