මේක මගෙ පලවෙනි උපසිරසිය. ඒක නිසා කොමෙන්ට් එකක් නම් දෙන්නම ඕනෙ හරි. මොකද ඉතින් වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්නෙ ඒකයි. මාත් බයිස්කෝප් එකෙන් සබ් ඇරගෙන ෆිල්ම් බල බල කාලයක් හිටියා (බලන එක එහෙම නවත්තන්නෙ නෑ) ඉතින් මටත් සබ් කරන්න පොඩි ආසවක් ආව නිසා මාත් බැස්ස වැඩේට. බැස්ස තමයි සබ් එකක් ගහන්න තියෙන කට්…

මේක මගෙ පලවෙනි උපසිරසිය. ඒක නිසා කොමෙන්ට් එකක් නම් දෙන්නම ඕනෙ හරි. මොකද ඉතින් වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්නෙ ඒකයි. මාත් බයිස්කෝප් එකෙන් සබ් ඇරගෙන ෆිල්ම් බල බල කාලයක් හිටියා (බලන එක එහෙම නවත්තන්නෙ නෑ) ඉතින් මටත් සබ් කරන්න පොඩි ආසවක් ආව නිසා මාත් බැස්ස වැඩේට. බැස්ස තමයි සබ් එකක් ගහන්න තියෙන කට්ට බලන්න සබ් එකක් කරලම බලන්න ඕනෙ. අවුලක් නෑ වැඩේ ඉවර උනාට පස්සෙ දැනෙන සතුට හම්මෝ. හා දැන් කියෙවුවා ඇති. බයිස්කෝප් එකට සබ් කරන සෙට් එකටම ස්තූතියි කියන ගමන් අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.
මේ ෆිල්ම් එක horror,sci-Fi ගනයට අයත් ෆිලුමක්. මේක IMDb 3.8/10 ක අගයක් තමයි අරගෙන තියෙන්නෙ 2015 රිලීස් වෙච්ච මේ ෆිලුමට රන්ගනයෙන් දායක වෙන්නෙ brooke butler,cleo berry,dean geyer කියන නලු නිලියො තමා. ඇත්තටම මන් නම් කියන්නෙ මේ ෆිල්ම් එක එක දිගට බලාගෙන ඉන්න කම්මැලි වෙන එකක් නම් නෑ කියල.
ෆිල්ම් එකේ කතාව ඇවිල්ල කොල්ලො කෙල්ලො සෙට් එකක් වෙරලකට ඇවිත් ෆන් එකක් ගන්නනව. දන්නවනෙ ඉතින් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් එහෙම දාලා. ඉතින් මෙයාල රෑ තමයි පාටිය දාන්නෙ. අනිත් දවසෙ උදේ ඇහැරල බලනකොට ටික දෙනයි එතන ඉන්නෙ. ඒ ඉතුරු වෙලා ඉන්න කට්ටියත් යන්න හදනකොට තමයි වැඩේ පත්තු වෙන්නෙ. වැලි වලට අඩිය තියපු ගමන්. වෙනදේ බලන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව. ෆිල්ම් එක ටිකක් හොයාගන්න අමාරු වෙයිද දන්නෑ. අවුලක් නෑ ෆිල්ම් එකේ නම ගූගල් සර්ච් කරල බලන්න ඕනෙ තරම් සීඩ් තියෙන ඒවා තියෙනව. BluRay කොලිටි වලටම ගැලපෙන සබ් එක තියෙන්නෙ.ඒක නිසා අවුලක් නෑ.එහෙනම් ඉතින් එච්චරයි ෆිල්ම් එක ඇරන් බලන්න. ආ තව දෙයක් මේක ටිකක් පොඩි අයට බලන්න අමාරුයි. එහෙමම අවුලක් නෑ ඉතින්. පොඩි පොඩි ඇදුම් කෑලි තමයි ඇදගෙන ඉන්නෙ මේකෙ ඉන්න කට්ටිය.( බීච් එකක්නෙ ඉතින්) තව ඉතින් කියවන වචන ටිකක් අවුල්.
එහෙනම් ඉතින් හරි. මන් දිගටම සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරන ගමන් තවත් ෆිලුමකින් හමුවෙනතුරු මන් සමුගන්නව.
෴ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
The.Sand.2015.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,996 downloadsDownload The.Sand_.2015.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/AnushkaDilshan1-e1486322762963.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුෂ්ක දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුෂ්ක දිල්ශාන්
Subtitles
45 comments
Sohan jayasooriya
අනුෂ්ක දිල්ශාන්
ස්තූතියි කමෙන්ට් එකට යාලුවා.
හසිත මධුෂාන්
පලමු උපසිරැසි කරනයට සුබ පැතුම්.
සබ් එකටත් බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.anushka dilshan ANUVA
හසිත ස්තූතියි.
dammika
niyamai digatama sub denna...good lk
Mayura
Welcome to the baiscope mchan
Keep it upඅනුෂ්ක දිල්ශාන්
ස්තූතියි සහෝ ක්මෙන්ට් එකට
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Isitha Prasad
supiri film ekak. digatama sub dendooo
අනුෂ්ක දිල්ශාන්
දිගටම දෙනව සහෝ. තැන්කූ
අසංක ප්‍රදීප් රණතුංග
ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔයා දිගටම උපසිරසි දෙන්න හිතන් ඉන්නවා නම් ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.
අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
බුදු සරණයි ...
අනුෂ්ක දිල්ශාන්
ස්තූතියි සහෝ
akila
patta film 1
අනුෂ්ක දිල්ශාන්
කමෙන්ට් එකට ස්තුයි.
Thilina weerasinghe
Ela machan....
අනුෂ්ක දිල්ශාන්
තැන්ක්ස් සහෝ
Kasun Widusha
Ela mcn Baiscop ekka dura gamanak yanda suba pethum
කසුන් හර්ෂණ
නියමයි සහෝ. මේක පට්ට ෆිලුමක් කියල අහල තියෙනව. එහෙනම් ඔන්න අපිත් බානව. ගොඩක් පින් ඔයාට. මගෙත් ඉල්ලීමක් තියෙනව. පුලුවන්නම් Cannibal Holocaust ෆිල්ම් එකට සබ් එක දෙනවද? ඒක පරන ෆිලුමක් වුනාට සුපිරි පහරක්.ලයින් ගානත් අඩුයි
අනුෂ්ක දිල්ශාන්
ඕකට සබ් දෙන්නම් බ්‍රෝ .ස්තූතියි
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Tharaka
පලමු සබ් එකටත් සුබ පැතුම්!
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!JR
හාහාපුරා කියල කරපු පලවෙනි සබ් එකට සුබපැතුම්..!
එහෙනං ඉක්මනටම ඊළඟ ෆිල්ම් එකන් හම්බ වෙමුකෝ :)අසිත
ela ela meka mama baluwa
Web-බුවා
තද තද bro! ඔහොම යන්. පලමු වැඩේට බොක්කෙන්ම සුභ පතනවා.
අනික පොඩි පොඩි ඇඳුම් කෑලි තියෙනවා නම් අපේ උන් නොබලබ ඉදී. lol. ;) :Dජය! :)
අනුෂ්ක දිල්ශාන්
අනිවර්යෙන්ම බ්‍රෝ මේක ලංකාවනෙ ඉතින්
mithun
ලිපිය ලියල තියෙන විදියට නම් හොද පලපුරුදුකාරයෙක් වගේ..
Congratulations bro දිගටම වැඩේ කරමූ මේක සරල ස්ටොරි එකක් උනත් බලන්නමයි හිත සබ් එක ගත්ත සෙට් උන ගමන් ගත්ත ඔං දිගටම වෑඩේ කරමූ සහෝ ජය වෙවා ඔබට!samindu
palaweni sub ekata congratzzzz bro... digatama sub denna obata jaya......!!!!!!!!!!!!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
අනුෂ්ක දිල්ශාන්
කමෙන්ට් කරපු හැමොටම ස්තුතියි.
Pradeep
Thanks for sub and congratzzz for 1st sub
ishan
jaya wewa machan!!!!!!!!!!
Jay Sri
Ela kolloooo keep it up jaya weewaa
Zeal
ela mcn... balagenama idapu sub 1k tamai...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sherlock galle
Thanks
ටෘ තමන්නා
ELA
ROMESH
mata meka download karaganna puluwan link ekak dennako.....thiyena sub walata galapena ekak...loku udauwak......saaahenata try kara....eth link ekak set une nha
චුටි නපුරා
මචන් මේ sub එක. Killer beach කියන movie එකෙද.
sanjaya
thank you
Shamal Priyasadh
Tnx බොක්ක
maikee
thankyou bn sub ekata. elama .
sasindu kavish
නියමයි සහෝ
MAALnath
Thanks ..............good luck ................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai saho palamu sub ekata suba pethum.thanku sub ekata..digatama sub demu..jaya weva!