බයිස්කෝප් රසික රසිකාවියෝ සියලු දෙනාට ලැබුවාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සුභම සුභඅලුත් අවුරුද්දක්ම වේවා! 2020 අවුරුද්ද කියන්නේ කොවිඩ් වසංගතය හින්දා සිනමා කර්මාන්තය පසුබෑමකට ලක්වුණු අවුරුද්දක්. 2020 අවුරුද්ද ගෙවිලා 2021 අවුරුද්ද පටන් ගද්දි බිඳවැටි තිබු සිනමා කර්මාන්තය ලොව පුරා විවිධ සිනමා නිර්මාණ එක…

බයිස්කෝප් රසික රසිකාවියෝ සියලු දෙනාට ලැබුවාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සුභම සුභඅලුත් අවුරුද්දක්ම වේවා! 2020 අවුරුද්ද කියන්නේ කොවිඩ් වසංගතය හින්දා සිනමා කර්මාන්තය පසුබෑමකට ලක්වුණු අවුරුද්දක්. 2020 අවුරුද්ද ගෙවිලා 2021 අවුරුද්ද පටන් ගද්දි බිඳවැටි තිබු සිනමා කර්මාන්තය ලොව පුරා විවිධ සිනමා නිර්මාණ එක්ක නැවත නැගී සිටින්න පටන් ගත්තා. මේ විදියට 2021 අවුරුද්දේ මලයාලම් සිනමාවට සුබවාදී බලාපොරොත්තුවක් අරන් ආපු කේරළ මෙගා ස්ටාර් Mammootty ගේ සහ මලයාලම් Lady Super Star Manju Warrier ගේ ප්‍රථම සිනමා සුසංයෝගය The Priest (2021) සිනමා නිර්මාණයට සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් අඩවියට ගොඩවැදුනේ. මේ උපසිරැසියේ ප්‍රථම භාගය නිර්මාණය කරන්න සහයෝගය දුන්න MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තරිඳුගේ උදව්ව නැතිනම් අද දවසෙදි මේ සිංහල උපසිරැසිය ලබා දෙන එක ඇත්තටම කරන්න බැරි දෙයක්.
2020 අගොස්තු මාසේ තිරගත කරන්න සූදානම් කරලා තිබුණු The Priest කොවිඩ් වසංගතය එක්ක 2021 පෙබරවාරි 04 වෙනිදා වෙනකල් කල්යනවා. නැවතත් 2021 මාර්තු 04 වෙනිදා තිරගත කරන්න තීරණය කරනවා. ඒත් කේරළ ප්‍රාන්ත රජයෙන් රාත්‍රී දර්ශන වාර සඳහා අවසරය නොලැබීම නිසාවෙන් නැවතත් තිරගත කරන දිනය කල් දානවා. අවසානයේදි 2021 මාර්තු 11 වෙනි දින එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ කේරළයේ සිනමා ශාලා 300 කට වැඩි ප්‍රමාණයක දිනකට දර්ශන වාර 04 බැගින් සීමාකර තිරගත කිරීම ආරම්භ කරනවා. මේ විදියට බාධා මධ්‍යයේ තිරගත කකරපු The Priest පසුබෑමකට ලක් වෙයි කියලා හිතනවාද? අපොයි නෑ. තාමත් මලයාලම් සිනමාවේ සුපිරි තරුව Mammootty වෙනුවෙන් රසිකයෝ පෙළගැහෙනවා. බොහෝ සිනමා ශාලා පිරී ඉතිරී යනවා. කොවිඩ්-19 වසංගතය මැද තිර ගත වූ මේ සිනමා නිර්මාණය කෝටි 15 කට ආසන්න නිෂ්පාදන පිරිවැයකින් නිමැවී ඇති අතර චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කර දින 05 කට පසු ඉන්දියානු රුපියල් කෝටි 32 ක ආදායමක් උපයාගෙන තිබෙනවා.එම ආදායම කේරළයේ පමණක් ඉන්දියානු රුපියල් කෝටි 09 ඉක්මවා තිබෙනවා. ඒ නිසාවෙන් මේවන විට 2021 වර්ෂයේ Lockdown කිරීමෙන් පසුව වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් සිනමාපටය බවට පත්වෙමින්ද, ප්‍රථම වරට සෞදි ආරබිය තුල ආදායම ඉන්දියානු රුපියල් කෝටිය ඉක්මවූ චිත්‍රපටය ලෙසද වාර්තාවක් තබමින් The Priest සිනමාපටය ඉතිහාස ගතවෙනවා. දින විස්සක් තුලදි සමස්ථ ආදායම දළ වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 48 ක් වාර්තා කර තිබෙනවා.එසේම චිත්‍රපටය තිරගත කර අවසාන වන විට සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 57 ක් ලෙස දක්වා තිබෙනවා.
චිත්‍රපටය තිරගත කල බොහොමයක් සිනමාශාලා පිරිගිය ආකාරය සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කල දර්ශණ වාරයන් ප්‍රමාණය,ආදායම් වාර්ථාවන් ගැන සමාජජාලා මාධ්‍යන්හි පලවී තිබු ආකාරය.

මේ වෙද්දි 3139 දෙනෙකුගේ මනාපයෙන් IMDb 7.1/10 අගයක්, 4059 ගූගල් පරිශීලකයින්ගේ මනාපයෙන් 91% වගේම 23,914 දෙනෙකුගේ මනාපයෙන් bookmyshhow හි 74% දිනා ගන්න The Priest සමත් වෙලා තියෙනවා.
ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් කිහිපයක්…

විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්…

The Priest සිනමා නිර්මාණයෙන් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තබන Jofin T Chacko අතිසාර්ථක අධ්‍යක්ෂකවරයෙකු වීමේ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන වග මේ වෙනකොට The Priest වෙනුවෙන් පලවෙලා තියෙන ප්‍රේක්ෂක සහා විචාරක ප්‍රතිචාර තුළින් තේරුම් ගන්න පුළුවන්. Shyam Menon, Deepu Pradeep ගේ විශිෂ්ඨ තිර රචනය, Rahul Raj ගේ විශිෂ්ඨ සංගීතයෙන් වගේම Akhil George ගේ සිනමාරූපණයෙන් සන්නද්ධ වූ මේ සිනමා නිර්මාණයේ Mammootty, Baby Monica, Manju Warrier, Nikhila Vimal, Saniya Iyappan, Sivadas Kannur, Lishoy, Shivaji Guruvayoor, Ramesh Pisharody ඇතුළු විශාල නළු නිලි පිරිසක් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.
කතාව ගැන ටිකක් කියනවා නම් Carmen Benedict පියතුමායි (Mammotty), පොලිස් නිලධාරියෙකුයි එකතු වෙලා සියදිවි නසා ගැනීම් මාලාවක අභිරහසක් විසඳන්න උත්සාහ කරනවා. විමර්ශනය අවසන් වෙන්නෙ ඔවුන්ට තවත් අපරාධයක සුලමුල හෙළිකරලා දීලා.ඉතිරිය චිත්‍රපටිය බලලාම දැනගන්න.
එසේනම් සුපිරි අභිරහස්, ත්‍රාසජනක සිනමා අත්දැකීමක් විඳගන්න ආරාධනා කරමින් නැවතත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරෛාත්තුවෙන් අදට සමුගන්නවා. නැවතත් සියලුදෙනාටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
15,589 downloadsDownload The-Priest-2021.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
53 comments
Supun Kaushalya
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
R_deshan
අම්මෝ නොඉවසිල්ලෙන් හිටියෙ මේක බලන්න...ගොඩක් ස්තූතියි සහෝදරී සබ් එකට!!
Romesh
Link eka dapnko film eke
R_deshan
Vofomovies.me කියන සයිට් එකට ගිහින් ඒකෙ menu එකේ south indian කියන category එකට යන්න.south indian movies වල recent uploads යටතේ මේක තියෙයි.720p/1080p ටොරන්ට් බාගන්න පුලුවන්.online බලන්න ඕන නම් ඒකට වෙනම link තියනවා.
හේමන්ත
ස්තුතිය රේණුකා...
ස්තුතියි තරිඳු...
ස්තුතියි බයිස්...Anonymous
hwasa mn oya sub deepu joji eka yatin request comment ekak dmma meka illala , menna dn baladdi sub ekath deela,niyamai akke,digtma me wage aluth ewta sub demu
Neo
Thanks both of you
Keep it upAnonymous
PLEASE ME FILM EKE LINK EKAK DENNA
Deshan
හප්පේ මේක දෙනකන් බලන් හිටියේ
කොහොමහරි බයිස්කෝප් කාටත් කලින් දුන්නා නේ
ජය වේවාNilush Angana
Sub ekata thanx
Punsara Samuditha
film ek argn sub ekk enkm balagen hitiye. mechchra akalin dei kylnm hituwe na. thanx
Gayan
දෙන්නටම ස්තුතියි
ඉදිරියටත් මෙවැනි ෆිල්ම් දෙමුDinith de silva
Thankz guyz
Keep it upAnonymous
තද කොර ඈ
Hasitha Madush
පට්ට ෆිලුමක්…ඊයේ බැලුවා..Thumbs up
sanda
Oyala dennagen kauru sub eka kalath wisthare kiyawanne naethuwa download karanawa. Film tka supiriy.
PahasaraDv
Thankz for the great job.....
isuru srinath sjs
නියමයි... Sub එක කරපු දෙන්නා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. සුපිරියටම ඇති..
බොහොම ස්තුතියි දෙන්නටම.. ජය!!sudarshana
supiri film ekak dennadama thanks sinhala sube ekata yuvarathna 2021 kannada film ekatath sube dannako jayawewa...
සම්පත්
එනකන් බලන් හිටියෙ සබ් එක තෑන්ක්ස් මචං..පුලුවන්නම් කන්නඩ වල රිලිස්කරපු Yuvarathnaa 2021 ෆිල්ම් එකට සබ් එක කරමුද.
Prabodha
Godak sthuthi mee supirima film ekata sub dunnata
රංගික සිනෙත් කාරියවසම්
බෝම ස්තුතියි ෆට්ටම ෆිලුමකට සබ දුන්නට. දෙන්නටම ජයෙන් ජයම වේවා.. ඒත් එක්කම ඉල්ලීමක් කරනවා සුභාෂිණි අක්කේ Krishnsnkutty pani thudangi ෆිලුමටත් සබ ඕනේ. ජය
Anonymous
පට්ට පහරක් වගේ
ස්තුතියි දෙන්නටමSandaru
Thanks brother and sister
Anonymous
Mammotty wenuwata prithviraj hitynm khomda mekata
Ram
Thanks bn
Kushan
Thankz sub akta
Anonymous
Thanks
Anonymous
thank you
Mahesh
තෑන්ක්ස් දෙන්න්ටම
M.G
නියම ෆිලුම,හැමෝම බලන්න
උපසිරසිකරුවන් දෙපලට බෝම ස්තුතියිAnonymous
Thanks for sub
Anonymous
Thanks dennatama
Thawath malayalam film demuindika75
Thanks..
Anonymous
Yuvarathnaa dennko
Mekata thankz hodai-චානක ඉඳුනිල්-
thanks for sub
Rajitha
Oya sub krpu irul movie ekath niyamai...mekath ehmma athi neh
Anonymous
Thankz guyz
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
පට්ට ෆිල්ම් එක
දෙන්නටම ස්තුතීNethini123
දෙන්නටම බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Samarawickrama
Thanks sub ekata
Anonymous
Aye loweth na. supirima supiriyak. balala kiyanne. Thnx sis, Thnx bro..
D.Chamara
බොහොම ස්තූතියි .... !
dananjaya
renu ge ne ithin blnv denntm thx
Prabath
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
biriyani film ekath one
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!thara_sam
thanks a lot
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට