Watch Trailer

The Time Machine (1960) with Sinhala Subtitles | කාලය හරහා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු වන උපසිරසියත් අරගෙන තමා මේ ආවේ. ලොව ප්‍රසිද්ද එච් ජි වේල්ස් මහතාගේ සුප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධ නව කතාවක් වෙන The Time Machine කතාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන මෙම චිත්‍රපටය ලෝකයේ නිර්මාණය වෙච්ච විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතර ඉදිරියෙන්ම තියනවා. මම ඔ…

The Time Machine (1960)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු වන උපසිරසියත් අරගෙන තමා මේ ආවේ. ලොව ප්‍රසිද්ද එච් ජි වේල්ස් මහතාගේ සුප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධ නව කතාවක් වෙන The Time Machine කතාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන මෙම චිත්‍රපටය ලෝකයේ නිර්මාණය වෙච්ච විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතර ඉදිරියෙන්ම තියනවා. මම ඔයාලට මිට පෙර එච් ජි වේල්ස් මහතාගේම තවත් විද්‍යා ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච First Men in the Moon (1964) චිත්‍රපටය අරගෙන ආව මතක ඇති. කුඩා කල සිටම විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් වෙච්ච මම මේ චිත්‍රපට වලට උපසිරසි යෙදීමට අවස්ථාව ලැබීම වාසනාවක් ලෙස සලකනවා. මිට කලින් මම ජුල්ස් වරන් ගේ විද්‍යා ප්‍රබන්දයක් වන Journey to the Center of the Earth (1959) , එඩ්ගාර් රයිස් බරෝස් ගේ At the Earth’s Core (1976) යන චිත්‍රපට සහ සර් ආතර් කොනන් ඩොයිල් ගේ The Lost World (1960) චිත්‍රපටයට උපසිරසි අරගෙන ඇවිත් තියනවා. ඒ කියන්නේ මම ලොව ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධ පහකට මෙම උපසිරසියත් සමග උපසිරසි ඔයාලට ගෙනත් තියනවා.

මෙම චිත්‍රපටය IMDb අගය 7.6 අරන් තියන Adventure, Romance, Sci-Fi කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. මෙහි ඇති දුශ්‍ය ප්‍රයෝග සඳහා එම වසරේ ඔස්කාර් සම්මානය පවා ලබා ගන්න හැකියාව ලැබිලා තියනවා. Metro-Goldwyn-Mayer කියන සුප්‍රසිද්ද චිත්‍රපට නිර්මාණ ආයතනය මගින් බෙදා හරින ලද මෙම චිත්‍රපටය ඩොලර් 829,000 වියදම් කර නිපදවා ඩොලර් 2,610,000 ආදායම ලබා ගැනීමට සමත් වෙලා තියනවා.

කතාව ඉතින් කාලය හරහා යාමක් ගැන තමා. තමන් නිර්මාණය කරන ලද යන්ත්‍රයක් මාර්ගයෙන් කාලය හරහා ගමන් කරනා පුද්ගලයෙක් මුහුන දෙන අත්දැකීම් නැවත පැමිණ තම යාලුවන්ට පැවසීම තමා චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මෙම අදහා ගත නොහැකි සිද්දිය යහළුවන් විස්වාස කරනවාද ඒ වගේම ඒ සිද්දි මොනවාද කියල බලන්න ඔයාලට චිත්‍රපටය අවසානයේ පුළුවන්. විද්‍යා ප්‍රබන්දයක් උනත් ආදර කතාවකුත් චිත්‍රපටය තුල තියනවා කියල මතක් කරන්න කැමතියි.

මම ඊළඟට ඔයාලට අරන් එන්නේ එච්චර ප්‍රසිද්ද නැති සුපිරි වීරයෙක් ගේ කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

බුදු සරණයි….!

 

The Time Machine (1960) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.Machine.1960.720p.BluRay.x264.YIFY
The.Time.Machine.1960.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

305 downloadsDownload The.Time_.Machine.1960.Baiscopelk.com_.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

305 downloadsDownload Subtitles56 KB

21 comments

  1. එල්.සී. දමැල්

    Thanks Bro Asanka... meka balana list ekata damma onna :)

  2. doc

    docter strange sub eka Nadaa???

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ඔන්න බාන්න දැම්මා.
    ජයෙන් ජයම වේවා!
    බුදු සරණයි!

  4. chamara

    thank you for the subtitle.

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ
    ජය වේවා!

  7. Web-බුවා

    මෙව්වනේ යකෝ sci-fi කියන්නේ. පට්ට bro! :D

    ජය! :)

  8. Web-බුවා

    සහෝ මට පොඩි help එක්ක දෙන්න. මේක මගේ යාළුවෙකුට. ඌ අහනවා මගෙන් පරිගණක පාටමාලාවක් කරනකොට, වඩා හොඳ " මෘදුකාංග ඉන්ජීනේරූ" කරන එකද, නැත්නම් "web & mobile application development" කරන එකද කියලා? කෝකද වඩා වැදගත්. වැඩියෙන් job තියෙන්නේ එහෙම ඒ වගේ තමා ඌ අහන්නේ, මං හිතනවා ඔබතුමා දන්නවා ඇති කියලා.

    1. Udara Damith B/K

      මන් නම් ඒ ගැන කියන්ඩ දන්නේ නෑ

    2. අසංක ප්‍රදීප් රණතුංග

      මෙහෙමයි සහෝ. ඕක පැති දෙකක්. හරියට රියදුරු බලපත්‍රයේ ඔක්කොම වාහනයි. මෝටර් බයිසිකල් වෙනමයි ගන්නවා වගේ. මෘදුකාංග ඉන්ජීනේරූ ඔක්කොම අයිති එකක්. web & mobile application development කියන්නේ කොටසක් විතරයි. ඒ කියන්නේ ෆෝන් වලට ඇප් හදන එකයි වෙබ් සයිට් හදන එකයි. ඒක හින්ද ජොබ් වැඩිනම් මෘදුකාංග ඉන්ජීනේරූ කියන එකේ. ඒත් කියන්න ඕන ඔය දහ පාලොස් දාහේ පාටමාලා වැඩක් නැ. අර අකුරු හතරේ N අකුරෙන් පටන් ගන්න එකේ නම් හොඳයි

    3. Web-බුවා

      ආ.. බොහොම ස්තූතියි සහෝ! මං එයාට කියන්නම්.

      ජය! :)

    4. Web-බුවා

      ඒකට කමක් නෑ සහෝ! අපි තරහ වෙන්නේ නෑ. ;)

  9. Udara Damith B/K

    7a0f4ebfc5ec8526ee78d1d72f25a3e7176d8887

  10. Udara Damith B/K

    ස්තුතියි...

  11. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dulanga

    Thanks

  13. Withanage Priyantha Dayakeerthi

    සබ් එකට ස්තුතියි! මා ළඟ මේ සිනමාපටය දැනට තිබෙනවා. ඔබගේ උපසිරසි සමඟ එය නරඹන්නට පුළුවන්.

  14. වජිර රත්නායක

    උපසිරැසියයට ස්තුතියි. අනිවාර්යයෙන් ම නරඹනවා.

  15. අසිත

    එලම 100 ත් ගහමු එහෙනම්.
    ජය වේවා!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    sthuthiii

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.