සුබ දවසක් වේවා වේවා සියළු දෙනාටම!!! අද මගේ දහවෙනි උපසිරසිය විදිහට ලස්සන ඇනිමේශන් චිත්‍රපටයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේක 2019 වසරේ නිකුත් වුණු බෙල්ජියමේ නිෂ්පාදනය වුන චිත්‍රපටයක් තමයි මේක.. හැබැයි මේක අපි හැමෝම දන්න චරිත ටිකක් තමයි ඉන්නේ.. අපි විතරක් නෙවේ මුළු ලෝකයක් දන්න අය මේකෙදී අපිට දැක බලාගන්න…

සුබ දවසක් වේවා වේවා සියළු දෙනාටම!!! අද මගේ දහවෙනි උපසිරසිය විදිහට ලස්සන ඇනිමේශන් චිත්‍රපටයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේක 2019 වසරේ නිකුත් වුණු බෙල්ජියමේ නිෂ්පාදනය වුන චිත්‍රපටයක් තමයි මේක.. හැබැයි මේක අපි හැමෝම දන්න චරිත ටිකක් තමයි ඉන්නේ.. අපි විතරක් නෙවේ මුළු ලෝකයක් දන්න අය මේකෙදී අපිට දැක බලාගන්න පුළුවන්. මේ සලරුව Animation, Comedy, Family කියන විදිහට තමයි වර්ග කරලා තියෙන්නේ IMDb 4.6 ක අගයක්ද google users 87% අගයක්ද Box Office හි ඇමරිකනු ඩොලර් මිලියන 25 විදිහට සටහන් වෙනවා. IMDb රේටින් වල අඩු අගයක් ලැබුනට මේක මට හිතන විදිහට ලස්සන චිත්‍රපටයක්. ඔයාලා බැලුවොත් ඔයාලටම ඒක තේරෙයි කියලා මට හිතෙනවා. අනික මේක බෙල්ජියමේ උනාම ඉංග්‍රීසි වලිනුත් තියනවා..ඒකට තමයි සබ්කරලා තියෙන්නේ
දැන් කතාව පැත්තටම හැරෙමු. කලින් කිව්වා වගේ මේකේ ඉන්න ලෝකයක් දන්න හඳුනන අය.. මේ කතාව පටන්න ගන්නේ මේ පාර ලෝක කුසලානය ජයග්‍රහණය කල රටේ ප්‍රධාන තැනක ඉදලා.. ඒ තමයි එංගලන්තයේ බකින්හැම් මාලිගාවේ ඉදන්.. ෆිලිප් කුමාරයා ඒ කියෙන්නේ දෙවෙනි එලිසබෙත් රැජිණියගේ මහත්තයා එලිසබෙත් රැජිණියට පොඩි කොර්ගි බලුපැටියෙක් තෑගි දෙනවා. එයාගේ නම තමයි රෙක්ස්…ඒවෙනකොට රැජිණියට කෝර්ගිලා 3 න් දෙනෙක් ඉන්නවා.. ඒත් කාලය ගතවෙනවත් එක්ක රැජිණිය කැමති වෙන්නේ රෙක්ස්ට. ඒනිසා රැජිණිය රෙක්ස්ව හොඳම බල්ලා කරනවා.. ඔන්න දවසක මාලිගාව අපි කවුරුත් අඳුනන තවත් කෙනෙක් එනවා..ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලෙනා ට්‍රම්ප් ඒත් එක්ක තව ගෑනු කොර්ගි කෙනෙක් එනවා. ඉතින් කොහොමහරි මේ ගෑනු කොර්ගිට රෙක්ස්ට කැමති වෙනවා ඒත් රෙක්ස් එයාට කැමතිවෙන්නේ නැහැ කොහොමහරි රෙක්ස්ගේ වැඩ හින්දා මේ ට්‍රම්ප්ගේ සංචාරය මඟදි නවත්වලා යන්න යනවා. ඒ ඇයි කියලා ඔයාලම බලලා දැන ගන්න මේ හින්ද රෙක්ස් මාලිගාවෙන් යන්න තීරණය කරනවා ඔහු පාප්වහන්සේ ළඟට යන්න තීරණය කරනවා එයාගේ යාළුවත් එක්ක. ඒත් රෙක්ස්ට යන්න වෙන්නේ නොහිතපු තැනකට ..ඉතින් ඊටපස්සේ වෙනදේවල් ඔයාලම බලන්නකෝ
තව දෙයක් කියන්නම් ෆිල්ම්එකේ රැජිණියට කෝර්ගිලා 4 දෙනෙක් හිටියට ඇත්ත ජීවිතයේ රැජිණියට කෝර්ගි බල්ලෝ 30කට වැඩිය ඉන්නවා..එහෙනම් සබ් එක බාගන්න කොට පහළින් මොනවහරි කොටාගෙන යන්න.. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,068 downloadsDownload The.Queen-s.Corgi_.2019.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු දේශාන්
Subtitles
27 comments
Hashan M. Priyadarshana
gihan perera
ස්තුතියි සහෝ....පට්ට කාටූන් එක...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි..ජය වෙිවා.....
Tharaka
thanks
D.Chamara
aniwa ballika thamai bohoma sthuthi sahooo jaya
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
හොද animation එකක් වගේ...බලමු...Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...!
ඔබේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා....!
තෙරුවන් සරණයි...!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිඳු සහෝ.
ජයෙන් ජයම වේවා!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
amila nisakara
thanks bro
akila_23
Thanxx... Uglydolls animation ekatath sub dennakooo..
Sandeepmadushan
Thanx saho..
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
gayanmagee
thanks
Udara Damith Dissanayaka
ballo 30 hal budu ammoooo
Shehan putha
Thanks macho
sanjeewa lakmal
Thanks you very much mcn
IreshSampath
thanks
Sandeepmadushan
Thanx saho sub ekata
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamidu lakshitha
podi help eka widiyata kiyannako tamil movies download karanna site ekaka kiyannako
Lasantharathnasirirox
ස්තුතියි සහෝ උපසිරැසියට...ඉදිරියටත් ජයම වේවා...
MAALnath
Thanks ........................good luck ............................
Anu
Thanks bro....
k karunarathna
thanks yaalu... good.
mithnil1986
Thanks and good luck for future Subs...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you bro sub ekata....
Jaya wewa.!