Watch Trailer

The Princess Bride (1987) with Sinhala Subtitles | “සැබෑ ආදරය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්…

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලොකු පොඩි බේදයක් නැතුව ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.

මෙය තිරගත වෙලා තිබෙන්නෙ 1987 වර්ෂයේදී. අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Rob Reiner විසින්.  Cary Elwes, Robin Wright, Chris Sarandon යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නෙ William Goldman නැමැති ලේඛකයා රචනා කෙරෑ The Princess Bride නැමැති නවකතාව ඇසුරින්. මේක IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවට අයත් එකක්.  8.1 ක් වැනි ඉහල මට්ටමෙ IMDB අගයක් ලබා මෙය IMDB දර්ෂකයේ 209 වෙනි තැන පසුවෙනවා. එමෙන්ම Hollywood Reporter වෙබ් අඩවිය 2014 වර්ෂයේදි නම් කෙරෑ Hollywood’s 100 Favorite Films කියන ලැයිස්තුවෙ මෙයට හිමි වී තිබෙන්නෙ 31 වෙනි තැන.  සාමාන්‍යයෙන් Fantasy / Romance / Family කතා වලට මෙච්චර ලොකු IMDB අගයන් ලැබෙන්නෙ කලාතුරකින්. එමෙන්ම මෙය තිරගත කෙරෑ අවධියෙන් පසු කාලීනව විශාල වශයෙන් ජනප්‍රිය වුනු චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

දැන් මං චිත්‍රපටියේ අන්තර්ගතය ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ කතාව පටන් ගන්නෙ රෝගී තත්වයෙන් පසුවන කුඩා මුණුබුරෙක්ට කතන්දර පොතක් කියවන සීයා කෙනෙක්ගෙන්. තම රෝගී තත්වයෙන් පසුවන මුණුබුරා බැහැදැකීමට එන මෙම සීයා තම මුණුබුරා හට “The Princess Bride” නැමැති මෙම නවකතාව කියවනවා. මෙන්න මේ කතන්දර පොතේ අන්තර්ගත වන සිද්ධිදාමය තමා මුළු චිත්‍රපටය තුළින්ම නිරෑපණය වෙන්නෙ. ඒ කතාව පැරණි රජ කාලේ කතාවක්. වේස්ලි සහ බටර්කප් නැමැති යොවුන් වියේ පසුවන ආදරයෙන් වෙලුන යුවලක් ගැන තමා  එහි අන්තර්ගත වෙන්නෙ. තම අනාගතය සාර්ථක කරගැනීමට වේස්ලි නාවිකයෙකු වී මුහුදු ගමනක නියැලෙනවා. ආපහු පැමිණෙනවා යැයි බටර්කප් හට පොරොන්දු වී ගියත් ඒ මුහුදු ගමන නිම කර නැවත ඔහුට ගෙදර එන්නට ලැබෙන්නෙ නෑ. ඉතිං මේ ආදරවන්තයින් දෙපලට නැවත එකතු වෙන්න ලැබේවිද? ඔවුන්ට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වෙයිද?

විනාඩි 98 ක ධාවන කාලයක් තිබෙන මෙම චිත්‍රපටය ඇත්තටම එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. ඉතිං ඔයාලා මේ චිත්‍රපටය රස විඳිවි යැයි කියා බලාපොරොත්තු වෙනවා. තවත් මෙවැනි චිත්‍රපටයකට උපසිරස රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.

ඔබ සැමට ජයෙන් ජය පතමි !

The Princess Bride (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Princess Bride.1987.720p.BRRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

429 downloadsDownload The-Princess-Bride-1987.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

James DC

Subtitles

429 downloadsDownload Subtitles56 KB

21 comments

  1. Mahesh Fernando

    තැන්ක්ස් සහෝ උපසිරස දුන්නට ඔන්න අද මම තමා මුලින්ම බාගන්නේ :)

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. tharindu gunarathna

    thanks thanks thanks

  4. Chami.S

    Thanks...

  5. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  6. අසිත

    මෙය නොබැලූ දෑස් කුමට?
    බොහොම පින් සහෝ.

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    1. LSM HUSKAA

      aniwa bro mewwa tama film!!

  7. අසිත

    ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ දෙන්න...
    North by Northwest (1959) (IMDB 250)
    Strangers on a Train (1951) (IMDB 250)
    Rope (1948)
    Rebecca (1940)

    1. James DC

      Rebecca , North by Northwest කියන ෆිල්ම් දෙක මං ගාව තියෙනවා. වේලාවක් තිබ්බොත් ඒ දෙකට දෙන්නම්.

    2. අසිත

      තද තද බ්‍රෝ

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔයා සබ් දෙන ෆිල්ම් ගැන නම් මම දෙපාරක් හිතන්නෑ. ලස්සනම සිනමා නිර්මාණ වලට තමයි ඔබ නිරතුරු සබ් දෙන්නේ. ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Chalana Rukshan

    thnx bro...

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. Dulanga

    Thanks

  13. LSM HUSKAA

    බොහෝම ස්තූතියි සහෝ

  14. anunethu

    Thank you saho...when harry met sally movie ekata sub demeda

  15. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  16. ricadodamien

    Thank U James brother & baiscope team for the sub, all the best to baiscope team........

  17. Hashan M. Priyadarshana

    Thank you bro

  18. sasanka

    thanks for the sub