Watch Trailer

The Rundown (2003) with Sinhala Subtitles | තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය… මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ…

The Rundown (2003)

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය…

මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුනත් උපසිරසි තිබුනේ නෑනේ. ඒකත් දැන් හරි කියලා හිතනවා.

“බෙක්” කියන්නේ හොඳ උස මහත සවි ශක්තිය තියන හැඩි දැඩි පුද්ගලයෙක්. මෙයා “බිලී” කියන මනුස්සයා වෙනුවෙන් යම් යම් දාමරික වැඩ කරනවා. හැබැයි මේ බෙක්, ඕනෑම දාමරික වැඩක් කරන්න කලින් අදාළ පුද්ගලයාට තෝරාගන්න විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. හැබැයි කවුරු හරි දෙවැනි විකල්පය තෝරගත්තා කියන්නේ සොරිම තමා! නමුත් බෙක්ට අවශ්‍ය වෙනවා මේ මැර වැඩ වලින් ඉවත් වෙලා අවන්හලක් දාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න. නමුත් අර “බිලී” හාදයා බෙක්ට කියනවා ඉවත්වෙන්න කලින් එක වැඩක් කරන්න කියලා. ඒ තමයි ඈත බ්‍රසීලේ යම් නගරෙක ඉන්න බිලී ගේ පුතා “ට්‍රැවිස්”ව ගෙදර එක්කගෙන එන්න. මෙයත් ඉතිං එක පයින්ම කැමති වෙලා වැඩේට බහිනවා. ඒත් හිතපු තරම් ලේසි වෙන්නේ නෑ. ට්‍රැවිස් සෑහෙන කරදර කාරයෙක්. ඒ මදිවට “හැචර්ස්” කියන ඒකාධිපතියා එක්ක පටලැවිලා වැඩේ දෙක වෙනවා! අනික ඒ වගේද කැළේ ඇතුලේ ඉන්න කැරළි කාරයෝ? කොටින්ම කිවුවොත් බෙක් ට සෑහෙන කට්ටක් කන්න වෙනවා. අන්තිමට පුංචි යුද්ධෙකුත් ඉවර කරලා තමා මෙයා එන්නේ.

මීට පෙර ලිපිය පල කරපු සහෝදරයාට ස්තුතිය පල කර සිටිනවා. ඒ ලිපියත් කියවලා චිත්‍රපටය ගැන අදහසක් ලබාගන්න එහෙනම්. දැනට මම නවතිනවා!

කළින් පළ කර තිබූ ලිපිය…

ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම ආසාවෙන් බලයි කියල හිතන චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. Dwayne Johnson (The Rock) හා Seann William Scott ඉන්න නිසාම ෆිල්ම් එක ආසාවෙන් බලන්න පුලුවන්. Dwayne Johnsonගෙ ඇක්ශන් ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ නෙ. 🙂 මෙන්න මෙහෙමයි කතාව. බෙක් (Dwayne Johnson) කියන්නෙ මැරවරයෙක්. ඔහු යම් පුද්ගලයෙක් යටතේ පැහැර ගැනීම් වගේ රාජකාරි කරනව. දිනක් ඔහුට බාර වෙනව සමාජ ශාලාවක සිටින පාපන්දු තරුවකගෙන් මුද්දක් පැහැරගෙන ඒමට. බෙක් හැම විටම ඔහුගේ ගොදුරට තෝරාගැනීම් දෙකක් කරන්න ඉඩ දෙනව. එක්කො හොදින්,නැත්නම් නරකින් ඔහු කොහොම හරි තමන්ගේ රාජකාරිය ඉටු කරනව. මේ මුද්ද පැහැර ගැනීමේ කටයුත්තෙන් පස්සෙ ඔහුගේ බොස්ගේන් හිතුවක්කාර පුතාව පැහැරගෙන ඒමට. ඔහු ඉන්නෙ බ්‍රසීලයේ කැලෑවක් මැද. මේ අනුව බෙක් යනව බ්‍රසීලයට. ඇමරිකාවෙදි කොච්චර වැඩ දැම්මත් බ්‍රසීලයේ මේ කැලය මැද නම් ඔහුට ජීවිතය අමාරු වෙනව. වැඩේ ඔහු හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. ෆිල්ම් එක බාගෙනම බලන්නකො බ්‍රසීලයේදි මොහුට වෙන දේවල් මොනවද කියල. අනිවා ඔයාල ආස වෙයි.

 

The Rundown (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Rundown 2003.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,655 downloadsDownload The-Rundown-2003.Baiscopelk.com_.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,655 downloadsDownload Subtitles41 KB

49 comments

  1. chamila

    කොහෙටද බන් බාන්නේ ? :(

  2. saman

    salli hoyana vidhiya

    ***********

  3. පොතේ ගුරා

    @chamila !ප‍රණ එකක් මකල හ‍රි බාගනින් බන්z. :)

    @saman! ඔව් මචන්,මොකද්ද සිද්දිය? :)

  4. chinthaka

    Hmm...kalin balala thiyenawane!
    ela film 1k.

  5. saman

    click ad walin salli ganna amaruyi
    lankaavea ad tikak ganna ad space [empty] display karanna

    anika click ad ganna traffic madinea max day 30 hit[http://whos.amung.us/stats/history/brgauqbl9goz/] is very small money.

    u can go to amazon.com get some banner

  6. අනූ

    මචං මේක නං මං ආසම ෆිල්ම් එකක්. මාර සිරා. මං දෙපාරක් බැලුවා හෙන ඉස්සර.

  7. LishWish

    හෙන ඉස්සර කතාවක් මමත් හරිම ආසාවෙන් ඒ දවස්වල බැලුවේ... මම කොහොමත් Dwayne Johnson ඉන්න කතා බලන්න ආසයි.

  8. Uraj Deemantha

    අනේ මචන් ටික දවසක් මේවා නොදා හිටපන්කෝ මගේ රවුටරේටත් නිවාඩුවක් තියෙන්න ඕනා .......!! :P

  9. Lahiru Randika

    හා‍ හා‍ හ‍රී‍ම‍ අ‍මා‍රු‍වෙන්‍ ම‍ගේ‍ ප‍ර‍ණ‍ චි‍ත්‍ර‍ප‍ටී‍ ම‍ක‍න්‍න‍ හි‍ත‍ හදා‍ග‍ත්‍තා‍...
    දැ‍න්‍ අ‍යි‍ත්‍ බා‍ගැ‍නී‍ම‍ට‍ දෘඩ ඩිස්කයේ ඉ‍ඩ‍ තී‍බේ‍...

    බෝ‍හෝ‍ම‍ ස්‍තූ‍තී‍..

  10. DragonD

    guraa ayya,

    2012 film eke triler eka dakkada ? mole kachal wenawa ne ! aapu gaman daanna !

  11. පොතේ ගුරා

    @Lahiru Randika !අහ්..නියමයි..මමත් ඉස්ස‍්ර හැම ෆිල්ම් එකම ඩීවීඩ් වලට ගත්ත මකන්න ලෝබ නිසා..ඒත් පස්සෙ තේරුනා ඒක වැඩක් නෑ කියල..මොකද ප‍රණ ඒව බැලෙනව අඩුයිනෙ..(හැබැයි සයිට් එක ක‍රද්දි නම් ගොඩක් ප‍්රයෝජනවත් උනා ඒව)

    @DragonD !අඩේ ඒක තමයි මලේ..උඹ කිව්වම තමයි මාත් බැලුවෙ..එළ භාන්ඩයක් වගේ..තෑන්ක්ස් මචෝ..

  12. Anonymous

    Bewooooooooooo

  13. ඉන්දික

    මල්ලී මේක කලින් බලල තියෙනවා ඒ අනාට මං ආයෙත් බානවා

  14. prasad duminda perera

    කිසිදේකට බය වෙන්න එපා.. බාන්න තමා තියෙන්නේ මම 3 පාරක් වත් අඩුම කරමේ බැලුවා.. පට්ටම පට්ට ෂෝ එක... රොක් රොක් කරනවා ෂෝ එකම..මාර ආතල්... කොහොමහරි බලාපල්ලා...

  15. රොයිලි

    ////ඔහු යම් පුද්ගලයෙක් යටතේ පැහැර ගැනීම් වගේ රාජකාරි කරනවා..////

    හරි අපූරු රාජකාරිය. :D

  16. SAHAN

    This is not working...........!!!!!???????????

  17. Ramraj

    මේක මම බැලුවා. හොදයි.

  18. Gossip NEWS Lanka

    ela..

  19. dj.nmesh

    Koheda SINHALA subtitle

  20. dilshan

    whsfha ina fla

  21. dilshan

    sinhala sub ko aiye mekata aththe nha ne plz dennako sub ekak

  22. Ramal

    Sinhala subtitles ko..sinhala sub eka dennako

  23. jayodha walawage

    me wage film ekakta sinhala sub nathi eka loku adupaduwak.. sinhala sub dunna nam thmai goda

  24. sanju

    meke sinhala sub kooo

  25. Eranda Rukman

    ko bn sub eka

  26. mithun

    Sab eka danna please

  27. CMX

    මේ ෆිල්ම් වලටත් පුළුවන් ඉක්මණින් සබ් දෙන්නකො, ලොකු උදවුවක්

    Branded 2013
    Chatroom 2010
    Gentleman 2016 (Telugu)
    Krampus The Devil Returns 2016
    Lets Be Evil 2016
    Stoner Express 2016
    Sweeney Todd 2016
    The Girl On The Train
    Hyper 2016 (Telugu)
    A Aa 2016 (Telugu)

    ඉක්මනට කරොත් ලොකු උදවුවක්...

  28. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි නාමික සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  29. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  30. saman

    thanks saho

  31. mithun

    බොහොම ස්තුතියි සහෝ. මෙ ගැන ඉල්ලිමකුත් කලා සතුටුයි උපසිරැසි දැම්ම එකට මෙකට සුපිරි ෆිල්ම් එකක් නෙ

  32. සනත් ගුණතිලක​

    thanks bro... maga balan idapu film ekak

  33. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  34. Kulanjana Maduranga

    niayamai…thanks NAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. Prasad Randunu

    Thank u very much bro. Jaya wewa

  36. piyumal sanjeewa

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  37. Dulanga

    Thanks

  38. හසිත මධුෂාන්

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට……

  39. Vihanga Raveen

    Bohoma sthuthi saho sub ekata! jaya!

  40. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. lakshan

    බොහොම ස්තූතියි

  42. Pushpakantha Sadaruwan

    thank bro

  43. D

    ස්තූතියි සහෝ

  44. Isuru

    Thank you

  45. malith

    Ela ela

  46. Tharindu Athukorala

    ela aaa

  47. arawindasunimal

    thanks sub ekata jayawewa

  48. sasanka sathyajith

    Thanks for the sub

  49. Sandun

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.