එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව. Superman: Doomsday Justice League: The New…

එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව.
Superman: Doomsday
Justice League: The New Frontier
Batman: Gotham Knight
Wonder Woman
Green Lantern: First Flight
Superman/Batman: Public Enemies
Justice League: Crisis on Two Earths
Batman: Under the Red Hood
Superman/Batman: Apocalypse
All-Star Superman
Green Lantern: Emerald Knights
Batman: Year One
Justice League: Doom
Superman vs. The Elite
Batman: The Dark Knight Returns
Superman: Unbound
Justice League: The Flashpoint Paradox
Justice League: War
Son of Batman
Batman: Assault on Arkham
Justice League: Throne of Atlantis
Batman vs. Robin
Justice League: Gods and Monsters
Batman: Bad Blood
Justice League vs. Teen Titans
Batman: The Killing Joke
Justice League Dark
Teen Titans: The Judas Contract
Batman and Harley Quinn
Batman: Gotham by Gaslight
Suicide Squad: Hell to Pay
The Death of Superman
Reign of the Supermen
Justice League vs. the Fatal Five
Batman: Hush
Wonder Woman: Bloodlines
Superman: Red Son
Justice League Dark: Apokolips War
ඔතන යුනිවර්ස් දෙකක ෆිල්ම් තියෙනවා. ඒ වගේම යුනිවර්ස් වල යන කතාවට අදාල නැති ෆිල්මුත් ඔතන තියෙනවා.
එහෙනම් අපි Justice League Dark: Apokolips War එකේ මොකද වුනේ කියලා මතක් කර ගමු. සුපර්මෑන් ඇතුලු ජස්ටීස් ලීගය ඩාක්සයිඩ් එක්ක තියෙන සටන ගැන තමා එකේ තියෙන්නේ. කොටින්ම කිව්වොත් අන්තිම සටන. කෙසේ හෝ වේවා ලීග් එකේ සියලු සටන් සැලසුම් ඒ වෙනකොටත් ඩාක්සයිඩ් දැනගෙනයි හිටියේ. ඒ වගේම සටන පටං ගත්තට පස්සේ ලීග් එක ඩාක්සයිඩ්ට පරාද වෙනවා. ලීග් එකේ බාගෙට බාගයක් ජීවිතක්ශයට පත් වෙනවා. අනිත් අය ඩාක්සයිඩ්ගේ වහල්ලු වෙනවා. ඩාක්සයිඩ් සුපර්මෑන්ගේ ඇගේ ක්‍රිප්ටොනයිට් වලින් පච්චයක් කොටනවා. ඒ නිසා ඒකෙන් සුපර්මෑන්ගේ බලය නැති වෙලා යනවා. කොහොමත් මුල ඉදන්ම මේ සටන පරදියි කියලා බයක් බැට්මෑන්ට තිබ්බා. ඒ නිසා එයා හොර රහසේම එයාගේ සැලැස්මක් දියත් කරනවා.ඒ සැලැස්මේ වැඩි වගකීමක් ජෝන් කොන්ස්ටන්ටයින්ට ලැබෙනවා. අන්තිමේදී ක්ලාක් ඇතුලු පිරිස නැවතත් සටන් කරනවා. ඒ සටනෙදී ඩීසී වල හතුරෝ, වීරයෝ සේරම එක කණ්ඩායමක් වෙලා ඩාක්සයිඩ් එක්ක සටන් කරනවා. ඒ සටනෙදිත් ගොඩ දෙනෙක් මිය යනවා.අන්තිමේදී මේ සටනට ට්‍රයිගෝනුත් එකතු වෙනවා. අන්තිමේදී ට්‍රයිගෝන් ඩාක්සයිඩ් එක්ක සටන් කරනකොට සයිබ්‍රෝග් ඩාක්සයිඩ් ගේ ග්‍රහලෝකය වෙනම මානෙකට අරගෙන යනවා. ඒ සටන දිනුවත් ඒක දිනුමක් කියලා කියන්න බෑ. මොකද ඒ වෙනකොටත් පෘතිවිය විනාශ වෙලා ඉවරයි. අතලොස්සක් මිනිස්සු ඇරෙන්න අනිත් හැම මනුස්සයෙක්ම මැරිලා ගිහින්. ඒ නිසා අන්තිමට බැට්මෑන් ෆ්ලෑශ්ට උපදෙස් දෙනවා කාලරාමුව වෙනස් කරන්න කියලා. ඒ ඉල්ලීමට අනුව ෆ්ලෑශ් ෆ්ලෑශ්පොයින්ට් එක වෙනස් කරලා කාල රාමුව නැවත සකසනවා. එතනින් මේ විශ්වය නැවත රීබූට් වෙනවා.
ඔන්න ඔහොම තමා මේ අලුත් විශ්වය පටං ගත්තේ. මේ අලුත් විශ්වයේ පලවෙනි චිත්‍රපටිය විදිහට තමා Superman The Man Of Tomorrow ච්ත්‍රපටය එලි දැක්වෙන්නේ. මේකේ වෙන දේ මං නොකියා ඉන්නම්. මොකද අලුත් විශ්වයක් නිසා ඔයාලගේ කුතුහලය නැති කරන්න මට වුවමනාවක් නෑ. එකක් කියන්නම්. මේ ෆිල්ම් එකේදී ඔයාලට ලෝබෝ සහ මාශන් මෑන්හන්ටර් වත් දකින්න පුලුවන්.
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
6,613 downloadsDownload Superman-Man-of-Tomorrow-2020-Blu-Ray.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
35 comments
geeganagamage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kasun
Thank you for the subtitle!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lucky
බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට
උපසිරසි ලබා නොදුන් පහත අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන්න ගොඩක් ස්තුතියි
Eddie murphy
Martin lawrance
Kevin hart
Adam sandler
Vince vaughn
Will Ferrell
Ice cubeමේ අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
ලව්ලි බෝයි
සුපිරි ඈ.....
madhubashana bandara
thanks
SH
Thank you very much!
podda
thanks!!!
Gathsara Umesh
Bhooooooooooom Sathuthi........
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
kevin D...
Thanks...
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work
Nilush Angana
Sub ekata thanx
Shaggy
Thank you very much
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින්ත කල්හාර බෙනට්
thanks bro
Dewadithya
Thanks for sub!
lakshan
thanks ......................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
DanTE
Thankyou bro
navod
niyamai..sub ekata rhaks..adarei baiscope
Anonymous
Thank you bro *_*:-$
Anonymous
Anonymous
':\')'
Anonymous
:\')
Anonymous
Nilush Angana
Sub ekata thanx
Anonymous
universe deke kayha tika wenma kynn puluwanda
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ....සෙට් එකටම ජය වේවා....❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .