Watch Trailer

Unda (2019) Sinhala Subtitles | උණ්ඩයට පෙම් බැඳි සෙබලාන [සිංහල උපසිරැසි සමඟ]

යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!! සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා. අද වෙනුවෙන්, හෙට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන්, ඔවුන් යහපත ඉතිරි කරනවා… වංචාවට සුදුසු මොහොතක් ඔබ ඉදිරියට ඒවි අයහපත අත වනාවි- නමුත්, එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් යහපත ආරක්ෂා කරන්න පෙළඹුණොත් ඔහු නි…

යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!!
සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා.
අද වෙනුවෙන්, හෙට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන්,
ඔවුන් යහපත ඉතිරි කරනවා…
වංචාවට සුදුසු මොහොතක් ඔබ ඉදිරියට ඒවි
අයහපත අත වනාවි-
නමුත්, එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් යහපත ආරක්ෂා කරන්න පෙළඹුණොත්
ඔහු නිතැතින්ම වීරයෙක් වනවා, සත්තයි!
මේ කියන්න යන්නෙත් ඒ වගේ වීරයෙක්ගේ කතාවක්…
හැමදාම දකින එකම ස්ක්‍රිප්ට් එක වගේ නේද?
තවත් මොකක් හරි මඟුල් ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන්නැති නේද?
මැරයෝ රොත්තකට තනි අතින් ගහන හැන්සම් හීරෝ කෙනෙක්ගේ කතාවක්ද?
එකම ජාතියේ තිරපිටපත් වලින් හෙම්බත් වෙලා,
දැක්කත් වමනේ යන කැටගරියකින් මිදිලා,
හැරෙමුද පොඩි යූ-ටර්න් පාරක් දාලා..?
මේක ඇත්ත කතාවක්!
ඇත්ත කේරළකාරයෙක්ගේ කතාවක්!!
IMDb මීටරය 8.9කට කරකවපු
වියදම වගේ පස් ගුණයකටත් වඩා වැඩි ආදායමක් හොයාගනිපු
එදා මෙදා’තුර මලයාලම් සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම තිර පිටපතක් බවට විවරණ ලබපු
සෑහෙන අවෝඩ්ස් කන්දරාවක පහස බලාපොරොත්තු වෙන්න පුලුවන් කතාන්දරයක්…
බර වචන, ලොකු ෂෝ නැතිව කිව්වොත්,
‘මිනිහෙක් බලන්නම ඕනේ චිත්‍රපටියක්!!
මලයාලමෙන් කතා කළාට සිංහල, දෙමළ, හින්දි, තෙළෙඟු, කන්නඩ හතරදිබ්බාගෙටම අයිති කතාන්දරයක්…

කේරළ තලපති මම්මුතිගේ සිනමා දිවියේ තවත් එක් කඩයිමක් පසු කරමින් මෙම වසරේ ජූනි මස 14 වෙනිදා තිරගත වීම ඇරඹුණු Unda සිනමාපටය මේ වනවිට ලෝ පුරා ප්‍රේක්ෂක, විචාරක මනාපයෙන් මෙන්ම ආදායම් වාර්තා තුළින්ද අතිවිශාල සාර්ථකත්වයකට පත් වී තිබෙනු දැකිය හැකියි. 2019 වසරේ මුල් භාගයේදී තිරගත වූ විශිෂ්ටතම මලයාලම් සිනමාපට ත්‍රිත්වය අතරට එක් වූ මෙය Blockbuster ලේබලය අලවා ගත්තේ තිරගත වීම ආරම්භ වී දින 30ක් යන්නටත් කලිනුයි. කලීඩ් රහ්මන්ගේ තිර රචනයට ඔහුගේම අධ්‍යක්ෂණය පදමට එක්තැන් වුණු Unda සිනමා නිර්මාණය අයත් වනුයේ Action|Comedy|Thriller වර්ගීකරණයටයි. චිත්‍රපටියේ බරපැන දරලා තියන්නේ Krishna Sethukumar විසිනි. ඉතා සුලු නිෂ්පාදන පිරිවැයකින් නිමැවී මේ වන විට ඉන්දියානු කෝටි 40කට අධික ආදායමක් ලබා ගනිමින් ජයග්‍රාහීව තිරගත වන Unda (Bullet) සිනමාපටය එදා මෙදා’තුර මලයාලම් සිනමා ඉතිහාසය බිහි කළ විශිෂ්ටතම තිරපිටපත්වලින් එකක් බවට Indian Express,Times of India,The Hindu ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමා විචාරකයින් රාශියක් දැනටමත් සනාථ කර අවසානයි. මේ වන විට 8.9ක් වැනි අතිශය ඉහළ IMDb අගයකුත් 93%ක් වූ ගූගල් පරිශීලක මනාපයකුත් ලබා ගෙන අවසානයි.

ඉන්දීය කෝටි 8ක් වැනි ඉතා සුලු පිරිවැයකින් නිමැවුණු මෙය පළමු දිනයේදී කේරළය තුළ පමණක් ඉන්දියානු කෝටි 2කට ආසන්න මුදලක් උපයා ගත් බව සඳහන්. ඒ අනුව තම ප්‍රථම දිනයේදීම ‘2019 වර්ෂයේ කේරළයේ හතරවන වැඩිම පළමු දින ආදායම්ලාභී සිනමාපටය’ ලෙස නව ආදායම් වාර්තාවක් පවා පිහිටුවමින් අතිසාර්ථක ආරම්භයක් ලබා ගත්තා වූ Unda සිනමාපටය, දසවන දිනය වන විට ලෝ පුරා ඉන්දියානු රුපියල් කෝටි 27ක් උපයා ගනිමින් දර්ශනවාර 10 000කට අධික ප්‍රමාණයක් ද සපුරා ගත්තා. හයවන සතිය සම්පූර්ණ වන විට කෝටි 09කට ආසන්න Overseas (ඉන්දියාවෙන් පිට) ආදායමක් හිමි කර ගැනීමත් සුවිශේෂී කාරණයක්!

මෙසේ ඉන්දීය කෝටි 8ක් වැනි ඉතා සුලු වියදමකින් නිමැවී පුරා දෙමසකට වැඩි කාලයක් අතික්‍රමණකාරී ගමනක නියැලෙමින්, අවසානයේදී ඉන්දියානු රුපියල් කෝටි 50කට ආසන්න ආදායමක් ළඟා කරගනිමින් Blockbuster ලේබලය අලවාගත්තා වූ, Unda සලෙරුවේ ඩිජිටල් ප්‍රකාශන අයිතිය ලබා ගැනීමට පමණක් ලෝ ප්‍රකට Amazon Prime ආයතනයට ඉන්දීය කෝටි 5ක් වැනි විශාල මුදලක් ගෙවන්න සිදු වූ බවත් සඳහන්. කෝටි 8ක ෆිල්ම් එකක ඩිජිටල් අයිතිය විතරක් කෝටි 5කට විකිණුනා කියන්නෙම ලේසි පහසු දෙයක් නෙමෙයි. DVD පිටපත් අයිතිය ලබා ගෙන තියන්නේත් ඉන්දියානු රුපියල් කෝටියක මුදලකටයි. ආරංචියේ විදිහට නම් ඒ Empire Videos!! රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ප්‍රාන්තීය කේරළ රූපවාහිනී නාළිකාවක් වන Asianet චැනලය කෝටි 5-5.5 අතර මුදලක් ගෙවූ බව කියැවෙනවා. බොහෝ මූලාශ්‍රවල විවිධ ආකාරයෙන් ආදායම් විස්තර සටහන් වුණත් අවසාන තක්සේරුකිරීම් මාධ්‍යයට නිරාවරණය වුණේ පහත ආකාරයටයි.

        • Kerala – 24.3 Cr
        • ROI – 2.39 Cr
        • Overseas – 8.2 Cr
        • Stellite Rights – 5.5 Cr
        • Digital Rights (Amazon) – 5 Cr
        • DVD rights – 1 cr
        • Total 46.59 Cr*Budget – 8 Cr

දැනටමත් IMDb මීටරය 8.9 වැනි අතිශය ඉහළ අගයකට කරකවන්න සමත් වුණු මෙම සිනමාපටයට රංගනයෙන් දායක වන නළු නිළි ලැයිස්තුව දැක්කහම ම තේරේවි, දෙකයි පනහේ සීනි බෝල ටයිප් පිච්චර් කෑල්ලක් නොවන වග. මෙගා ස්ටාර් මම්මුති හැර Vinay Forrt, Jacob Gregory, Asif Ali සහ දැනට කේරළයේ සිටින දක්ෂතම චරිතාංග නළුවෙකු වන Dileesh Pothan වගේම සිනහවෙන් ආදරයට සමු දුන් June හි සෙනෙහෙබර ආදරවන්තයා Arjun Asokan වැනි දක්ෂයින් රොත්තක්ම මෙතුළින් දැකගන්න පුලුවන්. කේරළ Cast එකට අමතරව බොලිවුඩයෙන් මොලිවුඩයට පෑයු තරු තුනකුත් ලිස්ට් එකේ ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ශාරුක්ගේ Raees ආක්ෂේගේ Special 26 විද්‍යුත්ගේ Commando වැනි චිත්‍රපටි තුළින් අපිට හමු වුණු භග්වන් තිවාරියි. ඊට අමතරව සල්මන් ඛාන්ගේ Tubelight චිත්‍රපටයෙන් දැකගන්න ලැබුණු Chien Ho Liao වගේම රාජ්කුමාර් රාඕගේ ඡන්ද පෙට්ටියේ කතාව Newton හි ඕම්කාර් දාස් ද මේ ලැයිස්තුවේ ඉන්නවා. අපේ කතාවේ ප්‍රධාන චරිතවලට පණ පොවන පොලිස් මහත්තුරු සෙට් එක තමයි ඔය පහළ පිංතූරේ ඉන්නේ! ඡායාරූපය දැක්කහම තේරුම් ගන්න පුලුවන් ඇතිනේ දෙකයි පනහේ බොම්බයිමොටයි චිත්‍රපටියක් නොවන විත්තිය.

මේ යකා බොරු ගුණ වර්ණනා කරනවා කියලා හිතනවා නම්, රිවීව්ස් කීපයක් කියෝලා බලන්න. එතකොට තේරෙයි රඟේ! වැඩි විස්තර නැතිව කෙලින්ම කියනවා නම්, ඕනෑම ජාතියක ඕනෑම රසවින්දනයක් තියෙන ඕනෑම කෙනෙක්ට මේ චිත්‍රපටිය රස විඳින්න පුලුවන්. කම්මැලිකමක් නැතිව ක්‍රියාදාම දර්ශන දිහා බලන් ඉන්න ආසා අයට වගේම මුල ඉඳන් අග වෙනකන් විහිලු තහලුවෙන් චිත්‍රපටියක් නරඹන්න කැමති අයටත් එක වගේ ඉඳගෙන පුරා දෙපැයක් නරඹන්න පුලුවන් චිත්‍රපටියක්.

හැබැයි ඕං මුලින්ම කිව්වා… සමහර දෙමළ තෙළෙඟු පිච්චර් කෑලි වගේ, පාරක් ගැහුවාම අඩි හයක් ඈතට විසි වෙන ජාතියේ ෆිලුමක් නම් නෙමෙයි මේ! වීරයගේ ඇක්ෂන් සීන් ස්ලෝමෝෂන් පෙන්නලා එකපාරටම උගේ වටේ ඉන්න ඈයෝ සෙට් එකම රවුමට විසිවෙලා වැටෙන ජාතියේ පිච්චර් කෑල්ලකුත් නෙමෙයි මේ! සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණ වුණු චිත්‍රපටියක් නිසාදෝ ඇක්ෂන් සීන්ස් හැමතැනක්ම හොඳම තාත්වික විදිහට කරලා තියෙනවා.

  • ගත කිරීම්වලදී භාවිතා කළ උණ්ඩ සඳහා ඉන්දීය පොලීසියේ විශේෂ අවසරයක් ලබා ගැනීමට නිෂ්පාදක කණ්ඩායමට සිදු වුණාලු.
  • Trivandrum ප්‍රදේශයේදී කේරළ පොලීසිය වෙනුවෙන් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් තිරගත කළ බවත් සඳහන්.
  • චෙන්ගිස්තාන් ප්‍රදේශයේ රූපගත කෙරුණු පළමු මලයාලම් චිත්‍රපටය ලෙස මෙය හැඳින්වෙනවා.
  • සෞදි අරාබිය තුළ තිරගත වන මම්මුතිගේ පළමු සිනමාපටය ලෙස කේරළ සිනමා ඉතිහාසයටත් Unda එකතු වෙනවා.
  • මෙහි හින්දි ප්‍රතිනිර්මාණයත් ළඟදීම අපිට දැකගන්න ලැබේවි. දෙමළ හා තෙළෙඟු ප්‍රතිනිර්මාණ අයිතීන් ගැනත් සාකච්ඡා මට්ටමේ පවතින බව සැලයි.

කේරළය විසින් එදා මෙදා තුර බිහි කළ විශිෂ්ටතම සිනමා තාරකාව කවුද කියලා මලයාලම් සිනමා රසිකයෙක්ගෙන් ඇහුවොත් පිළිතුරු දෙකක් මැද්දේ අනිවාර්යෙන්ම දෝලනය වෙනවා. එකක් මෝහන්ලාල්! අනික මම්මුති! මේ අතුරින් චිත්‍රපටියක් සඳහා වැඩිම මුදලක් අය කරන්නේ මෝහන්ලාල් වුණත් ඔහු වසරකට තෝරාගන්නේ චිත්‍රපටි සීමිත ගණනක් විතරයි. හැබැයි Mammootty ඊට සාපේක්ෂව වැඩි නිර්මාණ ගණනකට සහභාගී වෙනවා. ඒ නිසාම කේරළ තරුණ ප්‍රජාව අතරේ වැඩිම මනාපය තියන්නේ මම්මුතිට බව නොරහසක්! සමාජ මාධ්‍ය ජාලා තුළ මෙන්ම සැබෑ ජීවිතයේත් මෙගා ස්ටාර් Mammoottyට ලැබෙන තරුණ සිනමා රසිකයන්ගේ ආකර්ෂණය පවා මෝහන්ලාල්ට වඩා හොඳටම වැඩියි. කොහොම වෙතත් නිවින් පෝලි, දුල්කර් සල්මන්, ෆාහද් ෆසිල් වැනි කේරළ තරුණ ජවයන් ඉදිරියේ මලයාලම තවමත් සින්නක්කරේට ලියාගෙන ඉන්නේ මේ හැට පැනපු නාකි ජෝඩුවම තමයි.

2018 වර්ෂයේ අසාර්ථක නිර්මාණ පෝළිමකට පස්සේ මම්මුතිට හොඳ කාලේ ලබන්න පටන් ගත්තේ 2019 වර්ෂය ඇරඹෙනවාත් සමඟමයි. සාම්ප්‍රදායික මසාලා ආකෘතියට නිර්මාණය වුණු ඔහුගේ Madhura Raja සිනමාපටය මෙම වසර මුලදිම කෝටි 100+කට අධික ආදායමක් ලැබූයේ කේරළයේ BoxOffice වාර්තා තොග පිටින් අලුත් කරන්න සමත් වෙමින්. ඒ අතරතුරම කේරළයෙන් තමිල්නාඩුවට පැත්තට පා තියපු ඔහු Peranbu තුළින් දමිළ සිනමාවේ සාම්ප්‍රදායික වට්ටෝරු හැඩය වෙනසකට ලක් කරමින් සම්මාන පිට සම්මාන ලබාගත්තා. ඒ විතරක් නම් මදැ, Yathra තෙළෙඟු සිනමාපටයේ ප්‍රධාන චරිතයට දායක වෙමින් තෙලංගානා ප්‍රාන්තය තුළ ද මලයාලමේ නම ලියා තැබුවා. දේශපාලනමය මුහුණුවරක් ගත් නිසාම යාත්‍රා, ආදායම් අතින් ලොකුවට සාර්ථක නොවුණ ද හිතුවටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මම්මුතිට ලැබුණු බව නම් කියන්නම ඕනේ! සුප්‍රසිද්ධ යැයි කියාගන්නා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමා තාරකා පවා තමන්ගේ ප්‍රාන්තීය සිනමාවට කොටු වෙලා ඉන්න සමයක හැට පිරුණු කේරළ නළුවෙක් කෙමෙන් කෙමෙන් මුලු ඉන්දියාව තුළම තමන්ගේ නාමය සනිටුහන් කරගෙන යන ගමනක් මේ.

මිනිස්සු ඔප වැටෙන්න ඕනේ පිටතින් නෙමෙයි
ඇතුළතින්, තමන්ගෙම හදවතින්..
යහපත ආරක්ෂා කරන්න සටන් කරන්න සිද්ධ වුණාට පව් පිරෙන්නෑ!
ඔවුන් දිවි කැප කරන්නේ උත්තරීතර අරමුණක් වෙනුවෙන්-
කොන්ද කෙළින් තියාගෙන වංචාකාරයෝ සීයක් මැද්දේ
බයක් නැතුව හිට ගන්න පුලුවන් නම්
ඒ මිනිහා තමයි හැබෑම වීරයා!
ඒත් අපේම කරුමෙට ඒ ජාතියේ මිනිස්සු හරි අඩුයි…
උන් ඉන්නේ ලෝකෙන්ම හැංගිලා,
ලෝකෙට අඬබෙර ගහන්නේ නැතිව ඔවුන් යහපත ආරක්ෂා කරනවා,
ලැජ්ජාවක් වෙන්නෑ,
ඒ වගේ මිනිස්සුන්ට දැකපු තැන ගරු කළාට!!

තම ප්‍රථම චිත්‍රපටය වූ Anurga Karikkin Vellam හි වැඩ කටයුතු අවසන් වීමෙන් පසු මම්මුතිගේ ප්‍රධානත්වයෙන් යුතුව තමන්ගේ දෙවන චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹීමට සූදානම් බව 2017 වසරේ නොවැම්බර් මාසයේදී කලීඩ් රහ්මන් මාධ්‍යයට පැවසුවා. ඒ අනුව 2018 වසරේදී රූගත කිරීම් ඇරඹුණු අතර දින 60ක් පුරා එහි මුල් අදියරේ වැඩ කටයුතු සිද්ධ වුණා. අනිත් චිත්‍රපටිවලට සාපේක්ෂව මන්දාගාමී ස්වරූපයක් ගනිපු මෙහි නිෂ්පාදන කටයුතු පවා අවසාන වූයේ මේ වසරේ මුල භාගයේදීයි. කොහොම වුණත් 2018 වර්ෂයට සාපේක්ෂව මේ වසර නම් මමුක්කාට සුබ වෙන පාටයි! මධුර රාජා තුළින් අති සාර්ථක ආරම්භයක් ලබාගත්තා වගේම උන්ඩාත් බ්ලොක්බස්ටර් ලේබලය අලවා ගත්තා. ඉදිරියට තිරගත වෙන්න තියෙන නිර්මාණ පෝළිමත් මුල ඉඳන්ම ප්‍රේක්ෂක අවධානයට යොමු වුණා. මේ වන විට, 2019 වසරේදී මමුක්කා චිත්‍රපට පහකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ සෑම චිත්‍රපටයක්ම Flop නොවී ආදායම් පැත්තෙන් සාර්ථක වුණා.

Yathra – Semi Hit
Peranbu – Super Hit
Madhura Raja – Blockbuster
Unda – Blockbuster
18am Padi – Hit

ලාලෙට්ටන්ට සාපේක්ෂව වසරකට වැඩි චිත්‍රපට ගණනකට දායක වන නිසාම මම්මුතිට තියෙන ෆෑන් බේස් එකත් ගොඩක් ලොකුයි. ගල්ෆ් කලාපය තුළදී මලයාලම් සිනමා නිර්මාණයක් එතෙක් මෙතෙක් ලැබූ දෙවන වැඩිම පළමු දින දර්ශනවාර සංඛ්‍යාවේ වාර්තාවද Undaට හිමි වීම විශේෂ කාරණයක්. Madhura Raja සාර්ථකත්වයෙන් පස්සේ වැඩි කල් නොයවාම ලෝ පුරා මමුක්කාලෝලීන්ගේ මන දොළ පිනවන්න කරළියට ආපු Undaට හිමි වුණේ අතිශය ජනප්‍රිය ප්‍රතිචාරයක්. රසිකයන් පමණක් නොවෙයි, විචාරකයන් පවා උපරිම ඉහළින් මෙය අගය කරනු ලැබුවා. පහත ඡායාරූපයේ දක්වලා තියෙන්නෙත් මුලු ඉන්දියාවම පිළිගත් ජනප්‍රිය සිනමා විචාරකයන් මේ වෙනුවෙන් ලබා දී තිබෙන මනාප ප්‍රතිශතයි.

ඔබ කුමන සිනමා ශානරයක රසිකයෙක් වූව ද මේ සිනමාපටය එක් වතාවක් නරඹන්න කියලා ආරාධනා කරනවා. මොකද, සමහර සිනමාපට තියෙනවා නොහිතපු වෙලාවලදී නොහිතපු ඇබ්බැහිවල අපිව මත් කරවනවා. මේ තියන්නෙත් ඒ වගේ මත් බෙහෙතක්!!

චිත්‍රපටියේ කතා තේමාව හා අන්තර්ගතය ගැන පොඩි පොඩි ඉඟි දුන්නා මිසක වැඩිය මුකුත් කිව්වේ නැත්තේ හේතුවක් ඇතිවයි. කතාවෙන් බාගයක් කියන්න ගිහින් වැඩේ නාගන්නවට වඩා හොඳයි, ඒ හරිය ප්‍රේක්ෂකයන්ටම බාර දෙන එක. තවත් විස්තර ඕනේ නම් ලේසියෙන්ම අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් වේවි. සුපුරුදු මලයාලමේ එකම ලොකේෂන් කන්දෙන් මිදිලා අලුත්ම කතා තේමාවන් හොයන අපේ සහෝදර රසික රසිකාවියන්ට මෙය නැවුම් ම අත්දැකීමක් වේවි.

එදා මෙදාතුර මලයාලම බිහි කරපු දැවැන්තම රංගධරයන් දෙදෙනා, මෝහන්ලාල්ගේ සහ මමුතිගේ චිත්‍රපට දෙකක් උපසිරැසි ගැන්වීමේ හීන් ආසාවකුත් කාලයක් තිස්සේ තිබ්බ නිසාවෙන්ම තමා මෝහන්ලාල්ගේ Lucifer චිත්‍රපටියට පස්සේ මේ උපසිරැසියත් හැකි ඉක්මනටම ගෙනාවේ. හොඳ කොපියක් නිකුත් වුණා කියලා මුලින්ම ඔත්තුව දුන්නු වගේම DVDScr කොපියට කරලා තිබුණු මුල් කොටස යාවත්කාලීන කරලා දුන්නු ඉසුරු ස්‍රීනාත් අයියා නැත්නම් වැඩේ මීටත් වඩා පරක්කු වෙන්න තිබ්බා! මයුර සුරාජ් සහ චානක ඉඳුනිල් සොහොයුරන්ටත් බෙහෙවින්ම ස්තූතියි උපසිරැසියට උපකාර කළාට. මලයාලම් බොක්ස්-ඔෆීසිය ගැන එච්චර ඇහැ ගැටෙන්නේ නැති කරුණු කාරණා පෙළ ගස්වලා මංසලට ලියපු Manorama Awards 2019 කේරළ සිනමා තරු බැබලුණු රාත්‍රිය ලිපිය මේ ලින්කුවෙන් ගොඩ වැදිලා කියෝගෙනම යන්න කියලත් ආරාධනා කරනවා! දන්න නොදන්න තොරතුරු බොහෝමයක් මුණ ගැහේවි.

පහුගිය දින කිහිපයේදී එකදිගට මලයාලම් සිනමාපට පෝළිමක්ම ඩිජිටල් රිලීස් වුණා. Kumbalangi Nights, Athiran , Ishq, Virus වගේ චිත්‍රපටි පෝළිමක්ම එළියට ආවා. බය වෙන්නෙපා… ඔතනින් ඉවර නැහැ’ Thottappan, Uyare, Thamaasha, Madhura Raja, 18am Pdai, Oru Yamandan Premkdha සෙට් එකත් අගෝස්තු-සැප්තැම්බර් අතරේ බලන්න පුලුවන්. සුපුරුදු පරිදිම, තේරෙන සිංහලෙන් චිත්‍රපටි බලන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් දිගටම එකතු වෙන්න කියලත් ආරාධනා කරන ගමන් ඔය මලයාලම් පෝළිමට උපසිරැසි ගන්වන්න ඇඟිලි ගැන ගැන ඉන්න අපේ සහෝදර උපසිරැසිකරුවන්වත් මතක් කරන්නම ඕනේ.

ජය වේවා. අපි ගියා එහෙනම්…

වීරයන් කිසිදා මිය යන්නේ නැත.
වීරයන් කිසිදා පරාජය වන්නේ ද නැත.
මුවින් මුව ඔවුන්ගේ වීරත්වය තෙපලන කල,
මේ භූමිය මතම තවත් වසර සිය ගණනක් අරාජිකව හුස්ම ගනු ඇත!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

8,138 downloadsDownload Unda-2019-1.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

8,138 downloadsDownload Subtitles59 KB

46 comments

  1. Gihan Lakmal

    Sub ekata Thanks machooo.... Sub Title file format eka .txt thiynne eka fix karanna...

    1. Malithsank

      බොහොම ස්තූතියි සබ් එකට සහ මේ ලිපිය වෙනුවෙන්

  2. Ruk96

    Hammo E lipiya film ekata neme Lipiyata hitha adila yanwa dekak na aniwa meka balanwa.
    godak sthuthi digatama sub demu mewage ewa thama oni!!!!!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata haa lipiyata

  4. Gathsara Umesh

    හම්මෝ ලිපිය...❤️
    බොහෝම ස්තූතියි සන් එකට සහෝ...

  5. gihan perera

    නියමයි මචෝ මල්ලියේ මේක....පට්ට ෆිලුමක් කාලෙකින්.....මේ වගේ මලයාලම් ෆිල්ම් තමයි බලන්න ඕන....සවිස්තරාත්මක හැඳින්වීම ට ජය වෙිවා සහෝ....ස්තුතියි වෙිවා වෙච්ච මහන්සියට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා......

  6. mskbranda

    බොහෝම ස්තූතියි. දිගටම මලයාලම් වලටම සබ් දෙන්න.

  7. wajira

    Thanks for sub

  8. isuru srinath sjs

    ලිපිය දැක්කමත් පිස්සු වගෙයි.. හොදටම පැහැදිලි කරලා තියෙනවා.. බොහොම ස්තුතියි මල්ලි උපසිරැසියට...!

  9. anushka5800

    jaya wevaaa...... anith malayalam tikatath sub denna...

  10. dananja

    lipiya nisa gannava balamuko

  11. arawindasunimal

    thanks sub ekata..................

  12. Hemantha De Silva

    ගොඩක් ස්තුතියි කවිනු....
    උපසිරැසියට.. ඒ වගේම දීර්ඝ විස්තරයකින් දැනුවත් කළාට...
    තවත් ‘රහ‘ පිලුමකින් හමුවෙමු...

  13. Asanke

    Thanks for

  14. ඔෂද ධනංජය

    thaks malli..loku wistharayakuth ekkama....

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...
    සිසිලගේ ආරට යන එකෙක් දැක්කාමත් සතුටුයි.
    ලිපිය ගැන කියන්න දෙයක් නෑ. සුපිරියි.
    ෆිලුමත් අනිවා බැලිල්ලක් තමා.
    දිගමෙ සබ් දෙමු ආ..
    ජය!

  16. nihalpujitha

    Thanks saho

  17. nihalpujitha

    I actar

  18. deshanchandana

    boha sthuthi digatama malayalam films denna api hamadama oya ekka saho.jaya

  19. kasun sudangama

    note eka nam supiriyak saho digatama malayalam film walata sub one....

  20. kolitha dias

    Thanks

  21. sarinda100

    thanks

  22. කවිශල් රසින්ත (කවී)

    මලයාලම් වලින්ම තමන්ගේ පාත් එක හදාගෙන යන්න වගේ ට්‍රයි එක. කෝමවුනත් ඒක හොදයි මොකද මලයාලම් වල 'රහ' දන්න අය දන්නවා මලයාලම් වල අගේ. අනික ඉතින් මලයාලම් සිනමාවේ පතාක යෝධයින් දෙදෙනාගේ සුපිරිම ෆිල්ම් දෙකක් උපසිරැසි කරන්න ලැබුන එකත් එක අතකින් වාසනාව. ලිපියත් ආයේ ඉතින් කියන්න දෙයක් නෑ කොලිටිම තමා, සබ් එකත් ඉතින් ඊට නොදෙවැනිව ඇති, එහෙනම් සබ් එකට බෝම තුති, ජය වේවා....!!!

  23. Nirosh C

    ස්තුතියි කවිනු සහෝ.ජයවේවා!

  24. EM Nishshanka

    Thanks mcn

  25. EM Nishshanka

    Madhura raja film ekatath sub eka karahan machoo

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. sampath n perera

    supiri...... thanks

  28. rangika Kariyawasam

    තැන්කු කවියා. ෆට්ටම වැඩක් බෝම තුති මචං මලයාලම් සිංහල රසිකයන්ට මේ කරන සේවයට.ජය

  29. Pradeepkumara

    ස්තූතියි සහෝ....

  30. hansi rathnayaka

    Ane Prithviraj amathaka welane

  31. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  32. prasakr

    සුපිරි වැඩක් ජයවේවා .... උපසිරැසියට තුති

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Anurada

    Thank You !!!

  35. Aac3

    ලිපියටත් සබටත් ගොඩාරියක් ස්තූති සහෝ... ජය වේවා !!!! දිගටම සබ් දෙන්න මේ වගේම සහෝ

  36. Bandaramudiyansi

    මෙයාගෙ තව එකක් ඇවිත් .මෙක නම් සුපිරි

  37. anushka5800

    thamaasha ekata sub denakam inne...

  38. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ලිපිය සුපිරි උනාට ෆිලුම හිතුව තරම් සුපිරි නෑ
    මොනව කිව්වත් mohanlal ට ගහන්න මෙයාට බෑ,මන් නම් හිතන්නේ
    ජය වේවා

  39. Uditha Landekumbura

    Thanks bro.. Uyare ekath ikmanata ona

  40. D.Chamara

    bohoma sthuthi sahooo jaya .....

  41. N_R

    Thank You.

  42. nish47

    Thanks bro

  43. Akashpc

    Tnx

  44. SangeethRox

    Thank you

  45. Vishwa sasanka

    Thank you