Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles ආයුබෝවන්. බයිස්කෝප් පවුල ඔන්න 16 වන වසර සැමරුවා.ඉතිං ඒ පවුලට සම්බන්ධ සියළු දෙනාටමත් අප හා රැඳී සිටින ඔබ සැමටත් ඒ සම්බන්ධයෙන් සුභ පතනවා. ඇත්තටම මේ වෙලාවෙ ඔවුන් සමග සම්බන්ධ වෙලා ඉන්න එකත් ලොකු ආඩම්බරයක්. ඒ වෙනුවෙන් ඔන්න අද මම තවත් නවතම OTT නිකුත් උ…

Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles

ආයුබෝවන්. බයිස්කෝප් පවුල ඔන්න 16 වන වසර සැමරුවා.ඉතිං ඒ පවුලට සම්බන්ධ සියළු දෙනාටමත් අප හා රැඳී සිටින ඔබ සැමටත් ඒ සම්බන්ධයෙන් සුභ පතනවා. ඇත්තටම මේ වෙලාවෙ ඔවුන් සමග සම්බන්ධ වෙලා ඉන්න එකත් ලොකු ආඩම්බරයක්. ඒ වෙනුවෙන් ඔන්න අද මම තවත් නවතම OTT  නිකුත් උන ලස්සනම ලස්සන මලයාලි පවුල් කතාවක් රැගෙන එනවා. කාලෙකට පස්සෙ තමයි මේ වගේ මලයාලින්ටම ආවේණික පවුලේ කතාවක් ගෙන එන්නෙ.

මේක සරලවම කිව්වොත් සහෝදරයො තුන් දෙනෙක් වටා ගෙතුණු කතාවක්. අසාධ්‍ය තත්වයේ සිටින සිය මවගේ අවසන් හෝරා කිහිපය ගත කරන්න කාලෙකට පස්සෙ සහෝදරයො තුන් දෙනා සිය පවුල් සමග මහ ගෙදරට එකතු වෙනවා.කොහොමත් සහෝදරයො කිව්වට  එයාල තුන් විදිහක්. ඉතිං අම්මගෙ අවසන් හුස්ම පොද යන කල් මේ සහෝදරයින්ගෙ පවුල් වල කියුම් කෙරුම් තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඒ එකිනෙකාගෙ මානුෂික සබඳ කම් වගේම පරම්පරා දෙකක වෙනස අස්සෙ මවගේ අවසානය අපේක්ෂා කරන කටුක යථාර්ථවාදී අරමුණක්ද ඔවුන් හැමෝම තුල තියෙනවා.

මේ සහෝදරයින් තිදෙනාගේ චරිත තුළ ජීවත් වෙන නළුවන් තිදෙනා කිව්වම කාටත් මේක බලන්න ආස හිතෙයි. මේ තුන් දෙනාටම ප්‍රියතම රසිකයො අපි අතර ඉන්නවා. අලෙන්සියර් ලෝපෙස්, ජෝජු ජෝජ් සහ සූරජ් වෙන්ජාරමුඩු මේ චරිත තුන රඟපානවා. යොවුන් නළු නිළි දෙපලක් වන ගාගි ආනන්දන්, තෝමස් මැතිව්, ශෙලී කිශෝර්,සජිතා මඩාති සෙසු චරිත රඟපානවා. සරන් වේණුගෝපාල්හගේ අධ්‍යක්ෂනයක්.

ඉතිං 16 වන සංවත්සරයට පිදෙන මලයාලම මේක තමයි.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

Rekhachithram (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,647 downloadsDownload Narayaneente-Moonnanmakkal-2025.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Marco (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,647 downloadsDownload Subtitles34 KB

4 comments

  1. Buddhika laKMal

    බෙහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. syd

    download link nadda

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  4. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.