බයිස්කෝප්වාසී සියලූම දෙනාට සුබම සුබ නව වසරක් වේවා!(මට නම් මේ අවුරුද්දම සුබයි. දන්නෝ දනිති.) නමින්ම තේරෙනවානේ මේක මාර්වල් ෆිලුමක් කියලා. සෑහෙන කාලයක් තිස්සෙ මාර්වල් ෆිලුමකට උපසිරසි කරන්න ආශාවෙන් හිටියේ. මේ උපසිරසිය අපි අතරින් වියෝ වූ ස්ටෑන් ලී මහත්මයාට උපහාරයක්ම වේවා! ඇනිමේශන් ෆිලුමක් වෙන මේ ෆිලුම A…
බයිස්කෝප්වාසී සියලූම දෙනාට සුබම සුබ නව වසරක් වේවා!(මට නම් මේ අවුරුද්දම සුබයි. දන්නෝ දනිති.) නමින්ම තේරෙනවානේ මේක මාර්වල් ෆිලුමක් කියලා. සෑහෙන කාලයක් තිස්සෙ මාර්වල් ෆිලුමකට උපසිරසි කරන්න ආශාවෙන් හිටියේ. මේ උපසිරසිය අපි අතරින් වියෝ වූ ස්ටෑන් ලී මහත්මයාට උපහාරයක්ම වේවා!
ඇනිමේශන් ෆිලුමක් වෙන මේ ෆිලුම Action, Adventure සලෙරුවක් ලෙස වර්ගීකරනය කරලා තියෙනවා. IMDb 6.4 අගයකට හිමිකම් කියන ෆිලුමක්. Marvel Studios, Marvel Animation, Lionsgate කියන ආයතන වලින් හදලා තියෙන්නේ. කතාව සරලවම කිව්වොත් තෝර් එයාගෙ දක්ෂකම් ගැන සැක කරලා එයාව කාටවත් පරද්දන්න බැරි වෙන විදිහේ ක්‍රමයක් හොයනවා. ඉතින් එයා රණශූරයෝ තුන් දෙනයි, ලොකියි එක්ක සාටර්ගේ අසිපත හොයාගන යන කතාව තමා මේ. මේ සලෙරුව Thor 2011 සලෙරුවත් එක්ක සමානකම් කීපයක්ම පෙන්නනවා. තෝර් ලොකීවත් එක්කරන් යෝටන්හයිම් යනවා, තුහින යෝධයන් එක්ක සටන් කරන එක වගේ ගොඩක් සමානකම්. මේ සලෙරුවේදී කෙනෙක් ඇත්තටම දැනගනීවී තමන් අයිති කොහාටද කියලා, අපි හිත්න්නෙවත් නැති කෙනෙක් වීරයෙක් වෙයි, අපි නොහිතන කෙනෙක් මහා ද්‍රෝහියෙක් වේවි, පිය පුතු බැදීම් ශක්තිමත් වේවි. අපි රැග්නරොක් එකේදී ගොඩාක් ආදරය කරපු වැල්කරිලව අපිට ආයෙත් මුණ ගැසේවි. එතකොට වැල්කරිලගේ නායිකාව….එයාවනම් බලන්නම ඕනෙ.මේ සලෙරුවේ සිෆ් ආර්‍යාවගෙයි තෝර්ගෙයි ආදර අන්දරයත් පොඩ්ඩක් තියේ. තව රැග්නරොක් එකේ මුලදි තෝර්, සාටර්ට “මම හිතුවේ මගේ තාත්තා උඹව මැරුවා කියල. ම්ම්….අවුරුදු මිලියන බාගෙකට කලින් විතර.” කියලා කියන්නෙ ඇයි කියලා ඔයාලට තේරේවි. තෝර් 2011දී මෙයාලා ලොකු ළමයි වුනාට මේ සලෙරුවදී මෙයාලා පොඩි ළමයි. පොඩි කිව්වෙ නව යොවුන් වියේ අය. රැග්නරොක් එකේ අපැහැදිලි තැන් මේකෙන් ඔයාලට පැහැදිලි කරලා දේවී. DC වගේ මාර්වල්ලා නිතරම ඇනිමේෂන් සලෙරූ නොදැම්මට මේ සලෙරුවෙන් එයාලා රැග්නරොක් එකට පසුබිම අරන් තියෙන හැටිනම් DCලට හීනයක් විතරමයි. DC කොච්චර ඇනිමේෂන් ෆිලුම් හැදුවත් එව්වගෙන්වත් හරි ප්‍රයෝජනයක් ගන්නෙ නෑ නෙ. (DC අය තරහා වෙන්න එපා. මම ඇත්ත කිව්වෙ)
මේ සලෙරුව තෝර් 2011ට වඩා ටිකක් වෙනස් තැන් ගොඩකුත් තියේ. තෝර් 2011සලෙරුවට අනුව තුහින යෝධයොන්ගෙයි ඕඩින්ගෙයි සටන වෙන්නේ ක්‍රි.පූ.965 දි නෝර්වේවල ටොන්ග්ස්බර්ග් වලදිනේ. ඒත් මේකේ තත්වෙ වෙනස්. තුහින යෝධයන්ගේ රජතුමාගෙ නම් පවා වෙනස්. තව වෙනස්කම් තියනවා. ඒවා කිව්වොත් ඔයාලව spoil වෙන නිසා වෙනස්කම් හොයන එක ඔයාලට බාරයි.
හසන්ත අයියා, තිසර නියෝ අයියා, විමා අයියා වගේ මාර්වල් ප්‍රභලයෝ මාර්වල් විශ්වය ගැන දන්න දේවල් මුහුදක් වගේනම් අවුරුදු තුනකට කලින් මාර්වල් පිස්සුව හැදුනු මම දන්න දේවල් පොඩි දොල පාරක් වගේ. ඒ වුනාට මම මේ සලෙරුවේ ඉන්න උදවිය, තැන්, ආයුධ ගැන මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදාගන්නම්. ඔයාලා දන්න දේවල් මටත් කියලා දෙන්න. කොමෙන්කොටුවක් දාලා. විස්තර කියවන්න කැමති නැති ෆිලුම බලන්න කැමති හදිස්සිකාරයෝ ඉතිරි ටික කියවන්නෙ නැතුව උපසිරසිය ගත්තට කමක් නෑ.
Yaggdrasil
කැප්ටන්ඇමරිකා ෆිලුමේදී රතු හිස්කබලා “ජීවනයේ වෘක්ෂය” කියලා සදහන් කරන්නෙත් මේකටම තමයි. මේ ගහේ අතු, මුල් රාජධානි නමයේ විවිධ රාජධානි එක්ක සම්බන්ධවෙලා තියෙන්නෙ. ඒක තමයි රාජධානි නමයම රදවගෙන ඉන්න ශක්ති ප්‍රභවය.
Nine realms
රාජධානි නමය ගැන මේ ෆිලුමෙ පුන පුනා කිව්වට ඔයාලා දැනන් හිටියද ඇත්තටම රාජධානි 10ක් තිබ්බා කියලා? එව්වා තමයි
- Asgard
- Vanaheim
- Alfheim
- Nidavellir
- Midgard
- Swartalfheim
- Jotunheim
- Hell
- Muspeltiem
- Heven
අපාය (hell) තියනවානම් ඉතිං දිව්‍යලෝකය (Heven) තියෙන්නත් ඕනෙනෙ. ඇයි මේ දිව්‍යලෝකය රාජධාන නමයට ඇතුල් කරගන්නෙ නැත්තෙ? ඇස්ගාර්ඩ් එක්ක දිව්‍යලෝකට යුද්ධයක් පටන්ගෙන ඕඩින් heven සම්බන්ධ ජීවන වෘක්ෂයේ අත්ත කපලා දාලා තියෙනවා. ඒකයි.
Surtur
තෝර් රැග්නරොක් බලපු උදවිය මෙයා ගැන හොදට දන්නවානෙ මෙයා අඩි 1000ක් විතර උස අග්නි යෝධයෙක්. මම මෙයාගේ ප්‍රසිද්ධ නැති විස්තර ටිකක් කියන්නම්. ඕඩින් තෝර්ගෙයි ජේන් ෆ්රොස්ට්ගෙයි ආදර අන්දරය නවත්තන්න පෘථිවියට ආවම ලොකී ඒක වලක්වන්න සාටර්ව නිදහස් කරලා තියෙනවා.(ලොකී ඉදලා හිටලා හොද වැඩත් කරනවා). සාටර්ගේ දක්ශතා තමයි
බුද්ධිමත්කම: 3
ශක්තිය: 7
සටන් කුසලතා: 5
කල්පැවැත්ම: 6
ශක්ති ප්‍රක්ශේපනය:6
Elderstahl
සාටර්ගේකඩුව, අග්නි අසිපත, twilight sword, විනාශයේ අසිපත කියන නම් වලිනුත් මේ අසිපත හදුන්වනවා. අග්නි යෝධයා මේක හදලා තියෙන්නේ “Burning Galaxy” වල තිබ්බ නොදන්නා ලෝහයක් පාවිච්චි කරලා. මේ අසිපත මායාකාරී අසිපතක්. ඒ ඇයි කියලා ෆිලුම බලද්දී ඔයාලට තේරුම් යාවි. කොමික් වලට අනුව ඔය කඩුවේ බල පාවිච්චි කරලා ලොකී, තෝර්ව සැරයක් ගෙම්බෙක් කලාලු.
Brunhilde
මමකලින් කිව්වේ වැල්කරිලගේ නායිකාවක් ගැන. මේ තමයි එයා. එයා ඉස්සර කුමාරිකාවක් වෙලා ඉදලා තියෙනවා. එයාගෙ පුහුණුකරු Sigmund තමයි එයාගෙ ආදරවන්තයා. ඒත් මේ සලෙරුවේදිනම් එයා පිරිමි සංහතිය ගැන වෙනමම කෝනයකින් බලන්නේ. හරිම අමාරුකාරියක්. සාමාන්‍ය ඇස්ගාර්ඩ් පිරිමියෙකුට උස්සන්න පුලුවන් ටොන් 30යි. ඒත් මෙයාට ටොන් 45ක් උස්සන්න පුලුවන්. එයාගෙ දක්ෂතා ගැන කිව්වොත්
බුද්ධිමත්කම: 2
ශක්තිය: 5
වේගය: 2
කල්පැවැත්ම: 4
ශක්තිය සම්ප්‍රේශනය: 1
සටන් කුසලතාවය: 5
වැල්කරිලගේ නායිකාව වුනාට මොකද එයා එච්චර දක්ෂ නෑ නේද?
Ander
අයනජාර්ලගේ නායකයා. දක්ෂ කඩුශිල්පියෙක්.
අයනජාර්ලා කියන්නේ ඇස්ගාර්ඩ්වල ඉන්න ගෞරවනීය රණශූරයෝ ටිකකට. අන්ඩ්‍රෙ තමයි එයාලට නායකත්වය සපයන්නෙ. එයාලා සිෆ් ආර්‍යාවයි, රණශූරයන් තිදෙනයිවයි (Volstagg, Fandral, Hogun) එයාලගේ කණ්ඩායමට එකතු කරගැනීම ප්‍රතිකේෂ්ප කරලා තියෙනවා. ඒක සම්බන්ධ විහිළු වගයක් මේ සලෙරුවේ අන්තර්ගතයි. අයනජාර්ලගේ ප්‍රධාන කාර්යයවලින් එකක තමයි තෝර්ව පුහුණු කරන එක.
Fenris Wolf
මේ නම අහලා පුරුදුයි නේද? ඔව් හැබැයි ඒ මාවල් විශ්වයේ නෙවෙයි හැරී පෝටර් විශ්වයේ. ඒකෙත් නරවෘකයෙක් ඉන්නවානෙ ෆෙන්රි ග්‍රේබැක් කියලා. මතකද හැරී පෝටර් සහ අඩලේ කුමාරයා පොතේ ලූපින් “මාව හැපුවෙත් ග්‍රේබැක්, එයාට මගේ තාත්තත් එක්ක තරහක් තිබ්බා. මම ඉස්සර මාව හපපු නරවෘකයාට අනුකම්පා කලා එයාට එයාගැන හරිහැටි පාලනයක් නැතුව කරපු දෙයක් කියලා. ඒත් ෆෙන්රි ග්‍රේබැක් පෝයක් නැතුවත් හොදට සැලසුම් කරලා ළමයින්ට දත් ගහලා එයාලව නරවෘකයෝ කරන පිස්සෙක්”ගෙයි මෙයාගෙයි වැඩි වෙනසක් නෑ. කියලා කිවා? සමාවෙන්න හොදේ. මට ලොකු මාර්වල් දැනුමක් නම් නෑ. ඒත් හැරී පෝටර් විශ්වය ගැන කියන්න ගත්තොත්නම් ටිකක් බ්‍රේක් ගහන්න අමාරුයි. හැරී පෝටර් පොත් මට කටපාඩම් නිසා. දැන්වත් මාවල්ලගේ ෆෙන්රි වෘකයා ගැන හැරෙමුකෝ. හරී පෝටර් නමුත් දේවකතා ඇසුරෙන් දාලා තියෙන්නේ. තෝර් කියන්නෙත් නෝර්වීජියානු දේව කතාවක්. අඩි 15ක් විතර උස යෝධ ඇස්ගාර්ඩියානු වෘකයෙක්ට තමයි ෆෙන්රි කියන්නේ. මෙයා රතු හැට්ටකාරිට සමාන මාවල් කතාවක එන කෙනෙක්. ඉඩුනා කියලා දෙව්දුවක් හැම අවුරුද්දෙකම ඕඩින්ට “අමරණීයත්වයේ ස්වර්ණමය ඇපල්ගෙඩි” ගෙනත් දෙනවා. දවසක් මේ වෘකයා ඒ ඇපල් අමුත්තෙක් විදිහට වෙස්වලාගෙන ඇවිල්ලා පැහැරගන්න හදනවා. . අමුත්තගේ කටහඩ වල් සතෙක්ගෙ වගේ නිසා දෙව්දුව මෙයා ගැන දැනගන්නවා. හැරී පෝටර් එකේ ෆෙන්රි ග්‍රේබැක් වගේම මෙයාටත් ළමයින්ව පෙන්නන බෑ.
ඕඩින්ට ඇසක් අහිමි වූ හැටි..
තෝර් 2011 සලෙරුවේදිනම් ඕඩින්ට ඇසක් අහිමි වෙන්නෙ ක්‍රි. පූ. 965 තුහින යෝධයොන්ගේ නායකයා එක්ක වෙච්ච සටනෙදි නේ. මේ Thor – Tales of Asgard (2011) සලෙරුවේ අගට හරිය වෙනකල්ම ඕඩින්ට ඇස් 2කම ටියෙනවා. මේ ෆිලුමේ එක ඇසක් අහිමි වෙන්නේ වෙනම විදිහකට වෙනම කෙනෙක්ගෙ අතින්. ඒක ෆිලුම බලලා හොයාගන්න. දැන් අපි කොමික් වලදී ඕඩින්ට ඇසක් අහිමි වූ එක අවස්තාවක් ගැන කතා කරමු. Thor #294- Revealing the Origins කියන කොමික් පොතේ සදහන් වෙලා තිබ්බ විදිහට (ඒක තමයි ඕඩින්ගේ උප්පත්ති කතාව) ඕඩින් රාජධානි නමයේම දැනුම හොයාගෙන සංචාරය කරලා තියෙනවා. දැනුම කියන දේ නිකන්ම දෙන දෙයක් නෙවෙයිනේ. යම කැපකිරීම් කරන්න වෙන දෙයක්නේ. ඕඩින් රූන්ස්වරු ( හැරී පෝටර් 1කේ හමයිනි ඉගන ගන්නේ), ආදී දේවල් ගැන තියන දැනුම වෙනුවෙන් ජීවනයේ වෘක්ෂයට යෝටන්හයිම් ගාව තියෙන mimir ලිද ගාවදී එයාගෙ ඇහැක් පූජා කරලා තියෙනවා.
ප.ලි.
උසස්පෙල ප්‍රතිඵල එහෙමත් ආවනේ. මේ පාර කැම්පස් යන්න බැරිවෙන යාලුවෝ හොදට පාඩම් කරන්න. ඔයාලට ඊළඟ පාර බැරි නෑ. සැලෙන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,353 downloadsDownload Thor-Tales-of-Asgard-2011.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)
Subtitles
18 comments
imesh anjana
Malinda
sub ekata thanks.
Article ekata eetath wada thanks. patta mahansiyak aran thiyenawa.Kulanjana Maduranga
lipiyath patta ahh.....subata thanks sis....keep it up....
samathandi
Thanks
Malinda
Thanks sub ekata. Article ekatpatta
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකට කවුරු හරි සබ් දෙනකම් බලන් හිටියේ...
සුපිරි ලිපිය....
මේ වගේ සබ් දීල නැති Marvel ෆිල්ම් වලට සබ් දෙමු...
Hail Marvel!!geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
Gayan_madushanka_
Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි
upps
Thank you sister.Hail marvel.
Ayesh Prashan
Thank You
විමා
දන්නේ නෑ කිව්වට සැහෙන්න හොඳ විස්තරයක් දීල තියෙනව
මාවල් සංගමේ සාමාජිකයෙක් බව දන්නේ දැන් නොව :D
සබට තුති වේවාKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sahasra
පොඩි නිවරදි කිරීමක් කරන්න තියෙනවා. හසන්ත අයියා මාර්වල් විශ්වයේ ප්‍රභලයෙක් නෙවෙයි DC ප්‍රභලයෙක්. වැරදීමට සමාවෙන්න. ඒ වගේම අදහස් දැක්වු සැමටත් ස්තූතියි.
#HailMarvelUdara Damith Dissanayaka
lipiyanam niyamayi
rajitha mahesh
Sub ekata tnx WHEELY 2018 sub eka senna puluwnda
lasaa
Elama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

Sub ekata thanx