ආයුබෝවන්! ටික කාලෙකට පස්සෙ ඉතින් ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා. මං ඉතින් වෙන ඒවට කරන් නෑනෙ. සබක් කරන්න චිත්‍රපටියක් හොය හොය ඉද්දි අහන අහන චිත්‍රපටි වලට සබ් කරන්න භාර අරගෙන තිබුණා. ඒත් එක්කම තමයි මේ චිත්‍රපටිය හොඳම කොපියකුත් එක්ක එලියට ආවෙ. ඉතින් ආසාවෙන් බලල ඔන්න ඔයාලටත් බලන්…

ආයුබෝවන්! ටික කාලෙකට පස්සෙ ඉතින් ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා. මං ඉතින් වෙන ඒවට කරන් නෑනෙ. සබක් කරන්න චිත්‍රපටියක් හොය හොය ඉද්දි අහන අහන චිත්‍රපටි වලට සබ් කරන්න භාර අරගෙන තිබුණා. ඒත් එක්කම තමයි මේ චිත්‍රපටිය හොඳම කොපියකුත් එක්ක එලියට ආවෙ. ඉතින් ආසාවෙන් බලල ඔන්න ඔයාලටත් බලන්න අරගෙන ආවා. 2018 මාර්තු 9 වෙනිදා රිලීස් වුණු මේ චිත්‍රපටියට imdb 6.2 ක අගයක් ලැබිල තියෙනවා වගේම තමයි මේ චිත්‍රපටිය අදාළ වෙන්නෙ Romance/Comedy ගණයට.
1753 ජොසොන් වලට දරුණු ඉඩෝරයක් ඇතිවෙනවා. සෑහෙන කාලයක් ගියත් වැසි වැටෙන ලකුණක්වත් නැහැ. රජතුමා වැසි වස්සන්න මොන තරම් උත්සව කරත්, ආහාර සලාක අඩු කරත් හිරකාරයින්ව නිදහස් කලත් වැස්සක ලකුණක්වත් නැහැ. ජෝතිෂ්‍යවේදියො කියන හැටියට මේකට විසඳුමක් හැටියට ගැලපෙන දෙන්නෙක්ව එකතු කරල විවාහ මංගල්‍යයක් කරන්න ඕනෙ. ඒ වගේම තමයි අවුරුදු තුනකට වෙන්න තිබුණු විවාහයක් අවලංගු වුණු කුමාරියෙකුත් මේ මාලිගාවෙ ඉන්නවා. ඉතින් ජනතාවට ආදර්ශයක් ලබාදෙන්නත් එක්ක ඒ කුමාරිට සුදුසු මනාලයෙක් හොයල විවාහ කරල දෙන්න තමයි රජතුමාගෙ අදහස. මෙයාට ගැලපෙන මනාලයෙක්ට ඉල්ලුම් කරන්න මහජනතාවට පවා අවස්තාව දෙනවා. සුදුසුකම් බලල අවසානයේදි ඉතිරිවෙන කෙනාව තමයි කුමාරිකාවට බන්දලා දෙන්න ලෑස්තිය. ඉතින් අන්තිමේදී මනාල අපේක්ෂකයින් 4 දෙනෙක් ඉතිරිවෙනවා. මේ අපේක්ෂකයින් එක්ක කුමාරියගෙ කේන්දර ගැලපෙනවද බලන්න හුඟක් දක්ෂ නිමිති කියන්නෙක්ව රජතුමා හොයාගන්නවා. ඒ කියන්නෙ ජෝතිෂ්‍යවේදියෙක්ව. මේ අයගෙන් කෙනෙක් බඳින්න කලින් කුමාරිට මේ අය මොන වගේද කියල බලන්න ආසාවක් ඇතිවෙනවා.
ඉතින් මෙයා එයාගෙ සේවිකාව මාලිගාවෙ නවත්තලා ජීවිතේ පලවෙනි වතාවට මාලිගාවෙන් එලියෙ තියෙන ලෝකෙට අඩිය තියනවා. එතකොට මේ ලෝකෙ මොනතරම් වෙනස්වනසුලු ලෝකයකද කියල මෙයා තේරුම් ගන්නවා. මෙයා අදාළ මනමාලයින්ව බලන්න වෙස් වලාගෙන යන අතරෙදිම මේ කුමාරිකාවට අර ජෝතිෂ්‍යවේදියවත් මුණගැහෙනවා. ඒ වුණත් මෙයා දන්නෙ නෑ ඒ ඉන්නෙ කුමාරිකාව කියලා. ඉතින් මේ දෙන්න අතර මොනවගේ සම්බන්ධයක් ඇතිවේවිද කියල ඔයාල බලන්න. මම නම් ආසාවෙන් බැලුව කතාවක්. වැඩි විස්තර අදනම් කිව්වෙම නෑ. හුඟක් රසවත් සහ කුතුහලෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල මම හිතනවා. වැඩිය රසකරල ලිපිය නොලිව්වට කතාව ලස්සනයි කියල මම සහතික කරනවා. අදට එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,260 downloadsDownload The.Princess.and_.the_.Matchmaker.2018.Baiscopelk.com_.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
40 comments
Ravindu Dananjaya
geeganagamage
ලස්සන කොරියන් ෆිල්ම් එකක් වගේ බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවයට .
Shiromal
elama bn..Korian series ekak karamuko..
Thanks for sub..
Good Luck..Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sajiya99
Thanks saho sub ekata
sasala
thanks koriyan jok filmekak denakan balagena hitiye
God of film
Maru koriyan avama demu ela
Achi
කොරියන් ජපන් දෙන්න තැන්ක්ස්
බොබී
නියමයි සහෝ. කාලෙකින් හිත සතුටුවෙන කතාවක් දීලා තියෙන්නේ.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
chandika1975
thank you for sub
Thilina K dilruksha
THANKS BRO SUBS...... DIGATAMA SUBS DENNA
HeroSuji
Thank you aiye meka man bala gena hitiye sub eka denakal thamai tv21.org eke thwa lassna ewa thynwa ඒවාටත් denndoo thnks
Udara Damith Dissanayaka
කොරියන් ඒවා කොහොම අතහරින්ඩද
pubudu902092331v
mewa kohomada bn download karanne. korian movies
Kulanjana Maduranga
subata thanks saho...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයNilush Angana
Sub ekata thanx
TharakaWAS
Ela..ela..bro..
subata thanks..
lassana story 1kak wage...
balalama kiynnm...
jaya wewa...!!!Nimach273
Thanks sub akta......
Hiruni Himasha
ayyandiiiii tnqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq............ :-*
N_R
Thank You.
Deshani
Thank you
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
Lahiri
thankz saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewanavodya
tnx sub walata puluwannam the great battle (2018) monstrum(2018) sub denna..thanks..
hirutharindu
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bokKKKa thawa korean lovestoryyak oniiiii!!!!!!!!!!!!!!!!!
Dhfh
FT
Chami.S
Thanks..
Good Luck..tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!White_Horse
Thank you bro...
ramenabeysingha
thank you bro
Tharuka Dananjani
Good job
nuwanlankapriya
sub ekata tanks
BTC
Thanks.
ureshalakshani
thank you very much for subtitles
dinuka sudara
thank you
Lakshansilva18
Believer (2018)
Vanished (2018)
Keys to the heart (2018)
mey korean movies walata sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සතුටුයි සහෝ කොරියන් ෆිල්ම් එකක් බැලුවෙ නෑ කාලෙකින්