The Sabarmati Report (2024) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි, මේ වතාවේ ඔබට ගෙන එන්නේ 2024 නොවැම්බර් 15 වැනිදා නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක දේශපාලන නාට්‍යමය සිනමා පටයක් වන The Sabarmati Report (2024). මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Ranjan Chandel විසින්. එහෙත් පසුව ඔහු එයින් ඉවත් වීමත් සමඟ Dheeraj…

The Sabarmati Report (2024) Sinhala Subtitles

සුබ දවසක් මිත්‍රවරුනි, මේ වතාවේ ඔබට ගෙන එන්නේ 2024 නොවැම්බර් 15 වැනිදා නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක දේශපාලන නාට්‍යමය සිනමා පටයක් වන The Sabarmati Report (2024). මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Ranjan Chandel විසින්. එහෙත් පසුව ඔහු එයින් ඉවත් වීමත් සමඟ Dheeraj Sharma ඒ වෙනුවට ආදේශ කරනු ලැබුවා. අවිනාෂ් සහ අර්ජුන් විසින් මෙහි පිටපත රචනා කළේ අසීම් අරෝරාගේ කතාවකට අනුවයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ Balaji Motion Pictures සහ Vikir Films Production යන සමාගම් විසින්. බෙදාහරිනු ලැබුවේ Zee Studios මඟිනුයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Vikrant Massey (සමර් කුමාර් ලෙසින්), Raashii Khanna (අම්රිතා ගිල් ලෙසින්) සහ Riddhi Dogra (මණිකා රාජ්පුරෝහිත් ලෙසින්) විසිනුයි. ගුජරාටයේ ගෝද්‍රා දුම්රියපළේ සිදුවුණු සත්‍ය ඛේදවාචකයක් පාදක කරගත් දේශපාලනමය සහ විමර්ෂණාත්මක චිත්‍රපටයක් වන The Sabarmati Report (2024) IMDb දර්ශකයේ 6.5/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. මේ චිත්‍රපටය  ZEE5 නාළිකාවේ විකාශය කෙරුණේ 2025 ජනවාරි 10 වැනිදායි. 

මිනිත්තු 123ක් පුරාවට දිවෙන මෙහි ප්‍රධාන කතාව ගොඩනඟා ඇත්තේ ජනමාධ්‍යයේ සහ දේශපාලනයේ හැසිරීම් වල තිත්ත යථාර්තයක් හෙළිදරව් කරමින්. ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද? සත්‍යය කියන්නේ මොකක්ද? ප්‍රවෘත්ති කියන්නේ සත්‍යයද? සත්‍යය යනු ප්‍රවෘත්තියකින් හුවාදක්වන සියල්ලම පමණක්මද? නැතිනම් ප්‍රවෘත්ති යනු ජනමාධ්‍යය විසින්  කිසියම් දේශපාලනික හෝ ව්‍යාපාරිකමය අරමුණක් වෙනුවෙන් හෙළිදරව් කිරීමට තීරණය කරගත්, සත්‍යයෙන් තෝරා ගැනුණු කොටස් පමණක් යොදාගනිමින් නිර්මාණය කරන අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රබන්ධ කතා පමණක්ද? එම සත්‍යයෙන් ජනමාධ්‍යය විසින් හෙළි නොකරන්නට තීරණය කරන කොටස් ජනතාවගෙන් සදහටම වසන් වෙනවාද? The Sabarmati Report (2024) සිනමා පටය හරහා මේ ගැන ඔබට උද්වෙගකරව ගලා යන අපූරු කතාවක් තුලින් පෙන්වාවි. සමාජ මාධ්‍යය ඇතිවීමට පෙර යුගයේ ලෝකයේ බහුතරයක් දෙනා රට තොට වෙන දේ දැනගන්නේ ජනමාධ්‍යයෙන් සහ එමගින්ම පමණයි. මේ නිසා සත්‍යය යනු කුමක්ද යන්න නිර්වචනය කිරීමේ පරමාධිකාරය ජනමාධ්‍ය සතු වුණා. අදටත් බොහෝ දුරට එය එසේමයි.

2002 සබර්මතී අධිවේගී දුම්රිය ගිණිගැනීමේ සිද්ධිය

මේ සිනමා නිර්මාණයට පාදක වෙන්නේ 2002 පෙබරවාරි 27 වැනිදා පෙරවරු 7:43ට පමණ අයෝධ්‍යාවේ සිට ආපසු එමින් තිබුණු සබර්මතී අධිවේගී දුම්රියේ මැදිරි දෙකක් (S6 හා S7) ගුජරාටයේ ගෝද්‍රා දුම්රිය ස්ථානය අසලදී ගිනි ගැනීමේ සිදුවීමයි. (https://en.wikipedia.org/wiki/Godhra_train_burning)

Godhra train burning – Wikipedia The Godhra train burning occurred on the morning of 27 February 2002, when 59 Hindu pilgrims and karsevaks returning from Ayodhya were killed in a fire inside the Sabarmati Express near the Godhra railway station in Gujarat, India. [1] The cause of the fire remains disputed. [2] [3] [4] The Gujarat riots, during which Muslims were the targets of widespread and severe violence, took place … en.wikipedia.org

 මේ දුම්රියේ හිටිය බහුතරය අයෝධ්‍යාවේ තිබුණු හින්දු ආගමික පූජාවකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි 1700කට අධික හින්දු බැතිමතුන් සහ කාර්සේවක්වරුන් (ස්වේච්ඡාවෙන් නොමිලයේ ආගමික සේවයේ නියැලෙන පිරිසක්) වුණා. මැදිරි දෙක තුළ සිරවුණු පුරුෂයන් 22 දෙනෙක්, කාන්තාවන් 27 දෙනෙක් සහ ළමුන් 10 දෙනෙක් ඇතුළුව සමස්තය 59 දෙනෙක් ගින්නෙන් පිළිස්සීම නිසා දුම්රිය තුළදීම මරණයට පත් වුණා. ඊට අමතරව තවත් 48 දෙනෙක් පිළිස්සුම් තුවාල ලැබුවා. කෙසේ වෙතත් මේ ගිණිගැනීමට හේතුව කුමක්ද යන්න දැඩි මතභේදයට තුඩුදෙන්නක් වුණා. මේ ගිණි ගැනීම අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් සිදුකළ ගිණි තැබීමක් බවට ප්‍රචාරය වීමත් සමඟ හින්දු ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇතිවී මුස්ලිම්වරුන්ට එරෙහිව ගුජරාටයේ දැවැන්ත භීෂණයක් ඇති වුණා. එහිදී ඉන්දියානු ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් ලියවමින් විශාල දේපළ සහ ජීවිත හානියක් සිදු වුණා. නිල වාර්තා අනුව දින තුනක් තිස්සේ ගුජරාටයේ බටහිර ප්‍රදේශයේද, මාස තුනක් තිස්සේ අහමදාබාද් වලද පැතිර තිබුණු භීෂණ සමය නිමාවට පත් වුණේ ජීවිත 1044ක් අහිමි වී, 223 දෙනෙක් අතුරුදන් වී, 2500 දෙනෙක් තුවාල ලැබීමෙන් පසුවයි. මියගිය පිරිසෙන් 790ක් මුස්ලිම් ජනයා වූ අතර 254 දෙනෙක් හින්දු ජනතාව වුණා.

සබර්මතී ගින්නට ප්‍රතිචාර ලෙස 2002දී ඇතිවුණු හින්දු මුස්ලිම් කෝලහාල

මේ ගිණි ගැනීමේ සිදුවීමෙන් පසුව වහාම ප්‍රාන්ත රජය විසින් පත් කරන ලද නානාවතී – මෙහෙතා කොමිසම, 2008 දී නිගමනය කළේ ගිනි තැබීම මුස්ලිම් මැර පිරිසක් විසින් කළින් සැලසුම් කර සිදු කරන ලද ගිනි තැබීමක් බවයි. එහෙත් ඊට වෙනස්ව, දුම්රිය අමාත්‍යාංශයේ එවකට දුම්රිය අමාත්‍ය ලාලු ප්‍රසාද් යාදව් විසින් 2004 දී පිහිටුවා තිබුණු ඒක සාමාජික මණ්ඩලයක් වන බැනර්ජි කොමිසම, 2006 වාර්තාවේ ගින්න අනතුරක් ලෙස තීරණය කරලා තිබුණා. ඉන්දියාවේ ක්‍රීයාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කරන ලද ස්වාධීන පරීක්ෂණයක් ද ගින්න අනතුරක් බවට වූ න්‍යායට සහය පළ කරමින් නිගමන පළ කර තිබුණා. කෙසේවෙතත් ඉන්පසුව ගුජරාට් මහාධිකරණය විසින් බැනර්ජි කොමිසම පත් කිරීමද ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරමින් එහි සියලු සොයාගැනීම් අවලංගු කරනු ලැබුවා. 2011 පෙබරවාරි මාසයේදී, නඩු විභාගයෙන් පසු අධිකරණය විසින් දුම්රිය ගිනි තැබීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් 31 දෙනෙකු වරදකරුවන් කළේ, නානාවතී-මෙහෙතා කොමිෂන් සභා වාර්තාව සාක්ෂි ලෙස පදනම් කරගනිමිනුයි. ඒ වගේම 2017 ඔක්තෝම්බර් මාසයේදී, ගුජරාට් මහාධිකරණය වරදකරුවන් තහවුරු කළා. පුරා වසර 15ක් මේ මහා අපරාධයේ සැබෑ අපරාධකරුවන් නීතියෙන් ගැලවෙමින් සිටි අතර සියලු සත්‍ය කරුණු දේශපාලන මැදිහත්වීම් මත ජනතාවගෙන් වසන් කර තැබුණේ, මෙකී මුස්ලිම්වරුන්ගේ ඡන්ද පදනම අහිමි කරගැනීමට එක්තරා දේශපාලකයන් පිරිසක් අකමැති වුණු නිසයි. මෙය විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර වලට ලක් වුණා. කෙසේ වෙතත් The Sabarmati Report (2024) සිනමාපටය ඒක පාර්ශවිකව නිර්මාණය කර ඇති බවට චෝදනා කරන පිරිසක්ද සිටිනවා. එක් පිරිසකගේ ආකර්ෂණයටත් තවත් පිරිසකගේ වෛරයටත් පාත්‍ර වුණු මේ සිනමා නිර්මාණය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා. 

මේ සිනමාපටයේ පසුබිම් දේශපාලන සත්‍ය කතාන්දරය ඔබ හමුවට ගෙන එන්නේ, කල්පිත චරිත කිහිපයක් හා බැඳුණු සිද්ධි දාමයක් ඇසුරින්. එහෙම නම් අපි සිනමාපටයේ කතාවට අවධානය යොමු කරමු. කතාව පටන් ගන්නේ 2002 අවුරුද්දෙන්. ඒ කාලේ සමර් කුමාර් (වික්‍රාන්ට් මැසේ) කියන්නේ දිල්ලියේ කැමරා ශිල්පියෙක්. ඔහු සිනමා ක්ෂේත්‍රය සම්බන්ධව EBT ප්‍රවෘත්ති නාළිකාව වෙනුවෙන් සේවය කරන හින්දි මාධ්‍යවේදියෙක් වුණා. මේ ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රබල තරුවක් ලෙස කීර්තිය දිනාසිටි ජනමාධ්‍යවේදිනිය වුණේ මණිකා රාජ්පුරෝහිත්. (රිධි ඩෝග්‍රා) රට පුරාම මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් අතර ඇය නමක් දිනා සිටියා. 2002 පෙබරවාරි 27 වැනිදා ඇගේ ආයතනයේ ප්‍රධානියා වන රමන් තල්වාර් ඇයට දන්වන්නේ සබර්මතී අධිවේගී දුම්රියේ මැදිරි දෙකක් අලුයම ගෝද්‍රාහිදී ගිනි ගෙන ඇති බවයි. මණිකා සමර් සමඟ ගුජරාට් නගරයට හදිසියේ ගමන් කරන්නේ මේ පුවත වාර්තා කරන්නයි. 

ඒ දෙන්නම විමර්ෂණය අතර ගෝද්‍රා ප්‍රදේශවාසීන් එක්ක කතා කරන අතර පෙබරවාරි 27 වැනිදා සිදු වුණු දෙය අනතුරක් නොවන බව ඔවුන්ට ඒත්තු යනවා. එහෙත්, මණිකාට ලැබුණු දුරකථන අමතුමකින් පසුව සිද්ධිය අනතුරක් බව මණිකා කැමරාව හමුවේ අවධාරණය කරනවා. ඒ එක්කම මේ සිදුවීම කළමනාකරණය කරගැනීමේ නොහැකියාව ගැන කියමින් ඇය ප්‍රාන්ත රජයට දොස් පවරනවා. සත්‍යය යටපත් කිරීම සම්බන්ධයෙන් සමර් විමතියටත් සැකයටත් පත්වෙනවා. ඔහු ස්වාධීනව ගෝද්‍රා හි සිවිල් රෝහලට ගොස් දිවි ගලවා ගත් අය සමඟ කතා කරනවා. ඔවුන් තහවුරු කරන්නේ කිසියම් පිරිසක් රැස්වී හිතාමතාම දුම්රිය මැදිරි ගිනි තැබූ බව. සමර් මෙම වීඩියෝ පට EBT ප්‍රවෘත්ති වෙත ඉදිරිපත් කළත්, මණිකාගේ වීඩියෝ පටය පමණක් ජනමාධ්‍යයේ විකාශනය වෙනවා. මේ ගැන කෝප වුණු සමර් කාර්යාලය ඉදිරිපිට රමන් සහ මණිකාට ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කරනවා. ඒ එක්කම සමර් සේවයෙන් පහ කරනවා. ඒ විතරක් නෙවෙයි එහි කළමනාකාරිත්වය ඔහුට වෙනත් රැකියාවක් නොලැබෙන ලෙසට වගබලා ගන්නවා. මේ විධියට අවුරුදු පහක් ගෙවෙන්නේ සමර්ගේ ජීවිතය අඳුරෙන් අඳුරට ඇද දමන අතර මේ අපරාධයේ බිහිසුණු සත්‍යය වසන් කළ ප්‍රෝඩාකාරී මාධ්‍ය නාළිකාව තව තවත් දියුණුවේ ඉහළට නංවමින්. දිගටම ඒක එහෙමම වෙයිද?

2007 දී, අම්රිතා ගිල් (රාෂි ඛන්නා) ආධුනිකාවක ලෙස EBT  නාලිකාවට සම්බන්ධ වෙනවා. ඇය මණිකා රාජ්පුරෝහිත් නම් දැවැන්ත ජනමාධ්‍ය තරුවගේ රසිකයෙක්. ගුජරාටයේ 2002 සිටි මහ ඇමතිවරයා නැවත තේරී පත් වන බව මණිකා සහ රාමන් තේරුම් ගන්නවත් එක්කම, ඒ රජය එක්ක තමන්ගේ එකඟත්වය පෙන්වීමේ සැලසුම්වල කොටසක් ලෙස, ගෝද්‍රා කථාංගය පිළිබඳ පසු විපරමක් අම්රිතා ලවා කරවන්න ඔවුන් තීරණය කරනවා. ලේඛනාගාරයේ පැරණි වීඩියෝපට සහ පුවත්පත් ලිපි ගවේෂණය කරන අතරතුර, අම්රිතාට සමර් විසින් පටිගත කළ රෝහලේ වීඩියෝ දර්ශන හමුවෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මණිකා විසින් පවත්වන ලද විමර්ශනයට එය පටහැනි බව ඇය තේරුම් ගන්නවා. දැන් කවුද ඇත්ත කියන්නේ? ඇය විමතියට පත්වෙනවා. ඇය සමර් හමුවීමට තීරණය කරනවා. ඒ එක්කම මේ දෙන්නා එකතු වෙලා සබර්මතී වාර්තාවේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ දෙන්නාගේ ගවේෂණයෙන් පස්සේ නිකුත් කරන මාධ්‍ය වාර්තාව  කොහොම එකක් වෙයිද? ඒ අනාවරණය ගැන මණිකා සහ රමන් කුමක් සිදු කරනු ඇතිද? මේ ගවේෂණය අතරතුර අම්රිතා සහ සමර් මුහුණදෙන තර්ජන සහ අභියෝග හමුවේ ඔවුන් ක්‍රියාකරන අන්දම උද්වේගකර ලෙසින් කුතුහලයෙන් යුතුව බලන්න පුළුවන්. එහෙනම් චිත්‍රපටය බලලාම ඉතුරු ටික දැනගනිමු.

මේක මගේ එකසිය තිස් තුන්වැනි සිංහල උපසිරැසියයි. මේකට සිංහල උපසිරැසි ගන්වන්න කියල මට ලබාදුන්නේ රවිඳු හේෂාන් සහෝදරයා විසින්. මීට කළින් මං කළ Agni (2024) සිනමාපටයත් ඔහු විසින් යෝජනා කළ එකක්. ඒ දෙකම වෙනුවෙන් ඔහුට මගේ ස්තුතිය පළ කරන්න කැමතියි. කොහොම වුණත් මේකේ පේළි 1900කට වැඩි ගණනක් තිබුණා. මෙහි උපසිරැසිය හැකි උපරිම නිරවද්‍යතාවයෙන් සිංහලට පරිවර්තනය කරන්න මං උත්සාහ කළා. එහෙනම් මේක නරඹන්නකෝ සිංහල උපසිරැසි එක්කම!

මේකේ ඇතැම් දර්ශන කෙනෙකුට සංවේදී වෙන්න පුළුවන්. ඒ ගැනත් මතක් කළ යුතුයි.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි! 

The Sabarmati Report (2024) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

3,122 downloadsDownload The-Sabarmati-Report-2024.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agni (2024) Sinhala Subtitles

Subtitles

3,122 downloadsDownload Subtitles68 KB

7 comments

  1. Aka

    mama mulinma downlaod kare..... Thank you soo much for the sub bro!!!!!

  2. lakmal

    Sub ekta thanks bro

  3. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Mahesh lakshitha

    Good

  5. Buddhika laKMal

    බොහෝමත්ම ස්තූතියි ප්‍රබුද්ද කේසර සහෝ මේකට සිංහල සබ් දුන්නට......

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.