ආයුබෝවන් යාළුවනේ..! මේක බලන්නම ඕනෙ චිත්‍රපටියක්…! The Red Sea Diving Resort, මේක අපිට නම් ඒ හැටි අහල පුරුදු තැනක් නෙවෙයි. මේක සූඩානයේ තිබුණු තානායමක්. හැබැයි මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර වටිනා කතාවක් හැංගිලා තියෙනව. මේ තානායම පිහිටල තියෙන්නෙ සූඩාන් රාජ්‍යයේ රතු මුහුදට අභිමුඛ වෙලා.…

ආයුබෝවන් යාළුවනේ..!
මේක බලන්නම ඕනෙ චිත්‍රපටියක්…!
The Red Sea Diving Resort, මේක අපිට නම් ඒ හැටි අහල පුරුදු තැනක් නෙවෙයි. මේක සූඩානයේ තිබුණු තානායමක්. හැබැයි මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර වටිනා කතාවක් හැංගිලා තියෙනව. මේ තානායම පිහිටල තියෙන්නෙ සූඩාන් රාජ්‍යයේ රතු මුහුදට අභිමුඛ වෙලා. තැන ගැන තියෙන විස්තරේ හැටියට නම් එතැන පාරාදීසයක් වගේ ලස්සන තැනක් කියල තමයි කියවෙන්නෙ. මේක හදල තියෙන්නෙ ඉතාලි ජාතික සමාගමක්. හැබැයි නඩත්තු කටයුතු වල අපහසුතාවය නිසා මේ තැන වහල දාන්න සමාගම පියවර ගන්නව. ඊට ප්ස්සෙ ඉඳල මේ තැන අතැහැරල දාපු තැනක් බවට පත් වෙනව. 1970-80 වගේ කාලෙ ඉතියෝපියාවෙ සෑහෙන දරුණු කලබලකාරී තත්වයක් ඇති වෙනව. මේ වෙනකොට ඉතියෝපියාවෙ වාසය කරපු කළු යුදෙව්වන් දුටු තැන මරාදාන, වධහිංසා පමුණුවන තත්වයක් උදා වෙනව. මේ කළු යුදෙව්වන් බිහි වුණු විදිය ගැනත් හරි අපූරු කතාවක් තියෙනව. අවුරුදු දහස් ගාණකට කලින් හිටපු ෂීබා රැජිණ (“ෂීබා රැජිණගේ මුදුව” කියල පොතකුත් තියෙනව) ගව් ගාණක් දුර ගෙවාගෙන, සොලමන් රජු බැහැදකින්න ජෙරුසෙලමට ආවලු. ඒ ආවට පස්සෙ මේ දෙන්න ආදරෙන් බැඳිල ඔවුන්ට ලැබුණු දරුවන්ගෙන් මේ කළු යුදෙව්වන් පැවත එනව කියල තමයි ඔවුන් විශ්වාස කරන්නෙ.
කොහොමහරි ඉතියෝපියාවෙ මේ තත්වය යටතේ ඉතියෝපියානු යුදෙව් ජාතිකයෙක් වුණු කෙබෙඩි බිම්රෝ තමන්ගෙ ස්වදේශීය වර්ගයා එක්රැස් කරගෙන තැන් තැන් වල සඟවල උපකාර කරනව. මේ කාලෙ තමයි යුදෙව් සම්භවයක් තියෙන ආරි ලෙවින්ටන්, කෙබෙඩිට හමු වෙන්නෙ.

වම් පසින් සටනට පණ දුන් කෙබෙඩි බිම්රෝ

ආරි ලෙවින්ටන් සූඩානයේ මගීන් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක
එතන ඉඳල ආරි මොහුට උපකාර කරනව මේ කළු යුදෙව්වන් බේර ගන්න. සූඩාන රජය මේ වෙනකොට ඉතියෝපියාවෙ ඉඳල පැනල එන යුදෙව්වන්ට සරණාගත පහසුකම් ලබා දෙනව. හැබැයි ඒ සරණාගතයින්ට ආදරේ නිසා නම් නෙවෙයි, ඇමරිකාවෙන් ලැබෙන ආධාර මුදල් ලබා ගන්න. ආරි මේ ඉතියෝපියානු මිනිස්සු ඊශ්‍රායල් රාජ්‍යයට හැකි විදියට යවනව. හැබැයි මේක කරගෙන යන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ආරිට සිද්ධ වෙනව ආයෙත් ඊශ්‍රායල් වලටම යන්න. හැබැයි ආරි වැඩේ අතාරින්නෙ නෑ. එයා සැලැස්මක් හදාගෙන සූඩාන් වලට එනව ඔහුගෙ තව හයළුවන් තුන්දෙනෙක් සහ යෙහෙළියක් එක්ක. ඔන්න එතනට තමා The Red Sea Diving Resort එක ඈඳෙන්නෙ.

සැබෑ “Arous on the Red Sea” නොහොත් The Red Sea Diving Resort
The Red Sea Diving Resort එක සූඩාන රජයෙන් කුලියට දෙන්න තීරණයක් අරගෙන කියල ආරි දැනගන්නව. ඊට පස්සෙ ඔහු එනව යාළුවො ටිකත් එක්ක මේ තැන නවීකරණය කරල තානායම පවත්වගෙන යන්න. හැබැයි තානාමයමක් පවත්වාගෙන යෑම නෙවෙයි මේකෙ ඇත්තටම අරමුණ. කාන්තාරය හරහා කතර ගෙවාගෙන සූඩාන දේශ සීමාවට ඇවිත් සරණාගතයින් වෙන කළු යුදෙව්වන් ඊශ්‍රායල් නාවික හමුදාවට බාර කරන එක තමයි ඔවුන්ගේ අරමුණ වුණේ.

තානායාම ප්‍රචාරණය කිරීම සඳහා භාවිතා කළ අත්පත්‍රිකාව
කොහොමහරි මේක කාලයක් සාර්ථකව කරගෙන යනව. ඔවුන්ට හැකි වෙනව ඊශ්‍රායෙල් නාවික හමුදාව සමඟ එකතු වෙලා සරණාගතයින් නැව් මාර්ගයෙන් ඊශ්‍රායලය දක්වා යවන්න. සූඩාන රජයේ නීතියක් නැති සොල්දාදුවන් එක්ක මේ වැඩේ කොහොමවත් ලේසි පහසු කාර්යයක් වෙලා තිබුණෙ නැහැ. කොහොම නමුත් ට්‍රක් දෙකක් මාර්ගයෙන් රතු මුහුදේ යම් ස්ථානයකින්, බෝට්ටු පාවිච්චි කරල නැවට මිනිස්සු රැගෙන යන්න ඔවුන් වැඩ කරනව.

බෝට්ටු මඟින් ඉතියෝපියානුවන් නැවට රැඟෙන යාම

හාමතින් සිටි සරණාගතයින්ට නැවේදි ආහාර ලබා දීම
එක වෙලාවකදි සූඩාන රජය දැනගන්නව සරණාගතයින් අතුරුදන් වෙනව කියල. ඔන්න එතකොට තමයි ඇත්තටම ගැටළුව පැන නඟින්නෙ. මේ අවස්ථාවෙ සූඩාන රජයෙන් ආරි සහ යහළුවන් පස්සෙ පන්නද්දි, ඔවුන් යුදෙව්වන් 400ක් රටින් පිට කරන්න සූඩාන තානාපති කාර්‍යාලයෙන් උදව් ඉල්ලනව. ඔහුට ඒකට උදව් ලැබෙනව. හැබැයි මෙහෙයුම කරගන්න ලැබෙන කාලය සීමිත් වෙනව. ඒ වගේම මගීන් 228ක් විතරක් පටවන්න පුළුවන් ගුවන් යානයේ ඔවුන් මඟීන් 400ක් එක්ක ගුවන්ගත වෙනව. කොහොමහරි ආරි ඇතුළු පිරිසට හැකි වෙනව සාර්ථක ඉතියෝපියානුවන් දහස් ගාණකගෙ ජීවිත බේර ගන්න.

මඟීන් 228ක් පැටවිය හැකි ගුවන් යානයේ මගීන් 400 රැගෙන ගිය ආකාරය
ඉතිං Cold Pursuit අරගෙන ආවට පස්සෙ තමයි ආයෙත් මේ ෆිල්ම් එකකට සබ් එකක් අරගෙන එන්නෙ. ඒකත් හසායිය කරන්න හිටපු එකක්. කොහොමහරි මේක දැකල හසායියගෙන් ඇහුවම එහෙනම් කරපං කියල කිව්ව. ඉතිං මමත් කාලෙකින් ෆිල්ම් එකක් නොකරපු නිසා ආසාවෙන් වැඩේ කරගෙන ගියා. ඉතිං ඔය උඩින් කියල තියෙන කතාව තමයි මේකට පසුබිම් වුණු ඇත්ත කතාව. මේක චිත්‍රපටිය අවසානයේ ඇත්ත සිදුවීමෙ රූපරාමු පෙළක් යනව. හොඳින් බලන්න, මොන තරම් සාර්ථකව මේක ප්‍රතිනිර්මාණය වෙලාද කියල. ඒ වගේම මේ කතාවෙ ආරිගෙ චරිතයට පණ පොවන්නෙ වෙන කවුරුවත් නෙවෙයි අපි හොඳටම දන්න කැප්ටන් ඇමරිකා නැත්තං Chris Evans. IMDb අගය 6.5ක් විදියට සටහන් වෙලා තියෙන මේ සුන්දර කතාව Action, Drama, History, Thriller ගණයට වර්ගීකරණය වෙලා තියෙනව. ඉතිං එහෙනම් මේකත් රස විඳින්න ඔබට බාර කරමින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මමත් සමු ගන්නවා. ජය වේවා..!
ඔබේ සහෝදරයා හෝ සහෝදරිය,
වේදනාවට ලක් වන විට,
ඒ දෙස නිහඬව නිකමෙක් ලෙස බලා නොසිට,
ඔවුන්ගේ උදව්වට යන්න,
ඔවුන්ට උපකාර වෙන්න.
-Kabede Bimro-

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,939 downloadsDownload The-Red-Sea-Diving-Resort-2019.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
59 comments
gihan perera
darshana100
thanks saho budusaranai
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub labadunnata...
Hashan M. Priyadarshana
Thank you saho sub ekata
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
thanks saho...........
Upul Sampath
Thanks sub ekata
ඔෂද ධනංජය
thanx sahoo
දමිත් රත්නායක
ලිපියට වගේම උපසිරැසියටත් බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Thar96
Thanks bro.appreciate that.
dx12
Thanks saho
Godk pin saho
Saho the boys tv series ekta sub dennako
Good luckThaks bro... jayawewa...bs
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Download කරලා තිබ්බ...දැන් සබ් එක්කම බලන්න පුළුවන්....Nandana_kumara
Tu brother
arawindasunimal
thanks sub ekata...........
Rohanvanderlan
bro knockround guys film ekata sub dannako puluvannam tnx
damith_janaranjana
Ela
dsdkavishka
Thenks for sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
subodha
Thanks
Bandara76
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Chathura_niroshan
Thanx
kodagoda
tnx sahoo subata
bLack_sNow
Thanks bro sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..එනකම් මග බලන් හිටපු ෆිලුමක්. පුලුවන්නම් කියනවද මේකේ BR එකක් ආවාම අප්ඩේට් එකක් දෙනවද කියලා සහෝ??? මොකද මටනම් මේක BR 10bit එකකින්ම බලන්න ඕනි ෆිල්ම් එකක්. Hotel mumbai එකේ සබ් එක BR එකකට අප්ඩේට් කරලා දෙන්න කියලා සෑහෙන්න ඉල්ලීම් කලා. මොකද web එකේ සබ් එක පොඩ්ඩක්වත් sync වෙන්නේ නැති නිසා. බලන්නම ඕනි ෆිලුමක් නිසා තම ඒකෙත් BR එකක් අරගත්තේ. ඒත් තාම අප්ඩේට් එකක් නෑ. හැමදාම වගේ ගොඩක් උපසිරස වලට කමෙන්ට් එකක් දාන එක ගැන සලකලා හරි මේකට රිප්ලයි එකක් වැටෙයි කියලා බලාපොරොත්තු වෙනවා..ජය වේවා..බුදුසරණයි..!
උදයංග සම්පත් හතරසිංහ
මම දන්න තරමට නම් සහෝ නෙට්ෆ්ලික්ස් ෆිල්ම් වල බ්ලූරේ එන්නෙ නෑ. වෙබ් තමා එයාල රිලීස් කරන්නෙ. එහෙම ආවොත් ඒ ගැන බලන්නම්. ඒත් සාමාන්‍යයෙන් නම් දෙන්නෙ වෙබ් කොපි තමා.
prasakr
බොහෝමත්ම ස්තූතියි උපසිරැසියට සුපිරි වැඩක් ඔබට ජය
sanjeewakbg
Thanks bro...
laxman
Tnx 4 sub.
S.P.Prashath Madushanka
thanks bro....
S.P.Prashath Madushanka
Udayanga aiye puluwannam Shadow hunters eke ithuru epi tikatath sub dennako please...
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka_priyadrshana
Thank U very much bro................
Nilush Angana
Sub ekata thanx
Milind@
Thanks saho
Pramukmili
thanxx bro...............
aks
Thanks...
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි.
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
nish47
Thanks saho..
avisgimhan123
Thanks bro
Bakamuna
wade hodayi, thank you
anura silva
සැහෙන කාලෙකින් බලපු හොඳ පිලුමක්
jagath55
Thanks
thanks macho sub ekata
ƊinṲka
සබට තුති
Chathura_Wasala
thanks
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට....
suchroxx
Thanks Bro
MAALnath
Thanks .................good luck ...................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි සහෝ....මේක ට උපසිරැසි දානකන් හිටියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....