අද බොමුද? බෑ බං මං ගෙදර යන්න ඕනෙ. එහෙනම් අපි බොනව ඈ. හා අප්පේ! වැදුන යකෝ එක ෂොට් එකෙන්. එක්කො මටත් දීපන්, එක ෂොට් එකක් ගහල යන්නම්. මෙවර ඇකඩමි සම්මාන උළෙලේ (Oscar) හොඳම විදෙස් චිත්‍රපටිය මොකද්ද කියල දන්නවද? අන්න ඒ ෆිලුමට උපසිරැසි අරන් තමා මං අද ආවෙ. මේක බාර අරන් ටික දවසක් වෙනව. ලොක් ඩවුන් […]

අද බොමුද?
බෑ බං මං ගෙදර යන්න ඕනෙ.
එහෙනම් අපි බොනව ඈ.
හා
අප්පේ! වැදුන යකෝ එක ෂොට් එකෙන්.
එක්කො මටත් දීපන්, එක ෂොට් එකක් ගහල යන්නම්.
මෙවර ඇකඩමි සම්මාන උළෙලේ (Oscar) හොඳම විදෙස් චිත්‍රපටිය මොකද්ද කියල දන්නවද? අන්න ඒ ෆිලුමට උපසිරැසි අරන් තමා මං අද ආවෙ. මේක බාර අරන් ටික දවසක් වෙනව. ලොක් ඩවුන් නිසා මේක බාරගත්තෙ. ඒත් එක පාරට මේ අස්සෙම ආයෙ වැඩට යන්න උනා. ඒ නිසා තමා පොඩ්ඩක් පරක්කු උනේ උපසිරැසිය දෙන්න. ඇකඩමි උළෙලේ හොඳම සිනමා පටයට අමතරව ලොව පුරා සම්මාන උළෙලවල් බොහොමයක් නියෝජනය කරමින් නිර්දේශ නාම 55ට නිර්දේශ උනා වගේම සම්මාන 41ක් දිනා ගැනීමටත් මේ ෆිලුම සමත් වෙනව. ඩෙන්මාර්ක භාෂාවෙන් Comedy/Drama පට්ටම ගහගෙන කලඑළි බැස්ස මේක මනාප 83,223 කින් IMBD මට්ටම 7.8ක් කරකවගෙන, කුණු තක්කාලි අගය 92% ක් තියාගන්න පුළුවන් වෙලා තියනවා. ඇකඩමි උළලේ හොඳ විදෙස් සිනමාපටය කිව්වම ඉතින් ලේසි පහසු එකක් වෙන්න බෑනෙ කොහොමත්.
මුලින්ම කියන්න ඕනෙ මේක ඩෙන්මාර්ක් ෆිලුමක්. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Thomas Vinterberg. ඔයාල ආසාවෙන් බලපු Kursk (2018) ෆිලුමත් මෙයාගෙ තමා. රඟපෑමෙන් Mads Mikkelsen, Thomas Bo Larsen, Magnus Millang, Maria Bonnevie යන කට්ටිය එකතු වෙනවා. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 5ක වියදමින් මිලියන 8ක ආදයමක් උපයගන්නත් පුළුවන් වෙලා තියනවා.
කතාව යන්නෙ යාලුවෝ හතර දෙනෙක් වටේ. හතර දෙනා තමා මාටින්,පීටර්,ටොමී,නිකොලාජ්. හතර දෙනාම පාසල් ගුරුවරු. මෙයාල හැමෝම ඉතින් එක එක ප්‍රශ්න නිසා වෙහෙසට පත් වෙලා ඉන්නෙ. පවුල් ප්‍රශ්න, ස්කෝලෙ ප්‍රශ්න අරවද මේවද. කට්ටිය දවසක් නිකොලාජ් ගෙ උපන්දිනේට සෙට් වෙනව. එතනදි නිකොලාජ් පරණ කතාවක් ඇදල අරන් කියනව බොන එක ඇඟට වගේම මනසටත් හොඳයි කියල. එහෙම හොඳ වෙන්නෙ ඒක එක මට්ටමක තියාගත්තොත් කියල කියනව. ඔන්න එතකොට කට්ටියම කතා වෙලා ප්ලෑනක් ගහනව. මේ ෆිලුමෙ වැඩිපුරම භාවිතා වෙන වචනයක් තියනව BAC කියල. ඒ කියන්නෙ ‘Blood Alcohol Content’. සිංහලෙන් කිව්වොත් අපේ ඇඟේ ලේ වල තියන ඇල්කොහොල් මට්ටම. ඉතින් මේ මට්ටම 0.05% තියාගන්න එක තමා මෙයාලගෙ සැලැස්ම. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියල කට්ටිය ටික ටික මේ මට්ටම ඉහලට ගෙනියනවා. ඒ කියන්නෙ වැඩි වැඩියෙන් බොනව. එතනින් එහාට මොකද වෙන්නෙ කියල ඔයාල ෆිලුම බලලම දැනගන්නකෝ.
සබ් එකේ අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියල ඉල්ලන ගමන්, මේ ෆිලුම සබ් කරන්න අවස්ථාව දුන්න විමුක්ති සොයුරටත් මං මේ වෙලාවෙ ස්තූති කරනවා. තව දෙයක් කියන්න ඕනෙ මං මීට කලින් සබ් කරපු Minari(2020) ෆිලුමට ගොඩක් ප්‍රතිචාර ඇවිල්ල තිබුන. ඒ හැමෝටම බොහොම ස්තූතියි. මේ වගේ සිනමාපට බලන වෙනම රසික පිරිසක් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්නව කියල මං දන්නව. ඉතින් හැමෝමටම ෆිලුම බාගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,699 downloadsDownload Another-Round-2020-AKA-Druk.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
- #2020
- #BAFTA Nominated
- #BAFTA Winner
- #Box Office Hits
- #Editor's Pick
- #Golden Globe Nominated
- #Mads Mikkelsen
- #Magnus Millang
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Oscar Nominated
- #Oscar Winner
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Thomas Bo Larsen
- #Thomas Vinterberg
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සුජිත් ප්‍රියංකර
34 comments
Thisaru
කවිඳු ජයවර්ධන
ෆිලුම රිලීස් වෙලා සතියක් විතර බලන් හිටියා බයිස්කෝප් සබ් දෙනකන්..නැතිපාර ඉතින් බලලා දැම්මා.සිංහල සබත් එක්ක ආපහු බලන්න වටිනම ෆිල්ම් එකක්..පරක්කු උනත් කමක් නෑ සහෝ ඉන්දියන් ෆිල්ම් වලට සබ් කරනවට වඩා මේ වගේ කොලිටි ෆිල්ම් වලට සබ් කරන එක මාරම මාර වටිනවා.සිංහල සබ් එකටත් ගොඩක් ස්තූතියි ..ඔබට ජය.!!!
Shaggy
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Theekshana
thanks...sub ekata...jaya wewa...
Anonymous
Thanx
DILmin
Thanks subtitles walata..
Pramukmili
Thanxxx bro..............
Priyantha Dayakeerthi
සුජිත් ප්‍රියංකර සොයුර,
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ තොරාගත් සිනමාපට සඳහා සබ් ලැබීම අගය කරනවා. 2010 වර්ෂයට පෙර ඒවා වුවත්
කමක් නැහැ. ඔබේ මීට පෙර උපසිරැසිය වූ 2020 වර්ෂයේ Minari සිනමාපටයත් මෙවැනිම ඔස්කාර් සම්මාන ලාභී එකක්. එය මම ඇතුළු පවුලේ අය සබ් සමඟ කන්වර්ට් කර ටීවී එකේ නැරඹුවා ඉතාමත් කලාත්මක සිනමාපටයක්. දිගටම "සම්මාන ලාභී" සිනමාපට කරන්න ඔබ පටන් අරන් වගේ. මම මෙට පෙර ඔබට "ඔස්කාර්" සිනමාපට යෝජනා කළා. එය පිළිගැනීම ගැන ගොඩක් ස්තුතියි! ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!ස්තුතියි උපසිරසියට! 2010 ට පෙර ඔස්කාර් ඒවාටත් ඉදිරියේදී සිංහල උපසිරසි දෙන්න.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
නිරෝෂ්
ස්තුතියි.ජයවේවා !
Anonymous
thnx
Anonymous
My left foot 1989 ekatath sub eka denna
Anonymous
ftta
Anonymous
Thank you!
tharindu gunarathna
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
Anonymous
supiriiiiiiiiiiiiiiiiiii
jagath55
Thanks
lakshan
thanks ......................
MAALNATH
Thanks...... .good luck.........
Rishantha
Thanx Brother
Anonymous
Thanks Brother
hasan karunarathna
dead poet society film ekata sub karala denna. loku udawuwak.
thnx for the sub and good luck sahooරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Akila Dilhara
Thanks Brother...
Sakdu Kawnika
මේකේ සබ් එක නම් නියමෙට තිබ්බා.....
මේ බයිස්කෝප් එකේම තව අය සබ් කරලා තියෙනවා ෆිල්ම් එක ප්ලෙයි වෙනවා සමහර සබ් ඒවා ෆිල්ම් එක ප්ලෙයි වෙලා පරක්කු වෙලා සබ් එක යනවා නැත්නම් ඉස්සෙල්ලා සබ් එක යනවා මෙලෝ රහක් නෑ.....
*කොච්චර කරත් ඒක හදන්නත් බැහැ*
හැබැයි මේක නම් පට්ට.....❤️Lakshansilva18
Thanks for sub
Manohari
Godak sthuthi..Jaya wewa!
Malith samarawickrama
Thanks aiye sub ekata
Anonymous
Thanx Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks