Watch Trailer

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව…

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව මට ලබා දුන්නේ. ඒ නිසා මේ බයිස්කෝප් එක බලා සතුටු වන පුංචි පැටව් මෙන්ම වැඩිහිටියෝ ද ඒ සඳහා පිං දිය යුත්තේ “උදා” සහ “විකියා” මලයණ්ඩිලාටයි.

එහෙනම් සලරුව ගැන පොඩි විස්තරයක් මෙසේයි.
දා හතර හැවිරිදි ඇරියට්ටි සහ ඇයගේ පුංචි පවුල අඟල් හතරක් උස “පුංචි මිනිස්සු” කොට්ඨාසයකට අයත් වේ. ඔවුන් මනුස්සයින්ට කරදරයක් නොවන අයුරින් මිනිසුන්ගෙන් ගෙන යම් යම් දේවල් ලබා ගෙන මුළු ලොවටම රහසේ ජීවත් වන සත්ව කොටසක් වෙත්. ඇරියට්ටි, අම්මා සහ අප්පච්චි සිතා සිටින්නේ ඔවුන් ඒ සත්ව කොටසේ අවසන් පුරුක් ලෙසය. කෙසේ වෙතුඳු ඔවුන් ගේ ඒ සාමකාමී ලෝකය දෙදරා යන්නේ ඔවුන් දේවල් ලබා ගන්නා ගෙදර ට පැමිණෙන අසනීප පිරිමි ළමයෙකු ඇරියට්ටී දැකීමෙනි. මිනිස් ඇසින් සැඟව සිටීමට තව දුරටත් “පුංචි මිනිසුන්ට” වරම් ලැබේවිද?

එසේ නම් සැකිලි සලරුව බලා ඒ ගැන දැන ගන්න.

නැවත සිංහල උප සිරැසි සමඟ හමු වන තෙක්, ආයුබෝවන්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

83 comments

  1. chanaka

    elazzzzzz mama ekaaaa

  2. mahima

    Mama kamathima cartoon walata..maxxxa.thnxxxx

  3. දිලාන්

    නෙට් එකේ කරක් ගහනකොට මේක තැනක දැක්ක.එක තැනක නෙමේ හොද ෆිල්ම්ස් වර්ග කරලා තියෙන IMDB පිටුවෙත් ඒ වගේම ලාකාවේ කෙනෙකුත් මේ ගැන දාලා තිබුනේ සයිට් එකක

    "මේතෙක් නිපදවූ සජීවිකරණ කාටුන් චිත්‍රපටි අතරින් ලොව පුරා හතරවෙනියට වැඩිම අදායම ලබාපු චිත්‍රපටිය මේකයි."

    මම හිතුවේ නෑ මේක දේවි කියලා.ලගදි කවුරුත් මේ ළමයින්ගේ ෆිල්ම්ස් දෙන්න උනන්දුවක් උනේ නෑ,ඇත්තමයි ඔයාලා මේ කලේ ලොකු දෙයක්..

    බයිස්කෝප් වෙබ් අඩවියට මාගේ ඉස්තූතිය. :)

  4. Reno Nuwan

    මැක්සා..බොහොම ස්තුතියි කට්ටියටම

  5. මංජුල

    එල එල සුපිරි නේ මතක ඇති කාලෙක මේ වගේ එකක් බැලුවේ නෑ.බයිස්කෝප් දුන්නා නම් පට්ට ඇති ඔන් මම ගත්ත

  6. janak

    අපි තාම පොඩි උන්නේ නේද මතං. බලමු බලමු මමත් හලි ආසයි මේ වගේ කාටුන් වලට. ස්තුතියි මතං.

  7. kalinga

    නියමයි සහෝ... කාටුන් ඒවාට කවුරුත් සබ් නොදෙන කාලෙක.
    මේක නම් උපරිමයි වැඩේ.කොහොමත් නිලන්ත අයියා දුන්නොත් සුපිරිම බඩුවක් වෙන්න ඕනේ.
    ජයවේවා

    බලලා කියන්නම් වැඩිදුර

  8. ccnp

    niyamai saho.lassana film akkata sub dunna aka.jayama wenna oni baiscop akata

  9. Lokka

    Thanks... Thanks....Thanks very much saho sinhala subwalata....
    thawa honda film ekakata sub danna labeawa.
    (yify-torrents. com wala honda aluth films thyanawa.
    720p english sub ekka.niyama BRay Qty.)
    ethana thiyana film walatath sub danna puluwannam
    loku deyak.sub danna una mahansiya mama
    ethamath agaya karanawa...,,
    jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....

  10. danuka

    නියමම ෆිල්ම් එකක් මේක ඉංග්‍රීසි හඩ කවලා අයෙ 2012 අවුට් කරලා තියෙනවා.එච්චරටම මේක ජනප්‍රිය වෙලා තියෙන මැක්සා කාටුන් එකක්. :)
    වාමු නිලන්ත අයියට ගොඩාක් ඉස්තූතී ලස්සන ෆිල්ම්ස් වලට සබ් දෙන එක.මේවා කවුරුත් නොදෙන තරම්

  11. සුරංග

    නියමයි නිලන්ත පොඩි එවුන්ටත් එකක් දීලා තියෙන්නේ.
    ජයවේවා!!!!

  12. ශ්‍යාමල්

    අප්පා දීලා තියෙන්නේ 1080p කොපියක්නේ..පට්ට කොලිටි ඇති
    සුපිරි සුපිරි වැඩේ
    ෆිල්ම් එක බාල බලල කියන්නම් හොද නරක..අනිවා හොද ඇති

  13. කැළුම්

    මේක නෙට් එකේ මන් දැක්ක ඊයේ රෑ මේකේ තව කොපි අවුට් වෙලා තියෙනවා.ඔය කියන්නේ ඉංග්‍රීසි ඩබ් කරපු එක වෙන්න ඇති.ඩබ් කරපුවා බලන්න කැමති නෑ මම ෆිල්ම් එකේ ඔරජිනල් ගතිය යනවා.කිවුවත් වගේ මේක ලොවෙත් නැති බයිස්කෝප් එකක්.පට්ට පහරක්,නිලන්ත අයියා ෆිල්ම්ස් දුන්නොත් සුපිරි තමා අනිවා. ජයවේ බයිස්කෝප් :)

  14. fizal

    wow thnx lot

  15. සිංහලයා

    මම මේක බැලුවා කලින් මම බලපු හොදම ෆිල්ම්ස් එකක්. බයිස්කෝප් සෙට් එක අනිවා බලන්න සුපිරි කතාවක් ඒ වගේම ආදර්ශමත් කතාවක් පාඩම් උගත හැකි ජීවන ගමන් මගට.

    මේ වගේ සලරූ ලබා දෙන බයිස්කෝප් එකට මාගේ ප්‍රණාමය..!

  16. chamila

    thanks....

  17. Akila Warnapura

    Thank you very musch sahoooo.....! I like this kind of films very much.

  18. සුමුදු

    මැක්සා.. ;) :)
    මෙව්වා නේ ෆිල්ම්ස්. මේ වගේ එකක් දුන්න එක නම් හුගක් වටිනවා .කියලා වැඩක නෑ නියමයි නිලන්ත අයියේ

  19. Chathurabuddi

    අප්පට සිරි, ඊයෙරෑ ෆිල්ම් එක තියෙනවා දැකලා කාටුන් නිසා නිකමට වගේ බෑවා. මේන්න අද උදේ උපසිරසි... ලොවෙත් නෑ. බොහොම ස්තුතියි සහෝ

  20. elakiri

    කිවුවත් වාගේ ඊයේ රෑ තමා මම දැක්කේ මීඩියා ෆයර් අවුට් වෙලා තියෙනවා. නියම වැඩක් යාළුවො ගෙදර පොඩි කට්ටියත් එක්කම බලන්න පුළුවන්.මේවා වාගේ කතාත් දෙන්න ඉස්සරහට.

    :) එළකිරි :)

  21. [DiN3sH]

    මේකට උපසිරැසි දෙන්නේ කවදද කියල ඇඟිලි ගැන ගැන උන්නෙ... පට්ටම ෆිල්ම් එකක්. අනික නිලන්ත අයියා සබ් දුන්නොත් සුපිරිම එකකට තමා දෙන්නේ. ඉතින් කථා කරන්න දෙයක් නෑ එයාගේ උපසිරැසිනම් කෙලින්ම බා ගන්නවා. විකියා,උදා සහ උපසිරැසි යෙදීමට මහන්සිය කාලය කැප කල නිලන්ත අයියාට හද පිරි ස්තූතිය!!!

  22. vimal

    maxxxa machnla cartoon films supiri thama.lassani hoda story thiyenne

  23. samaith4

    ජයම වේවා බයිස්කොප් සෙට් එකට.ඔයාල නියමම වැඩක් කරලා තියෙන්නේ

  24. uda

    මේ තරම් ඉක්මනට දේවියැ'යි සිතුවේවත් නැහැ. ගිය වසරේ නිකුත් වූ සුපිරිතම සලරුවකට සිංහල දීපු එකනම් සුපිරි වැඩක්!

    විචාරකයන්ගේ මතයන්ට අනුව මෙය සැලකෙන්නේ;

    "හොලිවුඩයටත් පාඩමට ගත හැකි චිත්‍රපටයක්" වශයෙනුයි.

    වා.මු. අයියගේ සිංහල උපසි‍රැසි නිසා රසය උපරිමයි. බොහොම පිං මේ වගේ එකක් සිංහල සහිතව කාටත් රසවිඳගන්නට ඉඩ කඩ සැලසූ එක ගැන. පොඩ්ඩන්ට රස ඉහළයි.

    වා.මු. අයියට මේක කිව යුතුමයි. පොඩ්ඩන්ට හැදෙන බයිස්කෝප් පොඩ්ඩන්ට රස වැටෙන විදිහට සිංහලගන්වන්න උපරිම හැකියාවක් ඔයාට තියෙනවා. ඒක නිසා මී ළඟට ගෙන එන එකත් ඒ වගේම එකක් වේය කියලා හිතනවා.

    ජය!!!

  25. gayan

    Pattama patta.machanla

  26. Dilan

    supiri 1 ta sub dala dunnata godak thanks saho..!!
    baiscope walata ජයවේවා!!!

  27. ediri

    MAMAT DAWASAKATA 1KAPARAK HARI MESITE EKATA ENAWA ALUTH FILM THIYANAWADABALANNA.ANIMATION WALATA MAMA GODAK ASAI

    THANKXXXXXX FILM WALATAI SUB WALATAI

  28. chamara

    Super film akak kalekin out wuna.sub deepu aka nam maxxa wadak.

  29. ලසිදු

    සිංහල උපසිරස රැල්ලක් තිබුනේ.ඒ රැල්ලට නොගිහින් අර්ථවත් බයිස්කෝප් දෙන්න නැවතත් පටන් ගත්ත එක ගැන සතුටුයි.. වර්ෂය අදාළ කර නොගෙන බයිස්කෝප් එකක් බලන්න කියා අපේ රසවතුන්ගෙන් ඉල්ලනවා.මොකද නිකුත් වූ වර්ෂය නෙමේ අදාළ බයිස්කෝප් එකේ ගුණාත්මක බාවයයි. ලගදි ගතහොත් හොදම බයිස්කෝප් නිකුත් වූ වර්ෂ ලෙස ගත හැක්කේ 1990 2006 කියන කාල පරාසයි.ලගදි නිකුත් වූ හොද බයිස්කෝප් නැති තරම්. මම බයිස්කෝප් කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ අලුත් ඒවා මෙන්ම පරණ සුපිරි බයිස්කෝප් දෙන ලෙසයි. 2010 පසු නිකුත් වූ හොද ෆිල්ම්ස් ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක්..මේ අද දුන්න ෆිල්ම් වාගේ අදාර්ශමත් වටිනා පවුලේ සැමට නැරබිය හැකි ඒවා දෙන්න කියලා ඉලා සිටිනවා.. OLD IS GOLD කියලා කියමනක් තියෙන්නේ ඒ නිසයි.. පැරණි බයිස්කෝප් දෙන්නට වාසනාව ලැබේවා..

  30. සඳුන් ප්‍රියංකර විතානගේ

    කාර්ය බහුලකම නිසා බලන්න බැරි වුණත් දිනෙක බලන අදහසින් සිටිමි.
    වා.මු. සොයුරාට තුති!

  31. las

    godak thanks sub ekka me wage lassana film ekak dammata. thawa thawath lassana films danna shakthiya labewa kiyala wish karanawa.

  32. mudiya

    ඇත්තටම වයසින් වැඩි වුනත් අපි තාමත් ආසයි කාටුන්, ඇනිමේෂන් ෆිල්ම් බලන්න.මං හිතන්නෙ අපි කවුරුත් එහෙම තමයි.වා.මු.ගේ ලස්සන වචන වලින් සපිරුණු මේ උපසිරැසිය අනිව බලනව.ගොඩාක් පිං.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!

  33. Menu

    Thank you so much :)

  34. වෙනුර

    සුපිර් ෆිල්ම් එකක් සහෝ//// ජය වේවා

  35. උදාර

    මෙන්න මේවා වාගේ ෆිල්ම්ස් දෙන්න කාටුන් බලන්න අපි හරි කැමති.ලස්සන කාටුන් වලට සබ් දාලා දෙන්න.දිගටම වලි මරා ගන්න එව්වා බලලා එපා වෙලා.අප්පා :(
    නිලන්තගේ උපිසරස හරියන්නේ මේ වාගේ ඒවාට තමා සුපිරි හොදේ වැඩේ නම්

  36. aff

    thnx for sub

  37. ragroup

    ඉස්තූතී සබ් එකට

  38. sura

    ela machan

  39. හොට්ටා

    එලස් සිරා ෆිල්ම් එකක් වාගේ අනේ ඔවු මේවා වාගේ ඒවා කවුරුත් දෙන්නේ නෑ නේ යාළු.ඔයා මේ වාගේ ඒවාට සබ් දෙන එකනම් ලොකු දෙයක්.තවත් මෙවැනි නිර්මාණ දෙන්න ශක්තිය ලැබේවා..

  40. wall e

    sub digatama denna suba pathanawa wadeyta hadawathinma saho :)

  41. isuruD

    very very thanks

  42. Ima

    awwwwwwww , thank you soooo much .... :)

  43. Gemunu

    මේක මම කලින් බලල තියනවා. ලස්සන story එකක්.
    දැන් ඉතින් සින්හලෙනුත් බලන්න ඕනේ. එල එල. Thnx.

  44. රොයිලි

    උදාගේ ඔත්තුවක් හා නිලන්ත අයියගේ වැඩක්. ආයේ වෙන මොන කතාද වැඩේ සුපිරියට ඇති. :P

  45. යසිරු මධුක

    බොහොම ස්තුතියි අය්යේ. තවත් මේ වගේ සබ් දාන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා. ජය වේවා.

  46. ammawap

    පට්ට ආ තවත් ඕනේ තුති

  47. Dinindu Sampath

    ඔන්න මමත් බෑවෙන්න දැම්මා.. ස්තූතියි.. අපේ පොඩි එකාට තාම තෙ‍්රෙන්නෙ නෑ.. තේරෙන කාලෙක බලන්න අරන් තියන්න පුළුවන්නේ..

  48. තිසර ප්‍රමුදිත

    Thankxxxx

  49. NPNDJs

    patta..............i

  50. අමීර

    ස්තූතියි...........!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.