මගේ මුල්ම උපසිරැසියෙන් අද මම ඔයාලට ගෙනාවෙ අපූරු “පලහිලව්වක්” ගැන කතාවක්. ජීවිතේ අපිට යාළුවො වගේම “හතුරො”ත් මුණගැහෙන්නෙ නැතුව නෙමෙයි නේ. විශේෂයෙන් ඉස්කෝලෙ කාලෙදි දුකට සැපට ළඟම හිටපු යාළුවො වගේම දුර තියා බාල්දි පෙරළපු හතුරොත් ඇති. ඔය රැග් කරපු අය, “කාඩ්” හදපු අය එහෙම මතකද මන්දා. හිතන්නකො ඔයාට මොකක් හ…

මගේ මුල්ම උපසිරැසියෙන් අද මම ඔයාලට ගෙනාවෙ අපූරු “පලහිලව්වක්” ගැන කතාවක්.
ජීවිතේ අපිට යාළුවො වගේම “හතුරො”ත් මුණගැහෙන්නෙ නැතුව නෙමෙයි නේ. විශේෂයෙන් ඉස්කෝලෙ කාලෙදි දුකට සැපට ළඟම හිටපු යාළුවො වගේම දුර තියා බාල්දි පෙරළපු හතුරොත් ඇති. ඔය රැග් කරපු අය, “කාඩ්” හදපු අය එහෙම මතකද මන්දා. හිතන්නකො ඔයාට මොකක් හරි හේතුවක් උඩ එහෙමත් හාදයෙක් එක්ක මුළු ජීවිත කාලෙම “එකට” ඉන්න සිද්ද වුනොත්, කොහොමට තියේද නේද?
මේ ප්‍රශ්නය ගැන තව දුරදිග හිතමු, ඔය ප්‍රශ්නෙම ගෑණු ළමයි දෙන්නෙක් අතර ඇතිවෙනවා. වැඩිය ඕන නෑ. ඔයාගෙ පරම හතුරට ඔයාගෙ අයියා විවාහ යෝජනාවකුත් ගෙනල්ලා. කවුරුවත්, අඩුම තරමෙ ඔයාගෙ අයියවත් දන්නෙ නෑ අයියගෙ මනමාලි තමයි හැමදාම මුළු ඉස්කෝලෙම ඉස්සරහ ඔයාට සමච්චල් කරලා, “වයිරල්” යන ගානට කාඩ් එකකුත් හදලා, යන යන තැන උගුල් අටවලා, කට්ටිය පිටින් එකතු වෙලා ඔයාව ඉස්කෝලෙනුත් එළියට තල්ලු කරලා ඔයාම පීරියඩ් කට් කළයි කියලා පංතිභාර ගුරුතුමීට පැමිණිලිත් කලේ කියලා. නියම වැඩේ කියන්නෙ, මනමාලිත් කිසිදෙයක් දන්නෙ නෑ! (ද?) (බයවෙන්නෙපා, ලංකාවෙ ඉස්කෝලවල මෙහෙම රැග් නෑ. මේ ඇමරිකාව.)
මානි ඔලිවියා ඔල්සන් කියන්නෙ පොත් ගුල්ලියක්. (එහෙම කියන එක හරිද මන්දා, IMDb විස්තරේ තියෙන්නෙ a NERDY highschool student කියලා. NERD කියන්නෙ ජාතික ඉංජිනේරු පර්යේෂණ… ආ! වැරදුණා. Nerd කියලා කියන්නෙ සමාජය ගැන දැනුමක්, උනන්දුවක් තබා සිහියක්වත් නැති, හැබැයි අර “ඇඟ පුරාම මොලේ” ගානට පොතේ පතේ දැනුම විතරක්ම තියෙන උදවියට. https://en.wikipedia.org/wiki/Nerd , අනේ පව් ඉතිං…)
සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටවල ඉස්කෝලවල දි, “පොත් ගුල්ලන්ට” විඳින්න වෙන දුක් ගැහැට කියල නිමකරන්න බැරිතරම්. මොකද ඔය පොත් ගුල්ලන්ට විහිළු තේරෙන්නෑ නෙ. ඉතිං පොඩ්ඩ ඇත්නං මෙයාලා ඒවා සීරියස් ගන්නවා. ඕකෙන් මෙයාලට අංචි අදින අයම බලවත් වෙලා එයාල දෙන රැග් එක තව තදබල වෙනවා. එච්චරයි. අන්තිමේදි රැග් කරපු අයත් කියන්නෙ, “The meek shall not inherit the earth…” කියලා. (මම නෙමෙයි කිව්වෙ)
මානි ට වුනේත් ඔන්න ඕකම තමයි.
රිජ්ෆීල්ඩ් උසස් විද්‍යාලයේ “චණ්ඩි රැජින” තමයි ජොආනා “ජේ.ජේ.” ක්ලාක්. එයාගෙම වචනවලින් කිව්වොත්, “ඉස්කෝලෙ කියන්නෙ හරියට හිර ගෙදරක් වගේ! මේ හිරගෙදර, මම තමයි ජේලර් (වෝඩ්න්).” කොහොමහරි මෙයයි මෙයාගෙ යාළුවො සෙට් එකයි මානිට වැඩේ දෙන්න පටන් අරන් තියෙන්නෙ මානිගෙම නමේ මුල් අකුරුවලින් :- Marni Olivia Olsen – M.O.O. – උම්බෑ!
විවාහයක් කියන්නෙ නිකං කෙල්ලයි කොල්ලයි විතරක් නෙවෙයිනේ, කෙළින්ම පවුල්ම දෙකක්නේ එකතු වෙන්නෙ, දැන් මෙතනට වෙනකම් කතාව පැහැදිලියි නේ, මානි ගේ පරම හතුරා ජොආනා ට, මානිගෙ විදිහට කිව්වොත් එයාගෙ “ගොන්” අයියා විල්, ප්‍රපෝස් කරලා දැන් මංගල්ලෙ වැඩ ජයටම ලෑස්ති වෙනවා. සෙල්ලං ද කොල්ලෝ! ඉතිං දැකුම් බලන්න අම්මලා, තාත්තලා, නැන්දලා එහෙම එකතු වෙන එක අහන්නත් දෙයක්ද? කොහොම හරි වැඩේ කියන්නෙ, මානි යි ජොආනයි වගේ මරු යාළුවො ටිකක් නෙ මුණගැහෙන්නෙ, මානිගෙ අම්මගෙ පරම හතුරා තමයි ජොආනගෙ නැන්දා. කතාවෙ අන්තිමට මානිගෙ ආච්චිටත් මුණගැහෙනව එයාගෙ ජන්මාන්තර පාසල් වෛරය!
විල් ජොආනාව බඳිනවමද? එතකොට, මානිට ජීවිතේ ඉතිරිකාලෙත් කෙනෙහිලිකම් විඳවන්න වෙයිද? නැත්තන්… මානි ජොආනා ගෙ පැටිකිරිය එළි කරයිද? ඒත්, ඒ කොහොමද?
ප්‍රධාන චරිතය වන මානි ඔල්සන් සඳහා ක්‍රිස්ටීන් බෙල්, විල් අයියාගේ චරිතය සඳහා ජේම්ස් වොල්ක්, ජොආනා චරිතය සඳහා ඔඩෙට් යූස්මාන් ප්‍රමුඛ කලාකරුවන් පිරිසක් එකමුතු වෙන මේ නළුවේ සුළු චරිතයක් සඳහා “The Rock” විරුදාවලිය ලැබූ, Jumanji, San Andreas, Baywatch, Journey 2, Rampage, Furious (5,6,7,8) තුළින් ඔබ හඳුනාගත් ඩ්වේන් ජොන්සනුත් සහභාගී වෙනවා. IMDb පරිශීලකයන් 49 661 දෙනෙකුගෙන් 5.6/10 ක මධ්‍යන්‍ය ලකුණකට හිමිකම් කිව්වත්, Rotten Tomatoes අඩවියේ “තක්කාලිමීටරයෙන්” නම් එච්චර හොඳ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. (TomatoMeter – 19% ; Audience – 43%)
කොහොම වෙතත් පවුලේ හැමෝටම එකතු වෙලා රසවිඳින්න පුළුවන් විදිහට හාස්‍යයය, අනුකම්පාව වගේම කුතුහලය මතුකරන අනුපාන කැටිවුණු මේ අරුම පුදුම පලහිලව්ව නරඹන්න සතුටින් ආරාධනා කරමින් අදට මම සමුගන්නවා, පුළුවන් වුනොත් තවත් අලුත් උපසිරැසියක් සමග හමුවෙන්න බලාපොරොත්තුව ඇතිව.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,548 downloadsDownload You-Again-2010-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ දුවිඳු තරින්ද පෙරේරා
Subtitles
14 comments
Shaggy
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා දුවිඳු සහෝ.
ලිපියත් අපූරුවට ලියලා තියෙනවා.
දිගටම උපසිරස කරන්න කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය. ✌Duwindu Tharinda (ColomboGMGS2)
බොහොම ස්තුතියි අයියේ! ❤️❤️❤️
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
හැකිනම් 90 ගණන් වල 80 ගණන් වල චිත්‍රපට හෝ බයිස්කෝප් අඩවියේ සිනමාපට දර්ශක යටතේ ඇති IMDB Top 250, AFI වැනි ඉතා වටිනා දුර්ලභ චිත්‍රපට සදහා උපසිරැසි කරන මෙන් ඉල්ලමි.
indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!!
Duwindu Tharinda (ColomboGMGS2)
බොහොම ස්තුතියි හැමෝටම! ඉඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම තවත් උපසිරැසියක් අරන් එනවා. ඒ්ත් දැනට මම Com. Maths අංශයෙන් මේ අවුරුද්දෙ උසස් පෙළ විභාගයට පෙනී ඉන්න නිසා මේ මාස කිහිපයට මට ඒ තරම් වෙලාවක් ලැබෙන එකක් නැතිවෙයි.
❤️❤️Pramukmili
Thanxxxx brothers...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Ruwani
thanks a lot. I was looking for this
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Anonymous
අප්ඩේට් එකෙන් උඩහ තීරුවෙ Author ගෙ නම වෙනස්වෙලා නෙ.
Duwindu Tharinda
අප්ඩේට් එකෙන් උඩ හරියෙ ටැග්ස් තියෙන තීරුවෙන් Author ගෙ නම වෙනස්වෙලා?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි