Watch Trailer

Fireworks (2017) AKA Uchiage hanabi, shita kara miru ka? Yoko kara miru ka? Sinhala Subtitles | වෙන්වූවත් සැමදා ආදරේ ඔබටමයි… [සිංහල උපසිරසි] (50)

ඔන්න එහෙනම් මම තවත් ඇනිමේ එකකට උපසිරසියක් අරන් ආවා ඒත් මේ පාර ටිකක් විශේෂයි මොකද අද මම ගෙනාවේ මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය. 2018 අව්රුද්දෙ ඉඳන් මේ වෙනකම් ඇනිමේ උපසිරසි නිර්මාණ 50 ම කරන්න පුළුවන් උනා. ඉස්සර මම සාමාන්යෙන් sub ඩව්න්ලෝඩ් කරලා ෆිල්ම්, ඇනිමේෂන් ෆිල්ම්(ඇනිමේ නෙවෙයි) බලනවා. දවසක් නවොදිනි අ…

ඔන්න එහෙනම් මම තවත් ඇනිමේ එකකට උපසිරසියක් අරන් ආවා ඒත් මේ පාර ටිකක් විශේෂයි මොකද අද මම ගෙනාවේ මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය. 2018 අව්රුද්දෙ ඉඳන් මේ වෙනකම් ඇනිමේ උපසිරසි නිර්මාණ 50 ම කරන්න පුළුවන් උනා. ඉස්සර මම සාමාන්යෙන් sub ඩව්න්ලෝඩ් කරලා ෆිල්ම්, ඇනිමේෂන් ෆිල්ම්(ඇනිමේ නෙවෙයි) බලනවා. දවසක් නවොදිනි අක්ක කරපු Kimi no na wa ඇනිමේ එක බලලා ආස හිතිලා ඒ වෙනකම් බයිස්කෝප් සයිට් එකේ තිබුන ඔක්කොම ඇනිමේ බැලුවා. ඒත් වල කට්ටිය වැඩිය ඇනිමේ බලන්නේ නැති නිසා ඇනිමේ වලට වැඩිය සබ් ආවේ නැහැ English ෆිල්ම් වලට තරම්.

ඉතින් මම ෆිල්ම් හොයද්දි නිකමට හම්බ උන harmoni ඇනිමේ එක කරන්න බයිස්කෝප් සයිට් එකට email එකක් දැම්මා. ඇනිමේ එක කරන්න පටන් ගත්තට පස්සේ තමයි වැඩේ ඇත්තම අමාරුව තේරුනේ. සමහරු හිතන් ඉන්නවා සබ් හදනවා කියන එක හරිම ලේසි, google translate කරලා ගන්න එකනේද කියල. ඒ කතාව ගොඩක් වැරදි කතාවක් මොකද google එකෙන් දෙන translate එක හැමතිස්සෙම වගේ හරිම තේරුම එන්නේ නැහැ. ඒ නිසා අපිම translate කරන්න ඕන. ඉතින් පලවෙනි උපසිරැසිය නිසා ගොඩ කාලයක් ගියත් අන්තිමේදී ඇනිමේ එක ඉවර කරන්න පුළුවන් උනා. ඒක පොස්ට් කලාට පස්සේ තිබුන කමෙන්ට්ස් දැකල හිතුව මං හිතුවට වඩා ඇනිමේ බලන ඇය ඉන්නවා නේ කියල.

ඉතින් එතන ඉඳන් අද වෙනකම් ඇනිමේ 49 කරලා අද 50 වෙනි ඇනිමේ එක කරන්න කමෙන්ට් එකක් like එකක් දාලා උදව් කරපු ඔයාල හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕන. මොකද උපසිරසියකට වැටිලා තියන ඩව්න්ලෝඩ් කමෙන්ට් තමයි උපසිරසි හදන අපට තියන ලොකුම සතුට. අනික කියන්න සතුටුයි දැන් නම් ඉස්සරට වඩා ඇනිමේ බලන අය ඉන්නවා. ඒකත් ලොකු සතුටක්. ඒ වගේම බයිස්කෝප් සයිට් එකේ හැමෝටමත් විශේෂයෙන් උපසිරසි හදද්දී ගොඩක් උදව් කරපු නවොදිනි අක්කටත් ස්තුති කරනවා.

එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.

අපි දැනටමත් කරපු දෙයක් ආයිත් වෙනස් කරන්න තියනවා නම් ජිවිතේ මොන වගේ වේවිද? ඒ ගැන හිතාගන්න පුළුවන් මේ ඇනිමේ එක බැලුවොත්. මේ ඇනිමේ එක 2017 වසරේ තිරගත්ත වෙච්ච පැයයි මිනිත්තු 30 ධාවන කාලයක් තියන Sci-Fi,Romance ගණයට වැටෙන ඇනිමේ චිත්‍රපටයක් මේකේ නම Uchiage Hanabi එහෙමත් නැත්නම් Fireworks කියල තමයි තියෙන්නේ.

ඒ වගේම මේ චිත්‍රපටය MyAnimelist දර්ශකයේ 6.10 වගේම IMDB දර්ශකයේ 5.6 වගේ අගයක් අරන් තියනවා. මේ ඇනිමේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙනේ Bakemonogatari, Fate වගේ විශිෂ්ඨ ඇනිමේඅධ්‍යක්ෂණය කරපු Shinbou Akiyuki කියන අධ්‍යක්ෂකවරයා Studio Shaft කියන ස්ටුඩියෝ ඒකත් එක්ක එකතු වෙලා තමයි මේ ඇනිමේ නිර්මාණය, නිර්මාණය කරලා තියෙන්නේ.

මේ ඇනිමේ එක ගැන පොඩි හැඳින්වීමක් කලොත්, මේ කතාවෙ නායකයා නොරිමිචි කියන සාමාන්‍ය ළමයෙක් හැමදාම ඉස්කෝලේ යනවා, යාලුවෝ ඉන්නවා, හැමදෙයකින්ම සාමාන්‍ය ළමයෙක් ඒ වගේම මේ පිරිමි ළමයා එක ගැහැණු ළමයෙක්ට හිතින් ආදරය කරනවා. ඒත් එයා ඒ ගැන කාටවත් කියන්නේ නැහැ මොකද එයාගේ හොඳම යාලුවත් ඒ ගැහැණු ලමයටම ආදරේ කරන නිසා, දවසක් ඒ ගැහැණු ළමයා නොරිමිචිගේ යාලුවගෙන් මල්වෙඩි බලන්න යන්න ආරාධනා කරනවා ඒත් මොකක් හරි හේතුවකට නොරිමිචිගේ යාළුවා ගැහැණු ලමයව මග අරිනවා. ඒත් නොරිමිචිට ඒ ගැහැණු ලමයව අහම්බෙන් හම්බ වෙලා දැනගන්නවා ඒ ගැහැණු ළමයා ගෙදර ප්‍රශ්නයක් නිසා ගෙදරින් පැනල යන්න සුදානම් වෙලා ඇවිල්ල තියෙන්නේ කියල. කොහොමින් කොහොම හරි නොරිමිචිත් තීරණය කරනවා ඒ ගැහැණු ළමයා එක්ක යන්න මොකද ඒ ගැහැණු ළමයත් ඇත්තටම ආදරය කරලා තියෙන්නේ නොරිමිචිට නිසා.

ඉතින් ඒ දෙන්නට යන්න පුළුවන් වෙයිද? මේ ගැන යාලුවා දන ගත්තම මොකක් වෙයිද ඉතින් මේවට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉතින් අදට අවසරයි. හැමෝටම සුභ අලුත් අව්රුද්දක් වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links..

ලබා දී ඇති උපසිරසියෙ BR පිටපත සදහා අදාළ වේ.

3,870 downloadsDownload Fireworks-2017-AKA-Uchiage-Hanabi.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

3,870 downloadsDownload Subtitles27 KB

17 comments

  1. මයුර

    50වෙනි සබ් එකට උනුසුම් සුබ පැතුම් මචන්.
    තවත් කඩ ඉම් ගණනාවක් පහු කරන්න ශක්තිය ලැබේවා.

  2. Pavith Wijesooriya

    50 උපසිරසියට මගෙනුත් සුබ පැතුම් අයියේ.මේකට සබ් දෙන්න කියලා මම ඉල්ලීමක් කරන්නමයි හිටියේ.ගොඩක් ස්තූතියි මේ ඇනිමේ එකට සබ් දුන්නට.ඔය ගැම්මෙන්ම දැන් ඊළඟ 50 කරමු.දිගටම ඇනිමේ වලට සබ් දෙන්න.ජය වේවා!

  3. එල්.සී. දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් :)
    තවත් 50ක් ඇනිමේවලින්ම බස්සමු.
    දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  4. kavinda gamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදුසරණයි දේවි පිහිටයි .

  5. Kasun

    50 වෙනි උපසිරැසියට සුබපැතුම්!!! දිගටම ඇනිමෙ වලට සබ් කරන්න.❤️❤️❤️

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ 50වෙනි උපසිරසියට සුබ පැතුම්

    1. Kasun

      Thanks brother

  7. Dinidu Ruwanara

    ටැන්කියු සබ් එකට අයියේ re zero එක complete නේ සබ් එක දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්❤️

  8. Pavith Wijesooriya

    ෆිලුම බලලා තමා මේ comment එක දාන්නේ.සබ් එක නම් සුපිරියටම තිබ්බා.හරිම ලස්සන ඇනිමේ එකක්.ආයේ ආයෙත් කියන්නේ,දිගටම ඇනිමේ වලට සබ් ඕනේ අයියේ.Re zero දෙන්න උත්සහයක් ගමු.ජය වේවා!!!❤️

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  10. indika75

    50වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!

  11. chanu mikhail

    thank u :)
    jaya..!

  12. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,attack on titan season 4 sub dennkoooo,budusarnai,jayawewa

  13. රොයිලි

    50හේ කඩ ඉමට උණුසුම් සුබ පැතුම් කවීෂ. ඉක්මනින්ම 100 ටත් යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  16. Pasan

    puluwan nam attack on titan eke ithuru takatath sub dennako