ආයුබෝවන් හැමෝටම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේ අවුරුද්දේ මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ. මේ පාර නම් ගෙනාවේ ලස්සන ආදර කතාවක්, මේ සදහා මට අවස්තාව ලබා දුන් ශාන් විමුක්ති සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. වෙනදා වගේම මම ඔයලගෙන් ඉල්ලන්නේ උපසිරැසියේ අඩු ප…
ආයුබෝවන් හැමෝටම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේ අවුරුද්දේ මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ. මේ පාර නම් ගෙනාවේ ලස්සන ආදර කතාවක්, මේ සදහා මට අවස්තාව ලබා දුන් ශාන් විමුක්ති සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. වෙනදා වගේම මම ඔයලගෙන් ඉල්ලන්නේ උපසිරැසියේ අඩු පාඩු තියෙනවනම් ඒ වගේම ඔයාලගේ ඉල්ලීම් තියෙනවනම් කොමෙන්ටුවක් දාන්න කියලා.
හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ටෙසා තොම්ප්සන් කියන්නේ තරුණ වයසෙදිම ලියුකේමියා රෝගයට ගොදුරු උන ගෑණු ළමයෙක්. ඇයට තමන්ගේ ජීවිතයේ අවසන් දවස් කීපය ගත කරන්න සිදු වෙලා තියෙන නිසා ඇය තමන්ගේ ජිවිත කාලයේ කරන්න බැරි උන වැඩ ටිකක් ලැයිස්තුවක් හදාගෙන තමන්ගේ හොඳම යාළුවා වෙන සෝයි එක්ක ඒවා අත්හදා බලමින් තමයි ඉන්නේ. ඒත් මේ ලැයිස්තුවේ තියෙන ගොඩක් දේවල් ගෑණු ළමයෙක්ට කරන්න නොසුදුසු දේවල් තමයි ගොඩක් තියෙන්නේ, ඒ නිසා ටෙස්ගේ තාත්තා මේකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. මේ කාලයේදී තමයි ටෙසාලගේ අසල්වැසි නිවසට අළුත් කට්ටියක් පදිංචියට එන්නේ. ඒ අය නිසා ටෙසාගේ ජීවිතය නොහිතන විදියට වෙනස් වෙනවා.
2012 දී Ol Parker රචනා කර අධයක්ෂනය කර ඇති මෙම සිත්තම 7.2 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 56% ක් ලබා ගැනීමට සමත් වෙනවා. Drama/Teen යන කාණ්ඩ වලට අයත් මෙම සලරුව එක්සත් රාජධානියේදී තමයි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. Hide & Seek (2005) , War of the Worlds (2005) , Ocean’s 8 (2018) චිත්‍රපට වල රඟ පෑ Dakota Fanning ටෙසා ලෙසත්, War Horse (2011), The Fallen (2016) වැනි චිත්‍රපට වලින් හමුවු Jeremy Irvine ඇඩම් ලෙසත් සම්බන්ධ වෙනවා, Sea International Film Festival 2012 දී හොඳම විශේෂාංග චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන 3කට හිමිකම් කියන්නත් මේ සලරුව සමත් වෙලා තියෙනවා. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා ගුණ දොස් කොමෙන්ට් කරන්න. ඒ වගේම ලැබුවා වූ 2019 නව වසර ඔයාලා හැමෝටම ප්‍රීතීමත් සුභ නව වසරක් වේවා …!!! ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,642 downloadsDownload Now-Is-Good-2012.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
21 comments
Mayura
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa!buddhikaexr
thank you bro....
harshani11112
ස්තුති යුරාන් සහො
Tharaka
THANKS.......................
MAALnath
Thanks ......................good luck ................zookeeper 2011 movie ekatath sub denna
MAALnath
Thanks ..................good luck ...............
Udaya Saman
සබ් එකට බොහොම ස්තූතියි යුරාන්..ලස්සන එකක් නොවැ ගෙනත් තියෙන්‍ෙ
ftthushara
Thanks
Kulanjana Maduranga
subata thanks....saho..
Nilush Angana
Sub ekata thanx
baiscopelkishu
sub ekata thanx machn
jagath55
Thanks
neelanethra
ස්තූතියි
Pramukmili
thanxxx bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru
Thanks for sub.good luck bro
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Kaazz_bat
Thanx sahoo sub ekata,. Jaayawewa,.
mariyan12
thankzzzzzzzzzz
Dew visanka
sub eka load wen na.yts ekata hariyana ekak denna barida plz?
Advertisement
Ellieගේ සිංදුවක් තිබ්බා i Know you care, ඒක මේ මූවි එකේ නේද.. බලපු දවසෙ බාලා තිබ්බෙ අද වෙනකම් බැලුවෙ නෑ. අද බලන්න පුලුවන්. බොහොම ස්තූති සබට. ජයම වේවා!