Watch Trailer

The Sessions (2012) with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න මම මගේ දහ අට වන උපසිරැසිය අරන් ආවා. මම මේ වනතෙන් ලබා දුන්න චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් එකක්. ඇත්තටම මේක මට කරන්න කියල විකියා සහෝදරයා විසින් බාර දීල සති දෙකක් විතර වෙනවා. Lake Placid චිත්‍රපට මාලාව කරපු හින්ද වෙලාවක් නැති උනා. ඒත් දවසකට ලයින් සීය ගානේ කරලා ඔන්න අද අවසන් […]

The Sessions 2012

ආයුබෝවන් යාලුවනේ . ඔන්න මම මගේ දහ අට වන උපසිරැසිය අරන් ආවා. මම මේ වනතෙන් ලබා දුන්න චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් එකක්. ඇත්තටම මේක මට කරන්න කියල විකියා සහෝදරයා විසින් බාර දීල සති දෙකක් විතර වෙනවා. Lake Placid චිත්‍රපට මාලාව කරපු හින්ද වෙලාවක් නැති උනා. ඒත් දවසකට ලයින් සීය ගානේ කරලා ඔන්න අද අවසන් කරගන්න පුළුවන් උනා. සම්බාව්‍ය ගනයේ චිත්‍රපටියක් වෙච්ච මේකට IMDb අගය 7.2 ක් ලැබිල තියනවා. ඉතින් ගුණාත්මක බව ගැන වෙන වචන ඕන නැ.

කතාව ගැන කියනවා මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. මාර්ක් ඕ බ්‍රයන් කියන පුද්ගලයා පෝලියෝ රෝගය හින්ද අංගවිකල තත්වයට පත්වූ පුද්ගලයෙක්. එයාට ඔලුව පොඩ්ඩක් හරවන්න විතරයි පුළුවන්. අවුරුදු හතලිස් නවයක් වෙච්ච එයාගේ මුළු ජීවිතේම එයා ගතකරන්නේ ලෙඩ ඇඳක. එයාගේ ජිවිතේ ආසාව වෙන්නේ කාන්තාවක් එක්ක ලිංගිකව එකතු වෙන්න. මෙන්න මේ දේ ලබාගන්න එයාට ආගමත් , එයාගේ ශරීරයත් හරස් වෙනවා. තමන්ගේ ජිවිතේ වීර්යයෙන් ගොඩනගා ගන්න එයා, මේ දේත් ලබා ගන්න කරන උත්සාහය තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. කතා කරන්න, සිතුවිලි හුවමාරු කරගන්න කෙනෙක් නැති හින්ද එයා හැමදේම කියන්නේ, උපදෙස් ලබා ගන්නේ පල්ලියේ පියතුමාගෙන්. ජිවිතේ තනියම ගතකරන්න වෙන, තමන්ට තනියම අවශ්‍ය දේවල් කරගන්න බැරිවෙන කෙනෙකුගේ සිතුම් පැතුම් මනාවට මේ චිත්‍රපටියෙන් පෙන්වනවා. මමත් සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපට වලට ආසාවක් දක්වන්නේ නැ. එත් මේක බැලුවම මම අත් වින්දා මේ වගේ ගුණාත්මක චිත්‍රපට බැලීමෙන් සිතට එන හැඟීම, කවදාවත්Action, Adventure චිත්‍රපටියක් බලල ගන්න බැ කියල. ඉතින් ඔයාලටත් මේක බලලා මම කියන දේ හරිද වැරදිද කියල බලන්න කියල කියනවා.

මම ඊළඟට දෙන්නේ 1998 ප්‍රදර්ශනය වූ Species චිත්‍රපට මාලාවේ දෙවැන්න. ඉතින් එකෙන් හමුවෙන තෙක් ඔයාලගෙන් සමුගන්නවා. වෙනදා වගේම කියන්නේ ඔයාලගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 

 

 

The Sessions (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

673 downloadsDownload The.Sessions.2012.Baiscopelk.com_.rar71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

673 downloadsDownload Subtitles71 KB

16 comments

  1. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. අසංක ප්‍රදීප් රණතුංග

    The Sessions (2012) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    1GB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    5f9613f0b5ad6e6e0fc642eb0774c9fee0fb5926
    1.8 GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    f23d688edb1620156c580017305879d92d2978a0

    1. Nilantha

      Nice movie dear thank for sub & more thanks for link

  4. Witharanage Suranjith

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    මේ තියෙන්නේ Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-sessions-2012-7…

    [Torent Download Link ]
    හැමෝටම සුබ දවසක්!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. මලින්ද

    නියම ෆිල්ම් එකක් වගේ
    මමත් මේ වගේ ෆිල්ම් බලන්න ගොඩක් ආසයි....
    බොහොම ස්තුතියි සහෝ.....
    ජය වේවා............

  7. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  8. indika

    Thn Q...  

  9. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Jagath

    මේක මම බලපු උසස්ම ගණයේ චිත්‍රපටියක්. ඒ වගේම ඉතාම සංවේදී චිත්‍රපටියක්. බොහොම ස්තූතියි උපසිරැසියට.

  12. venuka

    thanks bro.film ekata saha sub ekata.
    aniwa film eke lassana athi

  13. Nishan

    Thanx bro

  14. Gayan Chathuranga

    thanks saho sub ekata, balapu godak sangwadi film ekak

  15. ricadodamien

    Thank u Asanka brother & baiscope team for the sub, all the to the baiscope team............