Watch Trailer

The Quiet Girl (2022) AKA An Cailín Ciúin Sinhala Subtitle | පුංචි දැරිවියකගේ නිහැඬියාව! [සිංහල උපසිරැසි]

කොහොමද කට්ටියට! මේ පාර උපසිරැසි අරගෙන ආවේ මෑතකදි නිකුත්වුණ අයර්ලන්ඩ් චිත්‍රපටයක්. අපේ අය අතර මේක වැඩිය ප්‍රසිද්ධ නොවුණත් මේක ගොඩක් හොඳ ඉහල ප්‍රතිචාර ලබා ගත්තු චිත්‍රපටයක්. මේක නිකුත් වෙන්නේ 2022 මැයි 12 වෙනිදා. මේකෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ මේ ලඟකදි. මේ චිත්‍රපටය අධ්‍යක්ශනය සහ තිර රචනය කරන්නේ…

කොහොමද කට්ටියට! මේ පාර උපසිරැසි අරගෙන ආවේ මෑතකදි නිකුත්වුණ අයර්ලන්ඩ් චිත්‍රපටයක්. අපේ අය අතර මේක වැඩිය ප්‍රසිද්ධ නොවුණත් මේක ගොඩක් හොඳ ඉහල ප්‍රතිචාර ලබා ගත්තු චිත්‍රපටයක්. මේක නිකුත් වෙන්නේ 2022 මැයි 12 වෙනිදා. මේකෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ මේ ලඟකදි. මේ චිත්‍රපටය අධ්‍යක්ශනය සහ තිර රචනය කරන්නේ Colm Bairéad විසින්. රංඟනයෙන් දායක වන්නේ Catherine Clinch(කායිට්) / Carrie Crowley(අයිලීන්) / Andrew Bennett(ශෝන්) / Michael Patric(ඩෑන්) / Kate Nic Chonaonaigh වැනි අයයි.

මං වැඩිය දෙයක් චිත්‍රපටය ගැන කියන්න යන්නෑ මොකද මුහුණ පොතේ අසංක ශ්‍රීනාත් සහෝදරයා හොඳ ලිපියක් ලියල තිබුන නිසා.

අසංක ශ්‍රීනාත් සහෝදරයාගෙ ලිපිය:-

The Quiet Girl – 2022
(Ireland – Irish)

පුංචි දරුවෙක් වැඩියෙන්ම ආස කරන්නෙ මොනවටද? සෙල්ලම් බඩු වලටද? පාට පාට ඇඳුම් වලටද? රසම රස කෑම වලටද? ඔව්, ඔය දේවල් වලටත් දරුවො ආසයි තමයි. හැබැයි ඔය භෞතික දේවල් වලට වඩා දරුවො වැඩියෙන්ම ආස කරන්නෙ, දරුවන්ට වැඩියෙන්ම උවමනා වෙන්නෙ, අම්මගෙයි තාත්තගෙයි ආදරය. අම්මගෙයි තාත්තගෙයි කරුණාව, ආදරණීය වචන. හැම දරුවෙක්ම කැමතියි අම්මගෙන් තාත්තගෙන් රළු වචන, බැනුම් අහන්නෙ නැතුව තමන්ට ගොඩක් ආදරෙන් කතා කරනව නම්.

ඇත්තටම දරුවො ඉන්න දෙමව්පියො තමන්ගෙ දරුවන්ට තියෙන ආදරය හිතේ විතරක් තියාගෙන තේරුමක් නෑ. දරුවන්ට තමන්ගෙ අසීමිත ආදරය පෙන්නන්න ඕන. වරදක් වුණත් ආදරෙන් කියල දෙන්න පුලුවන්නම් දරුවෙක්ට ජීවිතේ දින්නන ලස්සන පාරක් හදල දෙන එක අමාරුත් නෑ.

අනිත් අතට තමන්ගෙ කුසින් දරුවො බිහිකලා කියල, දරුවන්ව හැදුව කියල හැම කෙනෙක්ම අම්මෙක් තාත්තෙක් වෙන්නෙත් නෑ. තමන්ගේ දරුවන්ට වගේම , ඒ හා සමානව ඕනම දරුවෙක්ට ආදරය කරුණාව දෙන්න පුලුවන් අය තමයි සැබෑ මව්වරු පියවරු වෙන්නෙ.

මේ කතාවෙ කතානායිකාව, Cáit කියන්නෙ සුරංගනාවියක් වගේ ලස්සන පුංචි කෙල්ලෙක්. අයර්ලන්තෙ ඈත ගමක දුප්පත් පවුලක තව සහෝදරියො කීපදෙනෙක් එක්ක ජීවත් වෙන අහිංසක පුංචි කෙල්ලෙක්. සුරංගනාවියක් වගේ ලස්සන වුනත්, මුව පැංචියක් වගේ අහිංසක වුණත් Cáit තමන්ගෙ ගෙදර ගෙවන ජීවිතේනම් ඒ තරම් සුන්දර නෑ. හැබැයි ඉස්කෝලෙ නිවාඩු කාලෙක Cáit යන එක ගමනක් එයාගෙ ජීවිතේ වෙනස්කරනව. The Quiet Girl චිත්‍රපටය Cáit ගෙ මේ කතාව අපිට කියනව.

The Quiet Girl කියන්නෙ සරල නමුත් ගැඹුරු කතාවක් අපිට කියන ලස්සන චිත්‍රපටියක්. විනාඩි 94 ක් පුරා තිරයෙ දිගහැරෙන, ඉංග්‍රීසි භාෂාව නිසා ක්‍රමයෙන් වියැකෙන අයිරිෂ් භාෂාවෙන් කරපු ලස්සන වැඩක්. විශේෂයෙන්ම අයර්ලන්තයෙ ග්‍රාමීය සුන්දරත්වයත් අපේ ඇස් ඉදිරියෙ මවන, හිතට වගේම ඇසටත් ප්‍රිය උපදවන පරිපූර්ණ සිනමා නිර්මාණයක්.

The Quiet Girl අධ්‍යක්ෂණය Colm Bairéad. මේ ඔහුගෙ මංගල චිත්‍රපටි අධ්‍යක්ෂණය. ප්‍රථම චිත්‍රපටියෙන්ම ඔහු තමන්ගෙ හැකියාව පෙන්නල තියෙනව. Foster කියන නවකතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චිත්‍රපටියෙ Cinematography ගැන. Cáit චරිතය රඟපාන පුංචි දැරිය ඒ චරිතය වෙනුවෙන් 100% ක්ම සාධාරණයක් කරනව.

The Quiet Girl , 2022 Berlin International Film Festival ඇතුලු අන්තර්ජාතික සිනමා උළෙල කීපයකදිම සම්මානයට පාත්‍ර වෙලා තියෙනව. ඒ වගේම The Quiet Girl ,මෙවර ඔස්කා සම්මාන උළෙලෙ හොඳම විදෙස් භාෂා චිත්‍රපටිය වෙනුවෙන් අයර්පන්තයෙ නිල ඉදිරිපත් කිරීම.

The Quiet Girl කියන්නෙ 2022 වසරෙ නිකුත් කරපු චිත්‍රපටි අතරින් නැරඹිය යුතුම චිත්‍රපටියක්. විශේෂයෙන්ම drama genre එකට සහ ඉංග්‍රීසි නොවන විදෙස් භාෂා චිත්‍රපටි වලට කැමති අයට.

  • Ratings :
  • IMDB – 8.0/10
  • Rotten tomatoes – 100%
  • Letterboxd – 4.1/5

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,525 downloadsDownload The.Quiet_.Girl_.2022.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

2,525 downloadsDownload Subtitles25 KB

15 comments

  1. Anonymous

    Hemlock Grove tv series එකට sub දෙන්නකො

  2. Shadow max

    Hemlock Grove tv series එකට sub දෙන්නකො

  3. Shadow max

    Hemlock Grove tv series එකට sub දෙන්නකො

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Nimal perera

    අනේ Admin, korean drama වලටත් සිංහල සබ් දෙන්නකෝ. ඒවට සිංහල සබ් දීල නැතුව දැන් අවුද්දක් වෙන්නත් ලඟයි. මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනව මම කැමතිම korean drama වලට සිංහල සබ් දෙන ලෙසට. ඒවා තමයි මේ life on mars (2018) kdrama & stranger (2017) season 01 kdrama. අනේ මගේ ඉල්ලීම ඉටු කරන්න.

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    1. Anonymous

      psa(dot)pm website eke PSArips wala
      honda aluth films awilla thiyanawa saho.........

  7. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  8. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  9. Sanu

    secret headquarters ekata Sub hadala dennako

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Malith samarawickrama

    Thanks saho sub ekata