කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම! මුළු ලෝකයේ ම පැතිරෙන කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටටත් එයින් බලපෑමක් ඇති වුන නිසා මුළු රටටම වරින් වර ඇඳිරි නීතිය පනවන්න රජයට සිද්ද වුණා. හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා ප්‍රාර්ථනා කරන ගමන් ගෙවල් වලට වෙලා ඉන්න යාළුවන්ට…

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම! මුළු ලෝකයේ ම පැතිරෙන කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටටත් එයින් බලපෑමක් ඇති වුන නිසා මුළු රටටම වරින් වර ඇඳිරි නීතිය පනවන්න රජයට සිද්ද වුණා. හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා ප්‍රාර්ථනා කරන ගමන් ගෙවල් වලට වෙලා ඉන්න යාළුවන්ට මම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ආවා. කොහොම වුනත් මෙවන් චිත්‍රපටියක් හෝ නරඹමින් ගෙදරට ම වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
Charming ”ආකර්ෂණීය කුමාරයා” මේ කතාව පැයයි මිනිත්තු 30ක් පුරාවට දිවෙන ඇනිමේෂන් කතාවක්. 2018 අප්‍රේල් 28 වන දින ස්පාඤ්ඤයේ නිකුත් වුනු මෙම චිත්‍රපටිය Ross Venokur විසින් අධ්‍යක්ෂණය කර ඇත. Box office වාර්තාව 8.8 million USD ලෙස අන්තර්ජාලයේ සඳහන් කර ඇති අතර IMDB අගය 5.6/10ක් අතර වාර්තා වෙනවා. මෙම කතාව Animation / Adventure / Comedy ගණයට අයත් වෙන පවුලේ හැමෝටම එකට එකතු වෙලා රසවිඳිය හැකි ආදරය සොයා යන කුමාරයෙකුගේ කතාවකි. මේ චිත්‍රපටියට හඬ කැවීමෙන් දායක වෙලා ඉන්නේ,
Prince Charming – Wilmer Valderrama
Lenore – Demi Lovato
Snow White – Avril Lavigne
Cinderella – Ashley Tisdale
Sleeping Beauty – G.E.M. Musician
Nemeny Neverwish – Nia Vardalos
Blessing Fairy – Tom Kenny
Oracle – Sia Furler
හොඳයි කතාව පැත්තට හැරුනොත්,
එක කුමාරයෙක් කුමාරිකාවන් තුන් දෙනෙක් එක්ක විවාහ ගිවිස ගන්නවා. ඒ සින්ඩරෙල්ලා, සිලිපිං බියුටි සහ ස්නෝ වයිට් වන කුමාරිකාවන්. හැබැයි ඔහුට ඒ තුන්දෙනාවම විවාහ කර බැහැනේ. ඉතිං එක් කෙනෙක්ව තෝර ගන්න සිද්ද වෙනවා. ඒත් මේ කුමාරයා සැබෑ ආදරය කියන්නේ මොකක් ද කියලවත් දන්නෙ නැහැ. හොඳයි ඔයාලා බලනවා ඇති ඇයි මේ කුමාරයා කුමාරිකාවන් තුන්දෙනෙක් එක්ක විවාහ ගිවිස ගත්තේ කියලා නේද? ඒ ඇයි කියනව නම් මේ පිලිපි චාර්මිං කුමරුට වසර විසි එකකට පමණ පෙර ඔහුගේ පියාගේ හිටපු සහකරු නෙමේනි නෙවර්විෂ් විසින් ශාපයක් කළා. ඔහුව දකින හැම කාන්තාවක් ම ඔහුගේ සිනහවට වසඟ වෙලා ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං ශාපේ නිසා කුමාරයට පාරේ බැහැලා යන්න බැහැ. හැම තරුණියක් ම වගේම ගෙවල්වල ඉන්න විවාහ වුනු කාන්තාවනුත් මෙයාගේ පස්සෙන් දුවගෙන එනවා. හැබැයි මේ කුමාරයට සඳහටම මේ විදිහට ජීවත් වෙන්න බැහැ. මොකද කියනව නම් මේ ශාපය සඳාකාලිකව ම තහවුරු වෙනවා අවුරුදු 21 ලබද්දිම. මේ ශාපය බිඳින්න නම් ඔහුට ඔහුගේ සැබෑ ආදරය 21 වන උපන්දිනය ලබන්න හිරු නැගෙන්න කලින් හොයාගන්න වෙනවා. කුමාරයාට රජතුමා කියනවා ඔහුගේ සැබෑ ආදරය හොයාගත්තේ අත්පොතක ගමන් මඟකින් කියලා. ඉතිං මේ කුමාරයා තීරණය කරනවා ඔහුත් මේ දේ අනුගමනය කරන්න. ඉතිං කුමාරයා මේ ගමන එක්ක යන්න මඟ පෙන්වන්නෙක්ව හොයනවා.. මේ අතර, නිධානයක් හොරකම් කරන ලෙනෝර් ක්විනොනෙස්ව ආරක්ෂකයින්ගෙන් පැනලා යනවා. මැය දිලිසෙන වටිනා කියන ඕනෙම දේ කට හරිම කැමතියි. පැනලා යන අතරතුරදී කුමාරයා විවාහ ගිවිස ගත්ත කුමරියන්ගේ ආභරණ වලට මෙයා වැඩේ දෙනවා. එතනින් පැනලා යන්න හදද්දි ආරක්ෂකයෙක්ට මැයව අහුවෙනවා. කොහොමහරි මැයත් එක්ක නඩුව විභාගන කරන අය ගිවිසුමක් ගහනවා. ඒ කුමාරයව ගිනි කන්ද ළඟට එක්ක ගෙන එන්න කියලා. මැයට අශ්ව කරත්ත 3කින් පුරවලා රත්තරන් දෙනවයි කියපු නිසාම ඇය කැමති වෙනවා. ඉතිං ලෙනෝර් ක්විනොනෙස්ගේ පින්තූර රාජ්‍යයේ හැම තැනකම ගහලා තියෙන නිසා මැය ලෙනී කියන නමින් වෙස් මාරු කරගෙන කුමරුත් සමඟ ගමන යන්න පිටත් වෙනවා. එහෙනම් මේ කුමාරයාගේ ආදර කතාව බලන්න හැමෝටම ආරාධනා කරමින් මං අදට සමු ගන්නම්.
මේ Film එක උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන කතාවකින් නැවත හමුවෙමු.
දෙවි පිහිටයි!
ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BDRip පිටපත් සඳහා අදාල වේ
3,537 downloadsDownload Charming-2018.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
13 comments
Isirajanith
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
ජය වේවා.!rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
Trolls Holiday (TV Short 2017)
StarDog and TurboCat (2019)nirodha uthpala
Baiceope eaken damme nattan mama danneth na mehema eaka thiyenava kiyala.thx for the sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya digatama demu. ...
indika75
thanks..
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sudda trolls warld tuar animation eke sub eka dannakooo
podda
thanks
MAALnath
Thanks ................good luck .................
Disna
Good luck
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!
Advertisement
Niyamai thx Trolls world tour 2020 wedrip ewilla sub denna thx gedarane inne