“සිහිනය” සිහිනයක් එහෙමත් නැත්නම් හීනයක් කියන්නෙ නින්දේදී මනසේ ඇති වන රූප, අදහස්, හැඟීම් හා සංවේදනයන් මාලාවක් විදිහටයි අර්ථකතනය කරල තියෙන්නෙ. ඔයාල හැමෝම වගේ හීන දැකල ඇතිනේ. අපේ රටේ බහුතරයක් දවල් හීන දකින අතර වාරෙ තවත් පිරිසක් නින්දෙදි විවිධාකාරයේ හීන දකිනවා. කෙනෙකුට ඒ හීනය ප්‍රීතිමත් සතුටුදායක එකක්…

“සිහිනය” සිහිනයක් එහෙමත් නැත්නම් හීනයක් කියන්නෙ නින්දේදී මනසේ ඇති වන රූප, අදහස්, හැඟීම් හා සංවේදනයන් මාලාවක් විදිහටයි අර්ථකතනය කරල තියෙන්නෙ. ඔයාල හැමෝම වගේ හීන දැකල ඇතිනේ. අපේ රටේ බහුතරයක් දවල් හීන දකින අතර වාරෙ තවත් පිරිසක් නින්දෙදි විවිධාකාරයේ හීන දකිනවා. කෙනෙකුට ඒ හීනය ප්‍රීතිමත් සතුටුදායක එකක් වෙද්දි තවත් කෙනෙකුට තමන් දකින හීනය නිසා ඇතිවෙන්නෙ දුකක් එහෙමත් නැත්නම් භීතියක්. හීනයක් කියන්නෙ පුදුමාකාර දෙයක්. අපි නොදැනුවත්වම අහම්බෙන් අපේ මනසේ ඇතිවෙන අපූරු සිදුවීමක්. “හීනයක් වගේ” කියල කීමටත් කියන්නෙ ඒ නිසා නොවැ. හරි, මෙහෙම හිතන්නකෝ… ඔයා නින්දෙදි දකින නපුරු හීන ගොන්නක් ඇත්තටම හැබෑවක් වුණොත්… ඒ හැබෑ වුණු හීන නිසා ඔයාගෙ වගෙම ඔයා ආදරේ කරන පවුලේ උදවියගෙ ජීවිත අනතුරේ වැටුණොත්… තමන්ගෙ පවුලේ අයගෙ ජීවිත හැබෑ වුණු නපුරු හීනයකින් බේරගන්න ඔයා මොන වගේ දෙයක් කරයිද…?
පීටර් සහ ඇලිස් කියන්නෙ විවාහවෙලා දරුවො දෙන්නෙකුත් ඉන්න තරුණ ජෝඩුවක්. පීටර් ෆැක්ටරියක ඉංජිනේරුවෙක් විදිහට සේවය කරන අතරෙ එයාගෙ නොනා ඇලිස් වෙනත් ආයතනයක සේවය කරනවා. ඇලිස්ගෙයි පීටර්ගෙයි ජීවිත වල ලොකුම බලාපොරොත්තුව තමයි එයාලගෙ කෙල්ලො දෙන්නා, හැනායි ලුසීයි. පීටර් වගෙම ඇලිසුත් මේ දෙන්නට ගොඩක් ආදරෙයි. ඒත් පීටර්ට ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙ තමයි නිරන්තරයෙන් නින්දෙදි නපුරු හීන පේන එක. නපුරු හීන නිසා පීටර්ට හරියකට නිදාගන්න පවා බැරිවෙනවා. ඒකට ප්‍රතිකාරයක් කරගන්න ඇලිස් කොච්චර කිව්වත් පීටර් ඒකට උනන්දු වෙන්නෙ නම් නැහැ. කොහොමින් කොහොම හරි අන්තිමේදි පීටර්ගෙ ෆැක්ටරියෙ ලොක්කගේ කීමට පීටර් මානසික සායනයකට යන්න තීරණය කරනවා. ඒත් සායනයට ගිය වෙලාවෙ මුණගැහෙන හාදයෙක් නිසා පීටර් දැනගන්නවා එයාට තියෙන්නෙ ලෙඩක් නොවෙන විත්තිය. මේ හාදයා කියනවා මිනිහටත් පීටර්ට පේන හීනම පේනවා කියල. මොකක් හරි ලොකු දෙයක් සිද්දවෙන්නයි යන්නෙ කියලත් මිනිහා පීටර්ට කියනවා. සිද්දවෙන්න යන දේ ගැන මිනිස්සු දැනගන්නවට අකමැති පිරිසකුත් ඉන්න බව මිනිහා පීටර්ට කියනවා.
ඉතින් සායනයෙදි අහන්න ලැබුණු දේවල් නිසා අන්දමන්ද වුණු පීටර් සායනයට සහභාගී වෙන්නෙ නැතුව කලබලෙන් ගෙදර යනවා. ඇලිස්ට එයා වැඩ කරන තැන උසස්වීමක් ලැබුණු එක සමරන්න එදාම රෑ පීටර්ගෙ ගෙදර පොඩි පාටියකුත් තියෙනවා. ඒත් පීටර් නම් පාටිය ගැන කිසිම උනන්දුවක් දක්වන්නෙ නැහැ. කොහොම හරි හැම දෙයක්ම කණපිට පෙරළෙන්න පටන්ගන්නෙත් මේ පාටියෙන් පස්සෙ තමයි. පාටිය ඉවරවෙලා පීටර් එයාගෙ යාළුවෙක් එක්ක ගෙදර බැල්කනියට වෙලා කතා කර කර ඉන්න අතරෙ හදිසියෙම අහසෙ ලොකු එළියක් පේන්න ගන්නවා. ඊට පොඩි වෙලාවකට පස්සෙ අහසින් එන යානයකින් පීටර් ඉන්න ප්‍රදේශයේ තියෙන හැම ගොඩනැගිල්ලකටම ප්‍රහාරයක් එල්ලකරනවා. පීටර් ඉන්න නගරයට මේ විදිහට දරුණු ප්‍රහාර එල්ල කරන්නෙ පිටස්තර ලෝකයකින් එන යානා වලින්. පීටර් එයා දකින නපුරු හීන වලදි දකින්නෙත් මේ යානාම තමයි. ඉතින් හදිසියෙම එල්ලවෙන මේ ප්‍රහාරය නිසා පීටර් දැනගන්නවා එයා දැකපු නපුරු හීන හැබෑවක් වුණු විත්තිය. ඒ වගෙම මේ නොහිතපු සිදුවීම් පෙළට මුහුණ දෙන අතරෙ පීටර් එයාගෙ ආදරණීය බිරිඳ ඇලිස් ගැනත් විශ්වාස කරන්න අමාරු දෙයක් දැනගන්නවා. ඉතින් හැමෝම පීටර්ට මානසික ලෙඩක් තියෙනවා කියල හිතුවත් අන්තිමේදි පීටර් නින්දෙදි දකින නපුරු හීන හැබෑවක් වෙනවා වගෙම පීටර්ට කවදාවත් විශ්වාස කරන්න අමාරු දේවල් ගොඩකට මුහුණදෙන්න සිද්දවෙනවා. එහෙනම්, පීටර් දකින හීන වල සිද්දවුණු දේවල්ම හැබෑවටම සිද්ද වෙයිද? නැත්නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිද්ද වෙයිද? හැබෑවක් වුණු නපුරු හීනයෙන් තමන්ගෙ පවුලේ උදවිය ආරක්ෂා කරගන්න පීටර් මොන වගේ දෙයක් කරයිද? සියල්ල නරඹන ඔබට බාරයි…
Action | Drama | Sci-Fi | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 ජූලි මස 27 වැනිදා Netflix නාළිකාව ඔස්සේ විකාශය වූ මෙම සලරුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත්තේ Ben Young විසින් වන අතර තිර පිටපත රචනා කර ඇත්තේ Spenser Cohen, Eric Heisserer හා Brad Kane යන තිදෙනා විසිනුයි. Ant-Man (2015) සහ Ant-Man and the Wasp (2018) යන චිත්‍රපට වල Luisගේ චරිතයට රංගනයෙන් එක්වූ Michael Peña සමඟින් Jessica Jones, Luke Cage හා The Defenders යන රූපවාහිනී කතා මාලාවන්හි Luke Cageගේ චරිතයට රංගනයෙන් එක්වූ Mike Colter විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වී තිබෙනවා. සෙසු චරිත සඳහා Lizzy Caplan, Amelia Crouch, Erica Tremblay, Lex Shrapnel සහ Emma Booth යන රංගන ශිල්පීන් තම රංගනයෙන් දායක වී ඇති අතර චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකර ඇත්තේ සර්බියාවේදීයි. මිනිත්තු 95ක් පුරාවට ගලායන අපූරු කතාවක් රැගත් මෙම සලරුවට 5.8/10ක IMDb අගයක් හා Rotten Tomatoes හි 29%ක මනාප ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා.
“දැන් මං දන්නවා මම කවුද කියල…
ඒ වගෙම මගේ සතුරා කවුද කියලත් මං දන්නවා.”
– පීටර්.
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
15,079 downloadsDownload Extinction-2018.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
88 comments
Pradeep Pasqual
oshanda
thanxxx...sahoo
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui aub ekata.... jaya wewa...!
krishanmadusanka
ela bro thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
nisala_d
Thank you bro..!!
Ranga Heshan
සබට තැන්කූ වේවා
Bokka98
thank you
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dilan chinthaka lakman
tnq mchan godak dawas balan hitiya film eka downlord karn sub eknakan tnq
supershiwa
thanks bro
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ.....මේක බලන් හිටියේ මචෝ උපසිරැසි දෙනකන්...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....thank you වෙිවා....
Suresh Madhusanka
Fatta bro.....jaya wewa...!!!
.comDevinda
Machan sub ekata thanks
Nimach273
Thanks sub akata
Shadow125
Tnx :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයnaveenlakshitha
thanks elma
naveenlakshitha
Ftta elama
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
kasun3
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
jagath55
Thanks
rusiru harshana
සිංහල උපසිරස දුන්නට බොහොම ස්තුතියි....!!!!
subodha
Thanks
priyan99
thanks bro sub ekata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
Ayesh Prashan
Thank You
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!wathilak
හොදයි වගේ ස්තුතියි උපසිරසියට
E.a.Chathura
Godak sthuthi saho...!
S.K. Ruchiranga
Thz saho sub ekat
Shehan putha
Thanks bro !
Roshan Laksiri
Thanks
Jana
Ela ela bro <3
Milan Sadaruwan
thanks
aks
Thanks...
gayan215
bohoma sthuthi saho..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
harshani11112
ස්තුති ඉසුරු සහො
Sadasa
thax yaluwa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
lbdhanushka
thanks..
pradeep darshana
Thanks
Sajithlakshan
සබ් එකට බොහොම ස්තූතියි…
H_anuru
සබ් එක ස්තූතියි
Dula95
supiri bro thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Pena & Colter ඉන්නවා නම් පට්ට වගේ..sumudunamal
Thanx..bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for the sub..>!