Watch Trailer

The Soloist (2009) Sinhala Subtitles | සවන් යොමනු මැන, සංගීතයට නොව මිනිසත්කමට… [සිංහල උපසිරසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර…

මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර්ස්. කතා කරනකොට තමයි තේරුනේ, මිනිහට මානසික ආබාධයකුත් තියෙනවා කියලා. කාටවත් කරදරයක් කරන ජාතියේ කෙනෙකුත් නෙවෙයි. ඒත් කොහොමද මෙච්චර හොඳට වාදනය කරන්නේ. මම එයා ගැන හොයන්න පටන් ගත්තා. ලේසි නෑ. මිනිහගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක්. එදා නම් නිකමටවත් හිතුනේ නෑ, දවසක මේ මිනිහා මේතරම් මගේ ජීවිතයට සමීපවෙයි කියලා. මම නවාතැනක් හොයලා දෙන්නත් හැදුවා. ඒත් මිනිහා පාර දාලා එන්න බෑ කියලා කියනවා. කොහොමද මම මේ මනුස්සයට උදව් කරන්නේ?

The soloist චිත්‍රපටය 2009 දි බ්‍රිතාන්‍ය-ඇමරිකානු නිර්මාණයක් විදියටයි එළි දැක්වුණේ. Joe Wright අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ The Amazing Spider-Man 2, Collateral වැනි චිත්‍රපට වල රඟපෑ Jamie Foxx සහ හැමෝම හඳුනන අයන් මෑන් නැත්නම් Robert Downey, Jr කියන විශිෂ්ට නළු දෙපළයි. තමන්ගේ සත්‍ය අත්දැකීම් ඇසුරින් Steve Lopez නම් මාධ්‍යවේදියා විසින් ලියන ලද The Soloist: A Lost Dream, an Unlikely Friendship, and the Redemptive Power of Music නම් සම්මානනීය කෘතිය තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. චරිත කතා, නාට්‍යමය, සංගීතමය කියන වර්ගීකරණයට ඇතුළත් මේ චිත්‍රපටයට, සම්භාව්‍ය චිත්‍රපට නරඹන රසිකයන් නම් වඩාත් කැමති වෙයි කියලා හිතනවා.

ඉතින් මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තියෙන්නේ 2009 ඉඳන්මයි. දැන් නම් ගොඩක් කට්ටිය මේක බලලත් ඇති. මම නම් මේක බලලා තිබුනේ නෑ කලින්. කොහොමවුනත්, Robert Downey, Jr ට මගේ තියෙන පිස්සුව නිසාත්, මේක නැතිවුනොත් බයිස්කෝප් අඩවියට අඩුවක් වෙයි කියලා හිතුන නිසාත් නිකමට හදලා දැම්මේ. ගිය වතාවේ මම උපසිරැසි හැදුව Chaplin (1992) චිත්‍රපටයට කමෙන්ටු දැම්ම, මාව දිරිමත් කළ හැමෝටමත් අනිවාර්යයෙන් ස්තූති කරන්න ඕනි. ඉතින් මේකට පස්සේ RDJ ගෙම Kiss Kiss Bang Bang චිත්‍රපටයට උපසිරැසි අරගෙන මම ආයෙත් එනවා. එතෙක් හැමෝටම ආයුබෝවන්!

පෙර පළවූ ලිපිය…

මේ කියන්න යන්නෙ හදවතට කතා කරන නිර්මාණ වලට කැමති අයට හොද ආරංචියක්..තවත් විදියකට කිව්වොත් හදවත සසළ කරවන චිත්‍රපටයක්,වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක්,ජනප්‍රිය නලුවන් දෙදෙනෙකු වන Robert Downey Jr හා Jamie Foxx ගේ සුවිශේෂී රංගනය නිසා මේ ෆිල්ම් එක තවත් හැඩ වෙලා තියෙනව..ඇත්තටම ඇමරිකානු චිත්‍රපටයකින් කලාතුරකින් කතා වෙන මාතෘකාවක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතා වෙන්නෙ..අගය කලා ඇතිනෙ..

මෙන්න මෙහෙමයි කතාව.. ස්ටීව් ලෝපේස් කියන්නෙ පත්තර වාර්තාකරුවෙක්..ඔහු දිනක් දකිනව පාරෙ ඉදගෙන වයලීනයක් වාදනය කරන පුද්ගලයෙක්ව..හරියටම කියනව නම් මානසික ආභාදයකින් පෙළෙන වයලීන් වාදකයෙක්..පත්තරයට මොහු ගැන ලියන්න හිතාගෙන ස්ටීව් මොහුත් එක්ක කතා කරනව..ඔහුට දැනගන්න ලැබෙනව බොහොම ලස්සන,වෙනස් ජීවිත කතාවක්..ඔහු මේ ගැන පත්තරේට ලියනව..ඒ ලිපි බොහොම ජනප්‍රිය වෙනව..හැමෝම මේ වයලීන් වාදකයට ආදරය කරන්න ගන්නව..කාලය මෙහෙම ගෙවිල යනව..මේ දෙදෙනා හොදම යාලුවන් වෙනව..ස්ටීව්ට ඕන කොහොම හරි මේ අපූරු සංගීත්ඥයාව මානසික ආභාධයෙන් මුදවගෙන ඔහුගේ පාර පෙන්වාදෙන්න..

නමුත් මේ කිසිවක් සිතන අයුරින් සිදු වෙයිද?මේ මිතුදම හරහා අපිට පෙන්වන සමාජයේ එක්තරා පැතිකඩක් ගැන අවභෝධයක් ලබාගන්න පුලුවන් වෙයි අවධානයෙන් මේ ෆිල්ම් එක බැලුවොත්..ඇත්තටම හදවතට කතා කරන නිර්මාණයක්..නාට්‍යමය චිත්‍රපට වල කැමති ඔයාල හැමෝම මේක ආසාවෙන් රසවිදියි කියල නම් මට සහතිකයි..! 🙂

Size Zero (2015)

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,907 downloadsDownload The-Soloist-2009.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Rank: Gold
Ratings
Reviews
0

Subtitles by

බොබී

Gold

View profile
Subtitles
67
Downloads
204.1K
Readers' rating
No reviews yet

Write a review of බොබී →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1,907 downloadsDownload Subtitles58 KB

34 comments

  1. chamila

    ගුරාගේ වැඩ නිසා හදවත කෙසේ වෙතත් ගෙදරින් කණ පරිස්සම් කරගන්න ඕන.... :(

    Reply
  2. උමේෂ්

    මැක්සා... බාමි...

    Reply
  3. උ‍ද‍න්‍ත‍ අ‍නු‍රා‍ද‍

    බෑ‍වෙ‍මි‍...
    දැ‍න්‍ ති‍යෙ‍න්නේ බ‍ල‍න්න ත‍මා‍...තෑ‍න්‍ක්‍ස්‍..

    Reply
  4. kolla

    අනිවා හෙට බානවො..තෑන්ක්ස් ගුරො!

    Reply
  5. පොතේ ගුරා

    @chamila ! :D :D හික්z..කණ නම් පැලුනත් මොකද බන් මෙහෙම හොද ෆිල්ම් එකක් බලල! :P

    @උමේෂ් !අනිවා මචන්..උඹ ආස වෙයි මේකට.. :)

    @උ‍ද‍න්‍ත‍ අ‍නු‍රා‍ද‍ !වෙල්කම් මචෝ..

    @kolla !එළ එළ..එතකොට හෙට ෆිල්ම් එක බාන්නෙ කවද්ද? :D

    Reply
  6. AL1717

    Ow MAma Hithuwe Mek Mechara Negala Yai kiyala
    Bala Balana kota thamai Sean Eka Terune...
    Ela eLA
    bALAPU nETHI aYA BALANNA.

    Reply
  7. panchaz

    machan apita dan me wage aawa balala epa wela thiyenne ban pls heta daapanko hoda unrated comedyak balanna....

    Reply
  8. දිසා

    නියමයි මචන් මම දැන්ම බානවා දැන් සතියක් වෙනවා ගෙදර ටෙලිපොන් එක කපලා එත් SLT ADSL වැඩ එකත් කපන්න පෙර බාන්න ඔනි

    Reply
  9. kathu

    අනිවා බාමි....!! පට්ට film එකක් වගෙ.. ගුරාට පින්..

    Reply
  10. පොතේ ගුරා

    @AL1717 ! අනිවා මචන්..හිතට වැදෙන ෆිල්ම් එකක්.. :)

    @panchaz ! :) හෙට දාන්නම් මචෝ එකක්..

    @දිසා ! අෆොයි..නෙට් එක නැතුව කොහොමද බන් ඉන්නෙ.. :( ඉක්මනට මොනව හ‍රි ක‍රපන්!

    @kathu! :) එළ,බාල බලපන්කො කොහොම්ද කියල.. :)

    Reply
  11. kolla

    @පොතේ ගුරා!මටමයි වෙන්නෙ

    Reply
  12. චමි.දේ.වා.

    ඔන්න මමත් බාමි.................

    Reply
  13. dilleepa

    banna limit eka nam panala? moko karanne.

    Reply
  14. chathurarcrc

    හයියො අපිට ADSL slow වෙලා.මේ පැත්තට අලුතෙන් මොනද හයි කරනවලු.ෆිල්ම් එක බාන්න විදිහක් නැ.මට වතුර නාල මැරෙන්න හිතෙනවා....හයියො....

    Reply
  15. Nilufe

    Thanks :)

    Reply
  16. පොතේ ගුරා

    @kolla !හික්z..අද දාන ෆිල්ම් එක නම් උඹ අනිවා බලන්න ඕන! :)

    @චමි.දේ.වා.! එළ එළ සහෝ.. :)

    @dilleepa !අයියෝ.. :( එහෙනම් මෙ දවස් ටිකේ දාන ෆිල්ම් වලින් වැඩියෙන් හොදයි කියල හිතෙන එකක් විත‍රක් බාගනින්..නැන්නම් අප‍රාදෙනෙ.. :)

    @chathurarcrc !අෆොයි,ඛේදයකි!ඉක්මනට ඕක හදන්න කියල තර්ජනය ක‍්රපන් ඇස් ඇල් ටී එකට! :D

    @Nilufe ! වෙල්කම් මචෝ.. :)

    Reply
  17. änthräX

    මාරම ගති..

    Reply
  18. රොයිලි

    අනේ පොතේ ගුරෝ මට මේකේ සබ් ෆයිල් එක හොයල දියන්කෝ.

    Reply
  19. Naween

    හපොයි...මේක නම් බලන්නම ඕනේ.උපසිරැසි තිබ්බනම් එළ.පිංවන්තයෙක් මේකටත් උපසිරැසි දෙන්න....කණට නොව හදවතටම දැනෙන්න...!

    Reply
  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    Reply
  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

    Reply
  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  23. kavinuweerakkody

    බොහොම ස්තූතියි සබ් එකට! පුලුවන්නම් Midnight Runners
    (2017) film එකටත් සබ් එක කරන්න‍..
    ජයෙන් ජය

    Reply
  24. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  25. යුරාන් ධනුක

    බොහොම ස්තූතියි !!! :D

    Reply
  26. jagath55

    Thanks

    Reply
  27. Kanchaka

    Thanks bro

    Reply
  28. Suresh Madhusanka

    thanks bro......

    Reply
  29. visartnadeera

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  30. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  31. AsithaDilruwan

    Ela saho thanks

    Reply
  32. ricadodamien

    Thank You Bobby brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team....

    Reply
  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  34. nish47

    thanks saho

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.