Watch Trailer

The Santa Clause (1994) Sinhala Subtitles | නත්තල් සියා [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ නත්තලක් වේවා බයිස්කෝප්වාසි ලෝකවාසී සියලුදෙනාටම !⛄ඔන්න නත්තල් කාලේ හින්දා මං පස්වෙනි උපසිරසියට නත්තල ගැන කියවෙන ෆිල්ම් එකක් ගෙන්න හිතුවා.Santa clause (1994) තමයි ෆිල්ම් ඒක.පුළුවන් ඉක්මනින් නත්තල් දවසෙම (25)සබ ඉවර කරත් ලිපියට වෙලාව නැති උනා.මොනව කරන්නද ඉතින්,හරි එහෙනං තවත් වැල්වටාරම් නැතුව අ…

සුභම සුභ නත්තලක් වේවා බයිස්කෝප්වාසි ලෝකවාසී සියලුදෙනාටම !⛄ඔන්න නත්තල් කාලේ හින්දා මං පස්වෙනි උපසිරසියට නත්තල ගැන කියවෙන ෆිල්ම් එකක් ගෙන්න හිතුවා.Santa clause (1994) තමයි ෆිල්ම් ඒක.පුළුවන් ඉක්මනින් නත්තල් දවසෙම (25)සබ ඉවර කරත් ලිපියට වෙලාව නැති උනා.මොනව කරන්නද ඉතින්,හරි එහෙනං තවත් වැල්වටාරම් නැතුව අපි කතාව ගැන බලමු.☺

1994 November 11 දා තිරගත උන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Pasquin.චිත්‍රපට මාලා තුනකින් සමන්විත මේක මේ චිත්‍රපට මාලාවෙ පළමුවැන්න. Christmas/fantasy/family/comedy ගණයට අයත් මේකේ ප්‍රධාන චරිත විදිහට Tim Allen, Eric Lloyd, Wendy Crewson, Judge Reinhold, David Krumholtz, Paige Tamada ආදී ලොකු කුඩා ශිල්පින් රැසක් රංගනයෙන් දායක වනවා.මේ ෆිල්ම් එකට IMDb අගය 6.4කුත් Rotten Tomatoes 75% කුත් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියන 22ක වියදමින් නිපදවූ ෆිල්ම් ඒක ඉපැයූ මුළු අදායම ඩොලර් මිලියන 189.8 ක්.

කතාවේ තේමාව වෙන්නේ නත්තල් සියා.නත්තල් සියා ගැන හැමෝම දන්නවනේ.එත් එයා ඇත්තටම කවුද කියලා ගොඩක් අය දන්නැතුව ඇති.ශාන්ත නිකලස් කියන්නේ 4වන සියවසේ ජීවත්උන බිෂොප්වරයෙක්. කුඩා ආසියාවේ පිහිටි මීරාහි පදිංචිව සිටි (දැන් තුර්කිය)එයා ගොඩක් ධනවත් පුද්ගලයෙක්.ගොඩක් කාරුණික කෙනෙක් උන එයා දිලිඳු අයට උදව් උපකාර කිරීමට රහසින් තෑගි ලබාදීම ගැන ගොඩක් ප්‍රසිද්ධ උනා. නත්තල් සියා ගැන තියෙන ජනප්‍රියම කථාව තමයි,එක දුප්පත් කෙනෙක්ගේ දුවලා තුන්දෙනාට විවාහ වෙන්න දෑවද්දක් නැති උන නිසා ශාන්ත නිකලස් හොර රහසේම දුම් කවුළුවෙන් රත්තරන් මලු දාලා ගිහින් තියෙනවා.පස්සේ ඒ දුප්පත් මනුස්සයා එක කරන්නේ කවුද කියලා හොයාගත්තත් ශාන්ත නිකලස් ඒක රහසක් විදිහට තියාගන්න කියලා තියෙනවා.එත් අන්තිමේ ඒ කථාව හැමෝම අතරෙ ව්‍යාප්ත වෙලා හැම කෙනෙක්ටම රහසෙන් තෑග්ගක් ලැබුනම හිතල තියෙන්නේ ඒක නිකලස්ගෙන් නැත්නම් හැමෝම දන්න නත්තල් සීයාගෙන් ලැබුනා කියලා.☺

ඉතින් මේ කථාවේ වෙන්නේ ස්කොට් කැල්වින් (Tim Allen) කියන තාත්තා එයාගේ භාරකාර පුතා චාලි (Eric Lloyd) එක්ක නත්තල් දවස ගතකරද්දී නත්තල් සියා එනවා එයාලගේ ගෙදර වහලෙට.අහම්බෙන් වෙන අනතුරකින් නත්තල් සියා වහලෙන් වැටිලා අතුරුදහන් වෙන නිසා ස්කොට්ට නත්තල් සියා වෙන්න එනවා.නිකම්ම නෙමෙයි නීත්‍යානුකූලවම.එයාට චාලි එක්ක උත්තර ධ්‍රැවයට ගිහින් එල්ෆ්ලා එක්ක තෑගි බෙදන වැඩේ කරන්නත් වෙනවා.එත් ස්කොට් ගෙදර ආවම හිතන්නේ ඒක හීනයක් කියලා.එත් ඊලග අවුරුද්දේ නත්තල ලංවෙනකොට ස්කොට්ගේ බඩ ඇවිල්ලා,මහත් වෙලා රැවුල ඇවිත් නත්තල් සීයාගේ ස්වරුපය එනවා.එත් චාලිගේ අම්මා ලෝරා (Wendy Crewson) එයාගේ අලුත් සැමියා නීලුයි (Judge Reinhold) හැමෝමයි හිතන්නේ එයාට පිස්සු කියලා..චාලි විතරයි එයාව විස්වාස කරන්නේ.චාලිව ස්කොට්ගේ භාරකාරත්වයෙනුත් අයින් කරනවා,ස්කොට් නිසා චාලිත් මිත්‍යාවන් විස්වාස කරනවා කියලා.අන්තිමට නත්තල් සියාට පොලිසියේ ඉන්නත් වෙනවා.🙂කථාව ගැන කිව්වා ඇතිනේ.ඉතින් මේ නත්තල් කාලේ හැමෝටම මේක බලන්න කියන ගමන් මෙච්චර මහන්සි උන එකේ comment එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.😁එහෙනම් ඉක්මනින්ම තවත් බයිස්කෝප් එකක් එක්ක හමුවෙනකම් හැමෝටම සුභ නත්තලක් ප්‍රර්ථනා කරනවා🎄!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

2,252 downloadsDownload The-Santa-Clause-1994.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/madhubhashana-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුභාෂණ බණ්ඩාර

Subtitles

2,252 downloadsDownload Subtitles48 KB

19 comments

  1. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  2. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..........
    subama suba natntnalak
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    .
    නයි නයි නෙ නයි නයි නෙ

  3. Thisal

    ස්තුතියි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ishanka samith

    thanks bro

  6. Naveen_Sampath

    Patta bro meka

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. 0710614878

    නියමයි.... බොහොම ස්තුතියි

  9. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  10. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ.
    ජයෙන් ජය.

  11. geeganagamage

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  13. jagath55

    Thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Charuka00

    බොහෝම ස්තුතියි මේ කරනා සේවයට. ජයෙන් ජයම වේවා!

  16. sublove

    sthuthi me wage lassana movies walata upasirasa laba denawata

  17. Charuka00

    මචන් මේකෙ ඉතුරු දෙකටත් SUB දියන්කො.

  18. Chandika

    Thanks for subtitle

  19. Pahasara

    Thankz