Watch Trailer

The Room (2019) Sinhala Subtitles | අරුම පුදුම කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. සයිට් එකේ උපසිරැසි කරල නැති නිසා කරන්න හිතුනා. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්…

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. සයිට් එකේ උපසිරැසි කරල නැති නිසා කරන්න හිතුනා. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්ෂකවරයා විසින් තමයි තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. ප්‍රධාන නිළියගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Olga Kurylenko. 2019 අවුරුද්දේ ආව The Courier චිත්‍රපටය මතක ඇතිනේ. අන්න ඒකේ ප්‍රධාන චරිතය රඟපාන නිළියම තමයි මේකෙත් රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව Kevin Janssens සහ Joshua Wilson අනික් ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙනවා. Imdb ශ්‍රේණිගත කිරීම්වල 6/10 අගයකුත්, Rotten Tomatoes හි 71% ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සහ Google පරීශීලකයන්ගේ 80% මණාපයක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.

අපි ජීවත් වෙන ගෙදර අපි හිතන පතන ඕනෑම දෙයක්, අපිට අවශ්‍ය දේ නම කියූ පමණින් ලබා ගන්න පුළුවන් කාමරයක් තිබුනොත් එහෙම කොහොමද ? පිස්සු හැදෙයි නෙහ් 😁 අන්න එහෙම කාමරයක් තියෙන ගෙදරක සිද්ද වෙන අමුතු, අද්භූත සිදුවීම් ටිකක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතාව දිව යන්නේ. හරි මම කතාව ගැන ටිකක් කියන්නම්.

මැට් සහ කේට් කියන යුවල ජනා වාසයෙන් ඈතට වෙන්න පිහිටි ප්‍රදේශයක නිවසක් මිලට ගන්නවා. ගෙදරට බඩු ටික අස් කරන අතරතුරේදි මැට් මේ ගෙදර අගුලු දාල තිබ්බ අමුතු ආකාරයේ කාමරයක් හොයා ගන්නවා. කොහොමහරි ගෙදරට එන විදුලි කාර්මිකයා හරහා මැට්ට අහන්න ලැබෙනවා මේ ගෙදර අවුරුදු ගානකට කලින් මිණීමැරුමක් සිද්ද වෙලා තියෙනව කියලා. පස්සේ මැට් ඒ ගැනත් හොයලා බලනවා. ඉතින් කොහොමහරි දවසක් රෑ මැට් අර කාමරයට යනවා. මැට් හොඳටම බීල මත් වෙලා ඉන්න වෙලාවේ එයා කියනවා “අනේ මට තවත් බෝතලයක් තිබුනනම්” කියල, ඒ කියනවත් එක්කම තවත් බෝතලයක් මැට් ගේ ඉස්සරා මතු වෙනවා. මැට් මේ විස්තරේ කේට් ටත් කියල දෙන්නම කැමති කැමති දෙවල් මේ කාමරයෙන් ලබාගෙන හොඳට විනෝද වෙනවා. ඉතින් ඔහොම ඉන්න අතරතුරේදි මැට් ට දරුවෙක්ව හදන්න ඕන වෙනවා. ඒත් කලින් ලැබෙන්න ඉඳිය දරුවන් දෙදෙනාගෙම වියෝව නිසා කේට් මේකට කැමති වෙන්නේ නෑ. ඉතින් මේකට අවුල් යන මැට් ගෙදරින් එලියට යනකම් ඉඳලා කේට් හරි අපූරු වැඩක් කරනවා…….. හරි එහෙනම් කතාව කිවුවා ඇති වගේ. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.

නැවත උපසිරසියකින් හමු වෙන තුරු හැමෝටම ජය. පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web / BR  පිටපත් සඳහා අදාළ වේ.

6,657 downloadsDownload The-Room-2019.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

6,657 downloadsDownload Subtitles46 KB

17 comments

  1. Kantha_DLA

    250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Sajithlakshan

    thanks .....................

  3. indika75

    thanks..

  4. Dewadithya

    Thanks for sub!

  5. joe shesh

    bluray subtitel eka ganna widihak nadda

  6. chinthaka madusanka

    web 720 sub weda nene

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  8. Lakshansilva18

    Kalekata passe balapu hoda film ekak patta storiyak thiyenne hamoma balanna.. 8/10

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Manawa

    720pට වැඩ කරන්නෙ නැහැ. හදල update කරන්න පුළුවන්නම් වටිනවා..

  11. Sajithlakshan

    thanks .......................

  12. D.Chamara

    bohoma sthuthi

  13. chammaxx

    සබ් එක පොඩ්ඩක්වත් සින්ක් වෙන්නෙ නෑ.සෙටින්ග්ස් වලින් හැදුවත් ආයි තව තැනක ඉදන් ටයිමින් වැරදියි.තරු පහක් දුන්නෙ ඇයි කියල තමා හිතා ගන්න බැරි

  14. Ravisara Dharmapala

    Aio sub aul bn

  15. Anonymous

    BR ekata sub eka danawanam godak watinawa bro... meke sub eka aul macho..

    1. Chanaka

      BR කොපි එකට අප්ඩේට් කරල තියෙන්නෙ සහෝ..!