ආයුබෝවන්. බයිස්කොප් අඩවිය වෙනඅවෙන් උපසිරැසියක් කරන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ.ඉතින් මට ඒකට අවස්ථාව උදා වුණා.මගේ පණිවිඩයට පිළිතුරු එවපු සිසිල සහෝදරයට ගොඩක් ස්තූති කරනවා. සමහරවිට ගොඩක්ම දෙනෙක් මේ ෆිලුම බලලත් ඇති. ඒත් උපසිරැසියක් තිබුණේ නැති නිසා නිර්මාණය කරන්න හිතුනා. මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු…

ආයුබෝවන්. බයිස්කොප් අඩවිය වෙනඅවෙන් උපසිරැසියක් කරන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ.ඉතින් මට ඒකට අවස්ථාව උදා වුණා.මගේ පණිවිඩයට පිළිතුරු එවපු සිසිල සහෝදරයට ගොඩක් ස්තූති කරනවා. සමහරවිට ගොඩක්ම දෙනෙක් මේ ෆිලුම බලලත් ඇති. ඒත් උපසිරැසියක් තිබුණේ නැති නිසා නිර්මාණය කරන්න හිතුනා. මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒවට සමාවෙන්න.
කතාව ගැන කියනවා නම්, ලිලී කියන්නේ වයස අවුරුදු 4දී තමන්ගේ අම්මාව අහිමි වුණු ගැහැණු ළමයෙක්. එයා ජීවත් වෙන්නේ එයාගේ තාත්තා ටී. රේ ත් එක්ක. ඒත් ඒ ජීවිතය සතුටුදායක එකක් වුණේ නම් නෑ. මොකද එයාගේ තාත්තා බොහොම දැඩි පුද්ගලයෙක්.ඉතින් ලිලීගේ උපන් දිනේ දවසේදි ලිලී එයාලගේ ගෙදර වැඩ කරන රොසලින් එක්ක නඟරයට යනවා. නඟරයේදි මේ දෙන්නට ලොකු කරදරේට මුහුණ දෙන්න සිද්ද වෙනවා.ඉතින් රොසලින්ව රෝහලක හිර කරනවා. ලිලීගේ තාත්තා ඇයව බේරගන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ.ඉතින් ලිලී රොසලින්වත් බේරගෙන ගෙදරින් පැනල යනවා.ලිලීට ඕනේ එයාගේ අම්මා ගැන දැනගන්න. මෙතනින් පස්සේ තමයි කතාව පටන් ගන්නේ. ඉතින් ලිලීට අම්මා ගැන දැනගන්න පුළුවන් වෙයිද? එයාලට මුහුණ දෙන්න වෙන කරදර මොනවද? මේ දේවල් දැනගන්න නම් ඉතින් කතාව බලන්නම වෙනවා. මේ කතාවේ විශේෂයෙන්ම කළු ජාතිකයන්ට සිද්ධ වෙන අකටයුතුකම් ගැන පෙන්වනවා. ඉතින් අනිවාරෙන්ම බලන්න කියලා ඉල්ලනවා.
2008 දී Gina Prince-Bythewood විසින් අධ්‍යක්ෂණය කළ මේ සිනමාවට පාදක වෙලා තියෙන්නේ Sue monk kidd විසින් රචිත the secret life of bees නවකතාවයි. ඒ වගේම මේ සිත්තම imdb 7.3 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියනවා. Hide and seek (2005), Charlotte’s web (2006), Now is good (2012) චිත්‍රපටි වල රඟපෑ Dakota fanning ලිලී ලෙසත් Queen latifah ඕගස්ට් බෝට්රයිට් ලෙසත් ප්රධාන චරිත නිරූපණය කරනවා.
ඉතින් කතාව බලල රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,125 downloadsDownload The-Secret-Life-of-Bees-2008.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනිති නෙත්මිණි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-25
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිති නෙත්මිණි
Subtitles
10 comments
මයිකි
dinithi nethmini
ඔයාගේ comment එකට ස්තූතියි.
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request...
My Girl 02 - 1994
Flight of the Navigator - 1986
The Goonies - 1985indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!!
dinithi nethmini
ස්තූතියි ඔය දෙන්නටම.
එල්.සී. දමැල්
පළමු උපසිරැසිගැන්වීමට උණුසුම් සුභ පැතුම්, දිනිති!
අඩවියට සාදරයෙන් පිළිගන්නවා :)
ජය! :Disuru srinath sjs
පලවෙනි සිංහල උපසිරැසිකරණයට හදවතින්ම සුබ පතනවා... බොහොම ස්තුතියි උපසිරැසියට .. ජය.!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතිය මේ දවස් බලන්න ෆිල්ම් නැති වෙලාවක පරන එවා හරි දෙනවට. තැන්ක්ස් සබ් කලාට මෙකට.