Watch Trailer

The Secret Garden (2020) Sinhala Subtitles | මායා උයන [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර කාලේ මිනිස්සු කිහිප දෙනෙක් පරණ හුදකලා නිවසක ජීවත් උනා. මුළුමනින් නෙවෙයි, ටිකක් හුදකලා උන නිවසක්. ඔවුන් උද්‍යානයක් සොයා ගත්තා. නෑ. ඒ අයගෙන් එක් කෙනෙක් උද්‍යානයක් හොයා ගත්තා. ඔවුන් මුලදි දැනගෙන හිටියෙ නෑ ඒ උද්‍යානය මායා උද්‍යානයක් කියලා. ඒත් ඒක එහෙමයි. ඒක මායා උද්‍යානයක් නිසා එය ඔවුන්ව බේරගන්න…

ඉස්සර කාලේ මිනිස්සු කිහිප දෙනෙක් පරණ හුදකලා නිවසක ජීවත් උනා. මුළුමනින් නෙවෙයි, ටිකක් හුදකලා උන නිවසක්. ඔවුන් උද්‍යානයක් සොයා ගත්තා. නෑ. ඒ අයගෙන් එක් කෙනෙක් උද්‍යානයක් හොයා ගත්තා. ඔවුන් මුලදි දැනගෙන හිටියෙ නෑ ඒ උද්‍යානය මායා උද්‍යානයක් කියලා. ඒත් ඒක එහෙමයි. ඒක මායා උද්‍යානයක් නිසා එය ඔවුන්ව බේරගන්න හැදුවා ඔවුන් එය බේරාගන්න හදන තරමටම…

ඉතිං යාළුවනේ ඔන්න මේ පාර ලස්සන ළමා කතාවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. බැලූ බැල්මට ම තේරෙනවා ඇතිනෙ මේක මායාකාරී උද්‍යානයක් කියලා. ඒත් මේක අපි චිත්‍රපටි වලින් දැකලා තියෙන විදිහේ මායාකාරී උද්‍යානයක් නෙවෙයි. වෙනස්ම ආකාරයේ උද්‍යානයක්.

මේරි කියන්නෙ අම්මයි තාත්තයි දෙන්නම අහිමි උන ළමයෙක්. එයාව හදා වඩා ගන්න බාර වෙන්නේ මේරි ගෙ අම්මගෙ සහෝදරිය විවාහ වෙලා හිටිය ක්‍රේවන් කියන පුද්ගලයාටයි. මේරිගෙ අම්මා වගේම නැන්දත් මේ ලෝකෙ හැර දාලා යන්න ගිහින්. ඒ නිසා මේරිගෙ මාමා, ක්‍රේවන් මහත්තයා ඉන්නෙ යහපත් මානසික තත්වයකින් නෙවෙයි. ඒ මදිවට ඔහුට කුදයකුත් තියෙනවා. ඉතිං මේරිගෙ මේ මාමට පුතෙක් ඉන්නවා. ඔහුගෙ නම කොලින්. ඔහුත් ඇවිදින්න බැරුව ඇඳටම වෙලා ඉන්න කෙනෙක්. හැබැයි මේරි මේ ගෙදරට ආවට පස්සේ මේ හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ මේරි වත්ත පහළ සෙල්ලම් කර කර ඉඳිද්දී ඇයට හොයා ගන්න ලැබෙන අර මායා උයන නිසා.

IMDb දර්ශකයේ 5.5/10 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය 66% ක කුණු තක්කාලි අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. 2020 අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවේ තිරගත වෙන්න පටන් ගත්ත මේ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නෙ එක්සත් රාජධානියේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මේරි ගෙ චරිතය රඟ දක්වන්නේ Genius (2017) චිත්‍රපටියේ Alice Edwards ගෙ චරිතයට පණ පෙවූ Dixie Egerickx විසිනුයි. ඉතිං යාළුවනේ… මොකක්ද මේ මායා උයන? මොකක්ද මේ උයනේ තියෙන විශේෂත්වය? කොහොමද මේරි මේක හොයාගන්නෙ? මේ උයන මේ නිවසේ ජීවත් වන අයට කොහොම බලපාවිද? මොකකින්ද මේ මායා උයන මේ ගෙදර අයව බේරගන්න හදන්නේ වගේම ගෙදර අය මොකකින්ද මේ මායා උයන බේරගන්න හදන්නෙ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

8,528 downloadsDownload The-Secret-Garden-2020-Blu-Ray.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

8,528 downloadsDownload Subtitles63 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    Meka sirasa tv eke giya kathawe remastered ekak ne

  4. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු.ජයවේවා!

  5. subodha

    Thanks

  6. raviz

    Thank you for your hard work............!

  7. Anonymous

    tuan thanks

  8. indika75

    බොහොම ස්තූතියි .මේකෙ පොතේ පරිවර්තනයක් කියෙව්වා වගේ මතකයි.පොතේ නම නම් මතක නෑ.ලස්සන කතාවක්.

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  10. Shaggy

    Thank you very much

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      uba film papake bn

  12. supun

    tz sub ekata...

  13. Suparasi

    Thank u

  14. Tharindu

    Ela

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. Dewadithya

    Thanks for sub!

  19. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    බයිස්කෝප් අඩවියෙන් මින් පෙර සබ් ලබා දුන් The Silence of the Lambs - 1991 චිත්‍රපටය අයත් Hannibal චිත්‍රපට එකතුවේ අනෙකුත් චිත්‍රපට ටිකට උපසිරැසි දෙන්න පුලුවන්ද?

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  20. nirmal

    Thank you..

  21. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪