Watch Trailer

The Proposal (2009) Sinhala Subtitles | මෙහෙමත් මගුල්! [සිංහල උපසිරැසි සමග]

ප්‍රධාන සංස්කාරකතුමී – මාග්‍රට් ටේට් ඉස්සරහ දොරෙන් ඇතුළු වෙද්දිම කාර්යාලේ ඇතුළ මීයට පිම්බා වගේ වුනා. ” එයා එනවා” කියන පණිවුඩේ පරිගනක තිරෙන් තිරේට දිස් වෙන්න ගත්තා, මෙච්චර වෙලා අල්ලාප සල්ලාපයේ හිටපු සේවිකාවෝ දෙන්නා ඔලුව නවා ගෙන හෝ ගාලා වැඩ කරන්න ගත්තා. සමහරු කකා හිටපු කෑම එක පැත්තක හංඟල වැඩට බැස්සා.…

ප්‍රධාන සංස්කාරකතුමී – මාග්‍රට් ටේට් ඉස්සරහ දොරෙන් ඇතුළු වෙද්දිම කාර්යාලේ ඇතුළ මීයට පිම්බා වගේ වුනා. ” එයා එනවා” කියන පණිවුඩේ පරිගනක තිරෙන් තිරේට දිස් වෙන්න ගත්තා, මෙච්චර වෙලා අල්ලාප සල්ලාපයේ හිටපු සේවිකාවෝ දෙන්නා ඔලුව නවා ගෙන හෝ ගාලා වැඩ කරන්න ගත්තා. සමහරු කකා හිටපු කෑම එක පැත්තක හංඟල වැඩට බැස්සා. අන්තිම මොහොතේ පණිවුඩේ ආව තවත් සමහරු මුළු මුළු වල හැංගුනා. හැබැයි, ප්‍රධාන සංස්කාරකතුමීගේ සහයකයා – ඇන්ඩෘ පැක්ස්ටන් විතරක් වෙනදා වගේම මූණේ හිනාව පුරව ගෙන, එක අතකින් කෝපි කෝප්පෙකුත් අල්ල ගෙන, ඇය එනකල් බලා හිටියා. ඒත්, ඒ හිනාවට යටින් තිබුනේ කවදා මේ වධකාරිගෙන් නිදහස් වෙන්නද කියන සිතිවිලිවිල්ල විතරයි!

ඊටත් විනාඩි 15කට විතර පස්සේ, සේවකයන්ට බොහොම තදින් සලකන, කතාවෙන් ඕනම කෙනෙක්ව නම්ම ගන්න පුලුවන්, කාටවත් දෙවෙනි නොවෙන කෙනෙක් වුන මාග්‍රට් කියනවා එයයි, එයාගේ සහයකයා ඇන්ඩෘයි බඳින්නයි යන්නේ කියල. මේ කතාව කනින් කන ගියාම විසුමක් නැති වුනේ අසරණ ඇන්ඩෘට! ඒ වෙද්දී, ඇන්ඩෘවත් දැනන් හිටියේ නෑ, මාග්‍රට් මෙහෙම කරන්නේ එයාගේ වීසා කාලය අවසන් වුන නිසා කියනෙක ගැන! ඒත්, ඒ තරම් ලේසියෙන් මේ දෙන්නට විවාහ වෙන්න ලැබෙන්නේ නෑ. එහෙමනම්, බොහොම රසබර සිනමා අත්දැකීමක් විඳගන්න එක්කාසු වෙන්න…!

කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට අත ගැහුවේ. ඒකත් අසංක අයියගේ ඉල්ලීමට. චිත්‍රපටියේ නම The Proposal 2009. මං හිතන්නෙ නම කිව්ව ගමන් බොහෝ දෙනා දන්න චිත්‍රපටයක්, සමහරවිට බලලත් ඇති. පුදුමේ කියන්නේ මේක අපේ උපසිරැසිකරුවන්ට මඟ ඇරුනෙකයි. 2009 වසරේ ආව චිත්‍රපටයක්නේ. පමා වෙලා හරි සිංහල උපසිරැසිය අද මේ විදියට දෙන්න අවස්ථාව සැලසුවට අසංක අයියට ස්තූතිවන්ත වෙනවා.

මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.7 ක අගයක් රඳවගන්න මේ චිත්‍රපටය ඇතුළත් වෙන්නේ හාස්‍යජනක, ආදර, නාට්‍යමය වර්ගයට. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Anne Fletcher. මේ චිත්‍රපටයේ මාග්‍රට් ටේට් ගේ චරිතයට පණ පොවන්නේ හැමෝම දන්න සුපිරි නිළිය Sandra Bullok. Best Performance by an Actress in a Motion Picture- Comedy or Musical කියන කැටගරිය යටතේ ඇය මෙහි කරන විශිෂ්ට රංගනය වෙනුවෙන් Golden Globe සම්මානය සඳහා නිර්දේශ වෙලා තියනවා, ඊට අමතරව තවත් සම්මාන 19 කට නිර්දේශ වුන මේ අපූරු සිනමා සිත්තම දිනා ගන්නට සමත් වූ සම්මාන ගණන 7ක්. අනෙක් වැදගත්ම දේ තමයි ඇන්ඩෘ පැක්ස්ටන්ගෙ චරිතෙන් හමු වෙන්නේ සුපිරි නලු Ryan Reynolds වීම. ඉතින් මේ දෙන්නා ඉන්නවා කියන්නේ ආයිත් අටුවා ටිකා ටිප්පනි ඕනම නෑ කියලයි මං හිතන්නේ.
ආරාධනා කරනවා, හැම කෙනෙක්ටම මේ අපූරු සිනමා සිත්තම නරඹන්න කියල!

ආයුබෝවන්!

පෙර පලකරන ලද ලිපිය

මේ කියන්න යන්නෙ අලුත් වගේම ගොඩක් රසවත් චිත්‍රපටයක් ගැනයි.. IMDB රේටින්ග්ස් වල 6.7/10 ක් ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය ඔයාල හැමෝම ආසාවෙන් රසවිදියි කියල හිතනව..

මෙන්න මෙහි කතාව, මාගරට් කියන්නෙ විශාල පොත් ප්‍රකාශන සමාගමක ඉහළම තනතුරක් දරන, ඒ වගේම ඇයගේ සේවකයන්ට බොහොම තදින් සලකන විදේශික කාන්තාවක්.. ඇන්ඩෲ කියන්නෙ ඇගේ කාර්යාල සහායකය.. දවසක් ඇයට ඉහළ නිළදාරින් කතා කරල කියනව ඇයගේ වීසා කාලය අවසන් වී ඇති බැවින් නැවතත් තම මව් රටට යන්න කියල.. ඒකට අකමැති වෙන ඇය තීරණය කරනව ඇමරිකානුවෙක්ව කසාද බදින්න.. හැම දේකදිම වගේ මෙතනදිත් ඇයට මතක් වෙන්නෙ ඇගේ කාර්යාල සහායකය වන ඇන්ඩෲවම තමයි.. ඇන්ඩෲගෙ සිහිනය තමයි මෙම ආයතනයේ ඉහළ නිළයකට පත් වීම.. ඒ අනුව ඔහුත් තීරණය කරනව ඇයව බදින්න.. නමුත් මෙහෙම පුරවැසි භාවය ලබාගැන්මට ව්දේශිකයන් ඇමරිකානුවන් හා විවාහ වීම සුලබ දෙයක් නිසා ඔවු දෙදෙනාට පරීක්ෂන ගොඩකට මුහුණ දෙන්න වෙනව..

ඇත්තටම කතාව බොහොම ලස්සනයි.. ආදරණීයයි.. ඔයාල හැමෝම මේ ආදරණීය කොමඩි චිත්‍රපටය රසවිදියි කියල හිතනව!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

12,576 downloadsDownload The-Proposal-2009.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

12,576 downloadsDownload Subtitles70 KB

69 comments

  1. උදිත ඉසුරංග

    අපොයි බැලුව බැලුව ඇත්තටම ලස්සන ආදරණීය එකක්

  2. Chathu

    හරි හරි බලන්නම්.....:)Thanks!!!!!!!!!!

  3. Suvin

    Mmmmmm.... maru! meka nam aththatama hinaa wenna puluwan movie ekak! a wagema love story ekath godak lassanai! poddak wath kammali naa!

  4. chamila

    apith balanna o-ne... :(

  5. chathurarcrc

    ඔප්ස්.ආදරණීය....

  6. හසී

    මල මඟුලයි....!!! :O
    මගේ ෆිල්ම්ස් එකතුවට තවත් ලව් ස්ටෝරියක්... :D
    පට්ට....

  7. kathu

    එළකිරි film එකක්..!! මම බැලුවා..!

  8. maneesh

    LOVE STORY ekak.....ela...

  9. Udara | රොකියා

    මල මඟුලයි නේන්නම්, දවස් දෙකක් බයිස්කෝප් නැතුව හිටියා.
    මේ ෆිල්ම් එකනම් කියල වෙඩක් නෑ. මෝඩ ජෝක් නැති ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්. හැබැයි අනිතිම ටිකනම් මට ඇල්ලුවෙ නෑ. Sandra Bullock සහෝදරිය කොහොමත් දස්සයනෙ !

  10. DareDevil87

    මොකද යකුනේ උනේ... දවස් 2ක් මං හරියට කෑවෙත් නෑ...!!!

  11. ගෝලයා

    @උදිත ඉසුරංග, Suvin, chamila, හසී, kathu, maneesh : ඔව් මචං, පට්ට පතුරු බයිස්කෝප් එකක්.. :)

    @Udara | රොකියා, DareDevil87 : අෆොයි දෙයියනේ. දැන් ඉතින් හෙට ඉදලා ආයෙත් හොඳට කන්න බොන්න පුළුවනි. කට්ටියගේම ර්වුටර් වලට අබ සරණයි. :D

  12. Anonymous

    Amme kaalekata passe oluwa nidahas karagannath ekka honda simple n sweet comedy story ekak balanna puluwanwei kiyala hitanawa

  13. Anonymous

    Mokada mee mava nirnamika kiyala wetenne mama google ID eken set welaane inne biascope site ekata??

  14. පොතේ ගුරා

    @නිර්නාමික !මචෝ මේක බ්ලොගර් නෙවෙයිනෙ.. :D ආයෙ උත්සාහ ක‍රල බලපන්..

  15. Uraj Deemantha

    ඔන්න දැම්මා බාන්න..... :D අදනේ ටෙලිෆෝන් හැදුවේ.... :) දැන් ඉතින් රවුටරේට අබසරණයි තමා....:P

  16. Anonymous

    best

  17. Sha

    i watched this movie.. its a very nice 1.........

  18. gihan

    මේකට සිංහල සබ් එකක් දානවද

  19. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  20. aadsaravinda

    English terenne naaa. sub danna plz

  21. maduranga

    meke subtitle eka dammada nattan, post eka witarada

  22. gihian

    thanks brother

  23. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරිය.....

  24. Dhinusi

    Math baiscope eke me film eke sub eka search kara sub eka thibune na. Film eka gana hadinveemak vitharayi thibune. Godak sthuuthiyi sub eka dunnata. Mn dakka baiscope eke patangaththa dawaswalama oya wage hadinweemak pamanak karapu sub nathi thawa lassana film tikak thiyenawa ewatath sub danna puluwannam loku deyak...

  25. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  26. dasundasun

    godak thanzz

  27. gihan perera

    ගොඩක් ස්තුතියි sis....මේක උපසිරැසි නැතුව බැලුවානෙ..දැන් ආයෙත් බලන්න ඕන...ගොඩක් ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි sis...ජය වෙිවා ඔයාගෙ සියලු වැඩකටයුතුවලට....

  28. Nilush Angana

    Sub ekata thanx

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අක්කේ උපසිරසට.ගොඩ කාලෙකින්නේ උපසිරසක් අරන් ඇවිත් තියෙන්නෙ. මේකෙ සබ කරපු එකනම් මාර වටිනවා. අර කිව්වත් වගේ කට්ටියගෙන් මේක කොහොම මගහැරුනද මංදා..තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි..!

  30. ප්‍රණීත් චින්තක

    අරිසෙන් අයියා ඕකට ඉස්සර සබක් දීලා තිබුනා. නැතිනං මෙලහකටත් මම ඕක කරලා. :D :D :P

  31. Madhushanka

    Thanks

  32. slrohan

    Thanks..........

  33. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  34. Sahan Bandara

    thx for sub

  35. dhanuha vk

    THANKS

  36. gayan215

    bohoma sthuthi sahodari...

  37. sachithra

    tnx akki ( අක්කද දන්නේ නැ හොදේ)

  38. Pradeep Rathnayake

    thx helili..

  39. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  40. Malinda

    Ammo deda inna ekak.

  41. pasindu sri

    thanx

  42. Ishan Madusha

    බොහොම ස්තූතියි

  43. harshani11112

    ස්තුති යෙහෙළිය .......

  44. Milinda Rukshan

    thanks

  45. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  46. Sajithlakshan

    බොහොම ස්තූතියි

  47. Pramukmili

    thanxx sis....

  48. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Mr. Pool ඉන්න කොමඩියක් නම් බලන්නම ඕනේ...

  49. tharindu gunarathna

    thanks

  50. shiyamal

    Thank so...mutch

Load more comments