මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර…

මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර්ස්. කතා කරනකොට තමයි තේරුනේ, මිනිහට මානසික ආබාධයකුත් තියෙනවා කියලා. කාටවත් කරදරයක් කරන ජාතියේ කෙනෙකුත් නෙවෙයි. ඒත් කොහොමද මෙච්චර හොඳට වාදනය කරන්නේ. මම එයා ගැන හොයන්න පටන් ගත්තා. ලේසි නෑ. මිනිහගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක්. එදා නම් නිකමටවත් හිතුනේ නෑ, දවසක මේ මිනිහා මේතරම් මගේ ජීවිතයට සමීපවෙයි කියලා. මම නවාතැනක් හොයලා දෙන්නත් හැදුවා. ඒත් මිනිහා පාර දාලා එන්න බෑ කියලා කියනවා. කොහොමද මම මේ මනුස්සයට උදව් කරන්නේ?
The soloist චිත්‍රපටය 2009 දි බ්‍රිතාන්‍ය-ඇමරිකානු නිර්මාණයක් විදියටයි එළි දැක්වුණේ. Joe Wright අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ The Amazing Spider-Man 2, Collateral වැනි චිත්‍රපට වල රඟපෑ Jamie Foxx සහ හැමෝම හඳුනන අයන් මෑන් නැත්නම් Robert Downey, Jr කියන විශිෂ්ට නළු දෙපළයි. තමන්ගේ සත්‍ය අත්දැකීම් ඇසුරින් Steve Lopez නම් මාධ්‍යවේදියා විසින් ලියන ලද The Soloist: A Lost Dream, an Unlikely Friendship, and the Redemptive Power of Music නම් සම්මානනීය කෘතිය තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. චරිත කතා, නාට්‍යමය, සංගීතමය කියන වර්ගීකරණයට ඇතුළත් මේ චිත්‍රපටයට, සම්භාව්‍ය චිත්‍රපට නරඹන රසිකයන් නම් වඩාත් කැමති වෙයි කියලා හිතනවා.
ඉතින් මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තියෙන්නේ 2009 ඉඳන්මයි. දැන් නම් ගොඩක් කට්ටිය මේක බලලත් ඇති. මම නම් මේක බලලා තිබුනේ නෑ කලින්. කොහොමවුනත්, Robert Downey, Jr ට මගේ තියෙන පිස්සුව නිසාත්, මේක නැතිවුනොත් බයිස්කෝප් අඩවියට අඩුවක් වෙයි කියලා හිතුන නිසාත් නිකමට හදලා දැම්මේ. ගිය වතාවේ මම උපසිරැසි හැදුව Chaplin (1992) චිත්‍රපටයට කමෙන්ටු දැම්ම, මාව දිරිමත් කළ හැමෝටමත් අනිවාර්යයෙන් ස්තූති කරන්න ඕනි. ඉතින් මේකට පස්සේ RDJ ගෙම Kiss Kiss Bang Bang චිත්‍රපටයට උපසිරැසි අරගෙන මම ආයෙත් එනවා. එතෙක් හැමෝටම ආයුබෝවන්!
පෙර පළවූ ලිපිය…
මේ කියන්න යන්නෙ හදවතට කතා කරන නිර්මාණ වලට කැමති අයට හොද ආරංචියක්..තවත් විදියකට කිව්වොත් හදවත සසළ කරවන චිත්‍රපටයක්,වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක්,ජනප්‍රිය නලුවන් දෙදෙනෙකු වන Robert Downey Jr හා Jamie Foxx ගේ සුවිශේෂී රංගනය නිසා මේ ෆිල්ම් එක තවත් හැඩ වෙලා තියෙනව..ඇත්තටම ඇමරිකානු චිත්‍රපටයකින් කලාතුරකින් කතා වෙන මාතෘකාවක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතා වෙන්නෙ..අගය කලා ඇතිනෙ..
මෙන්න මෙහෙමයි කතාව.. ස්ටීව් ලෝපේස් කියන්නෙ පත්තර වාර්තාකරුවෙක්..ඔහු දිනක් දකිනව පාරෙ ඉදගෙන වයලීනයක් වාදනය කරන පුද්ගලයෙක්ව..හරියටම කියනව නම් මානසික ආභාදයකින් පෙළෙන වයලීන් වාදකයෙක්..පත්තරයට මොහු ගැන ලියන්න හිතාගෙන ස්ටීව් මොහුත් එක්ක කතා කරනව..ඔහුට දැනගන්න ලැබෙනව බොහොම ලස්සන,වෙනස් ජීවිත කතාවක්..ඔහු මේ ගැන පත්තරේට ලියනව..ඒ ලිපි බොහොම ජනප්‍රිය වෙනව..හැමෝම මේ වයලීන් වාදකයට ආදරය කරන්න ගන්නව..කාලය මෙහෙම ගෙවිල යනව..මේ දෙදෙනා හොදම යාලුවන් වෙනව..ස්ටීව්ට ඕන කොහොම හරි මේ අපූරු සංගීත්ඥයාව මානසික ආභාධයෙන් මුදවගෙන ඔහුගේ පාර පෙන්වාදෙන්න..
නමුත් මේ කිසිවක් සිතන අයුරින් සිදු වෙයිද?මේ මිතුදම හරහා අපිට පෙන්වන සමාජයේ එක්තරා පැතිකඩක් ගැන අවභෝධයක් ලබාගන්න පුලුවන් වෙයි අවධානයෙන් මේ ෆිල්ම් එක බැලුවොත්..ඇත්තටම හදවතට කතා කරන නිර්මාණයක්..නාට්‍යමය චිත්‍රපට වල කැමති ඔයාල හැමෝම මේක ආසාවෙන් රසවිදියි කියල නම් මට සහතිකයි..! 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,906 downloadsDownload The-Soloist-2009.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
34 comments
chamila
උමේෂ්
මැක්සා... බාමි...
උදන්‍ත අනුරාද
බෑවෙමි...
දැන් තියෙන්නේ බලන්න තමා...තෑන්‍ක්‍ස්..kolla
අනිවා හෙට බානවො..තෑන්ක්ස් ගුරො!
පොතේ ගුරා
@chamila ! :D :D හික්z..කණ නම් පැලුනත් මොකද බන් මෙහෙම හොද ෆිල්ම් එකක් බලල! :P
@උමේෂ් !අනිවා මචන්..උඹ ආස වෙයි මේකට.. :)
@උදන්‍ත අනුරාද !වෙල්කම් මචෝ..
@kolla !එළ එළ..එතකොට හෙට ෆිල්ම් එක බාන්නෙ කවද්ද? :D
AL1717
Ow MAma Hithuwe Mek Mechara Negala Yai kiyala
Bala Balana kota thamai Sean Eka Terune...
Ela eLA
bALAPU nETHI aYA BALANNA.panchaz
machan apita dan me wage aawa balala epa wela thiyenne ban pls heta daapanko hoda unrated comedyak balanna....
දිසා
නියමයි මචන් මම දැන්ම බානවා දැන් සතියක් වෙනවා ගෙදර ටෙලිපොන් එක කපලා එත් SLT ADSL වැඩ එකත් කපන්න පෙර බාන්න ඔනි
kathu
අනිවා බාමි....!! පට්ට film එකක් වගෙ.. ගුරාට පින්..
පොතේ ගුරා
@AL1717 ! අනිවා මචන්..හිතට වැදෙන ෆිල්ම් එකක්.. :)
@panchaz ! :) හෙට දාන්නම් මචෝ එකක්..
@දිසා ! අෆොයි..නෙට් එක නැතුව කොහොමද බන් ඉන්නෙ.. :( ඉක්මනට මොනව හරි කරපන්!
@kathu! :) එළ,බාල බලපන්කො කොහොම්ද කියල.. :)
kolla
@පොතේ ගුරා!මටමයි වෙන්නෙ
චමි.දේ.වා.
ඔන්න මමත් බාමි.................
dilleepa
banna limit eka nam panala? moko karanne.
chathurarcrc
හයියො අපිට ADSL slow වෙලා.මේ පැත්තට අලුතෙන් මොනද හයි කරනවලු.ෆිල්ම් එක බාන්න විදිහක් නැ.මට වතුර නාල මැරෙන්න හිතෙනවා....හයියො....
Nilufe
Thanks :)
පොතේ ගුරා
@kolla !හික්z..අද දාන ෆිල්ම් එක නම් උඹ අනිවා බලන්න ඕන! :)
@චමි.දේ.වා.! එළ එළ සහෝ.. :)
@dilleepa !අයියෝ.. :( එහෙනම් මෙ දවස් ටිකේ දාන ෆිල්ම් වලින් වැඩියෙන් හොදයි කියල හිතෙන එකක් විතරක් බාගනින්..නැන්නම් අපරාදෙනෙ.. :)
@chathurarcrc !අෆොයි,ඛේදයකි!ඉක්මනට ඕක හදන්න කියල තර්ජනය ක‍්රපන් ඇස් ඇල් ටී එකට! :D
@Nilufe ! වෙල්කම් මචෝ.. :)
änthräX
මාරම ගති..
රොයිලි
අනේ පොතේ ගුරෝ මට මේකේ සබ් ෆයිල් එක හොයල දියන්කෝ.
Naween
හපොයි...මේක නම් බලන්නම ඕනේ.උපසිරැසි තිබ්බනම් එළ.පිංවන්තයෙක් මේකටත් උපසිරැසි දෙන්න....කණට නොව හදවතටම දැනෙන්න...!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinuweerakkody
බොහොම ස්තූතියි සබ් එකට! පුලුවන්නම් Midnight Runners
(2017) film එකටත් සබ් එක කරන්න..
ජයෙන් ජයTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!යුරාන් ධනුක
බොහොම ස්තූතියි !!! :D
jagath55
Thanks
Kanchaka
Thanks bro
Suresh Madhusanka
thanks bro......
visartnadeera
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
ricadodamien
Thank You Bobby brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
thanks saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගුරාගේ වැඩ නිසා හදවත කෙසේ වෙතත් ගෙදරින් කණ පරිස්සම් කරගන්න ඕන.... :(