Watch Trailer

Von Ryan’s Express (1965) Sinhala Subtitles | රයන්ගේ සීඝ්‍රගාමී දුම්රිය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සේරම සහෝදර සහෝදරියන්ට.. තවත් මාසෙක අවසාන සතියේ ඔන්න මං ඔයාල වෙනුවෙන් තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1965 වසරේ. ඒ වගේම 60 දශකය අවසානයේ වගේම 70 දශකයේ මුල මේ චිත්‍රපටය ලංකාවේ සිනමාහල් වල අති සාර්ථකව තිරගත…

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සේරම සහෝදර සහෝදරියන්ට.. තවත් මාසෙක අවසාන සතියේ ඔන්න මං ඔයාල වෙනුවෙන් තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1965 වසරේ. ඒ වගේම 60 දශකය අවසානයේ වගේම 70 දශකයේ මුල මේ චිත්‍රපටය ලංකාවේ සිනමාහල් වල අති සාර්ථකව තිරගත වෙලා තියනවා. චිත්‍රපටය තමයි Von Ryan‘s Express.

ජෝෂප් රයන් ඇමරිකානු හමුදාවේ ගුවන් බලකායේ කර්නල් වරයෙක්. ඉතාලියේදී ඔහුගේ ගුවන් යානය අනතුරකට පත්වීමත් සමඟ මේජර් බැසිලියෝ බටග්ලියා මෙහෙයවන යුද සිර කඳවුරකට ගෙනයනවා. එහි ගොඩක් සිරකරුවන් බ්‍රිතාන්‍ය ජාතිකයින් වන අතර ඇමරිකානු යුද සිරකරුවන් කීප දෙනෙක්ද සිටී. රයන් පැමිණෙන්නේ මේ සෙබලුන්ගේ අණ දෙන නිළධාරියා වන බ්‍රයන් ලොක්හාර්ට් ගේ අවමගුල් උත්සවයේදියි. ඔහු මිය යන්නේ බටග්ලියා දුන් දඬුවමක ප්‍රතිපලයක් ලෙසයි. ඉන්පසු සරකරුවන්ගේ ප්‍රධාන අණ දෙන්නා වන්නේ මේජර් ෆින්චම් නම් 9 වන ෆියුසිලියර්ස්වරයෙකි. රයන් ආ පසු ෆින්චම්ගේ අණ නොතකා රයන් සෙබලුන්ගේ සුබ සිද්ධිය පිළිබදව සලකා බලා කටයුතු කරන අතර ඔහුටත් ලොක්හාර්ට් ට දුන් දඬුවමම ලැබේ. පසුදිනම දඩුවමෙන් මිදෙන රයන්ට දැකගන්න ලැබෙන්නේ මුරකරුවන් නැති හිරකරුවන් පමණක් සිටින කඳවුරයි. එතැන් පටන් රයන්ගේ උත්සහය සියළුම සෙබළුන් සමඟ නිදහස සොයා රටින් පිටවෙන්නයි…

David Westheimer විසින් රචිත නව කතාව පදනම් කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කලත් නව කතාවේ අවසානය මදක් වෙනස් කර චිත්‍රපටය සඳහා වඩා උද්‍යෝගිමත් අවසානයක් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කර ඇත. Mark Robson අධ්‍යක්ෂණයෙන්ද Saul David නිෂ්පාදනයෙන්ද චිත්‍රපටයට දායක වී ඇත. රයන් ලෙස Frank Sinatra සහ මේජර් ෆින්චම් ලෙස Trevor Howard රංගනයේ යෙදෙන අතර ඊට අමතරව Raffaella Carrà, Brad Dexter, Sergio Fantoni, John Leyton, Edward Mulhare, Wolfgang Preiss ද රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය මුල්‍යමය වශයෙන් Frank Sinatra ගේ වඩාත්ම සාර්ථක චිත්‍රපටයක් බවට පත්විය. චිත්‍රපටයේ තිර රචනය Wendell Mayes සහ Joseph Landon ය. සංගීතය Jerry Goldsmith විසිනි. කැමරාකරණය William H. Daniels වන අතර සංස්කරණය Dorothy Spencer ය.

20th Century Fox සමාගමේ බෙදාහැරීමක් වන Von Ryan‘s Express 1965 ජූනි මස 23 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භ කර ඇත. විනාඩි 117 ක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 5.76ක් වන අතර සමස්ථ ආදායම ඩොලර් මිලියන 17 ඉක්මවීය. IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය Rotten Tomatoes 89%ක අගයක් ලබා ගෙන ඇත.
එහෙනම් අදට මම සමුගන්නම්..

ආයෙත් ලඟදීම දවසක තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන එනතුරු ඔබ සැමට නිරෝගිමත් සුවදායී සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,352 downloadsDownload Von-Ryans-Express-1965.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,352 downloadsDownload Subtitles29 KB

7 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Request...

    Murder - 1930
    M - 1931
    Hannibal movie collection

  2. Priyantha Dayakeerthi

    උපසිරසියට ස්තුතියි! හැකිනම් "මැරලින් මොන්රෝ" රඟපෑ The Prince And The Show Girl (1957) වැනි ඇය රඟපා ඇති, දැනට මෙම වෙබ් එකේ සබ් නොමැති ෆිල්ම් කීපයකට සිංහල උපසිරසි ලබා දෙන ලෙස යෝජනා කරන්නෙමි. (ඇය රඟපෑ ෆිල්ම් කීපයකම සබ් දැනට මෙම වෙබ් එකේ තිබෙනවා)

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!

  4. raviz

    Thank you...!

  5. YOUNG WOLF

    THANKS FOR SUB.GOOD JOB

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!