මේ අරගෙන එන්නේ ඉස්සර ඉදන් අපි කොයි කවුරුත් ආදරෙන් වැලද ගත්ත ෆිල්ම් සීරිස් එකක් වුණු ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටිය. මේක ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර්ස් ලයිව් ඇක්ශන් ෆිල්ම් සීරිස් එකේ හත් වෙනි චිත්‍රපටය, Transformers (2007) Transformers: Revenge of the Fallen (2009) Transformers: Dark of the…

මේ අරගෙන එන්නේ ඉස්සර ඉදන් අපි කොයි කවුරුත් ආදරෙන් වැලද ගත්ත ෆිල්ම් සීරිස් එකක් වුණු ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටිය. මේක ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර්ස් ලයිව් ඇක්ශන් ෆිල්ම් සීරිස් එකේ හත් වෙනි චිත්‍රපටය,
- Transformers (2007)
- Transformers: Revenge of the Fallen (2009)
- Transformers: Dark of the Moon (2011)
- Transformers: Age of Extinction (2014)
- Transformers: The Last Knight (2017)
- Bumblebee (2018)
- Transformers: Rise of the Beasts (2023)
මේකෙදි Transformers: The Last Knight (2017) ෆිල්ම් එකට පස්සෙ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරිස් එක රීබූට් වෙනවා ඊට පස්සෙ ආපු පලවෙනි ෆිල්ම් එක තමයි Bumblebee (2018) කියන්නේ. එතකොට මේ රයිස් ඔෆ් ද බීස්ට් කියන්නේ බම්බල්බී ෆිල්ම් එකේ සීක්වල් එක. කොහොම හරි ට්‍රාස්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරිස් එක ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි ට්‍රාස්න්ෆෝමර්ස් මුල් ෆිල්ම් පහ අධ්‍යක්ෂණය කරපු මයිකල් බේ අධ්‍යක්ෂක මහතාව. ඔහුගේ දක්ෂතාව නිසකයෙන්ම බලපෑවා මේ ෆිල්ම් සීරිස් එක ජනතාව අතර ගොඩක් සාර්ථක වෙන්න. කොහොමහරි මේක රීබූට් උනාට පස්සේ ආපු බම්බල්බී ෆිල්ම් එක ඔහුගෙ අධ්‍යක්ෂණයෙන් ඈත්වෙලා ඒකෙ අධ්‍යක්ෂණය Travis Knight වෙතට යනවා.
එහෙනම් අපි මේ චිත්‍රපටය පැත්තට හැරෙමු, මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ ජූනි 09 වෙනිදා. මේක නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 200 ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා වගේම චිත්‍රපටයෙන් දැනට හොයාගන්න පුළුවන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 408 වගේ මුදලක් පමනයි. මේ වෙනකොට මානාප 35,000 අධික ප්‍රමානයකින් IMDb දර්ශකේ 6.5 අගයක් ගන්නත් කුණු තක්කාලි 53% ගන්නත් හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ Steven Caple Jr. විසින්. මෙයට හඩ දායකත්වයෙන් සහ රංඟනයෙන් දායක වෙනවා Anthony Ramos / Liza Koshy / Pete Davidson / Peter Cullen / Ron Perlman / Michelle Yeoh වැනි අය.
මෙහි කතාව ගැන කතා කරනවා නම් මේකෙදි අපිට සුවිශේශී චරිත රැසක් දැක ගන්න හැකිවෙනවා. කතාව පටන් ගන්නේ බලශක්තිය ලබාගන්න ග්‍රහලෝක පරිබෝජනය කරන අදුරු අධිපති දෙවි කෙනෙක් වෙන යුනික්‍රෝන් මැක්සිමල්ස්ලගේ මව් ග්‍රහලෝකයට පහර දෙන තැනින්. ඒත් යුනික්‍රෝන්ට ඒ ග්‍රහලෝකෙ විනාශ කරල විතරක් මදිවෙනවා ඔහුට ඕනෙ වෙනවා මැක්සිමල්ස්ලගේ බලවත් තාක්ෂණික උපකරණයක් වුණ ට්‍රාන්ස්වෝප් යතුර. ඒ උපකරණෙන් පුළුවන් එනර්ජොන් පිරිච්ච ග්‍රහලෝක වලට කාල අවකාශ දොරටුවක් මගින් පහසුවෙන් ගමන් කරන්න. කෙසේ හෝ මෙම උපකරණය ගන්න යුනික්‍රෝන් ඔහුගේ දරුණුම ගෝලයෙක් වුන ස්කර්ජ්ව මේ ග්‍රහලෝකෙට එවනවා. මේ සටනෙන් දරුණුවටම පරාජයට පත්වුණ මැක්සිමල් නායක ඒප්ලින්ක් ඔප්ටිමස් ප්‍රයිමල්ට මෙයාලගෙ නායකත්වය සහ ට්‍රාන්ස්වෝප් යතුර දීලා ඒ ග්‍රහලෝකෙන් පිටමන් කරනවා. ඒප්ලින්ක්ගේ අහිමිවීමත් එක්ක මැක්සිමල්ස්ලා එයාලගෙ මවුග්‍රහලෝකෙන් පිටවෙලා පෘතුවියට ආරක්ෂාව තකා යනවා ට්‍රාන්ස්වෝප් යතුරේ උදව්වෙන්. ඒ අනුව අපිට මේ ෆිල්ම් එකෙන් මැක්සිමල් කන්ඩායමේ හතර දෙනෙක්ව බලාගන්න හැකිවෙනවා.
*Optimus Primal
*Rhinox
*Airazor
*Cheetor
(මැක්සිමල්ස්)
(ඒප්ලින්ක්)
එතැනින් පස්සෙ අපිට බලාගන්න හැකිවෙන්නේ 1994 නිව් යෝක් වල තත්වය ගැන. මේ වෙනකොට ඔටෝබොට්ස්ලා පෘතුවියට ඇවිත් අතරමං වෙලා හැංගිලා තමයි ඉන්න. මේ අතර සිද්ද වෙන යම් සිද්ධියක් නිසා ඔටෝබොට්ලට සිද්ධ වෙනවා එලිබහින්න ප්‍රයිම්ගේ නියෝගය මත. ප්‍රයිම් පවා කලබල වෙන මේ සිදුවීම නිසා ස්කර්ජ්ගෙ අවධානෙත් පෘතුවියට යොමු වෙනවා. එතැන් සිට ඔවුන් අතර වෙන යුද්ධය අපිට මේ කතාවෙන් බලාගන්න හැකිවෙනවා. ඒ වගේම අපිට මේකෙදි පරණ ඔටෝබොට්ස්ලා කීප දෙනෙක් වගේම අලුත් අයත් දැක ගන්න හැකිවෙනවා. එනම්,
*Optimus Prime
*Mirage
*Bumblebee
*Arcee
*Stratosphere
*Wheeljack
එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මගෙ අදහසට අනුව නම් මේක මං බලපු හොඳ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් හොඳ කතා තේමාවකුත් තියෙන. ෆිල්ම් එක ඉවර වෙනකල්ම බලන්න කියලත් මතක් කරනවා මොකද නොසිතූ සිද්ධි ගනනාවක්ම අවසානයේ අපිට බලාගන්න හැකිවෙනවා. ඒ වගේම විශේශයෙන් ස්තූති කරනවා හසන්ත අයියට මං මේකට සබ් කරන්න ඉල්ලුවහම මට වැඩේ බාරදුන්නට. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙනතුරු මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
78,148 downloadsDownload Transformers-Rise-of-the-Beasts-2023-Blu-Ray.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2023
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Transformers: Rise of the Beasts (2023) Sinhala Sub
- #Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
- #Transformers: Rise of the Beasts Sinhala Sub
- #Transformers: Rise of the Beasts Sinhala Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
47 comments
madushanka
යුරාන් ධනුක (දනුවා)
ගුණාත්මකව සහ වේගවත්ව උපසිරසිය දුන්නට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා !රුක්ෂාන්
අඩෝ පට්ට බන්, ආපු ගමන් දීලා.
අද රෑම බලනවා.Anonymous
Download karanna beene.ai ee zip file ekak denne.400kb
විමා
මේකෙන් ගන්න
Mahesh Chaminda
Ado thanks bro sub ekata
chamoth
mohomada film eka download karanne kiyannako pleaseeeeeee.............
Sahan Gayantha
thanks a lot saho sub ekata.. mechchara ikmanata sub dunnata pattama thanks.. enakan balagena hitapu movie ekak..
මුනින්ද්‍රයාණෙනී
වෝට් එකත් දැම්මා. ඩවුන්ලෝඩුත් කරා. මෙන්න කමෙන්ට් එක. ස්තූතියි
Asela Fernando
menna sira kollooo !! thank
shone
Ikmanatama sub eka dunnata thanks. adarei
Chaminda
Thanks Bro sub 1ta ......❤️❤️❤️❤️❤️
Roshan
Thnx bro...Great job...Good luck...
Nuwan
Sub eka supiriyatama karala tynwa bn thanks bn,sub eka ikmanata dunnata
විමා
සබ් එකට බොහොම ස්තුතියි බන්.
ඉක්මනට දුන්න එක වටිනවා.Maindu Perera
sub eka supiri thanks
Spider-Man: Across the Spider-Verse eke sub ekath ikmanta dennaTharindu Perera
ඉක්මනින්ම සබ දුන්නට බොහෝම ස්තුතියි මල්ලි
Vimukthi
Thank you very much
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Buddhika Lakmal (laKMal)
ඉක්මනටම සබ දුන්නට බොහෝම ස්තූතියි මචං....
Lakshan Thennakoon
ස්තූති වේවා සබ් එකට
Sujith
Thanks brother...
Ashan perera
Thank you!
Anonymous
මේච්චර ඉක්මනින් උපසිරැසිය දුන්නට ස්තුතියි සහො!
Request - The Asteroid city 2023Asanga kb
thank you wewaa..
Malith Samarawickrama
Thanks bro sub ekata and lipiyata.
Viraj
බොහොම ස්තූතියි සබ් එකට
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Denuthu Kawinda
Thanks.........
MSS
Thamange kale kapa krl krn wadeta thank you.sub eka ikmnt dunn ekanm godak watinw
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Thanks Brother
Shehan
Thanks
Pansindu
Sub එකට Thanks,තවත් සුපිරි Sub කරන්න. ❤️❤️
Mr.cool
Tnx for the sub bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..sadakalum
thanks ubala wage unta hari yanawa apata me karana udawwata pin
ulindu
thanks ubala wage unta hari yanawa apata me karana udawwata pin
baiscopelk ishu
Thnx Saho sub ekata..
Danushka Fernando
Thank You Brother
vilana
thanks. supiri wadak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Chämàrá Sâmpáth
දැන් තමයි බලලා ඉවර කලේ.
උපසිරැසියට බොහොම ස්තුතියි.Anonymous
Me film eka api wenamada download kara ganna one naththam oyalama me film ekai subtitles ekai denwada
විමා
වෙනම ඩව්න්ලෝඩ් කරගන්න ඕන සහෝ. අපි සබ් එක විතරයි දෙන්නේ.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | අඳුරට එරෙහිව නැඟීසිටීම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Transformers_-Rise-of-the-Beasts-2023-A.jpg)
ගොඩක් ස්තුතියි සාහෝ හැමදාම ඔයාල සබි එකක් දෙනකමි බලන් ඉන්නේ❤️❤️❤️