Watch Trailer

The Song of Scorpions (2017) Sinhala Subtitles | ආදරයට යා හැකි දුර [සිංහල උපසිරසි]

නව වසරේ පලවෙනි මාසයත් ඇගට නොදැනී අවසන් වී යද්දී දෙවනි මාසයේ මුලම තවත් එක උපසිරසියක් අරගෙන අදත් ආවා…. වෙනදා වගේම මේක මට භාරදුන්නු සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා… හැබැයි ඊටත් වඩා සමාවෙන්න ඕනේ මෙච්චර පරක්කු වුනාට… ඉර්ෆාන් ඛාන් නම ඇහුව සැනින් මට නම් මුලින්ම මතක් වෙන්නේ Talvar කියන ෆිල්ම් එක, රංගනය අතින්…

නව වසරේ පලවෙනි මාසයත් ඇගට නොදැනී අවසන් වී යද්දී දෙවනි මාසයේ මුලම තවත් එක උපසිරසියක් අරගෙන අදත් ආවා…. වෙනදා වගේම මේක මට භාරදුන්නු සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා… හැබැයි ඊටත් වඩා සමාවෙන්න ඕනේ මෙච්චර පරක්කු වුනාට…

ඉර්ෆාන් ඛාන් නම ඇහුව සැනින් මට නම් මුලින්ම මතක් වෙන්නේ Talvar කියන ෆිල්ම් එක, රංගනය අතින් මොහුට ලංවෙන්න බොලිවුඩයේ ඉහල තැන් වල ඉන්න අයටත් බොහොම අපහසුයි. 2020 වසර ලෝකවාසී ජනතාවටම අපල වසරක්නේ. හැබැයි ඉතින් සිනමාලෝලීන්ගේ අවාසනාවකටද මන්දා 2020 වසරේම අප්‍රේල් මස 29 දින මහා බඩවැලේ ආසාදනයක් නිසා මොහු අභාවප්‍රාප්ත වුනා. ඒක හොලිවුඩයටත්, බොලිවුඩයටත් දැරිය නොහැකි පාඩුවක්. ඉතින් මම තව මෙයාගේ ෆිල්ම් ගැන බලාගෙන යනකොට Qissa කියලා මේ වගේම ෆිල්ම් එකක් හම්බුනා. අපේ තාරක නුවන් අයියගේ දොලොස්වෙනි උපසිරසිය තමයි ඒකඑතකොට මගෙ දොලොස්වෙනි උපසිරසිය තමයි මේක….පුදුම හමුවීමක්…..

ඉතින් මේ ෆිල්ම් එක ලොවට මුදාහැරෙන්නේ 2017 වසරේ ස්විට්සර්ලන්තයේ පැවැත්වුන 70 වන ලොකානෝ සිනමා උළෙලේදී. මෙය Anup Singh විසින් රචනය, අධ්‍යක්ෂණය කරන ලද ස්විස්, ප්‍රංශ, සිංගප්පූරු ආභාෂයේ රාජස්තාන් භාෂාවට අයත් drama ගණයේ සලරුවක්. මෙහි ප්‍රධාන රංගන ශිල්පියා වන ඉර්ෆාන් ඛාන්ගේ මරණයට උපහාර වශයෙන් මෙය මෙම වසරේ නැවත ඉන්දීය සිනමාහල් වල තිරගත කිරීමේ සූදානමක් පවතින බවට ආරංචියි.මෙහි ප්‍රධාන නිලියගේ චරිතය නිරූපනය කරන්නේ Golshifteh Farahani නම් සුවිශිෂ්ට නිලිය විසින්, මෙයා ආයේ ෆිල්ම් එකක දැක්කොත් ඒක සුපිරිම එකක් තමා. ෆිල්ම් 35යි රඟපාලා තියෙන්නේ ඒවාගෙන් හොඳම නිලිය සම්මානම 15 කට විතර නොමිනේට් වෙලා තියනවා.එතකොට සෙසු චරිත සඳහා Waheeda Rehman, Shashank Arora අය දායක වෙනවා.

මේකේ කතාව ගැන වැඩිය කියන්නේ නැහැ. වැඩිය නෙමේ පොඩ්ඩක්වත් කියන්නේ නැහැ…ඒත් ඔයාලා මේක අරගෙන ටිකක් බලලා නතර කරන නිසා මෙහෙම කියන්නම්. මේක මිනිත්තු 119 ක ෆිල්ම් එකක් මේකේ පලමු මිනිත්තු 100 ම වෙන දේ ඇඟට දැනෙන්න ගන්නේ අන්තිම මිනිත්තු 19 නිසා….. එපමණයි කීමට ඇත්තේ….

උපසිරසියේ අඩුපාඩු ඇති මොකද මේකෙත් ඉංග්‍රීසි සබ් එකක් තිබ්බේ නැහැ ෆිල්ම් එකේම යන ඒවා බලාගෙන තමයි ගැහුවේ, ඒනිසා අඩුපාඩු ගැන කමෙන්ටුවකුත් දාන්න… සුපිරි හින්දි වෙබ් සීරියස් එකක සීසන් එකක් අරන් එන්න බලන්නම්.

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා” පුරුදු පරිදි තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

එහෙනම් කොම්ලෝ අම්පි ගියා….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,247 downloadsDownload The-Song-of-Scorpions-2017.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

3,247 downloadsDownload Subtitles26 KB

19 comments

  1. indika75

    thanks..

  2. yohan

    thanks.. web series eka ikmanata denna.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සුපිරි

  4. Rajitha

    Thanks jayawewa.......!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. අසේල

    බොහොම ස්තූතියි මහත්තයෝ..... මම නම් වැඩියෙන් කැමති ඉන්ග්‍රීසි ෆිල්ම් වලට..... හැබැයි දැන් මේක බලනව.......ජය වේවා...

  7. ගීත් මිහිර

    තෑන්ක්යූ බං... සිරාවටම හෙන වටිනා කියන ෆිල්ම් එකක්...

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් ඉර්ෆාන් කාන් ගේ,
    Doob: No Bed of Roses - 2017 චිත්‍රපටයටත්

    සනී ඩියොල්, බොබී ඩියොල් රඟපාන
    Yamla Pagla Deewana: Phir Se - 2018 චිත්‍රපටයටත්

    උපසිරැසි දෙන්න පුලුවන්ද?

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Renu

    thanks for sub. If its Irfan's film ....have to watch

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  13. සාරංග ජේ. ලියනගම

    Thanks

  14. Pramukmili

    Thanxxxxxxxxx bro.............

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Indika

    Thanks for the sub and appreciate your hard work

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dilan gunarathna

    Thanks සහෝදරයා උපසිරැසට...❤️❤️

  19. Anonymous

    විශිෂ්ඨ සිනමා සිත්තමකට සිංහල උපසිරස දුන්නට බොහොම ස්තූතියි